ආයූබෝවේවා හැමෝටම, මේ වසරේ නිකුත් උන මාවල් රසිකයන් බලන් හිටපු තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මම අද ආවේ. ඒ වගේම මගේ උපසිරසිකරණ දිවියේ තුන්වෙනි කඩයිම එහෙමත් නැත්තම් 150 වෙනි උපසිරසියත් මේ එක්කම ඔයාලට ලබා දෙනවා. ෆිල්ම් එකේ විස්තර කියන්න කලින් මේ ආපු ගමන ගැන කෙටියෙන් හරි විස්තරයක් කිව්වේ නැත්තම් ඒක ලොකු අඩ…

ආයූබෝවේවා හැමෝටම, මේ වසරේ නිකුත් උන මාවල් රසිකයන් බලන් හිටපු තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මම අද ආවේ. ඒ වගේම මගේ උපසිරසිකරණ දිවියේ තුන්වෙනි කඩයිම එහෙමත් නැත්තම් 150 වෙනි උපසිරසියත් මේ එක්කම ඔයාලට ලබා දෙනවා. ෆිල්ම් එකේ විස්තර කියන්න කලින් මේ ආපු ගමන ගැන කෙටියෙන් හරි විස්තරයක් කිව්වේ නැත්තම් ඒක ලොකු අඩුපාඩුවක්. 150ක් කියන්නේ සමහර කෙනෙක්ට නිකන් ඉලක්කමක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ ලොකු අත්දැකීම් ප්‍රමාණයකුත් මගේ ජීවීතේට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මගේ විස්තරේ කියවන්න අකැමති අය කෙලින්ම උපසිරසිය අරන් ගියාට තරහා වෙන්නේ නෑ.
බයිස්කෝප් සිංහලෙන් කියන්නේ ලංකාවේ තියෙන නානාප්‍රකාර වෙබ් අඩවි අතර තවත් ජන්ප්‍රියම සන්නාමයක් විදියට ඔයාලා දන්නවනේ. ඒකට හොඳ උදාහරණය තමයි මෑතකදි Asia Pacific Institute of Digital Marketing හි 2023 වාර්තාව අනුව ලංකාවේ වෙබ් අඩවි අතරින් 5 වෙනියට ජනප්‍රිය වෙබ් අඩවිය විදියට Baiscopelk.com නම් කරලා තිබීම. එහෙම වෙන්න හේතුව නැවතත් පුන පුනා කියන්න ඕන නැති බව ඔබත් මමත් හොදාකාරවම දන්නවා. වෙබ් අඩවිය නිර්මාණය කරපු මුල් පුරුක් කීපයේ ඉඳන්ම අද දක්වා උපසිරසි නිර්මාණය කරන අයගේ දක්ෂතාවය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලෝකයේ සෑම භාෂාවකින්ම නිකුත් වෙන විශිෂ්ට සිනමාපට, රූපවාහිනි කතාමාලා දන්න සිංහලෙන් බලන්න හැමෝටම හුරුකලේ බයිස්කෝප් වෙබ් අඩවිය බව නොරහසක්. 2018 වසරේ තමයි මම මුලින්ම බයිස්කෝප් පවුලත් එක්ක සම්බන්ධ වෙන්නේ. අද වෙද්දි ඒ ආපු ගමන ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වගේම මෙහෙම ගමනක් කොහෙත්ම තනියමනම් එන්න බෑ. ඒ ගමනට ගොඩක් අයගෙන් උදව් උපකාර ලැබෙන්න තරම් මම වාසනාවන්ත උන බවත් අමතක කරන්න බෑ. උපකාර, අවවාද දුන්න අය, උපසිරසි කරලා අඳුරගත්තා හොඳ යාළුවෝ හැමෝම නම් වශයෙන් කියන්න ගිහින් එක නමක් හරි මඟ හැරුනොත් ලොකු අසාධාරණයක් වෙයි කියලා හිතෙනවා. ඒ නිසා අපේ Mini/Cancelled අදිනා සංගමයේ හැමෝමවත්, අපේ බයිස්කෝප් පවුලේ උපසිරසිකරණයේ නියුතු සියළුම සහෝදර සහෝදරියන්වත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ ඇඩ්මින් මණ්ඩලයේ හැමෝමත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. එයාලගේ ගුරුහරුකම් නිසා තමයි මම ගුණාත්මක උපසිරසි නිර්මාණය කරන්න ඉගෙනගත්තේ. ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නේ රසික ඔයාලටයි. අපේ උපසිරසි බාගත කරන, කොමෙන්ට් දාන, වෙලාවකට ඇත්තම් බනින දෙතුන් දෙනෙක් හැරෙන්න ඔයාලා නිසා තමයි මේ තරම් දුරටවත් උපසිරසිකරණයේ යෙදුනේ. ඒ කොමෙන්ට් වලින් ලැබුන දිරිගැන්වීම් නැත්තම් මුල් කාලෙම මේ වැඩේ අත අරින්න තිබුනා.
