කන්ග් සි යොන්ග් තමන් මහාචාර්යතුමාට කැමතියි කියලා කිව්වත් මහාචාර්යතුමා ඒකට ස්තූති කළා ඇරෙන්න ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. මේ අතර මහාචාර්යතුමාගේ දක්ෂතා නිසා සින්මු රිජන්ඩ් කියන කොරියාවේ ලොකුම සායනික උපකරණ සමාගමෙන් හන්සේ රෝහලේ වේදනා පාලන මධ්‍යස්ථානයට සහයෝගය දක්වනවා වගේම අවශ්‍ය උපකරණ ලබා දෙනවා. මේ අතරේ වේ…

කන්ග් සි යොන්ග් තමන් මහාචාර්යතුමාට කැමතියි කියලා කිව්වත් මහාචාර්යතුමා ඒකට ස්තූති කළා ඇරෙන්න ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. මේ අතර මහාචාර්යතුමාගේ දක්ෂතා නිසා සින්මු රිජන්ඩ් කියන කොරියාවේ ලොකුම සායනික උපකරණ සමාගමෙන් හන්සේ රෝහලේ වේදනා පාලන මධ්‍යස්ථානයට සහයෝගය දක්වනවා වගේම අවශ්‍ය උපකරණ ලබා දෙනවා. මේ අතරේ වේදනා පාලන මධ්‍යස්ථානයට එන අළුත්ම රෝගියා යූ රී හී. අසාධ්‍ය වගේම සුව කළ නොහැකි රෝගියෙක් නිසා එයා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ වේදනාව පාලනය කිරීම විතරයි. අභිචෝදක සොන් ස්යොක් කිට මෙයාව මුණ ගැහෙන්නේ මරණ සාකච්ඡා වැඩසටහනේදියි. එතනදි යූ රී හී සහන මරණ ගැන කතා කරනවා. ඉතින් මේ හේතු නිසා අභිචෝදක සොන් බලාපොරොත්තු වෙනවා ආයෙත් වතාවක් මහාචාර්යතුමාගෙන් පරණ වැරැද්ද විදිහේම වැරැද්දක් සිද්ධ වෙයි කියලා. මේ අතරදි අභිචෝදක සමඟ ඉන්න හෙදිය තවත් මාධ්‍යවේදියෙක් එක්ක එකතු වෙලා මහාචාර්යතුමා ගැන විස්තර එකතු කරනවා. හදිස්සියේම ඒ මාධ්‍යවේදියා හවසක මහාචාර්යතුමාව මුණ ගැහෙන්න ආවත් මහාචාර්යතුමා අසනීප වීම නිසා සිහි නැතුව ඇදගෙන වැටෙනවා. අවසානේ වෛද්‍ය කන්ග්ට මහාචාර්යතුමාව හොයාගන්න ලැබෙන නිසා වෛද්‍ය ලී යූ ජූන්ගේ උපකාර ඇතිව මහාචාර්යතුමාව රෝහලට ගෙනියන්න ඇයට හැකිවෙනවා. ඒ වගේම අවසානේ කන්ග් සි යොන්ග් තමන්ගේ හැඟීම් පැත්තකින් කියලා මහාචාර්ය චා යෝ හන්ට උදව් කරන්නම් කියලා කිව්වත් මහාචාර්යතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා.
අසනීපය අතරේම සම්මන්ත්‍රණය කරන්න එන මහාචාර්යතුමා සම්මන්ත්‍රණය මැදදී අසනීප වෙනවා. මේ වෙලාවෙදී අභිචෝදක සොන් ස්යොක් කි ඉන්නෙත් සම්මන්ත්‍රණය අසළමයි. ඉතින් මහාචාර්යතුමාව ගැටළුවක් නැතුව එතනින් ඉවත් වෙන්න පුළුවන් වේවිද? වේදනා පාලන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් එකතු වෙලා ප්‍රාර්ථනා සමාජයක් ඇති කරන්න තීරණය කරනවා. ඒ කවුරු වෙනුවෙන්ද? හැම දෙයක්ම සුන්දරව ප්‍රශ්න විසෙඳමින් සිද්ධ වන ඒ දිනයේ අවසානයත් සොඳුරු වේවිද? අවසානයේ ඒ අනතුරේ පෙරනිමිති වලින් ඇඟවෙන්නේ මොන වගේ අනතුරක්ද?
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,521 downloadsDownload Doctor.John_.S01E10.Baiscopelk.com_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
5 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Indika
Epi 12, 13 ,බලන්න බැනෙ....
Achini
Episode 14 15 16 subtitles nedda
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි