අභිචෝදකතුමා ඇවිත් මහාචාර්යතුමාට ‍අවවාදයක් දීලා යනවා. තරුණ වෛද්‍යවරුන්ව සහන මරණය වගේ දේවල් වලට පොළඹවන්න එපා කියලා. ඒත් අභිචෝදකතුමාටත් රහස් තියනවා වගෙයි පෙන්නේ. මේ වෙද්දි වේදනා පාලන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ගී සුක් කියන අවුරුදු 17 පිරිමි ළමයා CIPA හෙවත් වේදනාව නොදැනෙන රෝගයක් ඇති රෝගියෙක්. ඒක බොහොම…

අභිචෝදකතුමා ඇවිත් මහාචාර්යතුමාට ‍අවවාදයක් දීලා යනවා. තරුණ වෛද්‍යවරුන්ව සහන මරණය වගේ දේවල් වලට පොළඹවන්න එපා කියලා. ඒත් අභිචෝදකතුමාටත් රහස් තියනවා වගෙයි පෙන්නේ. මේ වෙද්දි වේදනා පාලන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ගී සුක් කියන අවුරුදු 17 පිරිමි ළමයා CIPA හෙවත් වේදනාව නොදැනෙන රෝගයක් ඇති රෝගියෙක්. ඒක බොහොම දුර්ලභ රෝගයක්. ඒ රෝගියාව භාරගත් අවස්ථාවේ ඉඳලම මහාචාර්යතුමා හැසිරෙන්නේ හරිම අමුතු ‍විදිහට. ඒත් කිසිම කෙනෙක් ඒකට හේතුවක් දන්නේ නම් නෑ. මේ අතරේදී අධි සංවේදීතා පිළිබඳ රෝගයක් තියන රෝගියෙකුත් වේදනා පාලන මද්‍යස්ථානයේ ඉන්නවා. කන්ග් සි යොන්ග් සහ කන්ග් මි රේ ඒ රෝගියාව පරීක්ෂා කරලා අවසානේ සැත්කමකට යැව්වත් ඒ රෝගියාට තියෙන්නේ වෙනත් රෝගයක් කියලා හොයාගන්න කන්ග් සි යොන්ග් සමත් වෙනවා. ඒ නිසා සැත්කම නතර කරන්න සි යොන්ග් සැත්කම් කාමරයට කඩා වදිනවා.මේ අතරේ වේදනාව දැනෙන්න හැකියාවක් නැති ලී ගී සුක්ට වේදනාව දැනෙන්න හේතුව හොයාගන්න හැම කෙනෙක්ම මහන්සි වෙලා වැඩ කරනවා. අවසා‍නයේ මහාචාර්යතුමා සහ සියොන්ග්ට රෝගය හොයාගන්න පුළුවන් වෙනවා. නමුත් සැත්කමක් කරන්න අකමැති වෙන ලී ගී සුක්ව මහාචාර්යතුමා පොළඹවාගන්නවා.

ඒ කොහොමද කියලා කිසි කෙනෙක් නොදැන හිටියත් සි යොන්ග් ඒ ගැන හොයාගන්නවා. ඉතින් ඒකට මහාචාර්යතුමාගේ ප්‍රතිචාරය මොන වගේ වේවිද? මහාචාර්යතුමාගේ රහස හැම කෙනෙකුටම හෙළි වේවිද? ඒ අතරේ අළුත්ම ගැටළුවක් ඇති වෙමින් පවතිනවා. එයට මුහුණ දෙන්නට වේදනා පාලන අංශයට හැකි වේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,618 downloadsDownload Doctor.John_.S01E07.Baiscopelk.com_.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,618 downloadsDownload Subtitles29 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    tnx sub 1ta

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Krishani

    Thank you