ඇරෝ හයවන කතාමාලාව ආරම්භ වූයේ ලියැන් යූ විනාශයෙන් පසුවයි. වෙනදා තනියම හිටිය ඔලිවර්ට මේ පාර තමන්ගෙ දරුවවත් රැක බලාගන්න සිද්ද වෙනවා. ඒ වගේම දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේදී ග්‍රීන් ඇරෝ ලෙසත් වැඩ කරගෙන ඔලිවර්ට හයවන කතාමාලාවේදීත් වෙනදා මෙන්ම ස්ටාර් සිටි වනසන්නට වෙර දරන සතුරෙක් හට මුහුණදීමට සිද්ද ව…

ඇරෝ හයවන කතාමාලාව ආරම්භ වූයේ ලියැන් යූ විනාශයෙන් පසුවයි. වෙනදා තනියම හිටිය ඔලිවර්ට මේ පාර තමන්ගෙ දරුවවත් රැක බලාගන්න සිද්ද වෙනවා. ඒ වගේම දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේදී ග්‍රීන් ඇරෝ ලෙසත් වැඩ කරගෙන ඔලිවර්ට හයවන කතාමාලාවේදීත් වෙනදා මෙන්ම ස්ටාර් සිටි වනසන්නට වෙර දරන සතුරෙක් හට මුහුණදීමට සිද්ද වෙනවා. කෙසේ හෝ කලකට පසුව මෙවර කතාමාලාව වෙනස්ම මුහුණුවරක් ගන්නවා ඒ එම සතුරා දුනුවායෙක්, මායා බල ඇත්තෙක් හෝ සුපිරි ශක්තියක් සහිත අයෙකු නොවෙන නිසා. ඔහු එක් සාමාන්‍ය පරිගණක හැකර්වරයෙක්. ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියන ජායාරුපයක් මාධ්‍යවලට නිකුත් වීමත් සමග හැමෝගෙම සැකය ඔහු වෙත එල්ලවෙනවා. FBI ආයතනයෙ පවා. ඉතින් ඒ නිසාම ඔලිවර් ග්‍රීන් ඇරෝ වීමේ වගකීම ජෝන්ට පවරනවා.
කෙසේ හෝ මේ හැකර්වරයා සමග සටන් කිරීමේදී දැනගැනීමට ලැබෙන කරුණනම් ඔහු ඇනටෝලි කන්යාසෙව්, බ්ලැක් සයිරන්, රිකාඩො ඩියෑස් සහ විජලාන්ටි සමග එක්ව සිය කාර්ය සිදු කරන බවයි. මේ නිසාම ඔහුව නැවත්වීම ඔලිවර් ඇතුළු කණ්ඩායමට තරමක් අපහසු වෙනවා. ඔලිවර්ගෙ කණ්ඩායම පවා දෙකඩ වී යනවා. කෙසේ හෝ ඔහුව නැවත්වීමට ඔලිවර් සමත් උනත් අවසානයේ දැනගන්නට ලැබෙනවා මුල සිටම එම සියලු සැලසුම් වෙනත් පුද්ගලයකුගේ බව. ඉතින් ඒ අනුව තමයි රිකාඩෝ ඩියෑස් කරළියට එන්නේ.
රිකාඩෝ ඩියෑස් හෙවත් මකරා තම කාර්යයන් සිදු කරන්නෙ ඉතාමත් සුක්ෂමව මන්දගාමීව වීම විශේෂත්වයක්.ඔහු ඔලිවර් ගැන පූර්ණ සත්‍යය දැන සිටියත් එකවර ඔහුට පහරදීමේ ප්‍රයත්නයක් දරන්නේ නෑ. ඩියෑස්ගෙ අභිප්‍රාය වූයේ ඔලිවර් සතු කිර්තිය නගරාධිපති තනතුරු ආදී සියල්ල අහිමි කර ඔහුව සිරගත කරවීමයි. කෙසේ හෝ ඔහු තම සැලසුම් සාර්ථක කරගැනීමේ ආසන්නයටම ළගා වී සිටියදී ජෝන්ගේ උපායත් ලෝරල්ගෙ සාක්ෂියත් නිසා එම සැලසුම් ව්‍යර්ථ වී යනවා. ඉතින් ඒ නිසාම කෝපයට පත්වන ඩියෑස් ඔලිවර් සහ ඔහුට සමීප සෑම අයෙක්වම ඝාතනය කර දැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
ඉතින් ඔලිවර් තීරණය කරනවා ඩියෑස් එක්ක හැප්පෙන්න වෙනත් පාර්ශවයක උදව් උපකාර ලබාගන්න. ඒ අනුව තමයි ඔලිවර් FBI නියෝජිත සමන්දා වොට්සන් වෙත යන්නෙ. ඉතින් FBI සහයද ඇතුව ඔලිවර්ට හැකියාව ලැබෙනවා ඩියැස්ගෙ සංවිධානය විනාශ කර දමන්නට.. නමුත් රිකාඩෝ ඩියෑස්නම් කොහොමින්හරි බේරිලා පැනගන්නවා.. ඉතින් නගරය බේරගන්න එකට ඔලිවර්ට මේ පාර වන්දි ගෙවන්නට සිද්දවුනේ තමන්ගෙ ජිවිතයෙන්.. ඔහු ග්‍රීන් ඇරෝ බව පිළි අරගෙන ස්ව කැමැත්තෙන්ම සිරගත වෙනවා… ඉතින් ඒක ග්‍රීන් ඇරෝගෙ අවසානයද කියලත් හිතුනා..
නමුත් මේ හත්වන කතාමාලාව නිසා අපට කියන්නට පුළුවන් එය ඔලිවර් ක්වින්ගෙ ජිවිතයේ සහ ග්‍රීන් ඇරෝගෙ අවසානය නොවන වග.. ඔලිවර් බන්ධනාගාරය තුළ ගත කරන්නේ ඉතාමත් අසීරු ජිවිතයක්.. ඒකට හේතුව වෙන්නෙ ඉතින් ග්‍රීන් ඇරෝට එතන සෑහෙන්න හතුරෝ පිරිසක් ඉන්න එක.. ඒ හැම කෙනාම වාගේ බලන් ඉන්නෙ ලෙයින් පළිගන්නයි. බන්ධනාගාරය තුළ කලින් කතාමාලාවන්හි දැකලා තියෙන චරිත කීපයක්ම දක්නට ලැබෙනවා.. ඒ අතර ඩැනී බ්‍රික්වෙල්, බෙන් ටර්නර් වැනි අය ඉන්නවා..
ඉතින් ඔලිවර් හිරේ ගියාට පස්සේ නගරයේ අපරාධ වැඩි වෙලා වගේ තමා පේන්නේ. පොලිසිය කොච්චර වෙහෙස මහන්සි උනත් පලක් වෙලා නැති පාටයි. මිනිස්සු හරිම බයෙන් ජිවත් වෙන්නෙ. ඒ නිසාමද මන්දා අලුත් ග්‍රීන් ඇරෝ කෙනෙක් මතුවෙලා තියෙනවා. මේ ඇරෝව දැක්කම මතක් උනේ ඇරෝ පළමු සහ දෙවැනි කතාමාලාවන්වල හිටිය ඇරෝව.. මං එහෙම කිව්වේ ඇයිද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ එහෙනම්. ඒ වගේම තමා ඇරෝ කණ්ඩායම වෙන්වෙලා ගිහින් තම තමන්ගේ ලෝකවල වෙනමම ජිවිත ගත කරනවා. ඒ වගේම රිකාඩෝ ඩියැස් තාම නිදැල්ලේ..
එහෙනම් මං මීට වඩා දෙයක් කියන්න යන්නේ නෑ.. ඒ වගේම තව දෙයක් විශේෂයෙන් කියන්ඩ ඕනා.. මං මේ කතාමාලාව බාරගත්තේ බොහොම වැඩ රාජකාරි මධ්‍යයේ හසන්ත මහතාගේ දැඩි මරණ තර්ජන හමුවේ ඔන්න.. ඒ නිසා ඉස්සරහට උපසිරැසිය දවසක් දෙකක් පමා වෙන්න ඉඩ තියෙනවා. එහෙම දෙයක් උනොත් කට්ටියට තියෙන්නේ හසන්ත මහතා සම්බන්ධ කරගන්න. මොකද මේ පාර කතාවේ පූර්ණ වගකීම තියෙන්නේ ඔහු අතේ..
