අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Twisted Metal [S01 : E08] Sinhala Subtitles | මං එයාව දාලා යන්නෙ නෑ [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Twisted Metal [S01 : E08] Sinhala Subtitles

කොහොමද ඉතින් හැමෝටම? ඔන්න අදත් සුපුරුදු ලෙසින් ඔයාලට මේ අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකෙ අටවෙනි එපියට උපසිරැසි. කලිත් කතාංගය ගැන පොඩි මතක් කීරීමක් කරන්නම්.

ජෝන් කරන ‘හවුල්කරුවෝ වෙමු’ කියන කාරණාවට එකඟවෙන ක්වායෙට්, ජෝන් එක්ක මොවුන්ගේ මෙහෙයුම වන පැකේජ් එක ලබාගන්න අවශ්‍ය තැනට යනවා. එහිදි පැකේජ් එක ලබාගෙන මොවුන් එතනින් පිටත් වෙනවා. කලින් වේල්ල හරහා ආපු පාරෙන් යන්න බැරි නිසා, මොවුන් යාමට වෙනත් මාර්ගයක් තෝරගන්නවා. ඒ අතර ගමනට අවශ්‍ය සැපයුම් ලබාගන්න, පරණ මිල්ක්මෑන්ලගේ තැබෑරුමකට ගොඩ වදිනවා. එහිදි ජෝන්ගේ පරණ යාළුවෝ කීප දෙනෙකුත් මුණ ගැහෙනවා. කල් තියලම ජෝන් සහ ක්වායෙට් කතාවෙනවා ඔවුන්ගේ මේ මෙහෙයුම ගැන කටක් හොලවන්නෙ නෑ කියලා.

ඒ කොහොම වුණත් පරණ යාළුවෝ එක්ක සෙට්වෙලා පොඩි බජනෙට වැටුණට පස්සෙ ජෝන් වෙරිගාතේ හැමදේම එයාගේ පරණ සහකයා මේරි’ට කියලා දානවා. ඒකෙන් හැමදේම කණපිට ගැහෙනවා. ඊටපස්සෙ මේරි එතන ඉන්න අනික් අය එක්ක කතාවෙලා ජෝන්ට විරුද්ධ වෙනවා ‘මොකද ජෝන්ගේ පැකේජ් එක ලබාගෙන නිව් සැන් ෆ්‍රැන්සිස්කෝ වල ඇතුලට යන්න තියෙන අවස්ථාව ලබාගන්න. වෙරිගාතේ හිටියත් අදාල තැනට මොළේ පාවිච්චි කරන ජෝන්, ඔවුන් ඔවුන් අතර ගැටුමක් ඇතිවෙන විදිහට ගැටුමක් ඇති කරනවා. ඒ ඇතිවෙන තත්වයෙනුත් යන්තමින් ගොඩ එන ජෝන් සහ ක්වායෙට් ආයෙත් ඔවුන්ගේ මෙහෙයුමේ අවසානය වෙන පැකේජය භාරදෙන්න යන ගමන ආරම්භ කරනවා.

කතාවේ ඉතුරු ටික ඔයාලට අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් බලන්න ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න.

සුභ දවසක්! ජය වේවා! ✌️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Nxt Season BT12

 

 

 

 

Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

5 thoughts on “Twisted Metal [S01 : E08] Sinhala Subtitles | මං එයාව දාලා යන්නෙ නෑ [සිංහල උපසිරසි]

  • thanks a lot Ruka saho sub ekata

    Reply
  • තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.

    Reply
  • …බොහෝම ස්තූතියි Rukshan සහෝ උපසිරැසියට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *