Watch Trailer

American Pie 3 : The Wedding (2003) | විවාහය (18+) [සිංහල උපසිරැසි සමඟ]

[box]කොහොමද ඉතින්… අපිව එහෙම අමතක වුණේ නෑ නේ. ඉතින් ඔන්න මම කිව්වා වගේම අද AMERICAN PIE 3 ගෙනාව. ඉතින් මම හිතනවා කට්ටිය 2 එක බලලා හොදටම හිනා වුණා කියලා. එහෙම නේද? ඔන්න අද නම් මම ගෙනාවේ අන්න ඒ ලෝක ප්‍රසිද්ධ කථා මාලාවේ 3 වෙනි කොටස… ඇත්තටම විවාහය කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ ඒක දන්නවද? මම මේ ගැන […]

American Pie 3  The Wedding (2003)කොහොමද ඉතින්… අපිව එහෙම අමතක වුණේ නෑ නේ. ඉතින් ඔන්න මම කිව්වා වගේම අද AMERICAN PIE 3 ගෙනාව. ඉතින් මම හිතනවා කට්ටිය 2 එක බලලා හොදටම හිනා වුණා කියලා. එහෙම නේද? ඔන්න අද නම් මම ගෙනාවේ අන්න ඒ ලෝක ප්‍රසිද්ධ කථා මාලාවේ 3 වෙනි කොටස…

ඇත්තටම විවාහය කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ ඒක දන්නවද? මම මේ ගැන කථා කරන්න හිතුවේ මේ විවාහය කියන එක තමයි කථාව පුරාම බැදිලා තියෙන්නේ. විශ්වාසය, වාසනාව, හරි දේ තීරණය, යහපත් ගමන් මාර්ගය, ඔන්න ඕක තමයි විවාහය කියන එකේ තේරුම.

හරි හරි දැන් අපි මේ කථාවට බහිමු ආහ්.
ඔන්න මේ කථාව IMDB අගය 6.1 ලබලා තියෙනවා තව ජයග්‍රහණ 3 කුත් නාමයෝජනා 6 කුත් ලබාගෙන තියෙනවා. අපිට ඕවායින් වැඩක් නෑ. මගේ විදිහෙන් කිව්වොත් මේක සුපිරියට හිනා යනවා. මේකේ පටන් ගත්ත වෙලාවේ පටන්ම සුපිරියට හිනායන ෆිල්ම් එකක් කියලා මම බය නැතුව කියනවා.

හිනාවෙත් උපරිම තියෙන ඇමෙරිකත් පයි එකේ කථාව සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න ඉතින් මම මුලින්ම 1 වෙනි එකේ සිදුවීම් ටිකක් මතක් කරලා ඉමු. ඔයගොල්ලෝ දන්නවනේ මේකේ 2 වෙනි කථාවේ ජිම් මිචෙල් ට ආදරය කරා කියලා මුලු හදවතින්ම. ඔන්න ඒ ආදරේ මේ 3 වෙනි කථාවෙදී විවාහයක් බවට පත් වෙනවා. ඒක හින්දා මේ කථාව අමුතුම හැගීමකින් බලන්න පුලුවන්.

දැන් මේ කථාවට බහිමු. ඔන්න ඉතින් මේ කථාවේ ඔක්කොම හිතන් හිටියේ ස්ටිෆ්ලර් ට මේ ගැන නොකිය ඉන්න . ඒත් කොහොමහරි ජිම් ට ස්ටිෆ්ලර් ට වෙඩින් එකට එන්න කියන්න වෙනවා. ඒ කොහොමද කියලා ඔයලට මේ කථාව බලද්දී තේරෙයි. තව මේ කථාවේ මිචෙල් ගේ නංගී කෙනෙකුත් එනවා. ඉතින් කොල්ලෝ දෙන්නෙක් මේ එක කෙල්ලට මාන අල්ලනවා. ඒ තමයි ෆින්ච් නුයි ස්ටිෆ්ලර් නුයි. දැන් මේ විවාහය අස්සේ ස්ටිෆ්ලර් නුයි මේ ෆින්ච් නුයි මේගොල්ලන්ගේ උත්සාහය අතහරින්නෙ උත්සාහය අතහරින්නේ නෑ. මම කියන්නේ නෑ මේ කෙල්ල කාටද අයිති වෙන්නේ කියලා. ඒක ඔයගොල්ලොම බලන්න. මෙහෙම ගියොත් මම කථාවම කියන නිසා මම මෙතනින් මේ ගැන කියන එක නවත්තනවා. ආයිත් කියන්න ඕන මේකෙත් හිනාව උපරිම තියෙනවා. ඇත්තටම හිනා වෙන්න ඕන නම් මේ කථාව බලන්නේ නැත්තම් වැඩක් ම නෑ.