ඒ වගේම කියන්න ඕන කඩයිමක් වෙනුවෙන් මාවල් චිත්‍රපටයක් කරන්න ඕන කියලා මට කාලයක් තිස්සේ ආසාවක් තිබුනා. ඒක ඉෂ්ට කරගන්න පුළුවන් උනේ ශාන් විමුක්ති (විමා) සහෝ සහ යශෝධ ශ්‍රීමාල් සහෝ නිසයි. ඈන්ට් මෑන් චිත්‍රපට මාලාවේ නිළ අයිතිය තිබුනේ අපේ යශෝධ ශ්‍රිමාල් සහෝට ඒත් මගේ කඩයිම වෙනුවෙන් ලෝබ නැතුව එයා මට මේක දුන්න එකට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. විමා සහෝ තමයි යශෝධ සහෝට කියලා මට මේක වෙන් කරලා දුන්නේ ඒ නිසා විමාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. Ant-Man (2015) ෆිල්ම් එක දෙද්දි සමන් ප්‍රසාද් සහෝ ඈන්ට් මෑන්ගේ කොමික් පසුබිම ගැන හොඳ විස්තරයක් දීලා මම හිතුවා මේ පාර අපිට හම්බෙන ඈන්ට් මෑන්ගේ ප්‍රධාන දුෂ්ටයා ගැන විස්තර කලොත් හොඳයි කියලා. කොමික් ගැන මගේ දැනුම මදි නිසා ලිපියක් ලියලා දෙන්න කියලා අපේ කොමික් ලිපි විශේෂඥයා වෙන හයිඩ්‍රා සාමාජික තිසර නියෝ සහෝගෙන් මම ඉල්ලුවා. ඒ සැනින්ම බෑ නොකිය තිසර සහෝ සුපිරි ලිපියක් ලියලා දුන්නා. ඒකටත් තිසර සහෝට විශේෂ ස්තූතියක් හිමිවෙන්න ඕන. එහෙනම් ඔයාලා ඒ ලිපිය කියවලා උපසිරසිය අරන් කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. සුපුරුදු විදියට අන්තිමට තියෙන පෝස්ට් ක්‍රෙඩිට් සීන් දෙකත් නරඹන්න. ජය වේවා.

හායි ගායිස්. අද ඔන්න ආවෙ mcu එකේ හතරවෙනි phase එකේ පලවෙනි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් අරන්. Ant-Man තුන්වෙනි ෆිල්ම් එක තමයි මේ අදියරේ පලවෙනි ෆිල්ම් එක. ඒ වගේම මල්ටිවර්ස් සාගා එකේ මේන් විලන් එක්ක ආපු පලවෙනි ෆිල්ම් එකත් මේක. ෆිල්ම් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් මේ ෆිල්ම් එකෙන් ආපු කැරැක්ට කීපයක් ගැන කියල ඉන්නම්.
නැතෑනියල් රිචර්ඩ් තමයි මේ පාර විලන්. හෝව් හෝව්. නැතෑනියල්……. කවුද නැතෑනියල්…. කෑන්ග්නෙ විලන්……….. කෑන්ග්….. කෑන්ග් වෙන්න කලින් නැතෑනියල් රිචර්ඩ් තමයි එයාගේ ඇත්ත නම… මං මේ කියන්නෙ කොම්ක් වල විස්තරේ… mcu එකේ වෙනස් වෙනවනෙ සුුපුරුදු විදියට ඔරිජින් එක.
Rama-Tut, Kang, Immortus, Scarlet Centurion, Victorex Prime, Nathaniel Richards, Victor Timely, Iron Lad (Nate Richards), Chronomonitor #616, Mister Queng Gryphon
මේ වගේ නම් බර ගානකින් ඉන්නෙ එකම කෙනා තමයි. අපි මේ කතා කරන්නේ ටයිම් ට්‍රැවල් කරන විලන් කෙනෙක් ගැනනෙ. ඉතින් එක එක කාලයන් වලට ගියපු නැතෑනියල්ම තමයි එක එක නම් වලින් ඉන්නෙ.
