Watch Trailer

Arrow [S07 : E02] Sinhala Subtitles | අතිබිහිසුණු ඝාතකයින් [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ හත්වන කතාමාලාවේ ප්‍රථම කොටසින් අපට දැකගන්නට ලැබුනා ස්ටාර්සිටිවල වීරයා බන්ධනාගාර ගතවෙලා දුක් විදින ආකාරය.. ග්‍රීන් ඇරෝ වෙලා ඉන්න කාලේ අල්ලලා හිරේ යවපු අපරාධකාරයෝ එක්කම තමයි ඔලිවර් ක්වින්ටත් වාසය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලේසිපාසු කාර්යයක්නම් නොවෙන පාටයි.. බ්‍රික්, සහ බෙන් ටර්නර් යන අයගෙන්නම්…

ඇරෝ හත්වන කතාමාලාවේ ප්‍රථම කොටසින් අපට දැකගන්නට ලැබුනා ස්ටාර්සිටිවල වීරයා බන්ධනාගාර ගතවෙලා දුක් විදින ආකාරය.. ග්‍රීන් ඇරෝ වෙලා ඉන්න කාලේ අල්ලලා හිරේ යවපු අපරාධකාරයෝ එක්කම තමයි ඔලිවර් ක්වින්ටත් වාසය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලේසිපාසු කාර්යයක්නම් නොවෙන පාටයි.. බ්‍රික්, සහ බෙන් ටර්නර් යන අයගෙන්නම් ඔලිවර්ට හොදටම අඩත්තේට්ටම් වෙනවා.. හැබැයි වෙනදා පෙරළා පහරදෙන ඔලිවර් ක්වින් තමන්ගේ පුතා සහ බිරිද වෙනුවෙන් ඒ සේරම ඉවසා විද දරාගෙන ඉන්නවා අපිට දැකගන්න ලැබුනා.

ඔය අතරේ නගරයේත් වෙනස්කම් රාශියක් සිද්දවෙලා.. ග්‍රීන් ඇරෝ හිරේ ගියාට පස්සේ පොලිසියෙ කැප්ටන් පුටුව හොබවන්නේ ඩිනා. ලොරල් ආපහු දිස්ත්‍රික් නීතිඥ තනතුරේ වැඩ. එතකොට වයිල්ඩ් ඩෝග් බොක්සින් පන්තියක් කරගෙන යනවා. ජෝන් ඩිගල් සුපුරුදු ලෙසම ආර්ගස් එකේ වැඩ කරගෙන යනවා.. ඒ වගේම කර්ටිස් එහෙමත් ආර්ගස් එකට එකතු වෙලා. නමුත් ෆෙලිසිටි සහ විලියම්ට සිද්දවෙලා තියෙන්නේ තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරගෙන වෙනත් දිහාවකට යන්නයි. කොටින්ම කිව්වොත් ෆෙලිසිටි වැඩ කරන්නෙ කෝපි ෂොප් එහෙක.. හිතාගන්න පුළුවන්නෙ ඉතින්.. මේ සේරටම හේතුව වෙලා තියෙන්නෙ මකරා එහෙමත් නැත්නම් රිකාඩෝ ඩියෑස් තවමත් අතුරුදහන්ව සිටීමයි.. ග්‍රීන් ඇරෝ නැති ස්ටාර් නගරයේ අපරාධ රැල්ලත් දිනෙන් දින ඉහළ යනවා.. සාමාන්‍ය ජනයා ජීවත්වෙන්නේ හරිම බියෙන්. ඉතින් ඔය වෙලාවේ මරු කතරට දිය පොදක් ඉසින්නට මෙන් තවත් ග්‍රීන් ඇරෝ කෙනෙක් නගරයට කඩාපාත් වෙනවා. අපි දැක්කා ඔහු වවිධ අපරාධ සංවිධාන ඉලක්ක කරගෙන පහරදෙනවා. ඒ වගේම ඔහුගේ විශේෂත්වයනම් ඔහු අනුගමනය කරන්නෙ ඔලිවර් මුල් කාලයේ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත. තනියම වැඩ කරනවා විතරක් නෙවෙයි අපරාධකරුවන්ට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නෑ. එසේම ඔලිවර් ක්වින් ළග මුල් කාලයේ තිබ්බා වගේ නම් ලැයිස්තුවක් පවා මේ අලුත් ග්‍රීන් ඇරෝ හාදයා ළගත් තියෙනවා.

ඒ සේරටම වඩා ප්‍රේක්ෂකයන්ව කරකවලා අතැරිය වගේ සිදුවීමක් ගිය සතියේ පෙන්නුම් කළා ඔබට මතක ඇති. තරුණයෙක් ලියෑන් යූ වෙත යනවා යම් පුද්ගලයෙක්ව හොයාගෙන. මං හිතුවෙනම් ඒ සමහරවිට ඔලිවර් දුපතේ හිටිය කාලේ එහාට ගිය කෙනෙක් හෝ නැතිනම් වර්තමානයේ එහාට යන කෙනෙක් වෙන්න ඇති කියලා. නමුත් සිද්දවුනේ වෙනස්ම දෙයක්. ඒ ගිහින් තිබ්බේ විලියම් ඒ කියන්නෙ ඔලිවර්ගේ පුතා. ඒ වගේම එයා යන්නේ රෝයිව හොයාගෙන.. ඉතින් මේ පෙන්නුවේ අනාගත සිදුවීමක් කියන එක දැන් කාටත් පැහැදිලි ඇති. ගිය සතියේ වෙච්ච දේවල්වලට අනාගතයේදී අපට පිළිතුරු ලැබේවි. නමුත් අද දෙවැනි කොටස නම් කරලා තියෙන්නේ LONGBOW HUNTERS කියන නමින් නිසා මම හිතුවා ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කට්ටියට කරලා ඉන්න.හයවැනි කතාමාලාවේ ඔබට මතක ඇති මේ LONGBOW HUNTERSලා ගැන සදහනක් කළා. සමහරු හිතාගෙන ඉන්නේ මේක ඉතාමත් භයානක නමුත් මිත්‍යාවක් වෙන කණ්ඩායමක් කියලා. හැබැයි රිකාඩෝ ඩියෑස් කිව්වා එයාට LONGBOW HUNTERSලා මුණ ගැහිලා තියෙනවා කියලා. ඉතින් මේ LONGBOW HUNTERS මේ පාර ස්ටාර් සිටිවලට එනවා ඇත්තේ රිකාඩෝ ඩියෑස්ගේ සහයට කියලා අපට හිතන්න පුළුවන්. කතාවේ කොහොමවෙයිද කියලා කියන්න අපට දැන්ම බෑ.. නමුත් අපි විමසා බලමු කොමික්වලදී මේ කණ්ඩායම මොන වගේද කියලා.Green Arrow: The Longbow Hunters නම් වූ කොමික් පොත්මාලාව කලාප තුනකින් පලවෙලා තියෙනවා. ඒ 1987 අගෝස්තු ඔක්තෝම්බර් අතර කාලයේ. එම කලාපයන්හි රචකයා වෙන්නෙ Mike Grell.

පසු කාලීනව මෙය 2014 වර්ෂයේ Green Arrow VOl.5#31( Prime earth)වලින් යලි අලුත් වෙනවා. එය නිර්මාණය කරන්නෙ Jeff Lemire. ඉතින් මේ LONGBOW HUNTERS ගැන විමසා බැලුවොත් ඔවුන්ගේ ආරම්භකයා නැත්නම් නායකයා ලෙස සැළකෙන්නේ Richard Dragon නම් පුද්ගලයා. කොමික් පොත්වලට අනුවනම් මොහු තමයි රිකාඩෝ ඩියෑස්ගේ පුත්‍රයා ලෙස සැළකෙන්නේ. ඒ වගේම මෙහි අනිකුත් සාමාජිකයන් ලෙස Count Vertigo, Brick, Red Dart, Killer Moth සහ Clock King යන කට්ටිය ඉන්නවා.

ඉහත රුපයෙන් කට්ටියට දැක බලාගන්නට පුළුවන් LONGBOW HUNTERS කණ්ඩායම. ඉතින් ඔය අතරෙන් බ්‍රික් සහ කවුන්ට් වර්ටිගෝවනම් කට්ටිය දැනටම ග්‍රීන් ඇරෝ කතාමාලාව තුළින් දැකලා තියෙනවා. ඒ වගේම ආරංචිමාලාවල හැටියට RED DARTවත් අපට ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි. නමුත් KILLER MOTH ගැනනම් එහෙම වෙයිද කියලා කියන්න බෑ. ඒ වගේම කතාමාලාවේ LONGBOW HUNTERS කණ්ඩායමට SILENCER සහ KODIAK දෙදෙනා ඇතුලත් කරලා තියෙනවා RED DART ගැන විමසා බැලීමක් කළොත් මුල්ම RED DART ලෙස සදහන් වෙන්නෙ John “Midas” Mallory . ඔහුට අවශ්‍ය වන්නේ ස්ටාර් සිටිවල වීරයෙක් වෙන්න. නමුත් පසුකාලීනව ඔහුව DeadShot හා සමාන දුෂ්ටයෙකු ලෙස නම් කෙරෙනවා.දෙවැනි RED DART ලෙස සදහන් වෙන්නෙ නාදුනන සිරකරුවෙක් වෙන Belle Reve. ඔහු ප්‍රථම RED DARTගේ නම සහ උපකරණ රැගෙන අසාර්ථක වූ පුද්ගලයෙක් ලෙසයි සදහන් වෙන්නෙ.

DC NEW 52වල RED DART කාන්තාවක්.ඇය සන්නද්ධ වෙලා තියෙන්නේ උපායාත්මක ඩාට්වලින්. එසේම ඇය තමයි LONGBOW HUNTERSහි සාමාජිකාවක් බවට පත් වන්නේ. ඒ අරුනාම ඇයගේ අනන්‍යතාවය අභිරහසක්. එසේම ඇය ගැන වැඩි විස්තරයක් සදහන් වෙලාත් නෑ.ඇය BRICK සහ KILLER MOTH සමග කණ්ඩායම් වෙනවා ග්‍රීන් ඇරෝව මරලා ඔහු වෙනුවෙන් නියම කරලා තියෙන ඩොලර් මිලියන තිහක තෑගී මුදල ලබාගන්න. නමුත් ග්‍රීන් ඇරෝට ඉතාමත් සාර්ථක ලෙස ඔවුන්ව පරාද කර දැමීමට හැකියාව ලැබෙනවා.KODIAK ගැන විස්තර කිරීමක් කළොත් කොමික් ග්‍රන්ථවලට අනුවනම් මොහුව LONGBOW HUNTERSහි සාමාජිකයෙක් යටතට ගැනෙන්නෙ නෑ. ඔහුව Shield Clan කියලා කණ්ඩායමක නායකයා වශයෙන් තමයි ඉන්නේ.

ඒ වගේම මොහු ගැන වැඩි විස්තරයක් එහෙමත් සදහන් වෙලා නෑ. KODIAK කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්. නමුත් ඔහු ශරීර ශක්තියෙන් හෙබි අන් අයට වඩා වේගවත් සටන් කලාවේ නිපුනයෙකු බව සදහන්ව තිබෙනවා. SILENCER ගැන කියනවනම් මෙයා ඇවිත් ටාලියා අල් ගුල් යටතේ ලෙවියාතන් කියලා සංවිධානයක හිටිය දරුණු ඝාතකයෙක්. මැයගේ සැබෑ නම ලෙස සදහන් වෙන්නෙ Honor Guest කියන නම. පසුකාලින එම සංවිධානයෙන් ඉවත් වෙලා සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙක්..

SILENCERගේ බලයන් සහ හැකියාවන් ගැන කතා කරනවානම් SILENCE MANIPULATION ඒ කියන්නෙ නිහඩව වැඩ කිරීමේ කලාවේ නිපුණයෙක්. ඇයට හැකියාව තිබෙනවා පූර්ණ නිහඩබව පවතින කලාපයන් ඇති කරන්න. එසේම ඇය සටන් කලාව නිපුන කර තිබෙනවා. තවද අවිආයුධ භාවිතය මෙන්ම සාමාන්‍යය මිනිස්සුන්ට වඩා දරාගැනීමේ ශරීර හැකියාවකින්ද පිරිපුන් තැනැත්තියක්.ඉතින් මෙහි Brick සහ Count Vertigo ගැන ඔයාලා දැනටම දන්නා නිසා මං ඒ ගැන සදහනක් කරන්නෙ නෑ. ඒ වගේම killer mothව අපිට කතාමාලාව තුළින් දැකගන්න ලැබෙයිද නැද්ද කියලා හරිහැටි සදහනක් නැති නිසා ඔහු ගැනත් විස්තරයක් කරන්න යන්නේ නෑ.එසේනම් ඔන්න අද කොටස තුළින් දැක බලාගන්න පුළුවන් රිකාඩො ඩියෑස් නිසා ඔලිවර්ට හිර ගේ ඇතුලෙ තව කරදර වැඩි වෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම ඩියෑස්ගේ යලි ආගමනය නගරයට මොන වගේ නස්පැත්තියක්ද අරන් ඇවිත් තියෙන්නේ කියලා.. මොකද LONGBOW HUNTERSලාත් රිකාඩො සමගම ස්ටාර් සිටිවලට ආවා කියන්නෙ කොහෙත්ම හොදක් වෙන්න බෑ.. ඉතින් ඇරෝ කණ්ඩායම අද යම් ආකාරයකට එකතු වීමක් වෙනවා කියලත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකත් හොද විදිහකට විසදෙන්නෙ නෑ.. ඒ වගේම අර අනාගත කාලේ විලියම් සහ රෝයි දෙන්නව පෙන්වන්නෙ මොකක් නිසාද කියන එකටත් යම් ඉගියක් අද දැකගන්න ලැබෙයි.

