MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S04 : E11] with Sinhala Subtitles | බිදවැ‍ටිම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Arrow TV S4P3

මාස ගාණකින් ඔලිවර් සොහොන් කොතක් ලග ඉන්නවා පෙන්වලා පටන් ගත්ත පහුගිය කොටස අපිට ගොඩක් කුතුහලයක් ගෙනාවා. ඒ මැරුණෙ කවුද කියන එක නම් අපිට තවම දැනගන්න ලැබුනේ නෑ. කොහොම හරි මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ ඔලිවර්ගේ කාර් එකට වුන ප්‍රහාරයෙන් වෙඩි වැදුන ෆෙලසිටි ඉස්පිරිතාලයට ඇතුලත් කලා. මේ තරහට ඔලිවර් ගෝස්ට්ලා අල්ලා ඩේමියන් ඉන්න තැන හොයාගන්න උත්සහ කලා. ඒත් ඉතින් විස්තර කියනවා වෙනුවට හැම ‍ගෝස්ට් කෙනෙක්ම සිය දිවි හානි කරගත්තා. ෆෙලසිටිට ඔපරේෂන් කිපයක් කරලා සිහිය එන තත්වයට ආවා. හැබැයි එයාට තවත් සැත්කම් කරන්න වෙනවා. ඔය අතරේ ඩිගල් එයාගේ මල්ලි ඇන්ඩිට ගහලත් ‍ඩේමියන් ගැන විස්තර දැනගන්න හදනවා. ඒත් එයාට වැඩි දෙයක් දැනගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔලිවර් ලාන්ස් ලගට ගිහින් එයා ඩේමියන් මුණගැහෙන තැන දැනගෙන එතනට යනවා. හැබැයි ඉතින් නොහිතපු විදියට එතනට කවුදෝ කලින් ඇවිත් පහර දිලා ගෝස්ට්ලා හැමෝම මරලා දාලා. ඒ වෙන කවුරුත් නෙවෙයි කලින් මුණගැහුන ලොනියි.

ලොනි ඇවිල්ලා තියෙන්නේ ‍ඩේමියන්ගෙන් පලිගන්නයි. මොකද කලින් සැරේ ලොනිව පාවා දුන්නේ ඩේමියන් නිසයි. හැබැයි ලෝනි ආපහු ආව නිසා තියා ටිකක් අවුලෙන් ඉන්නේ. මොකද එයාගේ ලේ පිපාසය නිසා ලෝනිව ගිනි තියලා මරන්නත් හැදුවනේ. ඔය අතරේ ලාන්සුයි ෆෙලසිටිගේ අම්මයි අතරේ තියෙන සම්බන්ධය ගැනත් ලෝරල්ට දැනගන්න ලැබෙනවා. කොහොම හරි ඔලිවර්ලට මේචන් ඉන්න තැන දැනගන්න ලැබෙනවා. එයාලා එතනට ගිහින් මේචින්ව අල්ලාගෙන එනවා. ඇවිත් එයා ඩේමියන් ඉන්න තැන දැනගත්තේ කොහොමද දැන් එයා කොහෙද ඉන්නේ කියලා දැනගන්න හදනවා. ඒත් මේචින් නෙවෙයි මොකුත් කියන්නේ. ඔය වෙලාවේ තමයි ෆෙලසිටිගේ සැත්කම නවත්වලා කියලා ඔලිවර්ට දැනගන්න ලැබෙන්නේ. ඩොක්ටර්ස්ලා කියන විදියට ෆෙලසිටිගේ කශේරුකාවට වුන තුවාලය ස්ථිර එකක් වගේ. ඒ කියන්නේ ෆෙලසිටිට ආයෙ කවදාවත් ඇවිදින්න වෙන්නේ නැතිවේවි. L ඔය අතරේ ඩිගල් ආයෙමත් ඇන්ඩිට කතා කරන්න යනවා. මේ සැරේ නම් සහෝදරයෙක් විදියටයි. ඉතින් ඒ වෙලාවේ ගිහින් එයාට ‍ඩේමියන් ඉන්න පුලුවන් තැනක් ගැන දැනගන්නවා. ඔය අතරේ ලොනිව අල්ලාගන්න පොලිසියෙන් එනවා. ලෝරල් එයාව තියාගන්න එකට අකමැති වෙලා පොලිසියට කතා කරලා වගේ. ඉතින් පොලිසියෙන් ලොනි ගෙනියන වෙලේ ඔලිවර් එතනට ගිහින් එයාව බේරාගෙන නිදහස් කරනවා. ඒ එයාගේ ඇගේ GPS එකක් හයි කරලයි. මොකද එතකොට ලොනි ඩේමියන් ලගට ගියාම ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙන නිසා.

ඒත් නොහිතපු විදියට GPS එකේ සිග්නල් නැතිවුනා. ඔලිවර් හිතපු හැමදේම හැම සැලැස්මක්ම වතුරේ ගියා. ඉතින් ඔලිවර් මේ හැමදේම අමතක කරන්න ෆෙලිසිටිව මුණගැහෙන්න ගියා. එතනදි හිත හදාගත්ත ඔලිවර්ට අලුත් ආරංචියක් ලැබෙනවා. ඒ ඩේමියනුයි ලොනියි ඉන්න පුලුවන් තැනක් එයාලට හොයාගන්න පුලුවන් වෙනවා. ඔය අතරේ ලොනි ඩේමියන්ගේ දුවයි බිරිදයි එයාලා ඉන්න තැනදි අල්ලාගෙන එයාලට වද දෙන්නයි හදන්නේ. හැබැයි ඉතින් ඒක කරන්න කලින් ඇරෝ ටිම් එක ඇවිත් එයාලා දෙන්නව බේරාගන්නවා. ඔය අතරේ ‍ඩේමියන් ඇවිත් ඔලිවර්ට පහර දෙනවා. හැබැයි ඉතින් එයාගේ පවුලේ අය බේරපු නිසා ඔලිවර්ට ඩේමියන් යහතින් යන්න දෙනවා. හැබැයි ලෝනි නම් පැනලා යනවා. මේ හැමදේම වෙලත් ඩේමියන්ගේ බිරිදයි දුවයි අත්අඩංගුවට ගත්තත් වැඩක් නැති වෙනවා. ඒ මොකද එයාලා බොරු සහතික දෙන නිසා. ඒ වගේම ඩාර්ක්ගේ බිරිද නම් වුන දේ ගැන සතුටෙන් නෙවෙයි ඉන්නේ. එයා නම් කියන්නේ ඩේමියන්ට අවස්ථාව ලැබුන වෙලේ ඇරෝව මරලා දාන්නයි තිබුනේ කියලා… . . ඒ වගේම අපි හැ‍‍මෝටම හිතට සහනයක් දෙන ‍තත්පර කිපයක් අන්තිමේට දකින්න වුනා. මොකද අර මාස හතරකින් මැරෙන කෙනා ෆෙලසිටි නම් නෙවෙයි කියලා… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

Arrow (2012– ) on IMDb

 

 

[button link=”https://goo.gl/DDEI6T” type=”icon” “center” newwindow=”yes”] 190 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

80423415D8D244643F8E405CBC83BA1ED49D504A

[button link=”https://goo.gl/GesOMf” type=”icon” “center” newwindow=”yes”] 236 MB (HDTV.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

C1C2A53E4BF77AF86550F4B0EA64287ACDDA248D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20424 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

40 thoughts on “Arrow [S04 : E11] with Sinhala Subtitles | බිදවැ‍ටිම. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to තිසර නියෝ Cancel reply

Your email address will not be published. Required fields are marked *