ඉතින් අපි කෙටියෙන් බලමු කොමික් වලදි කවුද මේ කෑන්ග් කියන්නෙ කියල. නැතෑනියල් රිචර්ඩ් ඉන්නෙ Earth-6311. ඒ 31 වෙනි සියවසේ. මේ 6311 ලෝකෙ අඳුරු යුගයක තියෙන්න තිබුනු ලෝකයක්. ඒත් ඒක එහෙම උනේ නැ. මොකද Eartg-616 වලින් ආපු නැතෑනියල් රිචර්ඩ් කියල ටයිම් ට්‍රැවලර් කෙනෙක් මේ ලෝකෙ ඉතිහාසය වෙනස් කරපු නිසා.. හෝව් හෝව්.. එතකෙටෙ දෙන්නම නැතෑනියෙල් රිචඩ්නෙ. දෙන්නම එක්කෙනෙක්ද? 616 වලින් ආව කෙනා අපි දන්න රීඩ් රිචර්ඩ් ගෙ තාත්ත. හැබැයි මේ නැතෑනියලුයි, 6311 නැතෑනියලුයි ගෙ සම්බන්දෙ ගැනනම් තවම හෙලි කරල නෑ.
ඉතින් මේ නැතෑනියල්ට අවුරුදු 16 දී එකපාරටම අනාගතෙන් ආපු කෑන්ග් මතු වෙලා එයාට තමන්ගෙ 40වෙනි සියවසේ ආර්මර් එක (ඇඳුම) දෙනවා. මේ කෑන්ග් ආවේ නැතෑනියල්ව කෑන්ග් බවට පත් කරන්න උදව් වෙන්න. මේ ඇඳුමෙන් ටයිම් ට්‍රැවල් කරන්න පුලුවන්. ඒ වගේම කෑන්ග් අනාගතේ ගැන නැතීයල්ට පෙන්වනවා. අවුරුදු 16ක නැතෑනියල් තමන් විලන් කෙනෙක් වෙනවා කියල දැනගන්න නිසා බයවෙලා කෑන්ග්ට පහර දීලා ආර්මර් එකේ උදව්වෙන් Earth 616 වල වර්තමානයට පැනලා එනවා.
එයා එන්නේ ඇවෙන්ජර්ස්ලගෙන් උදව් ඉල්ලන්. හැබැයි මේ වෙද්දි ඇවෙන්ජර්ස්ල වෙන් වෙලා හිටියෙ. මේ නිසා මේ කාලයේ හිටපු යන්ග් සුපර්හීරෝස්ල ටිකක් එකතු කරගන්න නැතෑන්යල් යන්ග් ඇවෙන්ජර්ස් ටීම් එක නිර්මාණය කරනවා. ඒ වගේම කෑන්ග් තමන්ට දුන්නු ආර්මර් එක අයන්මෑන් ඇඳුමක් වගේ වෙනස් කරගෙන අයන් ලෑඩ් කියන යන්ග් හීරෝ විදියට පෙනී ඉන්නවා.
මෙහෙම ඉද්දි කෑන්ග් නැතෑනියල් ඉන්න තැන හොයන් එයාව තමන්ගෙ ටයිම්ලයින් එකට අරන් යන්න එනවා. මේ නිසා සටනක් වෙලා නැතෑනියල් අතින් කෑන්ග් මැරෙනවා. හැබැයි නැතෑනියල් තීරණය කරනවා තමන්ගෙ දෛවය පිලිඅරන් තමන්ගෙ අර්ත් එකට යන්න. මෙහෙම යන නැතෑනියල් Kid Immortus කියන විලන් බවට පත් වෙනවා. මේ අතර එයාගෙන් අයන් ලෑඩ් විදියට හිටිය මතකයන් නැතිවෙලා යනවා. මේකට හේතුවක් තවම හෙලි කරලා නැහැ.
මේ අතරේ කිඩ් ඉමෝර්ටස්-නැතෑනියල්- තමන්ගෙම නම තියෙන තමන්ගෙ පරම්පරාවෙ කියල විශ්වාස කරන රීඩ් රිචර්ඩ් සහ ඩොක්ටර් ඩූම් ගැන හොයනවා. රීඩිගෙ තාත්ත උනු නැතෑනියල් ගැන හොයද්දි එයාට නැතෑනියල්ගේ ටයිම් ට්‍රැවල් තාක්ෂණය හොයාගන්න පුලුවන් වෙනව. ඒකෙන් තමන්ටම කියල ටයිම් මැෂින් එකක් හදන කිඩ් ඉමෝටස් අතීත ඊජිප්තුවට ගිහින් තමන්ගෙ තාක්ෂණයෙන් යටත් කරගෙන ඒකෙ පාලකයා වෙනවා. ඒ Rama-tut කියන නමින්
කාලයක් යද්දි රාම ටුට් ට ඊජිප්තු වැසියො දෙවෙියෙක්ට වගේ සලකන්න ගන්නවා. මේ නිසා කොන්ෂූ එක්ක වගේම ඒ කාලෙ හිටිය ඇපොකැලිප්ස් එක්ක පැටලෙන්න වෙනවා.. කාලයක් යද්දි රාජධානිය බිඳවැටෙන නිසා රාමා-ටුට් ආපහු තිස්වෙනි සියවසට යන්න තීරණය කරත් කාල කුණාටුවකට අහු වෙලා earh 616 වල වර්තමානයේ බ්‍රහස්පති ලඟින් මතු වෙනවා. මේ වෙද්දි F4 පරද්දපු ඩොක්ටර් ඩූම් මේ හරියෙ පාවෙවි ඉන්නව දැක්ක රාමා එයාව බේරගෙන ආපහු අර්ත් එකට යවනවා.
ඩූම්ව පාදක කරන් ස්කාර්ලට් සෙන්චූරියන් කියල කෙනෙක් විදියට පෙනී හිටියත් ඒක අසාර්තක වෙලා ආපහු ඊජිප්තුවටම යන රාමා කාලෙකට පස්සෙ අපහු සැරයක් තමන්ගෙ 6411 අරත් එකේ 30 වෙනි සියවසට යන්න හදනවා. ආපහු කාල කුණාටුවකට අහු වෙලා එයා නතර වෙන්නෙ හතලිස්වෙනි සියවසෙන්. මේ වෙද්දි එහෙ දරුණු යුද්දයක් වෙන ගමන්. මේක දැකපු රාමා වෙනත්ම විදියකට මේ කාලයත් අල්ලගන්න තිරණය කරනවා. මෙන්න මේ නිසා එයා Kang the Conqueror විදියට වෙනස් වෙනවා.
ඉතින් මේක තමා කෑන්ග්ගෙ උපත සරලවම.
ඒ වගේම කෑන්ග් ටයිම්ට්‍රැවල් කරන හැම වතාවකම අල්ටනේට් රියලටි හැදිලා ඒවාගේත් කෑන්ග්ල ඇති වෙනවා. මෙහෙම කැන්ග්ලා දහස් ගානක් බිහි වෙනවා. මේ අය සේරම එකතු කරලා කෑන්ග් කවුන්සිල් එක නිර්මාණය කරනවා.
මේ කවුන්සිල් එකේ ප්‍රධානියා- එහෙම් නැත්නම් ප්‍රයිම් කෑන්ග් තමයි නැතෑනියල්..
ඒ වගේම කෑන්ග් earth-6311 යටත් කරගද්දි රජකෙනෙක්ගෙ දුවක් වෙච්ච Ravonna හමුවෙනවා. කෑන්ග්ට එයා ගැන ආදරයක් ඇති වෙනවා. හෝව් රවෝනා…. නම මතකද…. ලොකී සීරිස් එකේ tva එකේ මේන් ජජ් වෙලා හිටියෙත් එයාම තමා..
රවෝන ගැන ආදරය නිසා එයා දුර්වල වෙලා කියල හිතපු කැන්ගගෙ කමාන්ඩර් කෙනෙකි එයාව මරන්න හදද්දි එි මැදට පැනපු රවෝනා මිය යනව. ඒ්ත් 40 වෙනි සියවසේ තාක්ෂණයෙන් කැන්ග් එයාව මරණයත්, ජීවිතයත් අතරමැද තැනක තියාගන්නවා. ..
කාලෙකදී ප්‍රයිම් කෑන්ග් ලිම්බෝ එක හොයන් එකේ තමන්ගේ රජධානිය උන ක්‍රෝනොපොලිස් නගරය නිර්මාණය කරනවා. ලිම්බෝ එක කියන්නෙ කාලයෙන් පිට තියෙන දෙයක්. මේ නිසා තමයි කෑන්ග් TVA එකෙනුයි ටයිම් කීපර්ස්ලගෙනුයි බේරිලා ඉන්නේ
මේ අතර කවුන්සිල්එකේ එක කෑන්ග් වේරියන් එකක් අතීතෙට ගිහින් රවෝනා මැරෙන්න කලින් ටයිම් ලයින් එකෙන් ඇදලා අරන් එනවා. මේ එනකොට ප්‍රයිම් කෑන්ග් තමන්ගෙ වේරියන්ට් සේරම මරලා දාලා. රවෝනා ව අරන් ආව කෑන්ග්වත් මරන ප්‍රයිම් කැන්ග් රවෝනා එක්ක එකතු වෙනවා.
මේ දෙන්නා අවුරුදු ගානක් විවිද ලෝක, විවිද ටයිම්ලයින් යටත් කරගනිමින් හිටියා.
මොඩර්න් යුගයත් යටත් කරනගන්න EARTH 616 එකට ඇවිත් කිප පාරක්ම ඇවෙන්ජර්ස් ලා එක්ක යුද්ද කරන්නත් එයාට කටයුතු කරා කරා
කෑන්ග් කියන්නෙ සාමාන්‍ය මිනිහෙක් නිසා එයාට කිසිම සුපිරි බලයක්නම් නැහැ. හැබැයි එයාට 49 වෙනි සියවසේ තාක්ෂණය තියෙන නිසා ඒකෙන් සුපිරි තත්වයක් හිමි කරන් ඉන්නවා. ඒ එයාගේ ආර්මර් එකෙන් සහ ටයිම් ට්‍රැවල් කරන පුටුවක් වගේ මැෂින් එකෙන්.
කෑන්ග් කියන්නෙ සාමාන්‍ය මිනිහෙක් නිසා එයාට කිසිම සුපිරි බලයක්නම් නැහැ. හැබැයි එයාට 49 වෙනි සියවසේ තාක්ෂණය තියෙන නිසා ඒකෙන් සුපිරි තත්වයක් හිමි කරන් ඉන්නවා. ඒ එයාගේ ආර්මර් එකෙන් සහ ටයිම් ට්‍රැවල් කරන පුටුවක් වගේ මැෂින් එකෙන්.
කෑන්ග්ට සුපිරි මට්ටමේ බුද්ධියක් තියෙනවා.
ද්වන්ධ සටන් වලට දක්ෂයෙක් වගේම උපක්‍රමශීලි කෙනෙක්
හතලිස්වෙනි සියවසේ තාක්ෂණයක් තියෙනවා.
ප්‍රධානම දේ තමයි අතිෂය දියුණු ආර්මර් එක. ඒ නිසා එයාට, සුපර්හියුමන් ශක්තියක්, වේගයක්, දරාගැනිමක්, සහ කල් පැවැත්මක් ලැබිල තියෙනවා. ඇදුම නිසා ටයිම්ට්‍රැවල් කරන්නත් පුලුවන්. ඒ වගේම ශක්තිය, හොලෝග්‍රෑම් සහ බල-ක්ෂේත්‍ර විදහන්න පුලුවන්. ඒ වගේම වෙනත් ආකාරයේ තාක්ෂණයන් පාලනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.
කෑන්ග් ගැන කෙටියෙන් කිව්වොත් ඔහොම තමා…
ඔහොමම බලමු M.O.D.O.K ගැන. ෆිල්ම් එකේ එකා ගැනනම් කතා කරල තේරුමක් නැ මොකද A-Z ෆිල්ම් එකේ තියේ ඒ ගැන. අපි බලමු කොමික් පැත්ත කෙටියෙන්.
George Tarleton තමයි මෙයාගේ මුල් කාලෙ නම. ඒ කියන්නෙ සාමාන්‍ය මිනිහෙක් වෙලාල හිටිල කාලෙ නමජෝර්ජ් වැඩ කලේ A.I.M එකේ. A.I.M කියන්නෙත් හයිඩ්‍රා වගේ විලන් සංවිධානයක්. මෙයාලා කොස්මික් කියුබ් කියන උපකරනෙ නිර්මාණය කරන්න වැඩ කරා. මේකට උදව්වක් විදියට M.O.D.O.C කියන ප්‍රොජෙක්ට් එක නිර්මාණය කරනවා. Mental Organism Designed Only for Computing තමය මේකෙ තේරුම. මේ ප්‍රොජක්ට් එකට බලෙන්ම ජෝර්ජ්ව යොදාගන්න AIM එකේ අය එයාව මියුටේට් කරලා විකාරරූපි ජිවියෙක් බවට පත් කරනවා.
ජෝර්ජ්ගෙන් මේ හදපු ජිවියාගේ මොලට අති විශාල වෙලා ඇඟට දරාගන්න බැරි උන නිසා මෙයාව ඩූම්ස්ඩේ චෙයා කියන පාවෙන පුටුවක් වගේ මැෂින් එකක තමයි තියල තියෙන්නෙ. හැබැයි මේ හදපු M.O.D.O.C තමන්ගෙ අති දැවැන්ත මොලය නිසා ඇතිවුනු බුද්දිය යොදාගෙන A.I.M එක යටත් කරගන්නවා. ඒ වගේම M.O.D.O.C වෙනුවට M.O.D.O.K කියන නම එයා යොදාගන්නවා. ඒකෙ තේරුම තමයි Mental Organism Designed Only for Killing කියන එක.
නමේ විදියටම මෝඩොක් කියන්නේ අනුකම්පා විරහිත මරන්නම හදපු උපකරණයක්.
මෝඩොක් සුපිරි බුද්ධිමතෙක්. AIM එකේ පරීක්ෂ්න නිසා හැදුන එයාගේ දැවැන්ත මොලය නිසා තමයි මේ බුද්ධිය ඇතිවෙන්නේ.
ඒ වගේම එයාට Telekinetic Force Blast කරන්න පුලුවන්. ඒ වගේම බල ක්ෂේත්‍ර ඇති කරන්න පුලුවන්. ටෙලිපති පවර්ස් වගේම මනසවල් පාලනය කරන්න පුලුවන්.. මේ හැමදේමඑක්ක M.O.D.O.K කියන්නෙ අතිෂය දරුණු කිලින් මැෂින් එකක්.
යුරාන් මල්ලි LORD KRYLAR ලියන්න හැකිද ඇහුවා. හැබැයි krylar ගැන ලියන්න තරම් දෙයක් නැති තරම්. මොකද එයා mcu එකට සම්පූරණයෙන්ම වෙනස් කරල හදපු කෙනෙක්. කොමික් වලදි kryar කියන්නෙ k’ai කියන ග්‍රහලෝකෙ ඉන්න ඇසසින්ලගෙ ප්‍රධානියෙක්. Mcu එකේදි එයා lord krylar කරලා එයා ක්වන්ටම් රෙල්ම් එකේ ෆ්‍රීඩම් ෆයිටර් කෙනෙක් වගේම ජැනට්ගේ ලව් ඉන්ටරෙස්ට් එකක් වගේම ෆිල්ම් එක වෙන කාලෙ වෙද්දි ආණ්ඩුකාරයෙක් කරලා තියෙනවා.
ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බැලුවොත් ෆිල්ම් එක ඩොලර් මිලියන 475කට ආසන්න ආදායමක් අරන් තියෙනවා. ෆිල්ම් එක මෙච්චර අඩු ආදායම් ලබපු එකකනම් එක අතකට සාදාරණයි. මොකද ෆිල්ම් එක ඇතුලේ අඩුපාඩු තොගයක්ම තියෙනවා.
ඇත්තටම endgame එකෙන් පස්සෙ හැමොිම endgame මට්ටමේ ෆිල්ම් mcu එකෙන් බලාපොරොතතු වෙනවා. ඒත් මේක ඉතින් කලින් ඈන්ට් මෑන් ෆිල්ම් දෙක වගේම සාමාන්‍ය සිම්පල් ෆිල්ම් එකක්. කලින් වගේ අර්ත් එක ඇතුලේ නැතුව ක්වන්ටම් රෙල්ම් එක ඇතුලේ ෆිල්ම් එක ගියපු නිසා මේක ant-man ෆිල්ම් එකක් වගේ දැනෙන් නැති ගතිය තමා ලොකුවටම තියෙන්නේ
ඒ වගේම ෆිල්ම් එකේ ඉනිනෙ loki එකේ he who remain වගේ තවත් කෑන්ග් වේරියන්ට් එකක් වෙන වොර්යර් කෑන්ග්. ඒ වෙද්දි එයා මල්ටිවර්ස් එක පුරා ඇවෙන්ජර්ස්ල බර ගානක් මරලා ඇවිත් ක්වන්ටම් රෙල්ම් එකට පිටුවහල් කරපු කෙනෙක්. ඒ වගේම ෆිල්ම් එක වෙන කාලෙ වෙද්දි අවුරුදු 25-30ත් අතර කාලයක් එයා හිරවෙලා ඉදල තියෙනවා. ඒ නිසා ෆිල්ම් එකේ ඉන්නෙ අවුරුදු ගානක් තිස්සෙ හිරවෙලා ඉදල කලකිරුනු කෑන්ග් කෙනෙක්. එයාට තෝර් එක්ක ස්කොට්ව පැටලෙන්නෙත් ඒකයි.
ෆිල්ම් එකේ කාගෙන් ඇහැ යන කෙනා තමයි කැසී පොඩ්ඩි. Endgame එකේ හිටිය Emma Fuhrmann වෙනුවට මේ පාර Kathryn Newton ව ඒ චරිතෙට රීකාස්ට් කරල තියෙනවා. වෙලාවකට හිතෙනවා එයාගේ කියුට් පෙනුම නිසා විතරද කියල ෆිල්ම් එකට එයාව අරගතතතේ. හැබැයි Cassandra Lang විදියට එයාගේ mcu අනාගතට තව ඉස්සරහට තියෙනවා. ඒ මොකද ආරංචි වෙනවිදියට යන්ග් ඇවෙන්ජර්ස්ලා ඉදිරියේදි එන නිසා.
ස්කොට්, වාප්ස් සුපුරුදු විදියට ලස්සනට වැඩේ කරල තියෙනවා. හැබැයි මේ පාර අපේ ඔරිජිනල් ඈන්ට්මෑන් වෙච්ච පිම් හෑන්ක්ට නියම ගෟරවය දීලා තියෙනවා. ඒකනම් ඇත්තටම අගය කරනන ඕන. ජැනට්ගෙ ස්ටෝර් එකත් ෆිල්ම් එකට හොඳට ගලපලා තියෙනවා. අපි මේකෙ ඉන්න මෝඩොක් ගැන කතා නොකර ඉමු.
මේකෙ ස්ටෝරි එක මේ ෆිල්ම් එකෙන් ඉවර නැ. මොකද මේක මල්ටිවර්ස් සාග එකේ විලන් හඳුන්වලා දීපු වගේම වගේම phase 5 වල පලවෙනි ෆිල්ම් එක. කෑන්ග් ඩයිනස්ටි වගේම සීක්‍රට් වෝ ඇවෙන්ජර්ස් ෆිල්ම් දෙක වෙනකල් ලොකු ස්ටෝරි ආක් එකක් බිල්ඩ් වෙනවා. ඒ ස්ටෝරි ආක් එකේ මේ ෆිල්ම් එක පොඩි ෆිල්ම් එකක් විතරයි.
#Hail_Hydra
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
42,308 downloadsDownload Ant-Man-and-the-Wasp-Quantumania-2023-Blu-Ray.zip97 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Ant-Man (2023) Sinhala Sub
- #Ant-Man (2023) Sinhala Subtitles
- #Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles
- #Ant-Man and the Wasp: Quantumania 2023 Sinhala Sub
- #Ant-Man and the Wasp: Quantumania Sinhala Sub
- #Ant-Man and the Wasp: Quantumania Sinhala Subtitles
- #Bobby Cannavale
- #Box Office Hits
- #David Dastmalchian
- #Editor's Pick
- #Evangeline Lilly
- #Judy Greer
- #Michael Peña
- #Must Watch
- #Offbeat
- #Paul Rudd
- #sinhala
- #Subtitles
- #T.I.
- #Walton Goggins
- #You Decide
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල සබ්
67 comments
Pavith Wijesooriya
Bimsara Yashan(ඔලිව)
තුන් වෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝ. බයිස්කෝප් කන්ඩායමේ ඉන්න සුපිරියටම සබ් හදන කෙනෙක් තමා ඔයා. ඒ වගේම උපසිරැසියක් කරන්න සහය ඉල්ලුවාම බෑ නොකියා කරල දෙන සහෝදරයෙක්. ඉදිරියටත් මේ වගේම උපසිරැසි කරන්න ශක්තිය, කාලය ලැබේව කියලා පතනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
Sanjana Chamod
අඩේ මරු මරු අයියෙ. ❤️
150 වන උපසිරැසියට සුභ පැතුම්.
දිගටම අඩවියෙ රැදිල ඉන්න වගේම පෞද්ගලික වැඩකටයුද සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.උපසිරැසියත් ස්තූතියි
අයියෙ. 🤪
විමා
උපසිරසියට වෙනද වගේම බොහොම ස්තුතියි. :)
වර්තමානයේ වෙබ් අඩවියේ ඉන්න අධිවෙගිම, කර්යභුලම උපසිරසිකරුවෙක්.
තව කාලයක් යන්න කලින් මීළඟ කඩයිමත් පහු කරන්න ඉඩ හසර ලැබෙන්නත්,
සියලුම පෞද්ගලික වැඩ රාජකාරි සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්නත් කියල ප්‍රර්ථනා කරනවා!
ජයෙන් ජය. :)හෝල් එකේ බැලුවා, අනිවා ආයේ බැලිල්ලක් තමා දැන්...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඒවගේමා 150 උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජය
Sadeepa lakshan
Shazam ekt sub dennko
Nayana Buddhika
150 වෙනි උපසිරැසියට සුභපැතුම් සහෝ! දිගටම සබ් දෙමු❤️
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Ravindu_Heshan
මේක නිකම්ම කඩයිමක් නෙවේ. තමන්ගෙ විවේක කාලයේ ෆිල්ම් එකක් බලන්න තියෙන කාලය අනිත් වෙනුවෙන් කැපකිරීමක්. ඒ කැපකිරීමට ගොඩාක් ස්තූති මචං. උපසිරැසිකරණයේ යෙදෙන්න තව තවත් වාසනාව ශක්තිය ලැබේවා!!!
Anonymous
සුපිරි කොල්ලෙක් නෙහ්
Kushan
Sub akta thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම 150 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!Anonymous
Thanks. Shazam nadda???
ඉශාන්
webrio කොලිටියේ බලන්න පුලුවන්ද
Naveen Mbr
තෙවෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා. ඔයාගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. තව තවත් උපසිරැසි අරගෙන එන්න කාල වේලාව, ශක්තිය, ධෛර්යය ලැබේවා! ඉතාමත් ස්තූතියි ඔයා කරන මේ මෙහෙවරට.
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
මුලින්ම කඩඉම වෙනුවෙන් මගේ උණුසුම් සුබපැතුම් එකතු කරනවා. මල්ලි කියනවා වගේ තවත් කෙනෙක්ට මේක නිකන්ම අංකයක් වෙන්න පුළුවන් නමුත් ගුණාත්මක උපසිරැසි නිර්මාණකරුවන් විදියට මේකේ තියෙන දුෂ්කරතා ගැන ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන් ඉතින් තවත් කෙනෙකුගෙ සිනමා රසවින්ඳනය උදෙසා ඔබ මේකල මෙහෙය වචන වලින් අගයන්නත් අමාරුයි. අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම සාර්ථක වේවා! තවත් කඩඉම් කරා ඉක්මනින්ම යන්නත් ලැබේවා කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ishan
Congrtulation machn..digatama karagena ynna.. ube sub unth maru. harima asawen blnna puluwan. suba pathanawa.
