නව වැනි වසරට පා තබන සිංහල උපසිරැසි කරණයේ මහගෙදර Baiscopelk වෙබ් අඩවියට සුබ පැතුම්.. ඔන්න කොල්ලො කෙල්ලො මග බලාගෙන හිටපු පස් වෙනි කොටසත් අරගෙන ආව. දවසින් දවස කතාවට ලැබෙන ප්‍රතිචාර බලාගෙන ඉද්දි වැඩි වෙනව. ඒ ගැන නම් තියෙන්නෙ ලොකු සතුටක්. උපසිරසියක් කරන්නෙ ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. උපසිරැසිකරුවෙක්ට තියෙන…

නව වැනි වසරට පා තබන සිංහල උපසිරැසි කරණයේ මහගෙදර Baiscopelk වෙබ් අඩවියට සුබ පැතුම්.. ඔන්න කොල්ලො කෙල්ලො මග බලාගෙන හිටපු පස් වෙනි කොටසත් අරගෙන ආව. දවසින් දවස කතාවට ලැබෙන ප්‍රතිචාර බලාගෙන ඉද්දි වැඩි වෙනව. ඒ ගැන නම් තියෙන්නෙ ලොකු සතුටක්. උපසිරසියක් කරන්නෙ ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. උපසිරැසිකරුවෙක්ට තියෙන එකම ධනය තමයි ඔයාලගෙ වටිනා අදහස්. ඉතින් ඒ අදහස් හයාත්ගෙයි මුරාත්ගෙයි ආදර කතාවට නව පණක් එක් කරයි.
හරි, එහෙනම් අපි දැන් බලමු ගිය සතියෙ මොකද වුනේ කියල.. මතකනෙ හයාත්ගෙ හොර අල්ලන්න යන දිදෙම්ට වෙන අලකලංචි. අපි නම් හිතුවෙ හයාත්ගෙ බොරු ඔක්කොම මාට්ටු වෙයි කියලනෙ. ඒත් සුනා එක්ක එකතු වෙන හයාත්ට පුළුවන් වෙනව බොරුවක් ගොතල වැඩේ ගොඩ දාගන්න.. දිදෙම් කියන්නෙ කපටිකමේ උල්පතක් කියල ඔයාලට පළවෙනි කොටසෙන්ම අවබෝධ වෙන්න ඇතිනෙ.. මෙතනදිත් එහෙමයි. කොච්චර හොදින් හයාත් එක්ක කතා කෙරුවත් දිදෙම්ගෙ හිතේ තියෙන කපටි අදහස ගැන නම් හාන්කවිසියක්වත් දැනගන්න හයාත්ට පුළුවන් වෙන්නෙ නැහැ. කොහොමහරි සුනාගෙ ගෙදරින් එලියට බහින දිදෙම් එයාගෙ කෲර සැලැස්මෙ පලවෙනි වෙඩිල්ල සෙන්ක්ට කතා කරල ආරම්භ කරනව. හයාත් මුරාත්ට කියන පට්ටපල් බොරුව, එයාගෙ තාත්තට අසනීපයි කියන එක මතක ඇතිනෙ.. මුරාත් දොරුක්ගෙ මාර්ගයෙන් දැනගන්නව ඒ කිව්වෙ බොරුවක් කියල.. ඒක නිසා මුරාත්ට හයාත් පිළිබඳව තරහක් ඇති වුනත් හයාත්ගෙන්ම මේක ගැන දැන ගන්න මුරාත් කල්පනා කරනව.. කොහොමහරි හයාත්ගෙන් මේක ගැන ඇහුවත්, මුරාත් ඒ පිළිබඳව දැනුවත් කියල නොදන්න අසරණ හයාත් පරණ බොරුවම කියනව. ඒකෙන් තවත් මුරාත්ගෙ හිත බිදෙන එකයි වෙන්නෙ. අවසානයේ නෙජාත් හරහා හයාත් දැනගන්නව මුරාත් එයාගෙ බොරුව දන්නව කියල. මේ මෝඩ වැඩේ ගැන පසු තැවෙන හයාත්, එයාගෙ අතින් වුන වැරැද්ද නිවැරදි කරගන්න මුරාත්ව හමුවෙන්න යනව.. ඒත් ඒකෙන් වෙන්නෙ දෙන්න අතර විරසකය තවත් වැඩි වීමයි. මේ ඔක්කොම අස්සෙ දිදෙම් අර අදින්නෙ මුරාත්ගෙයි එයාගෙයි සම්බන්ධෙ කොහොමහරි ගොඩ නගා ගන්න. 64 මායම දාල වැඩේ ගොඩ දාගන්න උත්සහ කරන දිදෙම් යම් තරමකට සාර්ථක වෙනව ඔයාල දකින්න ඇති.. මේ අතර මුරාත්ගෙ කුඩම්මා ඩෙර්යා දොරුක් සහ මුරාත් අතර තියෙන සහෝදර බැම්ම බිදින්න උත්සහ කරනව.
ඒකට යොදාගන්න උපක්‍රමයත් සාර්ථක වෙනව.. මුරාත්ගෙ ආච්චි අම්මයි හයාත් නොහිටින්න දෙන්න සදාකාලික වෛරක්කාරයො වෙන්නත් ඉඩ තිබ්බ. මතක ඇතිනෙ අන්තිමට තිබුන දිදෙම්ගෙ 21 වැනි උපන්දින පාටිය. දිදෙම් මේක සැළසුම් කරන්නෙත් මුරාත්ව ආයෙත් යාළුකරගන්න. දිදෙම් සංවිධානය කරන තරගයේදි දිදෙම් එක්ක මුරාත් එකට තරග කරන්න සැළසුම් හැදුවත් තුවෙල් මැද්දට පැනල දිදෙම්ගෙ සැලසුම විනාශ කරනව. අන්තිමට දෛවයේ සරදමකටදෝ හයාත් මුරාත් එක කණ්ඩායමක් විදිහට තරග කරනව. මේ වැඩේ නිසා හයාත් මුරාත් අතර ආයෙත් ආදරය දළුදාල එනව. ඒ ආදරයටත් වැඩි වෙලාවක් රැදෙන්න දිදෙම් ඉඩ තියන්නෙ නෑ. දිදෙම්ගෙ සැළසුමේ තවත් අදියරක් විදිහට සෙන්ක් හයාත්ව රවටගෙන පාළු ස්ථානයකට රැගෙන යනව. එහිදි සෙන්ක් හයාත්ට කරදර කරන්න හැදුවත් හයාත්ට පුළුවන් වෙනව ඒකෙන් ගැලවෙන්න.සෙන්ක් එක්ක එකට ඉන්න හයාත්ව දකින මුරාත් නැවතත් කෝපයට පත් වෙනව. අවසානයේ හයාත්ගෙ ඇහේ කදුලක් ඉතිරි කරවල තමයි කතාව අවසන් වෙන්නෙ. අද කොටස පටන් ගන්නෙ හයාත්ගෙ ඒ කදුළුත් එක්කමයි. අද කතාවෙන් හයාත් මේ සිදුවීමට මුහුණ දෙන විදිහ බලාගන්න පුළුවන්. දිදෙම් හා සෙන්ක් අතර තිබූ තවත් රහස් ගනුදෙනුවක් අද කොටසෙන් එළියට එනව ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඉපෙක්ගෙයි කෙරෙම්ගෙයි ආදර කතාවට අද කොටසෙන් ලොකු ඉඩක් වෙන් වෙනව. මුරාත්ට පුළුවන් වෙයිද දිදෙම්ගෙ සැළසුම් ගැන දැනගන්න..? හයාත් මුරාත් ආයෙත් එකතු වෙයිද? ඒ වගේම දිදෙම්ගෙ කුකරි ක්ලාස් එකත් අද කතාවට අමුතු පණක් ගෙන එයි.. එහෙනම් හය වෙනි කොටසෙන් නැවත හමුවන තුරු ඔබ සැමට සුබ දවසක් !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
4,377 downloadsDownload Ask-Laftaan-Anlamaz-E05.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
76 comments
sandu06
Pradeep321
Thanks Sun ekata anit eka enakm balagena inne
Pradharaka Maheeshan
අම්මෝ උදේ ඉදන් බලන් ඉදියෙ මේක දානකන්…
බොහොම ස්තුතියි මචන් …
දිගටම දාපන්..පට්ට මචන්Isurusky
Thanks lokka..sub 1 denkan epi tika bagena inne..jaya wewa...
manju4300
ගොඩාක් ස්තුතියි..... මේ දවස් ටිකේම බලාගෙන හිටියා..... ඔබට ජයෙන් ජයම වේවා...
hansaka gihan
Thankz brdh
Pradeep Rathnayake
Thx mchn agili gnan kara kara htye danakn...
Prabodh100
ස්තූතියි මචං... මේ දවස් ටිකේම ඇවිල්ලා බැලුවා අද දාලද අද දාලද කියලා...
මෙන්න අද දාලා....
ඊලග එකත් ඉක්මනට දියන් නවත්තන්න නම් එපා....Sajiya99
Macho sub ekta thanks
Chamath15
සබට ස්තුතියි සහෝ.....
Sam Yashan
ela ela bro....
bimbi
ජය ජය ! පුලුවන් ඉක්කන්ට අනිකත් ඕනා
Dilruk lahiru
Elzzzzzz
Hasanka1
Ela ela sub ekata thaq mc..anith kotasath ikmanata one bokkh
Ravi28
Ela bro
prcsb
thanx mch.ela kollooo....
ilg 1th ikmnt onee.kaveesha kavinda
හම්මමෝ මේක එනකන් බලන් හිටියෙ තෑන්ක්ස් සහෝ ජය ඒවේවා !!!
Ganukahirun
Me episode eka download kara ganna link ekak depanko mchn
madusha
thanks sahoo...........
geeganagamage
බොහෝම ස්තුතියි මේ ටීවී සිරියස් එක ගොඩක් ලස්සනයි කියන්න වචන නැහැ උපරිමයි .
