BBC Bodyguard 2018 [S01 : E04] with Sinhala Subtitles | බිඳුණු බලාපොරොත්තු…. [සිංහල උපසිරසි සමඟ]
තුන්වෙන කොටස බලපු හැමෝම දැන් තුෂ්නිම් භූත වෙලා කියල නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් තමා අවසානයේ අපට දකින්න ලැබුනේ. ජූලියා සහ ඩේවිඩ් අතර තිබෙන සම්බන්ධය තව තවත් දැඩි වෙන මොහොතක අවසානයේ අපි දැක්ක දේ නිසා මේ දක්වා කතාව ගැන අපි හිතින් බලාපොරොත්තු උන අවසානය කණපිට ගැහුනා වගේ දෙයක් සිද්ධ උනේ. හැබැයි අපි නොදන්න තවමත් රහසක් උන දේවල් ගොඩක් තියෙනවා. කවුද මේක කලේ? ඇයි කලේ? මේක ආණ්ඩුවේ ඇතුලෙන්ම දුන්න ගේමක්ද? ප්‍රශ්න නම් කෝටියයි. එත් උත්තර නම් හිතන තරම් ලේසි නැහැ.
කලින් කොටස ආරම්භයේ පටන් අවසන් වෙනතෙක් දැක්කේ ඩේවිඩ් සහ ජුලියා අතර අලුතෙන් ආරම්භ උන මේ හිතවත් කම ගැනයි. හෝටලයක නවාතැන් ගෙන ඉන්න ජූලියාගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් ඩේවිඩ් හට ඊළඟ කාමරයේ නවාතැන් ගන්න සිදු උනා. එය එකතරා විදිහක දෙන්නගේ මේ අලුත් සම්බන්ධයට රුකුලක් උනා. ඒ වගේම ඩේවිඩ්ට ඊට පෙර ඔහුගේ ප්‍රධානිගෙන් නියෝග ලැබුනා ජූලියා කරන කියන දේ ගැන විමසිල්ලන් ඉඳල ඒ ගැන ඔවුන්ට දැනුම් දෙන්න කියල. මුලින් මුලින් මේ ගැන තැකීමක් නොකළ ඩේවිඩ් පසුව ජූලියාගේ පවා ඔහුට නොකියන රහස් ඇති බව ඇය හමුවන්න පිටින් පැමිණි ආගන්තුකයෙක් නිසා තේරුම් ගන්නවා. ඒ පැමිණි කෙනා ඇයට රහස් විස්තර වගයකින් සමන්විත ටැබ්ලට් එකක් ලබා දෙනවා. ඒ ගැන ඩේවිඩ් හොරෙන් විස්තර පවා ලබාගන්න පෙළඹෙනවා ඔබ දකින්න ඇති. ඒ වගේම ජූලියා මුණ ගැහෙන්න ආ පුද්ගලයා ඩේවිඩ් විසින් නවතා ඔහුගේ විස්තර අහනවා. ඔහු පවසන්නේ ඔහුගේ නම රිචර්ඩ් ලෝන්ග්ක්‍රොස් බවයි. ඒ වගේම එක්තරා මොහොතක යුධ මානසිකත්වයැ නිසා ආතතියෙන් සිටින ඩේවිඩ් ජුලියාට පහර දෙන්න පවා පෙළඹෙනවා ඔබ දකින්න ඇති. ඒ ඔහු පීඩා විඳින මානසික රෝගය නිසා කියල පසුව ඇය තේරුම් ගන්නවා. අවසානයේ ශාන්ත මැතිව් විද්‍යාල කතාවට පෙර ජූලියා ඩේවිඩ් හට පවසන්නේ ඇයට ඔහුව අවශ්‍ය බවත් ඒ මේ රැකියාව නිසා නොවන බවත් ඒ ඔවුන්ගේ කැමැත්ත නිසා බවත්ය. අවසානයේ අපි දකින්නේ කවුරුත් නිහිතපු දෙයක්. ඇය කවතාව පවත්වන ස්ථානයට හදිසියේ පැමිණෙන තාහිර් මහමුද් ඩේවිඩ් හට පවසන්නේ ඇය මුණ ගැසෙන්න අවශ්‍ය බවකි. ඊට හේතු දක්වන්නේ ඇය විසින් කරන කතාව විකෘති කර ඇයව අපකීර්තියට පත් කරන ප්‍රයත්නයක් ඇති බවත් එය නිවැරදි කිරීමට තාහිර්ට වේදිකාව පිටුපසින් යාමට අවසර ඉල්ලා සිටිනවා. එයට ඩේවිඩ් අවසර ලබා දෙන අතර නමුත් කුමක් හෝ වැරදි ඇති බැව් දැනගත් කිම්බර්ලි නොලෙස් වේදිකාව දෙසට දිවයනවා. ඒ සමඟින් ඩේවිඩ්ද වේදිකාව දෙසට දුවනවා. අපි අවසානයේ දුටුවේ වේදිකාව අසලින් බෝම්බයක් පුපුරා යනවා. එතනින් එහාට කිසිම දෙයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.
ඉතින් අද කොටස ආරම්භ වෙන්නේ පහුගිය කොටස අවසානයේ සිද්ධ උන ව්‍යවසනයත් සමඟයි. බෝම්බය නිසා කීදෙනෙක් මිය ගියාද? ජූලියා තවම ජිවතුන් අතරද? ඩේවිඩ් ජිවත් වෙනවද? කවුද මේ බෝම්බය පුපුරවා හැරියේ? මේ ගැටළු සමහරකට පිළිතුරු අද කොටස අවසානයේ ඔබට ලැබෙයි. ඊළඟ කොටසට උපසිරැසි චාමර සහෝ අරගෙන එයි. නැවත අවසන් කොටසේදී මුණගැහෙමු. ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV/BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11838 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
Thanks bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!
ස්තූතියි බ්රද ❤️
Thanks ……………good luck ……………………
thanks sahoo sub ekata
thank you….
thanks saho..
ftth
Thnx 4 Sub
thanks bokka
Thanks bro
Thank you bro…!!!
උපසිරසට බොහෝම ස්තූතියි……….. ජයවේවා……….!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx
thanks
Godak sthuthi bro subekata…
නියමයි.ස්තූතියි සහෝ
තද තද, ඔන්න මේ කොටහත් ගත්තා,
සබට තැන්ක්ස් ආ..
නියමයි….සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු….
Thank You
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thenks aiya suppa kathawa
subata thanks saho…keep it up…
Thx
Thanks Bro…………….