ප.ලි- ඒ වගේම කට්ටිය දන්නවත් ඇති DC යුනිවර්ස් එකට අලුත්ම කතාවක් එකතු උනා TITANS කියලා.. නෑ නෑ CW එකක් නෙවේ හොදේ.. ඉතින් ක්‍රියාදාමවලට කැමති ඔබ සැමට ආරාධනා කරනවා ඒ කතාමාලාව සමගත් එකතු වෙන්න කියලා. වගකීමෙන් යුතුව කියනවා ඒකනම් බැලුවට පාඩුවක් වෙන එකක් නෑ කියලා. එහෙනම් මං මෙතනින් නවතිනවා.. ඔබ සැමට ජයෙන් ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
12,214 downloadsDownload Arrow-S07-E01-HDTV-WEB-1.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
99 comments
Kulanjana Maduranga
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය වේවාAyesh Prashan
Hammoooo... Dannema Nathuwa Season 7th Awa.. Thank You
Dulika_Chamodya
Thanks !!!
Navi1996
හම්මේ ඉතින්...සබට ස්තුති සහෝ..❤️❤️
Kungfuuu
Ado thanks aa
subodha
Thanks
Gayan_madushanka_
Thanks bro
nike_11
Thx bro
Charinda
thanks bro
Sherlock holmes
Elama bro..thanks
Dileepa77
එල.. එල.. සබ් එක දෙනකම් ඉන්නේ බලන්.. keep it up..
DilanDilshan
amme kollo elama thamai...thada thada enakm balan hitiye..digatama sub demuu..jaya wewaa..
Kanchana
Thanx sahooo
sajith
thanks bro
දෙනුවන්
සබ් එකට ස්තූතියි. ජයවේවා❤
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. දවස් දෙක තුනක් පරක්කු උනත් කමක් නෑ සහෝ උපසිරස අරන් එන්න. මොකද ඇරේ,ෆ්ලෑශ් රසිකයන්ගේ කටවල් හොද නෑනේ. මතකනේ කලින් සීසන්. ටී.වී සීරිස් වලට සබ් දෙන එක නතර උනෙත් මේ දෙක නිසා. ඒක නිසා අපේ කට්ටියත් කියන්නේ සබ දෙන්කම් ඉවසලා ඉන්න. අනිත් දේ Titans කතා මාලාව. DC,Marvel අදාලා නෑ හැමෝම බලන්න. කාලෙකින් බලන්න ලැබුන හොදම කතාවක්...
බුදුසරණයි..ජය වේවා!lahiru sadaruvan
thank you so much brother
sahanga
තැන්ක් යූ බ්‍රදර් සබ් එකට දිගටම දෙන්න ඕන හොදේ well done keep it up bro
Kavinda
Sub akata thanks saho.
gayan215
bohoma sthuthi saho...
lakshan.s.d
බොහෝම ස්තුතී... ජය වේවා.
shiron_madushaanka
arrow s7 e1 eka kohenda bn downlode karaganne mata hoya ganna bene bn
ravidu ishan
Fb eke group ekak thiye .eken ..lesiy
Kavindu Anushka
Group ekath ohmma kiyapanko ban
sandaruwan
thenks pandara bala giya wedata hawasa aniwa sub enawa kiyala suwer nisa tenks
ravidu ishan
Tnx mcho sub ekata
saliya1991712
THnks sho
Irfdeen
උපසිරසට බොහොම ස්තූතියි දන්න කෙනෙක් ටොරන්ට් සයිට් එකක් කියන්නකෝ ඩවුන්ලෝඩ් කරගන්න
Chamliy1
thanks brooo...jaya wewa
Eranda Malith 2.0
Thanks mcn. Sub eka dunnata.
Uvindu Dilshan
Thankx bro
Denis Maneesha
Thanks bro sub ekata
Hasindu Devinda
නියමයි මචන් මන් හිතුව සබ් එන්න දවස් 3ක් වත් යයි කියල
SihanSithara
හම්මට මේකට sub කරන උබත් Arrow පිස්සෙක් උන එක මරු.තෑන්ක්ස් මචෝ....දිගටම ඔනේ
Hewage Perera
Sub ekata thanz macho. Suba
Kavishkapraween
Thanks bro sub ekt
Rashiiddamalgoda
Tnq bn
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.........!!!!!!!!!!!
Suranjan
Thanks bro.....jayawewa.....!
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Tashila
Thanx bro,
PattaKaushalya14
Elp bro
D.Chamara
bohoma sthuthi sahooo
Udara Damith Dissanayaka
නියමයි
එල
මන්නම් බලනවෝවිදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
100
Sub eakata thanx
Rithma keshan
Thnq Bokka sub eka ikmnt dunnata :-)
dinu maleesha
thanks bro
Gayandushanka
thank you..
Upul Sampath
thanks yoooooo
dil_shan
sub ekata tnz... digatama sub one me wage... elamah
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




subata thanks...