Wrath of the Titans (2012) with Sinhala Subtitles | දෙවියන්ටත් නොහැකි වූ විට…[සිංහල උපසිරැසි සමඟ]
මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් වීරක්‍රියා සඳහා වෙහෙසෙන්නේ නෑ. ඔහු බොහෝම සාමකාමී දිවි පෙවෙතක් ගෙවාගෙන තමන්ගේ පුත්‍රයාත් සමග අප්‍රසිද්ධියේ ජීවත් වෙනවා. නමුත් ඔහු දෙවියෙකුගේ පුත් කෙනෙක්. මතකනේ, මහා බලැති දෙව්ලොව රාජයා, දෙවියන්ගෙත් අධිපතියා තමයි ඔහුගේ පියා. ඉතිං මේ දෛවයෙන් ඔහුට ගැළවීමක් නැහැ. මෙවරත් ලෝකය බේරාගන්නට ඔහු යළිත් වරක් කඩුකස්තාන පැළඳගන්නවා.
මෙවර ඔහුට හැප්පෙන්නට වෙන සතුරා පෙරට වඩා ප්‍රබලයි. ස්‍යූස්, පොසෛඩන්, හේඩිස් යන සහෝදරවරු තුන්දෙනා දෙව් ලොව නායකයන් ලෙස විරාජමාන වුණත් ඔවුන්වත් අභිබවනා බලයකින් යුතු සතුරෙකුටයි මෙවර මුහුණ දෙන්නට වෙන්නේ. මේ සටනට දෙවියන්ගේ ශක්තිය ප්‍රමාණවත් නැතුවා වගෙයි. ගිය වතාවේ දෙවියන්ගෙන් පළිගත්තත් මේ වතාවේ දෙවියන්වත් ගළවාගන්නටයි පර්ස්‍යිස්’ට වෙලා තියෙන්නේ. අමුතුම වැඩේ ඒක නෙමෙයි. අර කිවූ තුන් ඈඳුතුව වගේම මේ කිවූ කතාවට සිංහල උපසිරැසි කරන්න සිද්ධ වුණෙත් තුන් ඈඳුතුවකටයි. මේක සිංහල සමගින් ඔබ වෙත ගෙන එන්නට භාරගත්තේ අපේ චරිත බණ්ඩාර පොල්ගස්දෙණිය සහෝ තමයි. ඒ වුණාට අධික වැඩ රාජකාරි අස්සේ ඔහුට මේක ඉවර කරගන්නට ඉඩක් නොමැති නිසා මමත් අපේ අමිල මනනදේව සහෝත් ඔහුට පුංචි සහයෝගයක් දුන්නා මේක ඔබ වෙතට ඉක්මනින්ම අරං එන්න. ඒකයි කිව්වේ සිංහල ගේන්නෙත් තුන් ඈඳුතුවක් කියලා. 🙂
හරි එහෙමනම් පසුගිය කතාව බලපු අය මේකත් නො අනුමානවම ගන්නා බව අපි දන්නවා. කෝකවෙතත් මේ තරම් අධික වැඩ රාජකාරි අස්සෙත් අපේ සහෝදරවරු ඔබට මෙවන් කතා සිංහල සමගින් ගෙන එන්නට දරන වෑයම වෙනුවෙන් ඔබේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා එවන් අපේ සොහොයුරන් දිරිගන්වන්නට එක වදනකින් හෝ යමක් පවසන්න යැයි ඔබෙන් ඉල්ලීමකුත් කරනවා.
සටහන: මම හිතන්නේ තුන් දෙනෙක් එකතු වෙලා කරපු පළමු වෙනි සිංහල උපසිරැසියත් මෙය විය හැකියි නේද? 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
21054 downloads
Thanks
Thanks for Sub. Clash of the Titans nm Superb
patta machan sub eka supiri thanks bro
Thank aiye sub ekete
ammo tnx sho
Dragon nest 2 eke sub eka oyala dala me nee eka dannako
tanx submakers
Thanks for sub❤️
thnx broo….
Thank brothers….
Thanks for subtitles…වැඩේ හොදටම නියමෙට කරල තියනව..ජය වේවා යාළුව.
Thnx!
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා….
Thanks sho digatama krpan elam gd luck
Sub download wenna nathoo
bb
thanks keep it up!
Sinhala sub walata bohoma sthuthi, sub nathhnam film balalath iwarai, idiriyatath karagenama yanna, jayen jaya, e wagema attack on titan part 2 ekatath sinhala sub ikmanatama balaporoththu wenawa hode, aniwar denna,
THANK YOU VERY MUCH…………
සිංහල සබ් එකට බොහොමත්ම ස්තූති….. වැඩි වැඩියෙන් ෆිල්ම් දාන්න තවත් හැකිවෙවා කියලා ප්‍රාර්තනා කරනවා…. ජයවේවා!!!
thanx saho… thawath sub denna shakthiya obata…
captan amrica denna ko ane
passe dakke patta aaaaaaaaaaa…………
පට්ට මචන් …
tnx
superb bra
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
elakiri sahooooo………….>>>>>
මම හැමදාමත් මෙතන ඉන්නව සුපිරිය
Therena vidiyata Fillm ekak balanna dunnata godak pin
thanks machan maru……. thawa duratath sub danna shakthiya labewa…..
thankz
මාරයි!!!! මාරයි!!
Thankx for all of u
මම මේකට හැමදාම ඇවිත් films බාගෙන එත් කමේත්ට් කරන්නේ තෑතුවම යකව ඉතින් අද ඉදන් මත් එහෙම කරන්නේ නෑ මෙක නම් පට්ට නියමයි ස්තුතියි යාලුවනේ ඔයාලට ජයෙන් ජය………………
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
thanks ayya…..
Torrent ekath ela.subekanam ekama ela.oyagolanta godaaak thanx….(puluwanam John carter ekatai Piranha 3DD ekatai sub dena puluwanda?)
nice
tnx sahoola
maxxaaaaa film honde….nic work bro..
සිංහල සබ් එකට බොහොමත්ම ස්තූති සහෝ…. 🙂
thanks විකිට සහ මේ වැඩේ කරන්න මහන්සි උණු හැමෝටම,,,
Thanks film akatai sub walatai…..
sub walata thanks!
මෙන්න ආයේ සුපිරි බඩුවක් එක්ක කටිටිය ඇවිත්.බොහෝම ස්තූතියි මෙච්චර ඉක්මනට මේක දුන්නාට
patta film eka , ayeth katha karala wadak na, nikan balanawata wada, subtitle ekka balanna set kalata ela kiri
sira thank you…….
ela film eka
fatta fatta
thanks for sinhala sub.sub nam niyamai. sinhala sub nathiwa film 1 100% therum ganna amaruine. thanks again……
Niyamai ayyalaaaa
ස්තූති කරන්න වචන නෑ…..“අමිල මනනදේව“, “උදා“ , “චරිත පොල්ගස්දෙනිය” , “විකි”….ඔයාලා ඔක්කෝටම ගොඩාක්ම ගොඩාක් ස්තූතීයි….ගොඩාක් ආසාවෙන් බලන්න හිටිය ෆිල්ම් එකක් 🙂
movies gena, copy gena, singhala sub gena kiyanna deyak ne. me kollo singhala katakarana udawiyata karana lokuma sewayak meka. site ekatat sub dana kollontat mage acharaya……(kollo kiwwe adareta)(kawru hari mata kiyanawada singhalen comment danne kohomada kiyala,comment ekke wtinakama tiyenne singalenma tibunanam tamai)
appe comment goda ………siyaludenata jenjaya bis cope jayawewa ..sahola 3n denata….
Thanx…
ඔයාලට ජය වේවා !
මෑක්සා ෆිල්ම් එක…….
thnx fillm eka patta…
me wage watina wadal kalata godak thanks sahooo
patta
thankas dunnu sub walata. obata jaya.
Sira vadak… 🙂 Sinhala sub dapu hamotama pin.
BAiscope nattam apita sinhala sub kohenda. Thankx for all of u 🙂 Keep it up… 🙂 🙂 🙂
මේවගේ එකකට නොදාන කොමන්ටු කොස්කොටන්නද කිව්වලු.. වැඩේත් මැක්සා..අපේ සෙට් එකත් මැක්සා.. බයිස්කෝපියත් ඩබල් මැක්සා. මම ආසම කතාමාලාවක තවත් පුරුකක් මේක.ඒ හින්ද ඔන්න මාත් බාන්න දැම්මෝ!!
මේ ෆිල්ම් එක පරක්කු වුනේ මගේ ප්‍රමාදය නිසා මේ වැඩේ මුල ඉදන්ම විකියා අය්යාට පුදුම උනන්දුවක් තිබුනේ මේක ඉක්මනට දෙන්න ඒ නිසාම තමා ඔයාලට මේ ෆිල්ම් එක මෙච්චර ඉක්මනට හම්බුනේ.මම බොහෝම පොඩ්ඩයි සබ් හදලා තිබ්බේ 🙁 ඒත් උදා යි අමිල අය්යාගෙයි මහන්සිය නිසා තමා බයිස්කෝප් එකෙන් මේක ඔක්කොටම කලින් සබ් එකක් හැටියට දෙන්න පුළුවන් වුනේ ඒනිසා මේ සබ් එක හතරදෙනෙක් එකතුවෙලා කරපු වැඩැක්……… 😀
Thanks
jaya veva tun denatama ela kiri……
oyala thundenatama bohoma sthuthiyi.
බොහොමත්ම ස්තූතියි මේක එනකන් හිටියා.බොහෝම ස්තුතියි සිංහල උපසිරස වලට……..
උණු උණුවෙන්ම පට්ට ෆිල්ම් එකක් දීලා…….
බොහෝම ස්තුතියි සිංහල උපසිරස වලට……..
Bohoma sthuthiy sub1tayi movie1tayi okkotama..jaya wewa kiwwa \m/
බොහොම ස්තූතීයි යාලුවනේ…!
ගොඩාක් ස්තූතියි සහෝලා තුන් දෙනාටම උණු උණුවෙම පට්ට බයිස්කෝප් එකක් දුන්නට.එක රැයෙන් ෆිල්ම් එකකට සබ් දුන්න කියන්නේ අදහන්න වටිනවනේ…..:)
ජයවේවා බයිස්කෝප්…!!!
3න් කට්ටුවටම පලුයන්න ස්තූතියි එලම තමා සහෝ
නියමයිනේ,සහෝලා ඔක්කෝටම පින්,ජයවේවා!!!
niyama wadak!! godak pin !!
බොහොමත්ම ස්තූතියි…….
ELA THANKS MACHAN
මරේ මරු.අලුත් කතා දෙනවා කියන්නේ ආයේ සුපිරිම තමා.
Thank you very much. you are doing a great job.
amazing site. thanks for all who are giving sub THANKSSSSSSS
තනි තනිව යනවාට වඩා සහෝදරකමෙන් යන ගමනට මාගේ අවංක ප්‍රසාධය.සිංහල මිනිසුන් විදියට අපි සිටිය යුත්තේ එලෙසයි.තනිව ගත් කල හුදකලා නොවී එක මිටක්ව ඔබ යන මේ ගමන සුන්දරය 🙂 කාටත් ආදර්ශයකි..උදා සොහොයුරා කිවූ මෙන් ඒ සහෝදර බැම්ම තව තවත් ශක්තිමත් කරන බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මාගේ ඉස්තුතිය.
සුභ ගමන් ඔබ සැමට.!
ඇත්තෙන්ම මේ කටයුත්ත කිරීමේදී අපී(අමිලත් මමත්) කළේ අපේම බයිස්කෝප් උපසිරැසිකරුවෙකුට සහය පළකිරීමක් පමණයි. මෙය බාරගත් අපේම සොහොයුරා වෙනුවෙන් ඔහුගේ කටයුත්ත අතරමග නතර වෙන්නට හෝ අතපසුවී යන්නට ඉඩ නොදී හැකි තරම් ඉක්මනින් ඔබ(සිංහල උපසිරැසි රසිකයා) වෙත ලබා දීමටයි අපි දෙදෙනා උත්සහ කළේ. අපේ තුන් හිතකවත් තිබුණේ නැහැ කැපී පෙනීමට යත්න දැරීමක් ගැන. අපි අවධානය යොමු කළේ අපෙන් උපසිරැසියක් ලබාගන්න බලා ඉන්න ඔබට එය ඉතා ඉක්මනින් ලබාදීමේ අරමුණක් පමණයි.
ඒ වගේම අපි මේ කටයුත්ත ප්‍රතික්ෂේප නොකර කළේ අපේම සගයෙකුගේ උත්සහය නිරපරාදේ අහක යන්න නොදී එයට නිසි අගයක් ලබාදෙන්නයි. ඉතිං මේක සහෝදර බැම්මකින් බැඳෙමින් කළ දෙයක්. අපි දෙන්නෙක් සහය පළ කළේ මෙය හැකි වහාම නිකුත් කළ යුතු නිසාමයි. මොකද අපේ විකියා සහෝගේ උත්සාහයත් මගපෙන්වීමත් සහිතව අපේ බයිස්කෝප් කතු මඩුල්ලේ පූර්ණ සහයෝගය ආශිර්වාදයත් මධ්‍යයේ මේ ඔසවා තැබූ තත්ත්වය දිගටම පවත්වා ගැනීම උදෙසා හැකි හොඳම දේ කිරීම ගැන පමණයි අපි සිතුවේ. ඉතිං අපේ ඒ අරමුණ ඉතා මැනවින් ඵල දැරූ වගට ඔබ සැම සාක්ෂියි. අපට ඒ ඇති…..
ඔබ සැම මෙය හොඳින් රසවිඳින්නට ඇතැයි කියා සිතනවා. දිගටම අපත් හා සමග රැඳී සිටින්නට ඔබට ඇරයුම් කරනවා. මොකද තව තවත් උණු උණුවෙම දුම් දමනා කතා රැසක් ඔබ වෙත නුදුරේදීම ගෙන එන්නට අපේ පිරිස සූදානම්…. 🙂
අපේ මහන්සිය වෙනුවෙන් දිරිදුන් කාහටත් ස්තුතියි!
සැමට ජය!
නියමායි….. 😀
patta machaaaaaaaaaaaaaaan
ෆිල්ම් එක බලලා මේ කමෙන්ට් එක දාන්නේ අයෙ කියලා වැඩක් නෑ සුපිරි ෆිල්ම් එකක් අයෙ ලොවෙත් නෑ..සබ් එක 3 දෙනෙක් දැම්මද කියලා හිතාගන්නම බෑ සේරම එක වගේ.නියමම සබ් එකක් මේ තුන දෙනාම නියමෙට තමන්ගේ යුතුකම ඉටු කරලා තියෙනවා.එතකොට විකියා ඔබටත් බොහොම පින් බයිස්කෝප් එක නිවැරදි මාවතකට ගෙනවිත් දැන් සුපිරි මට්ටමක ගෙනාව එක ගැන.ඔබලා එක්ක හැමෝම ඉන්නවා.මොන මොන වෙබ් සයිට් බිහිවුනත් බයිස්කෝප් රසිකයන් විදියට ඔබත් එක්ක සැමදා අපි ඉන්නවා.ඒකෙ කතා 2 කක් නෑ…
බයිස්කෝප් එකට සදා ජයම වේවා..!
maxxa sahola sub nam baiscop thama supiri
බොහොම ඉස්තූතී සහෝලා තිදෙනාටම..
හැමෝටම කියන්න තියෙන්නේ අනිවා බලන්න කාලෙකින් නිකුත් උන සුපිරි බයිස්කෝප් එකක්..
ජයෙන් ජය~!
හ්ම්ම් ඉතින් අදහස් දක්වලා අපිව දිරිමත් කරන කරපු හැම සහෝ කෙනෙක්ටම ස්තුතියි.මේකට උදා හදිස්සියෙමයි උදව් ඉල්ලුවේ.ඉතින් ඉක්මනට ඔයාලට මේක දෙන්න ඕනේ වුන නිසා මමත් වැඩේට බැස්සා.එත් අපේ විකියා සහෝ බ්ලූ රේ එකට ගැලපෙන්න සබ් නොහදන්න අද ඔයාලට මේක බලන්න වෙන්නේ නෑ.කොහොම හරි දැන් ඔයාලට බලන්න පුළුවන්නේ නේද?එහෙනම් චිත්‍රපටිය රස විදින්න.
ජය වේවා!!!
කාලෙකින් මේ පැත්තේ ආවෙි ! සියළුදෙනාටම ජයවේවා !
බොහෝම ස්තුතියි මේ උපසිරැසි නිර්මාණය වෙනුවෙන් මහන්සිඋන සැමදෙනාටම !
බොහොමත්ම ස්තූතියි..ෆිල්ම් එක බලද්දි ඔබට පින් යැයි සිතින් කිමට අමතක නොකෙලෙමු…
මේ තියෙන්නේ බලලා ඉවර වෙලාම කමෙන්ටියක් දාන්නම්.
අමිල මනනදේව, උදා,විකියා, චරිත පොල්ගස්දෙනිය හතර දෙනාම සූරයෝ..ඒ හතර දෙනාටම ගොඩක් පිo..!!!
බයිස්කෝප් එකට මාගේ ආචාරය.මේ වෙබ් එකේ මට බලන්න පුළුවන් විදියට උපසිරස දෙන්නේ ඔයාල විතරයි.ඒ මොකද වෙන උදවිය දෙන ෆොර්මැට් මගේ පරණ කම්පියුටරේ වැඩ කරන්නේ නෑ කටහඩ එන්නේ සවුන්ඩ් වලින් පස්සේ ඒ විදියට දැම්මහම.දැනට බ්ලුරේ බලන්නෙත් කේ එම් ප්ලේයර් එකට පොඩි වැඩ කෑලි වගයක් දාගෙන.කිහිපවරක් ඒ හැම කෙනෙක්ටම කිවුවත් පලක් වුනේ නෑ.ඒක මට විතරක් උන සිද්දියක් නෙමේ.තවත් මම දන්නා ගැහුණු ළමයෙක්ගේ කම්පියුටරේ ඔය සිද්දියම වෙනවා.උපසිරස දුන්නත් අවසාන ෆොර්මැට් එක අවුල්.
මෙතැනත් සබ් එක වීඩියෝ එකටම දාලා දෙන්න හදපු වෙලාවේ එපා කියූ අපගේ ඉල්ලීමට කන් දීලා ඔබ එය නැවැත්තුවා.අපි වැනි දුප්පත් මිනිසුන්ගේ ඉල්ලීමට කන් දුන්නේ ඔබ පමණකි .මම හිස නමා ඔබට ආචාරය කරන්නේ එබැවිනි.තවත් චිරහත් කාලයක් උපසිරස දෙන්නට ඔබට ලැබේවා කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරමි.මට කමෙන්ට් දමන්නට හුගක් වෙලාවට හැකියාවක් නොමැත .මේකේ හුගක් ෆිල්ම්ස් ලැබෙන්නේ යාලුවෙකුගේ මාර්ගයෙනි.ඒ හැම ෆිල්ම්ස් එකක් බලද්දිම ඔබට පින් යැයි සිතින් කිමට අමතක නොකෙලෙමු…
ඔබ සැමට තෙරුවන් සරණයි.!
මෙයට,
නිසල් ගමගේ
තුන් දෙනාටම බොහොමත්ම ස්තූතියි…….
thnx….
උඹල නම් දෙයියො මචංලා.විකියා, උදා, අමිල, චරිත ඇතුළු බයිස්කෝප් එකේ සබ් දෙන ෆිල්ම් බාන කමෙන්ට් දාන ඔක්කොටම මගේ උපහාරය.මේ සයිට් එක ගොඩක් කල් තියෙන්න ඕනි.මේකෙන් ප්‍රයෝජනය ගන්න අය හිතනවටත් වැඩියි.මේ ෆිල්ම් එක ගැන කිව්වොත් නම් ඉතිං ලොවෙත් නෑ වගේ.ඔන්න බානවෝ.ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
මොනවා කියන්නද මම දන්නේ නැහැ. මම විකියාටත් කිව්වේ, මුන් කට්ටියගේ ප්‍රතිමා හදලා අදහන්න වටිනවා. යකෝ කොපිය ඊයේ ආවා අද සිංහල උප සිරැසිත් දීලා. උප සිරැසි වල ප්‍රමිතිය රැකගෙන මේ වේගයෙන් උප සිරැසි දෙන්න ඉතිං …. මට නම් කියන්න වචන නැහැ. උදා, අමිල, චරිත ගේ අපමණ මහන්සියට මෙන්ම නොපසුබසිනා උනන්දුවෙන් මේ සැම සම්බන්ධ කරනා විකියා ඇතුළු “අපේ බයිස්කෝප්” සිංහලෙන් විබ පලෙන් බයිස්කෝප් බාන හැමෝටම පිං.
තුන් දෙනාටම බොහොම ස්තුතියි.
patta film 1k meka
clash of the titans baluwa
dan mekath bagena balanawa
thnx a lot 🙂
ela bn jayawewa hemotama
Avengers හොද කොපි නෑ තාම.ආවහම බයිස්කෝප් සෙට් එක පටස් ගාලා දේවි අනිවා..විකියා සහෝට වගේම අනිත් සහෝලාටත් බොහොම තුති ලස්සන ෆිල්ම් එකක් සබ් එක්කම ගෙනාව එක ගැන.ඉස්සරහටත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් දෙන්න
එළකිරි ඔන්න හොදේ
හොඳ කොපියක් එනකල් තමය් මමත් බලාගෙන හිටියේ. බොහොම ඉස්තුති. Avengers දෙන්නේ කවදද????
Very Good FILM THNX FOR SHARE
ලංකාවේ අංක …}1{… සිංහල උපසිරස නම් )))බයිස්කෝප්(((.විකියා රොයිලි වාසල ගුරා පොතේ ගුරා උදා චරිත් අමිල ඔබලා සියලු දෙනා මේ කරගන්නේ මහගු පිනක්..
ෆිල්ම් එක නම් පට්ට වගේ පළමු එකත සුපිරි නේ ඉන්න නළුවෝ දෙන්න අයෙ පට්ට …
බයිස්කෝප් සෙට් එකටම සදා ජය
bohooooooooooomath isthuuthi oyala mahansi vela karapu vade mulu hadinma agaya karanava
niyamai isthuthi
පට්ට පට පට උණු උණු මැක්සා බඩු නේ ජයම වේවා බයිස්කෝප් 😉 🙂 😉
ThANks BRo
වාසල පොතේ ගුරා විකියා ඇතුළු බයිස්කෝප් සෙට් එකටත් අමිල උදා චරිත මේ සෙට් එකටත් රොම්බ තෑන්ක්ස්.
උදේම දෙයියෙක් ඇරියා වගේ..:D:D:D
නොබා කොහොමෙයි… තැන්කූ මචංලා…
ජයම වේවා බයිස්කෝප් !
menna films patta a…. sahola karala thiyenne
mama meyka denakam balagena wunney eth mechchra ikmanata dewi kiyala kohomatawath hithuwe na wikiya sahota isthuthi wuna mahansiyata adama meyka denna ae wagema anek thundenatath bohomathama pin sub dapu aka gana maxxa film akakata
එක රැයකින් සබ් දානවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේ.ඒ කරපු කැපවීමට මාගේ උත්තමාචාරය බයිස්කෝප් උපසිරස කණ්ඩායමට.සිංහල උපසිරස නම් බයිස්කෝප්ම තමා නැද්ද මචන්ලා 😉
supiri film akak 3 denek gen sub.maxxa macho.
ඇත්තටම දෙයියෝ කොහෙද ඉන්නේ..හික්ස් බයිස්කෝප් ටීම් එකට තුති පට්ට ෆිල්ම් එකක් සබ් එක්කම ගෙනාව එක ගැන.
අද දෙයියෝ කොහේද ඉන්නේ…………..උත්තරය ඕනේ නං එක බලන්න.පට්ට පතුරු බයිස්කොප් එකක්.දුන්නට කස්ටියට ගොඩක් පිං ………ජයවේවා
අම්මට සිරි ! නියමයි නේ !
බොහොම ස්තූතී ……….
thx
ඇත්තටම නියමම ෆිල්ම් එකක් මේක නම් මම හරිම කැමති මේ වගේ කතා බලන්න.
බයිස්කෝප් එකට ජයම වේවා
maxxxa 🙂
Thankzzzzzz sinhala sub akata 🙂
danma danawa down wenna 🙂
Jayawewaaaaaaaaaaaaaaaaaaa 😀
මචෝ,දැන් බයිස්කෝප් සයිට් එක පට්ටයි.දිනපතා අලුත් අලුත් ෆිල්ම් වලට සබ් දානවා.මේ වෙනසට අපේ අමිල සහෝ , උදා සහෝ , රොයිලි , චරිත , දිනේශ් , වා.මු වගේ සහෝදර වරු වගේම අපේ “විකී” සහෝදරයාටත් හද පිරි ස්තූතිය පලකරනවා.සමගිය බලය වේ කියලා අපේ සහෝලා එකතුවෙලා කරන මේ කටයුත්තට බොහෝම පින් !
විකී සහෝගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියනවා.පුලුවන් නම් මෙ සයිට් එක තව ටිකක් ඩිවලොප් කරන්න සහෝ.
ඔයාලට ජය වේවා !
බයිස්කෝප් එකේ දුන්න නම් අයෙ දෙපාරක් හිතන්නේ නෑ බානවා ඇරෙන්න.විකියාට මෙන්ම අනෙක් සහෝලා 2 දෙනාටම මාගේ ඉස්තූතිය.
අඩේ මේකේ 1 වෙනි එකටත් සබ් දීලා නේ. අයෙ 2 කම බලනවා 1 වෙනි එක මතක නෑ .කොහොමත් සිංහල සබ් තියෙනවා නම් වෙන කුමන කතාද 2 කම බලනවා.තවත් 1000 ගණනින් සබ් දෙන්නට ලැබේවා සොයුරනි.
niyamama film akak mama 1st part akath sinhala sub akka baluwa 2 th aniwa adama balanawa yify bluray patta qulity thawath sub denna labeywa wikiya amila uda charitha oya set akatama
Thanks a lot…
සබ් දෙනවා නම් මෙහෙම දිය යුතුය.මේකේ සබ් දෙන ෆොර්මැට් එකට ඕනෑම එකක බලන්න පුළුවන්.මගේ ටැබ් එකේ පවා රූට් කරලා සිංහල දාගෙන තියෙන්නේ අයෙ නියමෙට වැඩ.හොරුන් ලොව දස දහස් ගණනක් ඇත.ඔවුන්ට බිය නොවී නිර්බයව ඔබ ඉන්නා තීරණය ගැන මම ඉතාමත් සතුටු වෙමි.
wel done machoo.. Keep it up. 😉
අයෙ නියමයි සහෝලා බයිස්කෝප් සෙට් එකටම මගේ ඉස්තූතිය
Thanks 🙂
ela ela supiri wadak.jaya wewa.Thanx Saho
බොහොම ස්තුතියි සබ් එකට
අමිල, උදා, චරිත හා විකියා බොහොම ස්තූතියි හැමදෙනාටම. කමෙන්ට් එකක් දාලා යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.
thnx yalu dwn karanana damma
ඇත්තටම මම බයිස්කෝප් සයිට් එකට ආධුනිකයෙක් මේක මම අන්තර්ජාලයේ සිංහල සයිට් වලින් මම දැක්ක හොදම සයිට් එක
ඔබලා මිල මුදල් පසු පස නොගිහින් නොමිලේ කරන මේ සත්කාර්යයට මම බොහොම ගරු කරනවා..
බාමි ඉස්තරම්.
pattah sho niyamai meka denakan mama balan hitiye thanks…! 🙂
elamakiri
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
/**********/
.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
nice film i watched 1st movie.thnx again this movie
gr8 film
Pin sidda weachawi…
oba samata jaya… mama meaka dakke Bhagya rajapaksha sahodaraya FB ake dapu post akakin…. wadagath de share karanawata ohutath pin….
Budu saranai…
ජයම වෙන්න ඕනේ දැන්ම බානවා බලා බලල කියන්නම් වැඩිදුර විස්තර දැනට සියලු දෙනාටම ඉස්තූතියි
Mekanam Maxxa Movie eka aa ….3 denatama thanks Sub walata
MAMATH DOWNLOAD KARANAWA.FILM AKA BALALA WISTHARA KIYANNAM.THANKS.
පළමුවෙනි එක කට ඇරන් බැලුවේ මේක ඊටත් වඩා සුපිරි ඇති ඔන්න මම බයිස්කෝප් සෙට් එකටම පින් දීලා ගන්නවා තරහා නෑ නේ 😉
මෙ ෆිල්ම් එක දුන්නට කටිටියටම ගොඩක් ස්තුතියි. වැඩි වැඩියෙන් ෆිල්ම් දාන්න තවත් හැකිවෙවා කියලා ප්‍රාර්තනා කරනවා….
Thnx SUB and FILM
jaya sri lokka patta akak ney dila thiyenne bohoma pin set akatama
Thankz share karata. Danma download karnawa. 🙂
මම මේ මූවී එක බැලුව.. සිංහල සබ් තියෙන නිසා ආයිත් බලනවා.. සුපිරි වැඩක්… මේ වෙනුවෙන් කැප වෙච්ච විකියා ඇතුළු සෙට් එකට මගේ ප්‍රණාමය…
බයිස්කෝප් එකට අනික් සයිට් එකට තරගෙට යන්න දෙයක් නෑ.මොකද බයිස්කෝප් කිවුවහම දන්නවා කවුරුත් මේකේ අතීතය.
කවුරු කොහොම ගියත් යන්න ඕනේ හරිම පාරේ විවිධත්වයකින් යුතුව යන එකම ගමනේ යන්නේ බයිස්කෝප් තමා ඒක මට බය නැතුව ඕනේ තැනක කියන්න පුළුවන් දෙයක්.සිංහල උපසිරස දායාද කල තැනකට සමහරුන් නගන චෝදනා දැක්කම අපිට හුගක් දුක හිතෙනවා.
කටු පැදුරු ගල් මුල් අස්සේ තබර මලක් වී පිපෙන්නට මගෙන් එක සිතෙන් හද පතුලෙන් ආශීර්වාද!
ado unu baduth dunna ehanam niyamai mchn elaaaaaaaaaaaaaaaaaaaaaa. onna oya wage The Avengers dapu gamnma dapan mchoooooooooo $$$$$$$
elakri 🙂 kollaney 🙂 marenuth marai 🙂
super maxxa a……..
විකියා සහෝට බොහොම පින් කට්ටිය උනන්දු කරලා මේ තත්වෙට ගෙනාව එක ගැන.ඔහුට ප්‍රථමයෙන් ඉස්තූතී කරන ගමන් අනෙක් සබ් දාන්න මහන්සි උන තිදෙනාටම බොහොම ඉස්තූතී..
ගොඩාක් ස්තුතියි මේ චිත්‍රපටිය සබ් දලා දුන්නාට මේක නියම චිත්‍රපටියක් සබ් එක්කම බලන්න ලැබේන එක සතුටුයි……. සබ් එක නිර්මානය කල සියලු සහොදරයන්ට තව තවත් හොද චිත්‍රපටිවලට සබ් දාන්න ශක්තිය…දහිරය නිබදවම ලැබේවා….!!! හැමොටම ජය ශ්‍රී……………
“මේ වගේ ඉක්මනට ෆිල්ම් වලට සබ් දාන්න ලොකු හයියක් ලබා දෙන්නේ අපේ විකියා සොයුරා”, ඇත්ත. විකියා හැම වෙලේම සබ් දෙන හැමෝවම උනන්දු කරවනවා. ඒක ලොකු හයියක්. අනිවා මේ ෆිල්ම් එක හැමෝම අරන් බලන්න. සුපිරි වැඩකරුවෝ තුන්දෙනෙක් තමයි උපසිරැසි කරලා තියෙන්නේ. එහෙනම් මේ හතර දෙනාටම ගොඩක් ස්තුති කරන ගමන් ඔන්න මාත් ගත්තා.
patta machan. Thanks Sub ekata.
bohoma isthuthi sub denna apa kapa wuna siyalu denatama meyka balannama wunnu film akak
උම්ම උම්ම උම්ම ගොඩාක් දෙනව………….
පට්ටයි ඈ……..
thnx wikiya uda amila and charith
පිලිවලකට දිනයක් වෙලාවක් ඇතුව සබ් එකක් නිකුත් කරන එකම තැන මේකයි.ඒකයි මෙච්චර කලක් බයිස්කෝප් වැටෙන්නේ නැතුව තියෙන්න හේතුව.අනික් කාරණය සබ් දෙන සියලු දෙනා හොද දැනුමකින් සන්නද්ද අය වීම.ලිපියක් උනත් හොදට විස්තර ඇතුව ලියනවා.සබ් එකත් නියමෙටම තියෙනවා.ඔබ සියලු දෙනාටම ජයම වේවා..ඒ මගේ පැතුමයි 🙂
උබල හැබැයි ජරා වැඩක කරල තියෙන්නේ. එකෙක්වත් විකියට ස්තූති කරල නෑ.
ela ela supiri movie akak sub dunna aka nam hugak thnx
Thanks for the subs.
good work thnx
උපසිරස යොදපු 3 දෙනාම සුපිරි වැඩ්ඩො නේ සබ් එක නියමෙට ඇති මම මේ දැන්ම බාන්න දානවා ඔන්න
හොය හොයා හිටපු චිත්‍රපටියක්. බොහෝම ස්තූතියි sub එක දුන්නට. “අමිල මනනදේව“, “උදා“ හා “චරිත පොල්ගස්දෙනිය” කියන හැමෝටම ගොඩක් ස්තූතියි කියනව.
ජය වේවා..
ඇත්තටම මේ සයිට් එකත් කාලයක් තිබුනා හෝදා පාලු වෙලා.අලුත් සබ් එකක් එන්නේ මාස කොහිපයක් ගියහම විකියා සහෝව මේකට එකතු උනාට පස්සේ හැබෑම වෙනසක් තියෙනවා.ඒක මේ සයිට් එකට එන හැම කෙනෙක්ටම තේරෙනවා.මමත් මේ සයිට් එකට ආව ගියාට කමෙන්ට් එකක් වත දාන්න හිතක් දුන්නේ නෑ.දැන් නම් ඊයේ රෑ නිකුත් වුන ෆිල්ම් එකක් අද උදේ දෙන තරම දියුණු වෙලා.වෙනදා සතියට 2 කක් දුන්න සිංහල උපසිරස දවස් 5 හේම දෙනවා.හැබෑම වෙනසක් තියෙනවා.මේ උපසිරස දෙන්න කාලය ශ්‍රමය වැය කල සහෝලා තිදෙනාටම මාගේ ඉස්තූතිය!සිංහල උපසිරස ආගමනය කල බයිස්කෝප් අපි ඔබත් එක්ක සදා රැදෙනවා.චිරං ජයතු බයිස්කෝප්
Ela kiri wade. 3kattuwata Thanx. Dan nam sinhala sub walin film balala Hakka panna ganna puluwan. ELE ELA JAYA WEWA!
WOW…supiri film akak thanks yaluwo seyratama
හුරේ…..රේ….මෙන්න මේක දීලා …. :)ට්‍රේලර් එක බලල ඔලුව මන්ඡ්චාන් වෙලා උන්නේ.සුපර් සබ් දෙන්න කට්ට කාපු සෙට් එකටම බොහොම පින්
THNX LOT 🙂
තුන් දෙනාටම බොහොමත්ම ස්තූතියි…….
බලන්න ආසාවෙන් එනකම් ඇගිලි ගැන ගැන උන්න බයිස්කෝප් එකක් ආව ගමන් දුන්න එකනම් ලොකුම දෙයක්
හම්මේ…….
ඉස්සර නම් සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් එනකම් දවස් ගානක් බලන් ඉන්න උනා. ඒකට දැන් සට සට ගාලා ෆිල්ම් දානවනෙ, බලන්නයි ඩවුන්ලෝඩ් කරන්නයි වෙලාවකුත් නැති තරම්.
සිංහල සබ් හදන්න මහන්සි වෙච්ච හැමෝටම ගොඩාක් ස්තූතියි
මෙව්ව තමයි නියම වැඩ. බලාගෙනම හිටිය සබි ඒකක් මෙක.
දැන් අනිවා බලනවා. ස්තූතියි මෙකට උර දරපු හැමදෙනාටම.
ජයම වේවා..මෙන්න නියමම වැඩක් උණු උණුවේ ~.~බයිස්කෝප්~.~ එක සුපිරි ආ. සහොල 3 දෙනාට වගේම අපේ විකියාටත් මේ වෙලාවේ මගේ හද පිරි ඉස්තූතිය පුද කරන්න කැමතියි….!
අපිට මුල අමතක කට්ටිය නෙමේ,මේ උපසිරස කලාව කියලා දීලා
හැම තැනටම ගෙනිච්චේ බයිස්කෝප් එකෙන්..හැම කෙනෙක්ම අන්න ඒක පිළිගන්න ඕනේ.
තවත් හොදට විරාජමාන වෙන්න බයිස්කෝප් .–ආසිරි–.
patta film akak thnx machnla
පිස්සු හැදෙනව ඔගොල්ලො මාරයි
කියලා වැඩක නෑ සුපිරිම ෆිල්ම් එකක් නේ අරන් ඇවිත් තියෙන්නේ…පට්ට පට්ට අයෙ අදම බලනවා
නියමයි.. දිගටම කරගෙන යමු..
මේ දවස් වල මමත් සබි එකක වැඩ කරගෙන යනවා
ලඟදිම ඒකත් දෙන්නම්.
අමිල, උදා, චරිත තුන්දෙනා නියම වැඩ්ඩො තුන්දෙනෙක් ඉතාමත් ඉක්මනින් උපසිරැසි යොදලා චිත්‍රපටය ලබා දීම ගැන. සබ් දාන කොයි තරම් අමාරු දෙයක්ද කියන මම දන්නවා. විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා.. මේ වගේ ඉක්මනට ෆිල්ම් වලට සබ් දාන්න ලොකු හයියක් ලබා දෙන්නේ අපේ විකියා සොයුරා. ඔහු නිසා තමා මේ වගේ ලොකු වැඩ ඉක්මනින් කරන්න පුළුවන්. ඔහුගේ ශක්තිය නිසා බයිස්කෝප් අඩිවිය ලොකු ගමනක් ඇවිත් තියෙනවා වගේම තවත් ලොකු ගමනක් යන්නත් පුළුවන්.. විකියා සොයුරා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් උපසිරැසි ගැන්වීමට වෙහෙස මහන්සිවූ සොයුරන් තිදෙනාටත් හද පිරි ස්තූතිය පිරි නමනවා!
