MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදීප්ත තුෂාරනාට්‍යමයපවුලේ සැමටසිංහල උපසිරැසිළමයින්ට

The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 139 votes.
Please wait...

 

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ
මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ
දිවි ඇති තෙක් ඔබේ
ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ

බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්මාණය ගැන නං කියල වැඩක් නෑ සුපිරි නිර්මාණයක් කියල මම කිව්වොත් ඒකෙ කිසි වැරැද්දක් නෑ. බලපු අයට උණත් දෙවරක් බලන්න තරම් හිතෙන නිර්මාණයත්. The Boss Baby කියන්නේ ලොව පුරා චිත්‍රපට ලෝලීන් විශාල සංඛ්‍යාවකගේ ආකර්ෂණය ලත් නිර්මාණයක් කිව්වොත් මම නිවැරදියි. ගොඩක් ලමා වැඩිහිටි සියල්ලන්ගෙම ආකර්ෂණය මේ නිර්මාණයට ලැබිල තියෙනවා. ඒ වගේම මේ වෙද්දි මේ නිර්මාණය, ගොඩක් සිංහල උපසිරැසි හොබවන වෙබ් අඩවිවලත් මේ නිර්මාණයට උපසිරැසි ලබා දීල තිබුණ බව දැනගන්න ලැබුණා. දිරිගන්වන්න කවුරුත් නැතිව උණත් භාරගත්ත දිනයෙන් පසු දවස් තුනක් ඇතුලත මහන්සිය නොබලා මම උපසිරැසි ගොනුව පරිවර්තනය කලා. මේ නිර්මාණය අපේ සහෝදරවරුත් මේ වෙද්දි නරඹලා ඇති කියලත් මම හිතනවා. කඩ්ඩ අවුලක් නැති සහෝදර සහෝදරියන්ට නම් මගේ උපසිරැසියෙ වටිනාකම අඩු වෙන්න ඇති. නමුත් මේ උපසිරැසිය මම නොමිලේම වෙහෙස මහන්සි නොබල ලබාදෙන්නෙ මේ නිර්මාණය හොඳට වැදෙන්න බලන්න ආස අස කඩ්ඩ බැරි නොබැරි අය ඔක්කොමලම වෙනුවෙන්. ඒ නිසා කථාවේ දෝෂ තියෙනවනං ඒ ගැන සමාව භාජනයකට දාල පැත්තකින් තියල කථාව රසබලන්න කියල මම හැමෝටම ආරාධනා කරනවා. කෝකටත් මේ පාර උපසිරැසි ගන්වද්දි ටිකක් වෙනස් විදිහකටයි මම උපසිරැසි ගැන්නුවෙ. වෙනස ඔයාලට බලාගන්න පුළුවන් වෙයි නිර්මාණය රසවිඳිද්දිThe Boss Baby නම් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය මුලින්ම තිරගත උණේ 2017 එනම් මේ වර්ෂයේ මාර්තු 12 මියාමි වල. ඊටපස්සේ එක්සත් රාජධානියෙදි 2017 මාර්තු 31 වෙනිදා තිරගතවෙනවා. මේ නිර්මාණය ටොම් මැක්ග්‍රාත් තමා අධ්‍යක්ෂණය කරන්නේ. මර්ලා ෆ්‍රාසී ගෙ The Boss Baby කෘතිය පදනම් කරගෙන තමා රැම්සි ඈන් නයිටෝ ගෙ නිෂ්පාදනයෙන්  මේ චිත්‍රපටිය කල එලි බහින්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් මිනිත්තු 98ක් දිවෙන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 467.9 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියල තියෙනවා. ඒ එයාල මේ නිර්මාණය වෙනුවෙන් කැපකරපු මුදල වගේ 3න් ගුණයකටත් වඩා ආදායමක් ලබල. මේ ඡේදය, ඒ අයව පොඩ්ඩක් අපේ සහෝලට මතක් කරල එයාලට උපහාරයක් ලබා දෙන්නයි.

දැන් කථාව දිහාවට හැරෙමු. මේ කථාව ඇත්තටම ගොඩක් අයට හාස්‍යජනක නිර්මාණයක්, පියවි ලෝකයෙන් එහා ගිය නිර්මාණයක් කියල හිතෙන්න පුළුවනි. ඒත් කථාව අවධානයෙන් බලන කෙනෙක්ට මේ කථාවෙන් ජීවිතයට ගන්න පුළුවන් හුඟක් දේවල් අන්තර්ගතවෙලා තියෙනවා. ලමයින් පාදක කරගත්තත් මේ කථාව ඇත්තටම අපිට ලොකු පාඩම් කීපයක් කියල දෙනවා. පොඩි උදව්වක් විදිහට කීපයක් ගත්තොත්.. මාර්ග නීති පිලිපැදීම, දිරිය අවශ්‍ය අයව දිරිගැන්වීම, උත්සාහයෙන් ජය ලැබීම, සහෝදර ප්‍රේමය වගේ තව ගොඩාක් දේ අන්තර්ගතයි මේ නිර්මාණයේ.

මේ කථාවෙ ප්‍රධාන චරිත තමා අය්ය මලෝ දෙන්නා. අය්යා තමා ටිම් කියන වයස අවුරුදු හතක.. නෑ.. හතාමාරක ලමයා.. එයා තමා වැඩිහිටියෙක් විදිහට ඉඳගෙන කථාව අපිට කියාගෙන යන්නේ. එයයි අම්මයි තාත්තයි විතරක් සතුටින් ඉන්න පවුලට එකපාරම මල්ලි කෙනෙක් පාත් වෙනවා. මල්ලි බබා පාත් උණාට පස්සෙ එයාට කලින් වගේ අම්ම තාත්ත එක්ක ඉන්න කාලය නැතිවෙනවා. මේකට අය්යා මල්ලි එක්ක කේන්තියෙන් ඉන්නෙ. ඔහොම ඉද්දි මේ අය්යට මල්ලිගෙ අමුත්තක් පේනවා. බබෙක් උණාට මල්ලි සාමාන්‍ය බබෙක් නෙවෙයි කියල එයා දැනගන්නවා. ඊට පස්සෙ ඉතිං….. එක්කො ඔයාල බලලම දැනගන්න.

කථාව නං කියන්න බෑ මෙහෙම. හුඟක් රසවත්. හුඟක් දේවල් තියෙනවා. කාලය මදි මේ හැමදේටම. දැන් නං ඇඟිලි ටික නෑ වගේ හැඟීමක් දැනෙන්නෙ ටයිප් කරලම. කී බෝඩ් එකේ අවුලක් නිසා සමහර කී උඩ පැන පැන ඔබන්න වෙලා. පසුපරික්ෂාවෙදි හමුනොවුණු ඉස්පිලි පාපිලි අකුරු මදිකම් තියෙන්න පුළුවන් ඒ නිසා. ඒවත් ගණන්ගන්න එපා. කට්ටියට ආසහිතෙන විදිහට මම උපරිමයෙන් චිත්‍රපටියට සාධාරණයක් කලා කියල හිතනවා. එහෙනං තවත් සුපිරි නිර්මාණයකින් නැවත හමුවෙනකං ඔක්කොලාටම ජය!

 

The Boss Baby (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Boss.Baby.2017.720p.WEB-DL.x265-YSTeam

The.Boss.Baby.2017.720p.BluRay.x264-SPARKS

මෙම පිටපත HD සහ BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 47778 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/05/Deptha-Thushara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

103 thoughts on “The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

  • chalinu kothalawala

    ස්තූතියි අපි වෙනුවෙන් මෙච්චර සේවයක් කළාට thank you!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Boss Baby Family buisness sinhala sub one…

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • Navanjanaishan

    thanks a lot! niyama sub eka.

    Reply
  • Hiran K Rajapaksha

    supiri bro thanks

    Reply
  • Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Prageeth Gaya

    jaya wewaaaaa
    thank uuuuu sahooooo

    Reply
    • Superbly SUBTITLE Broooo…..
      Your Hardly worked very nicely

      Reply
  • Thank you සහෝ…

    Reply
  • Arunagunathilaka

    Thanks………….

    Reply
  • thanuka_dinushan

    thanx mchn. wish u all the best.

    Reply
  • ගොඩක් ස්තුතියි. සිංහල උපසිරස නිර්මාණය කළාට

    Reply
  • mamath asae sinhala subtitle karanna karana widiya kawru hari keyanawada

    Reply
  • සදෙව් බණ්ඩාර

    උපසිරැසියට බොහොම ස්තුතියි…

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ …
    ඇනිමේෂන් වැඩි වැඩියෙන් කරන්න

    Reply
  • අයියෙ මේ ටොරන්ට් ලින්ක් එක හිර කරනව .

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    Reply
  • කතාව බලලාමයි කමෙන්ට් එක දාන්න ආවේ,
    සුපිරියටම සබ කරලා තියනවා මචං,
    බොහොම ස්තූතියි!!!

    Reply
  • Hima Benaragama

    sub ekata godak sthuthi…

    Reply
  • Thank You machn Sub ekata

    Reply
  • sub eka super ekatama karala tibba bro. patta… 🙂

    Reply
  • thanks bro….good luck

    Reply
  • Amila Mudalige

    Sub ekta thanks saho

    Reply
  • film aka maxx bro ..yalu puluwan nam grimm tv s akata sub dennako

    Reply
  • Rusith Mendis

    thank u very much…

    Reply
  • Niyamai.thanq aiye oyage lipiya kiwalai download kale.

    Reply
  • තිසර

    Thnx mcho sub eakata

    Reply
  • torrent link aka comment karapallakooo

    Reply
  • හිරු

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න මමත් සබ් එක ගන්නවා… ඇනිමේෂන් වැඩි වැඩියෙන් කරන්න අපි වගේ කාටුන් පිස්සො වෙනුවෙන්..

    Reply
  • thanks sahooo… sub eka nam supiri …….. jayawewa

    Reply
  • මේනක

    උපසිරැසියට බොහෝම ස්තුතියි…………… elama saho

    Reply
  • thnx bro… denakan htye

    Reply
  • අම්මෝ සබ් එක එනකම් හිටියේ….
    සුපිරි කතාවක් වගේ.
    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • MA FILM OKAMA DAN RAR FILS WALAIN WATANE.AKA MAGA LAP AKA NA MALLI.PULUWANAM AKAN DAUNLORD KARANA HATE KIYALA DANDA THANKS.

    Reply
  • supiriyak thnaks brooooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Enakan blan hitiya film ekak saho..godak sthuthei ..

    Reply
  • american gods tv series ekata sub dandakoo

    Reply
  • ස්තුයි සහො මෙක එනකල් බලන් හිටියෙ

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි…………… අපි වගේ උන් වෙනුවෙන් කරන මේ සේවයට ගොඩාක් පිං….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

    Reply
  • මචන්ලා දැන් වෙනම සයිට් එකක හෑෂ් එක දෙනකොට අර කලින් ආපු කචල් එක නැද්ද?

    සබට තුති,

    Reply
  • Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Film eka download wen nanee

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Good Work Friend, Thanks!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා)

    හම්මේ, සුපිරිම සුපිරියක් තමයි. කොච්චර ආසාවෙන් හිට්‍යද කියනවනම් මේ ලගදිත් ට්‍රේලරේ බැලුවා.
    බොහොම ස්තුතියි දීප්ත මචෝ.
    ගින්දර එකක් බැස්සුවට.
    බලලත් කමෙන්ට් එකක් දාන්නම්.
    ජයවේවා!!

    Reply
  • praneeth madu

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ නියමෙට කරලා තියෙනවා සබ් එක

    Reply
  • ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    අනිත් site වල සබ දැන්මා නෙමයි දාලා ගෙදරට ගෙනත් දුන්නත් බලන්නෙත් නෑ බැලෙන්නෙත් නෑ සහෝ. බයිස්කෝප් එකෙන් දුන්නට පස්සේ තමයි එලකිරි වගේ බලන්නේ..අපි වෙනුවෙන් වෙන මහන්සියට බොහොම පිං මචං..
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • නියමයි.ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • red cliff 1,2 torrent link ewapanko

    Reply
  • Supiri bn
    Digatama karagena palayan

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoo sthuthiy shooo…
    Baiscope sub ekk thma api hendam idiye…
    Isrht inneth….
    Eknisa prkku welhri sub ek denwnm e arthi….
    Bohoon sthuthiy….
    Ikmnin thwth upsiresiykin hmuwemoo….

    Reply
  • pahu bahinne natuwa me karapu de godak watinawa bn…. thanks…..

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • ඇත්තටම කඩ්ඩ බැරි අපි වගේ උන් වෙනුවෙන් කරන මේ සේවයට ගොඩාක් පිං….

    Reply
  • උදාර රාජපක්ෂ

    නියමයි මචන්!
    මේක ඉතින් අනිවා බලන්න ඕන
    සබට බොහෝම ස්තූතියි

    Reply
  • මොන සයිට්ටුවේ දුන්නත් සහෝගේ සබ එක්කයි අපිනම් බලන්නේ…
    සහෝගේ සබ්වල රහ අපිනේ දන්නේ…
    නියමයි ස්තුතියි
    තවත් මේ වගේ දුපිරිම කතාවකින් ආයෙ හමු වෙමු…

    Reply

Leave a Reply to Tony Cancel reply

Your email address will not be published. Required fields are marked *