ප.ලි- ඒ වගේම කට්ටිය දන්නවත් ඇති DC යුනිවර්ස් එකට අලුත්ම කතාවක් එකතු උනා TITANS කියලා.. නෑ නෑ CW එකක් නෙවේ හොදේ.. ඉතින් ක්‍රියාදාමවලට කැමති ඔබ සැමට ආරාධනා කරනවා ඒ කතාමාලාව සමගත් එකතු වෙන්න කියලා. වගකීමෙන් යුතුව කියනවා ඒකනම් බැලුවට පාඩුවක් වෙන එකක් නෑ කියලා. එහෙනම් මං මෙතනින් නවතිනවා.. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

14,354 downloadsDownload Arrow.S07E02-HDTV-WEB-1.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

14,354 downloadsDownload Subtitles60 KB

77 comments

  1. Dulan Randika

    Thanx bro sub ekata enakan hitiye

  2. Supun Tharaka

    danakan balan hitiye epiya download karan.tnq bokka

  3. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි විස්තරයක්

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. ravidu ishan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ ..!!

  6. Naveendra_rox

    Thanks

  7. Iroshan Kumar

    Thanks brother

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Ayesh Prashan

    Thank You

  10. Dinesh_madhu_sanka

    Thanq kollo

  11. Nadeesha rox alahakoon

    Tnx bro subata

  12. Denis Maneesha

    Thanks bro sub ekata

  13. dinusha

    thanx sub akata

  14. dsdkavishka

    Thenks aiya

  15. chirangashan

    Supiri bro

  16. rihanakash521

    Goda kalakin comment ekak damme madukapriya saho black lightning sub eka den na bada?,black lightning samaravita ilaga cross over ekata awoth hamoma anathai ne sahota puluwannam denawada thanz sub ekata pin
    athwewwa .

    1. Nilupul Madukapriya Perera

      සබ් දෙන්න ගත්තොත් මං අනාථයි නෙව... ඒ නිසා ඉතින් කරන්න වෙන්නෙ නෑ..

  17. Kavinda

    sub akata thanks saho

  18. Isurusky

    Thx 4 ur explain & sub....jaya..

  19. 100

    Sub eakata thanx

  20. Luchnik

    Thanks bro...✌️

  21. lahiru sadaruvan

    thank you so much brother

  22. Uvindu Dilshan

    Sub ekata thankx brother

  23. Kavishkapraween

    Thanks machoo

  24. Udara Damith Dissanayaka

    අන්තිම ටික කිවුවා වගේ හොල්මන් කරලා daම්මා
    එක වෙලාවක හිතුනා ඒ ටික කාලේ හරහා ගිහින් දුපතට යන සීන් එකක්ද කියලත් \ඊට පස්සේ ayi හිතුනා කාලේ හරහා යන ඒවා අඇරෝ එකේ නෑ නේ කියලා
    ලිපිය නියමයි

    කලින් සීසන් එකේ දූ පත විනාශ කරට එක විනාශ වෙලා නෑ නේ හොදට තිබුනනේ
    තියා එහෙම මේ සීසන් එකේ නෑ වගේ

  25. Suranjan

    Thanks bro......jayawewa......!

  26. Gayan_madushanka_

    Thanks bro

  27. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  28. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා..........!!!!!!!!!

  29. nike_11

    Thx subt digtm sub onee

  30. ජනිත් කහගල්ල

    sub ekata thanks bro

  31. දෙනුවන්

    Tnx❤ saho

  32. Kulanjana Maduranga

    subata thanks

  33. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ලිපියටත් ගොඩක් ස්තූති.බුදුසරණයි..ජය වේවා!

  34. RKO

    Thanks bro

  35. Madushanka

    Thanks. Ikmanatama subs deela tiyenawa. Supiri wedak......

  36. Sherlock holmes

    Elama saha thanks :-)

  37. dil_shan

    Tnz bn sub ekata digatama me wage demu. Sub enakal api balan inne. Ela

  38. Sahan Sulakkhana

    sthuthiyi saho upasirasiyata

  39. dush135

    ela

  40. oshanda

    thanx sahoo...

  41. Bobby

    Thank you very much friend

  42. sahanga

    තැන්ක් යූ බ්‍රෝ සබ් එකට❤️

  43. nisala_d

    Thank you bro...!!!

  44. Eranda Malith 2.0

    සබ් එකට බොහොම ස්තූතියි
    ජයවේවා

  45. Lakshan

    Thanks Bro.

  46. S.K. Ruchiranga

    thzz brother

  47. Gathsara Umesh

    hamooo..ayyee marama lpyak thamaa..
    upasresyaty lpyatay bhoooooooooooooooooom sthuthy ayyeeeeeeee....

  48. gayan215

    bohoma sthuthi saho...

  49. Vihanga sathsara

    sub ekata thankss
    mona unath arrow hire inna eke podi gathiyakuth thiyanawa wage...

  50. Dasun Chathuranga

    Thank you for sub.....

Load more comments