Gamage
Thanks for the Sub
Best wishes for 150Leo
Subapathum bokka
Lakindu R
150ක් කියන්නේ සෙල්ලන් නැහැ බං, ජයවේවා!
Dj-1528
Good luck...go head and thanks for the sub
Anonymous
jaya wewa.
Chathura
Tanks bro❤️❤️shazamut denna puluwannm, adarei
Chamikara Vidanage
සුභ පැතුම් සහෝ. සුපිරි කොල්ලෙක් අපේ සෙට් එකේ. ජය වේවා!
V.W.M.Dimuthu Praboda
congratz ayiya
H.S Industries
Congratulations Brother! | 150 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා... :mrgreen: ❤
Movie එක නම් තාම බැලුවේ නෑ... 18 වෙනිදාට තව ටිකක් හොඳ Web copy එකක් එක්කම බලනවා... | Anyway, Thank you, for the subtitles file.
එල්. සී. දමැල්
150වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් යුරාන් සහෝ! :)
මම ඔයාගෙ උපසිරැසි කීපයක්ම බලල තියෙනව. ආයෙ ඉතින් කියලා වැඩක් නෑ, මහන්සි වෙලා නිවැරදිව සහ සරලව ලස්සනට අනුවර්තනය කරලා තිබුණා.
මේ ෆිලුමත් ඉතින් ආසාවෙන් මග බලාගෙන හිටිය එකක් නොවැ. හොඳ 10-bit rip එකක් ආවමම බලනවා.
200ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Anonymous
Congratz bro
Asanga kb
jayama wewa..
Kantha_DLA
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ගොඩක්ම ස්තූතියි යුරාන් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!James Gunn
Shazam 2023 sub ek denna please
Anonymous
සුපිරිම ෆිල්ම් වලට සබ් ගේන ඩෑල් එකක්
ජය වේවා මචෝ
දිගටම සබ් කරමුBuddhika Lakmal (laKMal)
150වෙනි උපසිරැසියට සුබ පැතුම් මචෝ... ඉදිරියටත් පට්ට මූවි වලට සබ් ගේන්න කාලය ලැබේවා.. පෞද්ගලික ජීවිතයේ කරන කියන සියලුම යහපත් දේ සාර්තක වේවා...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Harvey O'brien
හදවතින්ම සුබ පැතුම් මලේ කඩයිමට. සබ් 150 ක් කියන්නෙත් ලේසි ගමනක් නෙවෙයි. ඉදිරියටත් මේ වගේම ගමන යන්න සුබ පතනවා. ඒ වගේම මේ සිංහල උපසිරසියටත් තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Anonymous
Congratz brother
දහරා මුතු අමා
150ට උනුසුම් සුබ පැතුම්. ඔයාගේ උපසිරැසියක් නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. සුපිරිම තමයි. ඉතින් ඊලග කඩයිම් වලටත් යන්න ශක්තිය සහ ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්තක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා. ඉක්මනින්ම ඊලග කඩයිමත් දෙමු.
Udara Damith
elaaaaaaaaaaaaaaa
Anonymous
bohoma sthuthi saho! !!
Kavee
150 වෙනි උපසිරැසියට සුභ පැතුම් !
සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි.VisH
bohoma isthuthiy :)
Tharindu
godak stuti.. keep it up
samith madushan
the wandering erth 2 eke sub ekath ikamnta daahanako.
Kevin D...
Thanks...
Sahan Gayantha
thanks a lot saho sub ekata
Roshan
Tnx bro...Great job...Good luck...
Charitha Athawuda
thanks
oshanda
thanks malli...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
150 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..gihan
උපසිරැසියට බොහෝම ස්තුති
150 වැනි කඩඉමට සුභ පැතුම්lakshan
thanks ....................
Tharuka
Sub ekata amatharawa me dapu wistra walatath godak thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | ඈන්ට් මෑන් සහ ක්වන්ටම් රාජධානිය! [සිංහල උපසිරැසි] 150*](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Ant-man-and-the-wasp-Quantumania-2023-01-1.jpg)
අඩේ ගැම්මක් යුරාන් අයියේ. 150 කඩයිමට මගෙනුත් සුභ පැතුම් එහෙනම්! මේක එනකන් හිටියේ. තව තවත් වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරසිකරණයේ නියැලෙන්න ශක්තිය ධෛර්යය හා කාලය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි සබට. මෙන්න එහෙනම් බෑවා... ❤️