ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලපු මේ The Fame Game කතාමාලාවට පසුගිය දා ඉඳන් උපසිරැසි සපයන්න අපි පටන් ගත්තා. බොලිවුඩයේ ජනකාන්ත ජනප්‍රිය නිළි රැජිණ මධුරි ඩික්සිත්ගේ කාලෙකට පස්සේ එන කල එලි බැසීමත්, OTT මාධ්‍යයටම නිකුත් වන මධුරිගේ පළවෙනිම නිර්මාණය නිසාත් The Fame Game ගොඩක් විශේෂ වෙනවා. Drama ගණයට අයත් වෙන මේ කත…

ගොඩ දෙනෙක් අපෙන් ඉල්ලපු මේ The Fame Game කතාමාලාවට පසුගිය දා ඉඳන් උපසිරැසි සපයන්න අපි පටන් ගත්තා. බොලිවුඩයේ ජනකාන්ත ජනප්‍රිය නිළි රැජිණ මධුරි ඩික්සිත්ගේ කාලෙකට පස්සේ එන කල එලි බැසීමත්, OTT මාධ්‍යයටම නිකුත් වන මධුරිගේ පළවෙනිම නිර්මාණය නිසාත් The Fame Game ගොඩක් විශේෂ වෙනවා. Drama ගණයට අයත් වෙන මේ කතාමාලාව කරන් ජොහාර් ප්‍රමුඛ Dharma Productions පවුලේ වැඩක්. පසුගිය දවසක නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය ඇරඹුණු මේ කතාමාලාව අද වන විට IMDb අගය 7.1ක් රැස් කරගෙන තියෙනවා.

කතාමාලාව එක්ක මේ වෙද්දිත් එකතු වුණු අය දන්නවා මේ කතාමාලාවත් ජනකාන්ත ජනප්‍රිය නිළියක් වටා ගෙතෙන එකක් විත්තිය.සිනමා ලෝකයේ සිද්ධ වෙන කළු අළු සිදුවීම් ගොඩක් මේ කතාමාලාවෙන් අපිට පෙන්නනවා. මැදි වියට ළඟා වෙමින් හිටියත් අනාමිකා ආනන්ද් බොලිවුඩයේ තමන්ගේ තැන එහෙමම තියාගෙන හිටිය අතිශය ජනප්‍රිය නිලළියක්. නිළියක් කියනවට වඩා නිළිය කිව්වා නම් වඩා නිවැරදියි. පෙනෙන හැටියට අනාමිකාගේ ජීවිතේ හැමදේම හරිම ලස්සනට ගලාගෙන යමින් තිබ්බා. දවසක් ඔය හැමදේම උඩු යටිකුරු වෙන්න ගත්තා. උත්සවයකට පෙනී ඉඳලා අනාමිකා ආනන්ද් එයාගේ මහත්තයා එක්කලා ගෙදර ආවා. කාමරේ නිදාගෙන හිටි අනාමිකාගේ පුතාට දැනුනා අම්මා කාමරේට ඇවිල්ලා එයාව බලලා යනවා. දුවටත් ඒ දේම දැනුනා. සැමියාට දැනුනා අනාමිකා ඔහුගේ පස්සෙන් අඩිය තිය තිය කාමරේට එනවා. හැමදේම වෙනදා වගේම වෙච්ච නිසා කාටවත් අමුතු දෙයක් හිතුනේ නැහැ. ඒත් බෝම්බය පිපිරුනේ පහුවදා උදේ. අනාමිකා ගෙදරින් අතුරුදහන් වෙලා. ඇගේ ඇඳේ ඇය නිදාගත්තු පාටක්වත් නෑ. ෆෝන්, පර්ස් හැමදේම තියාපු තැන් වල. වාෂ්ප වුණා වගේ අනාමිකා ආනන්ද් කියන ජනකාන්ත නිළිය අතුරුදහන්ම වෙලා ගිහිල්ලා…

අද කොටසත් එක්ක එකතු වෙන්න. අනාමිකාට ඇත්තටම මොකද වුණේ කියලා දැනගමු.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

1,784 downloadsDownload TFG-S01-E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,784 downloadsDownload Subtitles25 KB

9 comments

  1. මරීනා

    ස්තූතියි

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Naveen

    උපසිරසියට තුති

  6. Anonymous

    Thanks for sub

  7. sahangayantha

    thanks a lot saho sub ekata

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Mano

    Godak sthuthi.. Jaya wewa!