Watch Trailer

Gotham [S05 : E04] Sinhala Subtitles | “අහෝ! ජෙරමායා!” [සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් අවසන් කතාමාලාවේ හතරවෙනි කොටස සමඟ එකතුවෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ.නුවන්ත සහෝට මේ සතිය තරමක් කාර්යබහුල නිසා මට තමයි මේ කොටස අරගෙන එන්න උනේ. ලබන සතියේ පටන් ඉදිරියට ඔහුම ඔබට උපසිරසි ලබා දේවි. එහෙනම් පහුගිය කොටස මතක් කරගෙනම අද කොටස බලමු. සෙලිනා නැවතත් සුපුරුදු තත්වයට ඇවිත් පොයිසන් අයිවීගෙන් ලැබු…

ගෝතම් අවසන් කතාමාලාවේ හතරවෙනි කොටස සමඟ එකතුවෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ.නුවන්ත සහෝට මේ සතිය තරමක් කාර්යබහුල නිසා මට තමයි මේ කොටස අරගෙන එන්න උනේ. ලබන සතියේ පටන් ඉදිරියට ඔහුම ඔබට උපසිරසි ලබා දේවි. එහෙනම් පහුගිය කොටස මතක් කරගෙනම අද කොටස බලමු.

සෙලිනා නැවතත් සුපුරුදු තත්වයට ඇවිත් පොයිසන් අයිවීගෙන් ලැබුණු අපූරු බෙහෙත නිසා නමුත්, ඒ බෙහෙත මගින් සෙලිනා තරමක් වෙනස් බව විටින් විට අපිට පෙන්නුම් කෙරුවා. එයා වෙනදට වඩා දරුණු සහ කලින් හිටපු සෙලිනම නෙමෙයි කියල ඔයාල දකින්න ඇති. සෙලිනා සහ බෘස් දෙන්නම ජෙරමාය ඉන්න තැනට හොයාගෙන එනවා. ජෙරමායා තවමත් එයාගේ විකාර වැඩ එහෙමම කරගෙන යනවා. ජෙරමායා අනුගමනය කරන අය ඔහුගේ පල්ලියට ඇවිත් ඔහුගේ පරීක්ෂණ වලට මුහුණ දීල තමයි ජෙරමායා අනුගාමිකයෝ බවට පත් වෙන්නේ. ඉතින් සෙලිනාත් ඒ පරීක්ෂණ වලට මුහුණ දුන්නා ජෙරමායට ලං වෙන්න හිතාගෙන. අවසානයේ සෙලිනට උදවු කරන්න ආව බෘස්ට සිද්ධ උනේ එතනට හිරවෙන්න. ඒ වගේම ජිම් අලුත් තැනක් හොයාගත්තා මිනිසුන්ට නවාතැන් දෙන්න. එතනට හැමෝම හෙවන් කියල කියන්න ගත්ත. එතන තියන පහසුකම් නිසා පෙන්ගුයින් සහ නගරයේ ඉන්න අපරාධ කල්ලි වල සාමාජිකයෝ පවා එතන සරණ පතාගෙන ආවා. මේ නිසා කේන්තියට පත් උන පෙන්ගුයින් එතනට එනවා ජිම් එක්ක පැටලෙන්න. නමුත් තත්වය වෙනස් වෙන්නේ අනික් කල්ලියේ අය පෙන්ගුයින්වත් එතන හිරකාරයෙක් කරලා බලය අල්ලා ගැනීමෙන්. 

කොහොමහරි ජිම් සහ පෙන්ගුයින් දෙන්න එකතු වෙලා නැවත ඒ කල්ලියෙන් හෙවන් එක මුදවා ගන්නවා. නමුත් බාබරා එතනට එනවා පෙන්ගුයින් එතන ඉන්න බව හාර්වි හරහා දැනගැනීමෙන්. ඒ ටැබිතා මරපු පලිය අරගන්න. අවසානයේ බාබරා පෙන්ගුයින්ට වෙඩි තියන්න හදනවත් එක්කම ගොඩනැගිල්ල පුපුරලා යනවා තමයි අපි දැක්කේ. එහෙනම් අද කොටස එතැන් ඉඳල තමයි ආරම්භ වෙන්නේ. අද ඔයාලට ජෙරමාය දැකගන්න ලැබේවි. ඒ වගේම ජිම්ට අලුත් හෝඩුවාවක් ලැබෙනවා හෙවන් පුපුරවපු කෙනා සම්බන්ධයෙන් බාබරා හරහා. ඒ වගේම එඩ්ගේ ද්විත්ව චරිතේ තවමත් ක්‍රියාත්මකයි. එයා තවමත් හොයනවා මොකද්ද මේ නිදි අතරේදී වෙන්නේ කියල. ඒ හැම එකටම පිළිතුරු මේ කොටස අවසානයේ. එහෙනම් ගිහින් එන්නම්. ඒ වගේම 250 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පතපු හැමෝටම ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. හැමෝටම ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,851 downloadsDownload Gotham-S05E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

9,851 downloadsDownload Subtitles26 KB

35 comments

  1. Kanchana

    Thanx saho

  2. 100

    Sub eakata thanks

  3. Pradeepkumara

    Thnx saho

  4. ksjayalath

    උපසිරැසියට ස්තූතියි... ජය වේව...

  5. Dilrulzz

    Thnx saho sub ekta

  6. WM sithmaka

    තෑන්ක්ස් කොල්ලෝ උපසිරැසියට ! පුලුවන් ඉක්මනින් දෙන්න මචන් ඊලග එක

  7. Sanath Indika

    THX BRO

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  9. Hiran Eranda

    thanks for sub

  10. Ayesh Prashan

    Thank You

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Kaushan Rasanga

    Tnx bro ❤️

  13. dsdkavishka

    Thenks for sub

  14. sahancharuka

    thank you

  15. Kulanjana Maduranga

    subata thanks saho.....

  16. RumalDemintha

    Thnxz bro

  17. Dinesh Buddika

    ela...........thanks...................

  18. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..............!

  19. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.......... ජයවේවා.......!!!!!!!!!!

  20. Pramukmili

    thanxxx bro.......

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Demon Traveler

    ko ban s05e05

  23. s.s.m

    tz sub ekata...

  24. ravindukingslayer

    S 05 epi 5 awa ne bnz

  25. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  26. Binuka Mihiran

    season 5 episode 5 awa Sub eka thama ne ne ada reta hari kamak ne sub 1 denna plz jaya wewa ...

  27. sahanrv

    5

    1. sahanrv

  28. wajira

    Thanks for sub

  29. Kavishka Ransara

    ela

  30. Gihan@dias

    මේ වගේ හොඳ කතා වලට සබ් ඉක්මනින් දෙන්නේ ඕනී.ඒත් අර x file,kyle xy කියන 10ක් වත් බලන්නේ නැති ඒවට සබ් දීලා වැඩක් නෑ..
    නුවන්ත නැති එකේ පාඩුව සැහෙන්න බලපානවා..

  31. dil_shan

    tnz sub ekata

  32. kingpala

    thanks bro

  33. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.