Kushan Charuka
Thanks ඉෂාන් bro sub වලට. හයාත් මුරාත් දෙන්නා 5වෙනි කොටසෙන් ආපහු යාළු වෙනවද කියලා බලාගන්න සබ් දානකල් බලාගෙන හිටියෙ. ආයෙත් thanks නේන ඕනෙ ඉෂාන් සහෝ අපිට ඉක්මන්ටම සබ් දෙනවට. කතාවට ගොඩක් ආස නිසා ඊළඟ එපියට සබ් දෙනකල් මග බලාගෙන ඉන්නවා..✋...
uswijesooriya
thanks to the sub....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudeepa4638
Thanks................
KGSILVA
මේක Direct බාගන ලින්කුවකුත් දුන්නම් මරු බන්,සබැ එනකන් ඇගිලි ගැන ගැන හිටියේ..දිගටම කරමූ... ජය වේවා !!!
Nishan Randika
Direct link නැද්ද bro.sub ekata tnx
Ishan007
youtube eke ask laftan official page eken download karaganna saho..
shanM
Patta pata pata.6 enakan maga balan innawoooo
TharakaWAS
ammo..thanks machan..agili gna gna hitiye.sub 1ka denkan.comment 1ka dnnat amatka una sub dkapu welwe.bala iwara welama tamai comment 1kak dnna matak une.itiri tikat puluwan ikmanatama denna. wade nawaththanna nm epa kollo..dn mekata waha watila inne bn..
jaya wewa ishan bro.....
;-)සුපිරියි මේක නම්.
Amal_indika
thanx mchn aaaaaa
fattaaaaaaGayan Kalhara
Thnkx bro
snsudeera
thanks broo.. :)
Lakshan Thennakoon
thanks ඉෂූවෝ එනකන් බලන් ඉන්නේ, බං මේක හැමදම, උම්ම්ම්ම්ම්ම්ම්හ
Upul Sampath
Thanks lot
dinusha
thanx bro..........
SCB
ela
julan
Tnx mchn
suranuwan
thanks bro....
N_R
Thank You.
lahiru praveen
thank you ayye
lahiru praveen
ithuru tikkath ikman karanda ayye
Chamath15
ඊළඟ එකත් ඉක්මනටම දෙමු...සුපිරියක් වගේ ඊළඟ එපිය......
Ishan007
අනිවා.. සුපිරියක්
Prabhasoft
Thanks bro....!!!
Yushan Malith
මචන් පැය දෙකක sub එකක් කරන එක ලේසි නැහැ. ෆිල්ම් එකක් ගත්තත් සින්දු, startඑක endඑක වගේ ඒවා sub කරලා නෑ. මේ එපි කරන්න අමාරු ඒවා. උබල කරන මේ දේ ඇත්තටම පට්ට මචං. දිගටම මං baiscope එක්ක, ජයෙන් ජය සෙට් එකටම.
Sachin madushan perera
Bro mulinma kiyanna ona sub eka nam patta. Supiriyata thiyenawa. Eka nisa oyata pattama thanks. Thawa kiyanma kalin haha epiyakatama comment damma. Ithin oya me mahansi wela karana sewaya wenuwen apita denna puluwan help eka thama me comment eka. Sirawata me kathawe mul epi dena dawas wala nam sub eka parakku nisa poddak tharaha giya eth passe theruna oya oyage wadath asse karana me wade amaru kama ithin hamadama wage kiyanna thiyenne me baiscope eka nathnam apita irai handai naa wage e tharam apita oyala karana me wade watinawa. Ithin bro oyata thank you very much and all the best!
lalvidya
ලස්සන කථාවකට ලස්සන පද ගැලපීමක්. ස්තුතියි. පොඩි දෙයක් පරක්කු වැඩිද මන්දා...
svhsathyajith
super
Achi
ෆට්ට බන්... සබ් එක කරන්න දෙන ගේවමත් ෆට්ට කතාවත් ෆට්ට...ඊලග එක දෙනකම් කොටස් 31 එක ඩව්න්ලොඩ් කරගෙන බලන් ඉන්නෝ
Inamsaldin
කවුරු හරි meke direct link tika denawada
isuvsdew
Youtube Download karagen Sub eka daganna.
Dcfchitti
ජයෙන් ජය සහෝ!!! episode 31 ම දෙන්න ශක්තිය කාලය වැඩි වැඩියෙන් ලැබේවා!!!!!!!
තෑන්ක්ස් සහෝ ජය වේවා !!!Freeway90
31ma bagena balan inne sub tika enakam. Niyama wedak bro. Digatama karagena yanna suba pathanawa. :) :)
Sajiya99
Link eka denna puluwnda
isuvsdew
Direct link ekak ne macho, Youtube eken download karagena me sub eka daganna. gindara wage wada
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks sub ekata meka dana gamanma download site eke update eka dennako plzzz