Watch Trailer

Young Justice : Invasion [S02 : E02] Sinhala Subtitles | රෑන්වලට පිළිගන්නවා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ?ඔන්න ඉක්මනටම 2වන එපියත් අරන් ආවා. දැන් මේ කතාව හොද වේගෙන නේද එන්නේ. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී. කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනව…

කොහොමද ඉතින් ?ඔන්න ඉක්මනටම 2වන එපියත් අරන් ආවා. දැන් මේ කතාව හොද වේගෙන නේද එන්නේ. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී. කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය හඩින් දායකවෙලා තියනවා.

අපි ඉස්සෙල්ලා එකේ දැක්කනේ, මගෑනුයි සුපර් බෝයියි බ්‍රේකප් වෙලා ඉන්නෙ කියලා. මගෑන් ලගාන් බෝයි එක්ක දැන් සෙට්. ඒවගේම සීසන් 1 නැති තව අලුත් අයත් මේකෙ හිටියා.ඕගොල්ලො දකින්න ඇති සුපර් බෝයිනම් දුකින් ඉන්නෙ කියලා ඒගොල්ලොන්ගේ බ්‍රේකප් එක ගැන. මිස් මාර්ශනුත් එහෙමයි. ඒත් එයා ඒක පෙන්නන්නෙ නැහැ. මේකට හේතුව මොකක්ද කියලනම් අපි තාම දන්නෙ නැහැ. ඉදිරියට හෙළිවෙයි. තව දැන් නයිට්වින්ග් තමා කණ්ඩායමට අණ දෙන්නෙ. ඒ ඉස්සෙල්ලා සීසන් එකේ හිටිය රොබින්. ගිය කොටසෙ වෙන දේ අපි පොඩ්ඩක් මතක් කරගමුකො. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පහරදෙනවා. ඉතින් වොන්ඩර් ගර්ලුයි, බැට්ගර්ල්යි යනවා ඒකෙ ලේකම්ව බේරගන්න. එතකොට තමා ඒගොල්ලො දැනගන්නේ ලේකම් කියන්නෙ පිටසක්වල ජීවියෙක් කියලා. මේක ගැන ගෝර්ඩන් දැනගන්නවා. අර ප්‍රවෘත්තිකාරයා. එයා ඉතින් නොයෙකුත් කතන්දර ගොත ගොතා ලීග් එකට බනිනවා. තව ඇඩම් කියලා විද්‍යාඥයෙක් එනවා..එයා කියනවා විශ්වයේ එක් පැත්තක මිනිස්සු තහනම් කියලා. ඒවගේම ඒ පැත්තේ ලීගය කියලා හදුන්වන්නේ අපරාධකරුවන්ව. ඒ ඇයි කියලා අද කොටසෙන් දැනගන්න පුලුවන්. ඒවගේම කණ්ඩායම තුනකට බෙදිලා ක්‍රෝලෝටීයන් පිල් හොයාගෙන ඇමරිකාවේ ප්‍රදේශ තුනකට යනවා. එතකොට ඉතින් ඒගොල්ලො ඒ මෙහෙයුමෙන් සාර්ථක වෙනවා. ඒවගේම අන්තිමට පෙන්නන්නවා සුපර්බෝයි, බීස්ට් බෝයි, මිස් මාර්ශනුයි රෑන්වලට යනවා. අද ඉතින් එතන ඉදලා.

මේ කොටසේ අන්තිමට මගෑන් දැන්ගන්නවා අතුරුදහන් වූ පැය 16 මොනාද වූවේ කියලා. තව මණ්දාකිණියෙ ඒ පැත්තේ පෘතිවියේ අය ට තහනම් කලාපයක්.ඒගොල්ලො හිතාන ඉන්නේ ජස්ටිස් ලීගය අපරාධකරුවන් කියලා.ඒ වගේම අර පැය 16 අතුරුදහන් වූ 6 දෙනා රමෝර් කියන ලෝකෙ ලොකු අපරාධයක් කරලත් තියනවලු..ඒවගේම ඕගොල්ලො හිතනවා ඇති මේ බීස්ට් බෝයි කියන්නෙ කවුද කියලා. ඒ ඕගොල්ලො දන්නම කෙනෙක්..ඒ ගැන ඉතින් මේක බලලම දැනගන්නකෝ !!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV/WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,894 downloadsDownload Young-Justice-S02E02.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

සචින් අකලංක

Subtitles

1,894 downloadsDownload Subtitles15 KB

10 comments

  1. Hasinth

    Thanks ♥️

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...
    පුලුවන්නම් එපි දෙක දෙක දෙන්න එක පාර...

  5. Ayesh Prashan

    Thank You

  6. Udara Damith Dissanayaka

    maruuuuuuuuuuuu............

  7. Kulanjana Maduranga

    subata thanks saho

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  10. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි.