Zombie (II) (2019) Sinhala Subtitles | පිල්ලය [සිංහල උපසිරසි සමඟ]
නම දැක්ක ගමන් මතක් වෙන්නේ ඉතින් හොලිවුඩයේ සොම්බින් ගැන අලලා තැනුන සිනමා සිත්තමක් ගැන හරි walking dead වැනි රෑපවාහිනී කථා මාලා වල දැක ගන්න ලැබුනු මේ සොම්බි චරිත ගැනයි. ඔව් මේකත් ඉන්දියාවේ නිෂ්පාදනය කරපු සොම්බින් ගැන අලලා තැනුන තවත් එක් සිනමා සිත්තමකි. ඉතින් සොම්බි කියපුවාම මුළු හොලිවුඩයම හොල්ලගෙන ඉන්න මාතෘකාවක් කිව්වොත් නිවැරදියි. ඉන්දියාව මේ පාර මේ සොම්බි කතාවන් අලලා කෙසේ ඉන්දියාණු සිනමාව ආක්‍රමණය කර ඇත්ද කියා මෙම ලස්සන සිනමාව බලලම ඔයාලා තීරණය කරන්න.
ආයුබෝවන් බයිස්කෝප් රසික. රසිකාවියන් සැම දෙනාටම.. ඔන්න ආයෙමත් ඉක්මණින්ම ආවේ තවත් ලස්සන දමිල සිනමාවකට උපසිරසියක් අරගෙනයි. කලින් ලබා දුන්න Rakshasudu-(2019) චිත්‍රපටයට අදහස් දක්වපු සියළු දෙනාහට ස්තූතියි කරමින් 2019 වසරේ සැප්තැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල සිනමා සිත්තමක් තමයි අද අරගෙන ආවේ. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 4/10 ලැබි ඇති .විකට සහ භයංකාර යන ඝනයට අයත් වෙන ඉතා රසවත් කථා තේමාවක් ඔස්සේ නැරඔිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙනත් දෙන චිත්‍රපටයක් ලෙස මෙය හදුන්වාදීමට හැකිය. මෙහි ප්‍රධාන නලුවා ලෙසින් සුපිරි දමිල විකට නළුවෙකු වන Yogi Babu රංගනයෙන දායක වේ. Gurkha 2019 චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරලා එකේ උණුසුම යන්නත් කලින්ම ඔහු මෙම චිත්‍රපටයටද ප්‍රධාන නලුවා ලෙසින් එක් වී තිබේ.ඔහුට අමතරව මෙහි Yashika Aannand, Manobala Gopi හා Dhuniya Sudhakar මෙහි රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය Bhuvan Nullan විසින් සිදු කර තිබේ. එහෙනම් වෙනද වගේම මට මේක කරන්න අවස්ථාව දුන්න බයිස්කෝප් ටීම් එකටයි . හසන්ත වික්‍රමරත්න අයියට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඉතින් මේක කරන්න කියල දුන්න හසන්ත වික්‍රමරත්න අයියට නැවතත් ස්තූති වන්ත වෙනවා.
කථාව පැත්තට හැරුනොත්, සොම්බි ගැන තියෙන කතාවක් තමයි යන්නේ. මේකේ ඉන්න යාලුවොන්ට එයාලගේ පවුල් වලින් ඒ කිව්වේ බිරිදගෙනුයි, නැන්දම්මලගෙනුයි ඉතින් නිතරම ප්‍රශ්ණ ඇති වෙනවා. මෙයාලට ඉතින් මේක ගොඩක් ලොකු හිසරදයක් වෙලා තියෙන්නේ. මේක හින්දා මේ යාළුවෝ සෙට් එක තීරනය කරනවා නිදහසේ කොහෙට හරි ගිහින් ටිකක් විනෝද වෙන්න කියලා. ඉතින් මෙහෙම මෙයාලා විනෝද වෙන්න ගිහින් එක දවසක් රෑ හෝටලයක නවතින්න තීරණය කරනවා. තීරණය කරලා හෝටලයට ගිහින් බැලුවම ඉතිරි වෙලා තියෙන්නේ එක කාමරයක් විතරයි. යාළුවෝ ඔක්කොම ඉන්න නිසා මෙයාලට මේක විතරක් මදි කියලා ආයෙත් එන්න ලෑස්ති වෙනකොට, හෝටලය ඉස්සරහ ලස්සන කෙල්ලො ඉන්න බස් එකක්ම ඇවිත් නවත්තනවා. එයාලත් මේ හෝටලයේ එදා රෑ නවතින්න ආව අය. ඉතින් මෙයාලා ටික දැක්ක ගමන් අර එපැයි කිව්ව කාමරේ මෙයාලා ආය අර ගන්නවා. කොහොම හරි මෙයාලා ටිකක් විනෝද වෙලා රෑ නැගිටලා කෑම හොයන්න යද්දී එතන සිද්ද වෙලා තියෙන්නේ මහා අමුතුම දෙයක්..
ඉතින් අපිත්, කොහේ හරි ගියාම හෝටල් වලින් කනවනේ. ඒකේ කොහොම කෑම ජාති හදනවද, මොනව ඒකට දානවද දන් නෑනේ. ඉතින් ලංකාවෙ හෝටලුයි ඉන්දියාවේ තියෙන හෝටලුයි ඒ තරම් වෙනසක් නැතුව ඇතිනේ. මේ හෝටල් වල කෑම කද්දි ටිකක් හොයල බලල ඉතින් කනවනම් හොදයි කියලා කියනවා. එහෙනම් කතාව අරගෙනම බලන්න, ආයෙත් ඉකමනට ලස්සන සිනමාවකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාට තුරුණුවන් සරණයි..!
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- කාණ්ඩය : Comedy/ Horror
- අධ්‍යක්ෂණය : Bhuvan Nullan
- නිෂ්පාදනය : Vasanth Mahalingam and V.Muthukumar
- කථාව රචනය : Bhuvan Nullan
- රංගන ශිල්පීන් : Yogi Babu, Yashika Aannand, Gopi (Parithabangal), Manobala, Sudhakar
- ධාවන කාලය : 128 minutes
- තිරගත කල දිනය : 6 September 2019
- සංගීතය : Premgi Amaren
- IMDB අගය : 4/10
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Tamil Proper HD/ True Web-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5245 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
Thanks bro
thanks..
thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
SUb ekata tanx
Thanks for the sub bro..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා..!
මේකේ vidio link තවම නැහැනේ ?.. තියනවනම් torrent link ඒක commemt එකක් දාන්නකෝ. Subtitle ඒකට ස්තුතියි