අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Twisted Metal [S01 : E06] Sinhala Subtitles | අපි හවුල්කරුවෝ [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

Twisted Metal [S01 : E06] Sinhala Subtitles

කොහොමද ඉතින් හැමෝටම? හොඳින් ඇති කියල හිතනවා. ඔන්න අද ඔයාල එකතු වෙන්නෙ සුපුරුදු පරිදි Twisted Metal (2023) සීරිස් එකේ හයවෙනි එපියත් එක්ක. ඒකටත් උපසිරැසි අරගෙන ආවා ඔන්න. අද කතාංගය බලන්න කලින්, පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

වොට්ස් එක්ක කරපු ගනුදෙනුවෙන් පස්සෙ ජෝන් සහ ක්වායෙට් විනෝද වෙවී ගමන යන අතරමඟ ක්වායෙට් විසින් ජෝන්ට සිහි නැතිවෙන බෙහෙතක් බීම එහෙකට දාලා දෙනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි. ඇයට ස්ටෝන්ගෙන් පලිගන්න යන්න අවශ්‍ය නිසා. ජෝන්ට කිව්වොත් ජෝනුත් ඒකට අනිවාරෙන්ම එකතුවෙන බව දන්න නිසා ක්වායෙට් තනියම පිටත් වෙනවා.

මේ අතරදි තමන්ගේ නිලධාරියෙක්ව ඝාතන කරපු එකට කෝපයෙන් ඉන්න ස්ටෝන්, දිගින් දිගටම ජෝන් සහ ක්වායෙට් ව හොයනවා. ඒ අතර ස්ටෝන්ගේ වේල්ල හරහා ඇතුළු වෙන්න අමුත්තෙක් එනවා. ඔව්’ ඒ වෙන කවුරුත් නෙවෙයි ස්වීට් ටූත්. ස්වීට් ටූත් එන්නෙ තමන්ටම කියල ප්‍රේක්ෂයකයෝ පිරිසක් හොයාගන්න අරමුණින්. ඒ අතර ස්ටූ ඉන්නෙ රෙඩ් ලයින් එකට නියම වෙලා. ක්වායෙට් නීතිකරුවන් දෙදෙනෙක්ව ඉවරයක් කරල ඔවුන්ගේ වාහනයක් පැහැරගෙන ස්ටෝන්ව හොයාගන්න අරමුණින්. ස්ටෝන්ගේ බල ප්‍රදේශයට ඇතුල් වෙනවා. වේල්ල තුල ඉන්න සියලුම නිලධාරීන්ව සුනුවිසුණු කරල දාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ව බේරගත්තු එකට ස්ටූ, ස්වීට් ටූත් එක්ක මිතුරු වෙනවා. ඊටපස්සෙ ස්ටූව තමන්ගේ චාරිකාවට ස්වීට් ටූත් එකතු කරගන්නවා. අවසානයේ ක්වායෙට්, ස්ටෝන්ව ඝාතනය කරන අරමුණින් මුහුණට මුහුණ ගැටෙනවා. ඒත් ඒ කාර්යය නිෂ්ඵල වෙනවා.

එහෙනම් අද එතැන් සිට. වැඩි කතාවක් නැතුව අදට මං මෙතනින් නතර වෙනවා. හත්වෙනි එපිසෝඩ් එකෙන් මුණ ගැහෙමු.

සුභ දවසක්! ජය වේවා! ✌️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Nxt Season BT12

 

 

 

 

Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

5 thoughts on “Twisted Metal [S01 : E06] Sinhala Subtitles | අපි හවුල්කරුවෝ [සිංහල උපසිරසි]

  • thanks a lot Ruka saho sub ekata

    Reply
  • තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.

    Reply
  • …බොහෝම ස්තූතියි උපසිරැසියට මචෝ…☺☺♥♥

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි රුකා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *