Your Lie In April Season 01 Sinhala Subtitles “දවසක් මිවා දෙයක් කිව්වා.” “එයාව මට හම්බවුන මොහොතෙදි, මගේ ජීවිතේ වෙනස් වුනා.” “මන් දැකපු මට ඇහුන හැම දෙයක්ම, මට දැනුන හැමදෙයක්ම…” “මගෙ වටේ තියෙන හැමදෙයක්ම වර්ණවත් වෙන්න පටන් ගත්තා.” “මුළු ලෝකයම බැබළෙන්න පටන් ගත්තා.” Your Lie In April AKA Shigatsu wa Kim…
Your Lie In April Season 01 Sinhala Subtitles
“දවසක් මිවා දෙයක් කිව්වා.” “එයාව මට හම්බවුන මොහොතෙදි, මගේ ජීවිතේ වෙනස් වුනා.” “මන් දැකපු මට ඇහුන හැම දෙයක්ම, මට දැනුන හැමදෙයක්ම…” “මගෙ වටේ තියෙන හැමදෙයක්ම වර්ණවත් වෙන්න පටන් ගත්තා.” “මුළු ලෝකයම බැබළෙන්න පටන් ගත්තා.”Your Lie In April AKA Shigatsu wa Kimi no uso 2014 වසරේ October 09 වෙනිදා විකාශය ආරම්භ කරපු මෙම කතා මාලාව මිනිත්තු 24 බැගින් වූ කොටස් 22 කින් සමන්විතයි. Romance, Drama, Music යන Genre වලට අයත්, Naoshi Arakawa මහතාගේ Manga එක ඇසුරෙන් නිර්මාණය වුන මේ කතා මාලාව IMDB දර්ශකයේ 8.5/10 ක අගයක් වගේම MyAnimelist හි 8.64 ක ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ Sword Art Online, Solo Leveling, The Seven Deadly Sins, Erased, Anohana වගේ ඇනිමෙ නිර්මාණය කරපු A-1 Pictures Studio එක විසිනුයි. මේ කතා මාලාවේ Opening Theme සහ Ending Theme දෙක බැගින් තියෙනවා. පළමු කතාංගයේ සිට එකොළොස්වන කතාංගය දක්වා තිබෙන Opening Theme එක වන “Hikaru Nara” ගීතය Goose house කණ්ඩායම විසින්ද Ending Theme එක වන “Kirameki” ගීතය Wacci කණ්ඩායම විසින්ද ගායනා කරනවා. දොළොස්වන කතාංගයේ සිට විසිදෙවන කතාංගය දක්වා තිබෙන Opening Theme එක වන “Nanairo Symphony” ගීතය CoalaMode විසින්ද, Ending Theme එක වන “Orange” ගීතය 7!! (Seven Oops) කණ්ඩායම විසින්ද ගායනා කරනවා.
දැන් අපි යමු කතාව පැත්තට…
මේ කතාව ගලාගෙන යන්නෙ Arima Kousei සහ Miyazono Kaori කියන දෙන්නා වටා. අරීමා කියන්නෙ පොඩි කාලෙ ඉදලම පියානෝ වාදනය කරන්න ගොඩක් දක්ෂ කෙනෙක්. මෙයා සහභාගි වෙන හැම තරඟයකින්ම පළවෙනියා වෙනවා. ඒත් එයාගෙ අම්මා නැති වුනාට පස්සෙ එයාට එයාගෙ පියානෝ වාදනයේ ශබ්දය ඇහෙන්නෙ නැතුව යනවා ඒ නිසා එයා පියානෝ වාදනය කරන එක නතර කරනවා. ඊට පස්සෙ අවුරුදු කිහිපයකට පස්සෙ වෙන කතාව තමයි මේ ඇනිමේ එකේ තියෙන්නෙ. ඒවගේම අරීමාට පොඩි කාලෙ ඉදලම වටාරි, (ට්)සුබාකි කියල හොඳ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා.
එක දවසක් (ට්)සුබාකිගෙ යාළුවෙක්ව හම්බවෙන්න පාර්ක් එකට ගියාම අරීමා දකිනවා මෙලෝඩිකාවක් වාදනය කරමින් ඉන්න ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ කෙල්ල තමයි මියාසොනෝ කඕරි. මේ කෙල්ල ගැන කියනව නම් මෙයා එක වෙලාවකට සුරංගනාවියක් වගේ තව වෙලාවකට යක්ෂනියක් වගේ කෙනෙක්. ඒ වගේම මෙයා වයලින් වාදනය කරන කෙනෙක්. ඉතින් ඊට පස්සෙ අරීමා දැනගන්නවා මේ කෙල්ල වටාරිට කැමතියි කියලා. ඒත් අරීමටත් මේ කෙල්ල ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් එතනින් තමයි මේ ලස්සන ආදර කතාව පටන් ගන්නෙ.
එහෙනම් අරීමා කෝසෙයිගෙ සහ මියාසොනෝ කඕරිගෙ ලස්සන වගේම දුක්බර ආදර කතාව බලන්න කියල මන් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
ආ ඒ වගේම මේක Romance Anime එකක් කියල නොබලා ඉන්න නම් එපා.
Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂
ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්
Episode 01 – IMDB 7.7/10
Episode 02 – IMDB 8.1/10
Your Lie In April Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
353 downloadsDownload Your-Lie-in-April-S01-E01-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Sandun
Ganula
Supiri kathawa aniwaryayen hamoma balanna one kathawak bohoma sthuthi sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Your Lie In April AKA Shigetsu wa kimi no uso [S01 : E01 & E02] Sinhala Subtitles | ගිම්හානය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Your-Lie-In-April-Banner.jpeg)



සුපිරියක් සහෝ... පුලුවන්නම් steins gate එකටත් ගේන්නකො....