Maxx නියමම ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ
ඉස්තූතී
මචං කියන්න දෙයක් නෑ වැඩේ මැක්සා ඊයේ හැන්දෑ වරුවේ අවුට් වුන ෆිල්ම් එකක් අද උදේ දෙනවා කියන්නේ..එළමකිරි සබ් දුන්න සහෝලා 3 දෙනාටත් විකියාටත් ඉස්තූතී හුගක්
ජයෙන් ජය වේ බයිස්කෝප්
පට්ටම පට්ට
elakiri aiya
Maxxxa macho supiri
දැන් තමයි උදා සහෝගේ කමන්ට් එක දැක්කේ..
ඇත්තටම මේ දවස්වල දීපු හැම චිත්‍රපටියකම වගේ විකි සහෝගේ නම ගෑවිලා තිබුණා..
මට තේරෙණ විදියට විකියට ඕන වෙලා තියනවා බයිස්කෝප් අඩවිය නග්ගල ගන්න.. ඇත්තම කියන්න කාලයක් තිබුණා බයිස්කෝප් වෙබ් අඩවිය මට එපා වෙලා තිබුණු මොක ද? හැම දාම ඇවිල්ලා ගොඩ වෙලා බැලුවට අලුත් පෝස්ට් එකක් අලුත් චිත්‍රපිටියක සබ් එකක් වැටිලා නොතිබුණා නිසා.. දෙනවා කියලා කිව්වට ෆිල්ම් එක ඇවිල්ලා අවුරුද්දකින් වත් සබ් අපට හමු නොවුණු කාලයක් තිබුණා..[සබ් දාන එක ෆිල්ම් එක බලන තරම් ලේසි නැති විත්තිය මම දන්නවා] ඇත්තටම ඒ කාලය ගැන නම් හරි දුකයි..
ඒත් දැන් දැන් ඒ තත්වේ වෙනස් වෙලා තියනවා..
මම හිතන්නේ විකියා සහෝගේ මහන්සිය අපතේ යන එකක් නෑ..
එහෙමනම් බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!
thanks hoda welawata meka banna dala thibbe…
බොහොමත්ම ස්තූතියි
ෂා ඔන්න ඔහොම අලුත් මුවී වල උණු උණුවෙම සබ් දෙනකොට තමයි බයිස්කොප් අඩවියේ රස්නේ අපට දැනෙන්නේ
බොහොම ස්තුතියි අමිල,උදා,චරිත සහෝලා තුන් දෙනාටම…
පිස්සු හැදෙනවා. thanks lot, MAXXXXXXXXXXXXXXXaaa
elazzzz
හුරේ!!! ජය වේවා! “අමිල මනනදේව“ “උදා“ හා “චරිත පොල්ගස්දෙනිය” වගේම අපේ “විකියා” අයියටත් ගොඩාරියක් තෑන්ක්ස් කරන්න ඕනේ. හොද කොපියක් ආව ගමන්ම මේකෙ සබ් එක දුන්නට! ඔක්කොටම ජය!
බොහොමත්ම ස්තූතියි මේක එනකන් හිටියා
ela ela supiri wadak.jaya wewa.
අඩේ එහෙනම් මේකත් දුන්න නේ………
අමිල, උදා, චරිත තුන් දෙනාගෙ සුසංයෝගය කොහොමද කියලත් බලමුකො එහෙනම්…
තුන් දෙනාටම බොහොමත්ම ස්තූතියි…….
//~”මේ අද ලබා දී තිබෙන උපසිරැසිය ගැන යමක් කියන්න තියෙනවා.”~//
මම ඊයේ මේක ඉවර කරලා අපේ විකියා සහෝට භාර දුන්නේ රාත්‍රී 10.15 පමණ වන විටයි. මගේනම් අදහස වුණේ මේක අද නොවෙයි හෙට ලබාදිය යුතුයි කියන එක. නමුත් විකියා සහෝ දෙයක් හිතුවොත් හිතුවාමයි!
කොහොමහරි අදම දෙනවා’මයි කියලා තමයි වැඩේට බැස්සේම. මම හිතන්නේ ඒ මොහොතේ සිට පෑ කිහිපයක් ගතවනතුරු ඔහු මේක අද ඔබ වෙත නිකුත් කරන්නට හැකි වන අයුරින් සකස් කළා. මම නින්දට යනවිටත් රාත්‍රි 12.40 පමණ වෙද්දී; අපේ විකියා සහෝ දිගටම අවදියෙන් මේක සකස් කළ බවයි පෙනී ගියේ. ඒ ඔහුට අද කිරිපාන්දරම රාජකාරි කටයුත්තක් සඳහා යා යුතුව තිබියදී’යි. ඉතිං මම ලිපියේ ඔහු ගැන කිසිත් නොකීවත්, ඔහුගේ කැපවීම ගැන නොකියා කොහොමද? ඔන්න විකියා සහෝ ලිපිය ලියද්දී වෙච්ච අඩුපාඩුව කමෙන්ටියක් දාලා නිවැරදි කරන්නට මම කටයුතු කළා.
ඉතිං අපි තුන්දෙනෙක් මේක හදලා දුන්නත් විකියා සහෝ නොහිටින්නට මේකනම් අද බලන්න තියා දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අප වෙනුවෙන් නොව ඔහු වෙනුවෙන් කමෙන්ටියක් තබා යන මෙන් ඔබ සැමගෙන් ඉල්ලීමක් කරනවා!