අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Twisted Metal [S01 : E09] Sinhala Subtitles | සටනට පෙර සූදානම [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 8 votes.
Please wait...

Twisted Metal [S01 : E09] Sinhala Subtitles

කොහොමද ඉතින් හැමෝටම? මේ අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකේ නවවෙනි එපිසෝඩ් එකට උපසිරැසි. එහෙනම් පුරුදු විදිහට මේ කතාංගය බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

පරණ මිල්ක්මෑන්ලගේ ග්‍රහණයෙන් ජෝන් සහ ක්වායෙට් බේරිලා පැනල යනවා. ඒ අතර වෙරි බහිනකන් ජෝන්, ක්වායෙට්ට වාහනේ පදින්න දෙනවා. ඒ අතරේ ක්වායෙට්ට ජෝන්ගේ පුංචි කාලේ පින්තූරේ හම්බෙනවා. ඒක ජෝන් පණ වගේ ලඟ තියාගෙන ඉන්නෙ. වාහනේ යන ගමන් ඒ පින්තූරේ අතේ තියෙද්දි හුලඟට ගහගෙන යනවා. ඒ නිසා වාහනෙ නවත්තලා දෙන්නාත් එක්කම වැටුණ පින්තූරේ හොයනවා. ඒ වෙලාවේ සිද්ධ වෙන පුංචි නොසැලැකිල්ල නිසා, එතනට එන ශුද්ධ මිනිස්සු තිදෙනෙක් මොවුන්ගේ වාහනේ පැහැරගන්න හදනවා.

හදිසියේම ක්‍රියාත්මක ජෝන් සහ ක්වායෙට් දෙදෙනෙක්ව එතනම ඉවරයක් කරනවා. නමුත් ශුද්ධ මිනිසුන්ගේ එක් අයෙක් වාහනේ අරගෙන යනවා. පුංචි කාලේ ඉඳන් තමන්ට කියලා හිටපු එකම දේ/එකම කෙනා වෙච්ච එව්ලින්ව හොයාගෙන ජෝන් තීරණය කරනවා. වෙස්වලාගෙන ශුද්ධ මිනිස්න්ගේ තිප්පොලට මොවුන් ඇතුළුවෙනවා. තමන්ගේ වාහනේ බේරගන්න ජෝන් නොසැලෙන සටනක යෙදෙනවා. ඉතින් මේ නිසාම ක්වායෙට් ජෝන්වත් අතෑරලා යනවා. අවසානයේ ජෝන්ට එව්ලින්ව නැතිවෙනවා. ජෝන් මැරුණා කියලා හිතන ක්වායෙට් පැකේජයත් අරගෙන මෙහෙයුම සම්පූර්ණ කරන්න යනවා.

සුභ දවසක්! ජය වේවා! ✌️

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Nxt Season BT12

 

 

 

 

Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

4 thoughts on “Twisted Metal [S01 : E09] Sinhala Subtitles | සටනට පෙර සූදානම [සිංහල උපසිරසි]

  • thanks a lot Ruka saho sub ekata

    Reply
  • තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…☺☺♥♥

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *