හායි,ඉතින්,ඔන්න 5ත් අරන් ආවා ඉක්මනටම. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan Nort…

හායි,ඉතින්,ඔන්න 5ත් අරන් ආවා ඉක්මනටම. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය හඩින් දායකවෙලා තියනවා.
ගිය එපිය බැලුවනම් දකින්න ඇති රෙඩ් ඇරෝ(ක්ලෝනය) තමන්ගෙ කාලය ඇත්තම ස්පීඩිව හොය හොය නාස්ති කරනවා කියලා. ඒවගේම මිනිහා හොදටම වෙනස් වෙලා. දැන් හොරකමුත් කරනවා. එතකොට තමා ග්‍රීන් ඇරෝ එයාව හොයාගන්නෙ. ඊට පස්සෙ කනෑරි, කිඩ් ෆ්ලෑෂ්, ෆ්ලෑෂුත් එතනට එනවා. ඒගොල්ලො රෙඩ්ට කියනවා ඇත්තම රෙඩ් ඇරෝ ආලෝකය මරලා දැම්මා කියලා. ඒත් මිනිහා ඒක පිළිගන්නෙ නැහැ. ඔය අතරෙ බම්බල් බීයි,සුපර් බෝයි යනවනේ මෙහෙයුමකට. ඊට පස්සෙ වුණ දේ දකින්න ඇතිනේ. විස්පරුයි, අග්ලියි එකතුවෙලා යුක්තියේ ශාලාවේ තියන සිහිවටන කිහිපයකට පණදුන්නා. ඒ ඔක්කොම අය එකතු කරලා එක රාක්ෂයෙක් හැදුවා. කොහොමහරි සුපීයි, බීයි ඒක නැවැත්තුවා. කොහොමහරි ඕගොල්ලො මේ සීසන් එක පුරාම දකින්න ඇති බම්බල් බීගෙ කුරුමිණියා එයාව පාලනයට ගන්න හදනවා කියලා. ඕක අනාගතේ නරක ප්‍රශ්න ඇති කරන්න පුලුවන්. ඔන්න කිව්වා ඉඟියක්. ඔය අස්සෙ අර රාක්ෂයව මරන්නෙ ආලොකයෙ අලුත්ම සගයා. ඒත් ඒ කවුද කියලා බීටයි, සුපීටයි හොයාගන්න බැරිවෙනවා. තව ඕගොල්ලො ගිය කොටස බැලුවනම් දකින්න ඇති කිඩ් ෆ්ලෑෂ් ටීම් එකේ නෑ කියලා. ඒවගේම ආර්ටිමිසුත් නෑ. ඒගොල්ලො දැන් එකට ජීවත් වෙන්නේ. තව ස්ට්‍රේන්ජ්ගෙ මාර්ගයෙන් අර සේටා පලිහත් ක්‍රියාත්මක කළානේ. දැන් ඉතින් අපේ ලෝකයට කිසිම පිටසක්වල ජීවියෙක්ට එන්න බැහැ.
දැන් මේ කොටසේදී මෙහෙයුමට යන්නෙ කෙල්ලො ටික විතරයි. ඒ කියන්නෙ බැට් ගර්ල්, මාර්ශන්, බම්බල්බී, වොන්ඩර් ගර්ල්. මේගොල්ලො බියාලියා වලට යන්නේ අර මිලිනා දූපත විනාශ කරපු බෝම්බයේ තාක්ෂණය හොයාගෙන. බියාලියා කියන්නෙ කොහෙද කියලා සීසන් 1 බලපු අයට මතක ඇති. එහෙ තමයි සයිමනුත් ඉන්නෙ. ඒත් නයිට්වින්ග් නම් කියන්නෙ සයිමන් තාමත් අප්ස්මාරේ හින්දා රෝහලේ කියලා ඉන්නෙ. ඒත් එයා එයිද?බලමුකො. ආ තව බීට්ල්ගෙ යාලුවෙකුත් අතුරුදහන් වෙනවා. බලමුකො මේ දෙක තර සම්භන්ධවයක් තියනවද කියලා. එහෙනම් අදට යනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,381 downloadsDownload Young-Justice-S02E05.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
9 comments
sachintha
denizshulz
thanks for sub
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Ishan Madusha
ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය