හරි වැඩි කතා ඕනේ නෑ දන්නවා හැමෝම බොහොම ඉවසිල්ලෙන් එනකන් බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා. Ant-Man and the Wasp මාවල් සිනමා විශ්වයට එක්වන්නේ 2015 තිරගත වුනු Ant Man පළමු චිත්‍රපටයේ දෙවන වෙළුම විදියටයි. ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග්ම වන අතර පළමු චිත්‍රපටයේ සිටි හෝප් වෑන් ඩයින් මාවල් කොමික් චරිත අතර තවත් චරි…

හරි වැඩි කතා ඕනේ නෑ දන්නවා හැමෝම බොහොම ඉවසිල්ලෙන් එනකන් බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා. Ant-Man and the Wasp මාවල් සිනමා විශ්වයට එක්වන්නේ 2015 තිරගත වුනු Ant Man පළමු චිත්‍රපටයේ දෙවන වෙළුම විදියටයි. ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග්ම වන අතර පළමු චිත්‍රපටයේ සිටි හෝප් වෑන් ඩයින් මාවල් කොමික් චරිත අතර තවත් චරිතයක් වන Wasp ලෙස චිත්‍රපටයට එකතු වෙනවා. අධ්‍යක්ෂණය Payton Reed ගෙන් වන අතර නිෂ්පාදන දායකත්වය Kevin Feige සහ Stephen Broussard විසින් සිදු කර තිබෙනවා. 2018 ජූනි මස 25 වන දින තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 621.4 ක දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකම් කියන්න සමත්ව තිබෙනවා. ඒ වගේම IMDb අගය 7.4 ක් ලෙසයි සටහන් වන්නේ.
කතාව ගැන බොහොම කෙටියෙන් කියන්නම්, ඈන්ට් මෑන් පළමු චිත්රපයට නැරඹු අය වගේම මාවල් කොමික් රසිකයින් දන්නවා, ඈන්ට් මෑන් සතු ඇඳුම නිර්මාණය කළ හෑන්ක් පිම්ගේ බිරිඳ ජැනට් ක්වන්ටම් රාජධානියේ අතුරුදන් වී වසර 30 ක් පමණ ගත වී ඇති බව. නමුත් ඈන්ට් මෑන් පළමු චිත්‍රපටයේදී ස්කොට් ලෑන්ග්ට හැකියාව ලැබුනා ක්වන්ටම් රාජධානිය වෙත පිවිස නැවතත් පැමිණීමට. ඒ හේතුවෙන් හෑන්ක් පිම් විශ්වාස කරනවා තමන්ගේ බිරිඳ තවමත් ක්වන්ටම් රාජධානියේ ජීවත් ව සිටිය හැකි බව. ඉතින් ඔහු සහ දියණිය හෝප් වෑන් ඩයින් උත්සහ කරනවා, කැප්ටන් ඇමරිකා එක්ක එකතු වෙලා සිවිල් යුද්ධයේ යුධ වදින්න ගොස් දැන් අවුරුදු දෙකක් පුරාවට නිවාස අඩස්සියේ සිටින ස්කොට් ලෑන්ග් සමඟ එකතු වෙලා තමන්ගේ මව ආපහු මේ ලෝකෙට රැගෙන එන්න. ඒ අතරේ බිත්ති අතරින් යන්න පුළුවන් විදියේ අලුත් හොල්මනක් මේ වැඩේට බාධා කරන්නේ හෑන්ක් පිම් ව මරන්න හිතාගෙන. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. ඒ වගේම යන්න කලින් මතක් කරන්නම්. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටය බලපු අයට මතක ඇති ඒ චිත්‍රපටයේ ඈන්ට් මෑන් පේන්න හිටියේ නැති බව. ඒ ඇයි කියලා ඔයාලට බලන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටයේ අවසානය වෙනකන්ම හොඳින් නැරඹුවොත්. ගිහින් එන්නම්. ජයම වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
55,520 downloadsDownload Ant-Man-and-the-Wasp-2018-Blu-Ray-Update.zip179 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
274 comments
Prabodha Madhusankha Hettiarachchi
Nuwansampath
Thank bro..sub ekata...jaya wewa
MXORMajoR
දාල 2 min වලින්ම ගන්නවා ...! බොහොම ස්තුතියි සහෝ ...!
ict
Sub ekata thanks brooo...
Dinu 1224
tnx sahoo.. sub ekata...
supun Lakruwan
thank u bro
Ashanherath
thanakz mcn
bgiprasad
Thnx bro
NuwanK
Thank u bro...
Naveendra_rox
Thanks bro
kasun-kavinda
patta bro thnks...
Ajith Priyantha
thanks wewa sub ekata
Mewan_maz
Waiting for sub...thanx...
Legendary_Gamerz
Thank, Pattama bro!
dimuthu lakmal
Thanks.ජයවේවා බයිස්කෝප්
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxx
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තූතියි දිගටම සබ් දෙන්න ස්තුතියි
sasala
thanks sub ekata
CHinthakaayesh
Sub enaknmai hitiye thanks
Ravish1
අයියෙ ගොඩක් ඉක්මන්ට සබ් එක හම්බුනා...thanks a lot
Pathmila_kushantha94
Deiyek ban
Kaushan Rasanga
එනකම් හිටියේ ❤️
I.Malaka
Thanks bro...!!!
subodha
Thanks Bro...
Samitha madhusanka
THanks
RandiS
එලම එල බ්‍රෝ.තෑන්ස් බයිස්කෝප්.දානකම් බලං හිටියෙ.good luck!
Kavishan Gunathilaka
Thanks Brother
යුරාන් ධනුක
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ.......!!!
Sherlock holmes
Thanks bro..
කෞශල්‍ය දුෂ්‍යාන්
sabata thuthi saho.sada jaya.
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා සේවය වෙනුවෙන් .
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති යසෝ...
ඔන්න ගත්තා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!gihan perera
Wow bro....මේක දානකන් හිටියේ මචෝ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....ජය වෙිවා මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ආ මචන්ලා කවුරු හරි පුළුවන් නම් තව සුපිරි එකක් තියනවා සහෝ ඩේවිඩ් බැටිස්ටා ඉන්න අලුත් ෆිලුමක්...මට නම නම් එච්චර මතක නෑ...hotel කියල එකකින් තමයි පටන් ගන්නේ...
Amila max
elaaazzz//////
digatama sub denna.....harshani11112
ස්තුති යශොධ සහො
පැතුම් ඉෂාර
සබට ස්තූතියි යාලු! මං නං තව ටිකක් ඉවසනවා Br Rip එකක් එන්කං, මොකද මේ වගේ ෆිල්ම් එකක් ඔහේ බලන එක හරි නෑනේ!!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..කලින් එකට වඩානම් මේ ෆිලුම සෑහෙන්න හොදයි. ඊට වඩා ආදයමක් වගේම IMDB අගයක් ලැබිලා තියෙන්නෙත් ඒකයි. BR ආවාම බලමු..බුදුසරණයි..ජය වේවා!
pradeep darshana
sthuthi sub ekta twa tawath sub karann jaya wewa.. man parthana karanawa..
Asiri90065
බොහොම ස්තුතියි සහෝ සබ් එකට...ඉදිරියටත් කරගෙන යන්න ජය වේවා...!
Ayesh Prashan
Thank You..br aapu gaman update karanna
Thilankadissanayake
Thanks සහෝ.ෆිලුම බාලා දවස් 2ක් හිටියා නොබලා sub දෙනකන්. ANIMAL KINDOM එකෙත් SUB එක පුලුවන් නම් දෙන්ඩ. GOOD LUCK BRO.
thilz
Thank you for the sub
Kavinda
Sub akata thanks bro
Himantha
Thanx machan denakan balan hitiye
lochana nuwan
Thanks for sub
Sulakshana Thilakarathna
thada thada bro!! jaya wewa..
thushararox
පෙරේදා ෆිල්ම් එක ආවා
ඊයේ ෆිල්ම ඩවුන්ලෝඩ් කරා
අද සබ් එක දැම්ම
හෙට බැලුව.
තෑන්ක්ස් බෛස්කොප්chandika1975
thank you for the sub and good work
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයDave
Thanx broh
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | කුහුඹු මිනිසා සමඟ බඹරී [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Ant-Man-and-the-Wasp-2018-1.jpg)

Supirima movie ekak 2018 apu. Thank brooo sub ekata...