තව දෙයක් කියන්න තියෙනවා මේ කථාවෙන් පස්සේ මේ පරණ කට්ටිය නෑ. අන්තිම කථාවේ හිටියත් ඒගොල්ලෝ වැඩිහිටියෝ වෙලා. පරණ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකනම් නෑ. ඒක හින්දා පොඩ්ඩක් දුකක් තියෙනවා. ඒත් විශේෂයෙන්ම ස්ටිෆ්ලර් නැති අඩුව ඔයාලට ගොඩක් දැනෙයි. ඒත් 4,5,6 කථා වල ෆන් එක උපරිමට තියෙනවා ඒ ගැන නම් සැකයක් ඇති කරගන්නම එපා.

අම්මෝ ඔයාල මට කලින් පෝස්ට් වලට දාපු කමෙන්ට් වලට ගොඩක්ම ගොඩක් ස්තූතියි. ඇත්තම කිව්වොත් මම මේකට සබ් දැම්මෙත් ඔයගොල්ලෝ මට දීපු තල්ලුවෙන්. නැත්නම් මට කවදාවත් මේ වගේ වැඩක් ඔයගොල්ලන්ගේ උධව් නැතිව කරන්න බෑ. ඉතින් මම වෙනදා කියනවා වගේ මේ පාරත් කියන්නේ මට බැනලා හරි කමක් නෑ කමෙන්ට් එකක් දාන්න කියලා. ඔයගොල්ලෝ 2 වෙනි කථාවේ මගේ සබ්ටයිල් වල වැරැද්දත් එහෙම තියනවනම් මට කියන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් අපි ඇමෙරිකන් පයි 4 එකෙන් හමුවෙමු ආහ්. ආහ් සොරි සොරි ඒක දුන්නනේ එහෙනම් කෙලින්ම අකෙලින්ම ආයි 5 න්ම හමුවෙමු කෝ කට්ටිය බලන්න ලෑස්තිද?

American Wedding (2003) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න dd5d370665a9d814dce382ddfccfd945f2ac82aa 710 MB කොපිය මෙතනින් බාගන්න fab561f1b425f86b5ebe067753e101da7a0e311f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,113 downloadsDownload American.Pie_.The_.Wedding.2003.zip101 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

10,113 downloadsDownload Subtitles101 KB

76 comments

  1. sd

    thaanks machan
    ada mama 1da manda

  2. kalinga

    එල එල සෙට් එකටම දියණ මචං

  3. lasidu

    ජයම වේවා!!! බාන්න දැම්ම ඉක්මනටම 5 හත් ඕනේ මචෝ

  4. quik

    thanks

  5. Isuru

    ikmanata anith kotasath one...thxxxxxxxxxxxxxx

  6. amilatk

    jayen jayama wewa!!!

  7. elakiri

    එලම කිරි කොල්ලා පට්ටම කතා ටික අනිකවත් ඉක්මනට ඕනේ ඌඌඕන්

  8. chami

    thnxxxxxxxxxxxxxxx

  9. hh

    ade meyka denakm unne.jayama wewa!

  10. tharanga

    පට්ට පට්ට මචං මේක ඔයා දෙන්න ගත්තට පස්සේ තමා බලන්න ගත්තේ සුපිරිම කතා ටිකක් නේ. ඉතුරුවත් දෙනකම් බලාගෙන ඉන්නේ. ජයම වේවා මචෝ

  11. ccnp

    Thanks

  12. naleen

    math gannawa jaya wewa

  13. ositha

    maxxa wadak hode. aniwa balanwa

  14. geeth

    good work. :D

  15. එරංග

    එලස්, ඔන්න ගත්තා සබ් එක. 5 වෙනි එකත් පුළුවන් ඉක්මනට දෙන්න මචං.

  16. shann

    ඔහ්... අඩේ මැක්සා හොදේ. මාත් මේක එනකම් උන්නේ.

  17. නලින්

    ස්තුතියි වේවා සහෝ

  18. chamath cafe

    නියමයි මචෝ

  19. zumo man

    elazz thnxzzz

  20. mihin ලංකා

    ඔන්න බාන්න දැම්ම දැක්ක ගමන්. මේවා තමා ඕනේ. දිගටම සබ් දෙන්න

  21. [chathura]

    නියමයි යසස්. සුපිරි වැඩක්. අනිත් එකත් ඉක්මණටම දෙන්න. ගොඩක් ස්තූතියි සබ් එකට. ජය.

  22. රෙහාන් චානක

    Niyamayi machan balala thiyenava, awlak nee aaye balanava sub ekkama

  23. ptn

    Thanx...:)

  24. මාටිං

    ජය වේවා! අපි වෙනුවෙන් ගන්න මහන්සියට ගොඩක් පින්.

    ඇත්තටම මම මේ කමෙන්ට් වල දකින වරදක් තමයි කිසි කෙනෙක් කිසිම වරදක් කිසිම අයෙකුට පෙන්වා නොදීම. සමහරවිට සබ් දාන අය වැරදි පෙන්නුවම ඒක තරහට කරන වැඩක් කියලත් වැරදියට හිතාගන්නව. ටික කාලෙකට කලින් තිබුන බලු පොරේ දැක්කම එහෙම හිතෙන එකත් සාධාරනයි.

    ඔයා අහපු නිසා මම එක දෙයක් කියන්නම් සබ් වල කොලිටිය වැඩි කරන්න කෙලින්ම හේතු වෙන. හැබැයි මේක කිසිසේත්ම ඔයා අපි වෙනුවෙන් ගත්ත මහන්සිය අවතක්සේරු කිරීමක් නෙවෙයි. අවංකවම වැඩි දියුනුව තකා, ඒ වගේම ඔයාගෙ ඉල්ලීම අනුව, යහපත් චේතනාවෙන් කරන දෙයක් විතරයි.

    ඔයා ඉංග්‍රීසි සබ් එක සිංහලට පෙරලද්දි ඒවයෙ තියන වචන තමයි සිංහලට පෙරලන්නෙ. එතකොට එක්කො අදහස කෘතිමයි වගේ, නැත්නම් දෙන්නෙ වැරදි අදහසක්. ඒ නිසා ඒ වචනවල අදහස සිංහලෙන් කියන්න බලන්න. ඔයාගෙම වචන වලින්. අන්න ඒක ලියන්න. (ඉංග්‍රීසියෙන් කියවෙන අදහස සිංහලට පෙරලල සිංහල වචන වලින් ලියන්න. ඉංග්‍රීසි වචන සිංහලට පෙරලන්න එපා. අපි ඒ අදහස සාමාන්‍ය ජීවිතේ සිංහලෙන් කිවුවනම් කියන විධීය ලියන්න.)

    පොදුවේ ගොඩක් අය දාන සබ් ඇසුරෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

    උදා: we get laid down after the exam. කියන එක "අපි විභාගෙන් පස්සෙ වැතිරෙමු" කියල සිංහලෙන් කවදාවත් අපි කියන්නෙ නෑ, අපි ඕක කිවුවනම් කියන්නෙ "විභාගෙට පස්සෙ අපි බඩු ගහමු" "විභාගෙට පස්සෙ බඩුවත් එක්ක සෙල්ලම දාමු" වගේ විධියකට. ඒක කියන්න සිංහලෙන් විධී ගොඩක් තියනව,එයින් එක විධියකට ලියන්න.

    Oh my God කියල කියන එක, "ඔහ් මගේ දෙවියනේ" කියල අපි කතා කරද්දි සිංහලෙන් කියන්නෙ නෑ. අපි කියන්නෙ "අපොයි දෙයියනේ" එහෙම නැත්නම් "අනේ දෙයියනේ" "මල කෙලියයි" "කෙලිය තාප්පෙටම" "හත් ඉලවුවයි" "මලසේක" "ඉඳල හමාරයි" වගේ වචන වලින්.

    What the hell man කියන්නෙ "මොන අපායක්ද මිනිහෝ" කියන එක නෙවෙයි. අපි කවදාවත් සිංහලෙන් එහෙම කියන්නෙ නෑ. මේක අප්‍රසාදය පල කරන්න කියන කියමනක්. ඒකට සිංහලෙන් කියන්න පුළුවන් විධි ගොඩයි. මේකෙ what the hell කියන එකට "මොන මගුලක්ද, මොන බම්බුවක්ද, මොන උලවුවක්ද, මොන රෙද්දක්ද, මොන කරදරයක්ද, මොන බිජ්--ද, මොන හු--," වගේ. එතකොට man කියන වචනෙට "මිනිහෝ, මනුස්සයෝ, මෙයා, අනේ, ප--, හු--" වගේ ගොඩක් ඒව යොදන්න පුළුළුන්. ඒවයෙන් කොයි එකද කියල තීරනය වෙන්නෙ කවුරු කාට මොකක් නිසා කිවුවද කියන එක මත. ලවු කරන කොල්ල එනන් පරක්කු වුනාම කෙල්ලට තද වෙලා "මොන මල උලවුලක්ද වේ- බල්ලො" කියල අහන්නෙ නෑ, "මොන කරදරයක්ද අනේ" කියනව මිසක. හැබැයි තමුංගෙ කෙල්ල එක්ක වෙන කොල්ලෙක් ලවු කරකර ඉන්නව දැක්කොත් අනිත් කොල්ල "මෙන කරදරයක්ද අනේ" කියල කියන්නෙත් නෑ. මම කියපුදේ දැන් තේරෙන්න ඇති නේද?

    ඒ වගේ ලිවුවම ඒක සිංහල අපට ගොඩක් තාත්විකයි. සබ් දාන්නෙ සිංහල අයට බලන්න නිසා, මෙහෙම දැම්මොත් ඒ හැමෝම තව තවත් සතුටු වෙයි.

    මම මේ කියපු විධියට සබ් දාන අතලොස්සක් ඉන්නව. ඇත්තටම උත්සාහ කලොත් ඕනම කෙනෙකුට පුළුවන්.

    ඔයාට නැවතත් ස්තුතිවන්ත වෙන අතරම අපි වෙනුවෙන් මේ නොමිලෙම දෙන සේවයට ගොඩක් නය ගැතියි. ඒ වගෙම දිනෙන් දින දියුනුව ප්‍රාර්තනා කරනව. මම කියපු ටිකෙන් ප්‍රුංචි හරි ප්‍රයෝජනයක් වෙයි කියල බලාපොරොත්තු වෙනව.

    ජයවේවා!

    මාටිං.

  25. mudiya / මුදියා

    එලනෙ බුද්ධිලයො.නියමම ෆන් කතා සෙට් එකක් තමයි මේක නම්.ඔක්කොම ටික ඕනි හොඳේ.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!

  26. D.Chamara

    thankszz

  27. ganesh

    thanks ok

  28. කැලුම් ගුණසේකර

    ස්තුතියි බුද්ධික සහෝ උපසිරැසියට. ඔන්න මාත් ගත්තා හොදේ?

  29. vee

    ela machan

  30. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  31. uda

    හෙහ් හෙහ් කොල්ලා දැන් එහෙනම් 4ක්ම ඉවර කරල ඉවරයි නෙ... බැලින්නම්.
    වැඩි කලක් ගියෙත් නෑ පටන් අරන් නේද? හොද කතා සෙට් එකක් තමා ඉතින්. මම බෝම කලින් සේරම ටික බැලුවා, එතකොටනම් තේරුණෙත් නෑ. මොනවද මේ විකාර කියලා.

    දැන් ඉතින් අනික් ඈයින්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද බුද්ධිල සේරම ගෙනැත් දෙනවානෙ ඉවරයක් වෙනකම්ම. මරු සහෝ ජයම තමයි!

  32. Charlie

    ela thanks

  33. Dharshana

    Niyamai macho...supiri wadak...thanks..

  34. Ranga

    එල එල

  35. “චූටී මල්ලි”

    එල එල

  36. me

    Thanks

  37. nuwan

    patta film eka ..............!

  38. Uraj Deemantha

    යකඩෝ මේ ෆිල්ම් එක මම බලලා නෑ කියහන්කෝ....... :( දැන්ම බාගන්නවා...... :D

  39. kkg

    පට්ට යන්න ස්තූතියි සබ් වලට ජයෙන් ජයක්ම වේවා !

  40. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල ඔන්න මම ගත්තා, ඉක්මනට 5ත් දෙන්න,ජයවේවා.

  41. ශාන් විමුක්ති [වීමා] 〠

    එලද සල බල
    පොඩි එකා මෙන්න හතරවෙනි රොටියත් ගෙන්නල නොවැ
    උපසිරසියට බොහොම තුති හොදේ
    ජය !!
    :D

  42. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. තුන්වෙනි එකත් ගෙනාව එහෙනම් ඈ? ජය෴෴ :P :P

  43. napa

    පට්ට පට්ට මචන්.තියෙන විදියටහම අකුරක්වත් වෙනස් කරන්ඩ එපා මචෝ.උබලගේ වඩනම් එල කිරි.අනිත් එකත් දීපන් මචෝ

  44. Uvindu sathsara

    digatama sub damu

  45. ran

    collection ekama dapan mchnnn

  46. halapaya

    jayen jayama wewaaa ;)

  47. shami

    4 weni kotasat me wage podi copy 1k hadala dipanko//....araka 4gb ne...

  48. රාම් රාජ්

    ආ මෙන්න ඊලග එකත් ස්තූතියි සිංහල සබ් වලට.

  49. Hansana

    pattetama sub dala thiyenawa maxxa wedak

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments