අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටබලන්නශසිත් සඳරුවන් (සඳේ)සංගීතමයසිංහල උපසිරැසි

Geetha Govindam (2018) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.6/10. From 560 votes.
Please wait...

මේ අවුරුද්දේ නිකුත් වුන ආදරණීයම සිනමා සිත්තමක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ.ආදායම් අතින් සුපිරි තරු රඟපෑ චිත්‍රපට අභිබවා යමින් වාර්තා පොත් අලුත් කරන්නට මේ චිත්‍රපටය සමත්කම් දැක්වුවා. තමිල්නාඩුවෙන් තෙලුගු චිත්‍රපටයක් පළමු දවසේ ලද ආදායම් අතරින් දෙවෙනි වන්නේ බාහුබලි චිත්‍රපටය ලබාගත් ආදායමට විතරයි. කෝටි 15ට අඩු වියදමක් දරා නිපදවූ මෙම චිත්‍රපටය දින 35ක් ගතවද්දී කෝටි 130ට අධික ආදායමක් ලබාගෙන දකුණු ඉන්දීය සිනමාව හොල්ලන්නට සමත්කම් දැක්වූවා වගේම වාර්තා රැසක් තබන්නටත් සමත්කම් දැක්වූවා.

එයින් කිහිපයක් නම්,[box]
එදා මෙදාතුර වැඩිම දළ ආදායම් ලද තෙලුගු චිත්‍රපට 10 අතරට පැමිණීම.

දකුණු ඉන්දියාවේ කෝටි 100ට වඩා වැඩි ආදායමක් ලබාගත් එකම රොමෑන්ටික් කොමඩිය වීම. එම සමත්කම දැක්වූ එකම ඇක්ශන් කාන්ඩයේ නොවන චිත්‍රපටයත් මෙයයි.

දකුණු ඉන්දියාවේ සුපිරි නලුවන් වන සූර්යා , අජිත් කුමාර් සහ අල්ලු අර්ජුන්ගේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට වන පිලිවෙලින් Singam2 , Vivegam , Sarrainodu ලැබූ ආදායම අභිබවා යෑම.

තමිල්නාඩුවේ සහ කේරල ප්‍රාන්ත වල තෙලිඟු චිත්‍රපටයක් ( හඬනොකවා ) ලැබූ වැඩිම ආදායම වාර්තා කිරීම.

වැඩිම කාන්තා ප්‍රේක්ශක ප්‍රතිශතයක් චිත්‍රපටය නැරඹීමට පැමිණීම. ( ඔව් ඔව් විජේ නිසා තමයි 😛 )

විජේ දේවරකොන්ඩාගෙ පිට පිටම ‘බ්ලොක්බස්ටර් ‘ වුන තුන්වන චිත්‍රපටය වීම.[/box]

සුපිරි බොලිවුඩ් තරු දෙකක් වන John Abraham සහ Akshay Kumarගේ, පිළිවෙලින් Satyameva Jayate සහ Gold චිත්‍රපට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කළ දිනයේදීම, එනම් අගෝස්තු 15 වෙනිදා ප්‍රදර්ශන කටයුතු ආරම්භ කළ නමුත් ඒ චිත්‍රපට දෙකටම වඩා සාර්ථක වෙමින් ආදායම් ඉපයූවේ කවුරුත් මවිතයට පත්කරමිනුයි.

Romantic, Comedy කියන කාණ්ඩයට. පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Parasuram විසින්. සංගීතය Gopi Sundar ගෙන්. රංගණයෙන් දායකත්වය දක්වා තිබෙන්නේ කවදත් කියනවා වගේ පෙරළිකාර විජේ දේවරකොන්ඩා සමඟින් සුරූපී නිළි රෂ්මිකා මන්දනා. ඒ වගේම දර්ශන කීපයක් සඳහා Nithya Menon සහ Anu Emmanuel සහය රංගණයයෙන් දායකත්වය දක්වා තිබෙනවා. Pelli Choopulu, Arjun Reddy, Mahanati, NOTA වගේ චිත්‍රපට පලපු අය විජේගේ රංගණය ගැන හොඳටම දන්නවා ඇති. ඒ වගේම Kirik Party, Chamak, Chalo, වගේ චිත්‍රපට බලපු අය රෂ්මිකාගේ රංගණය ගැන දන්නවා ඇති. නැගීගෙනම එන සුපිරි තරු දෙකක් කිව්වොත් නිවැරදියි. ඒ වගේම 3700+ මනාප සංඛ්‍යාවකින් IMDb දර්ශකයේ 8.2 ක අගයක් මේ වන විට ලබා තිබෙනවා. ලස්සනම සින්දු ටිකක් තියෙන නිසා ඉංග්‍රීසි පරිවර්තන හොයාගන්න පුලුවන් වුන සියලුම ගීත සිංහලට පරිවර්ථනය කළා. ඒ ටිකත් රස විඳිය යුතුම ගීත පෙළක් කිව්වොත් නිවැරදියි.

කතාව ගැන නම් වැඩ්ය කියන්න යන්නේ නෑ. මොකද මේ වගේ එකක් කතාව වැඩිය නොදැන බලනකොටයි චිත්‍රපටයේ රස දැනෙන්නේ. විජේ කියන්නේ ගුරුවරයෙක්. හිතේ ඇඳිලා ඉන්න ගෑනු ළමයා ගැන හීන දකිමින් ඉන්න මෙයා දවසක් කෝවිලකදී හිතේ ඇඳිලා තියෙන විදිහේ ගෑණු ළමයෙක්ව දකිනවා. ඉතින් ඊට පස්සේ දවසක එයාගේ නංගිගේ විවාහය වෙනුවෙන් ගමට යන්න යනකොට මේ තරුණියත් ඒ බස් එකටම ගොඩවෙලා එයාගේ ලඟින්ම වාඩි වෙනවා. එතනදී සිදුවන සිදුවීමක් නිසා වැඩේ දුර දිග යනවා. ඒ සිදුවීමත් එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඒ සිදුවීම මොකක්ද? මේ සොඳුරු ආදර කතාව ගොඩනැගෙන්නේ කොහොමද? ඒ සියල්ලට උත්තර සොයාගැනීම ඔබට බාරයි.

ප.ලි: මේ චිත්‍රපටයට තවම කිසිදු භාෂාවක උපසිරැසියක් නිකුත් වී නැහැ. අසා ලිවීමක් කරලා තමයි මේ උපසිරැසිය අරන් ආවේ. ඉංග්‍රීසි උපසිරැසිය ආවම අඩුපාඩු නැතුවම දෙනවා කියලා හිටියට ෆිලුම එනකල් බලාගෙන හිටිය ප්‍රේක්ශකයින්ගේ දැඩි තර්ජන හමුවේ දෙන්න තීරණය කළා. 😛 ඒ නිසා පොඩ් පොඩි අඩුපාඩු විඳ දරා ගනිමින් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. වෙනත් තැන් වලින් චිත්‍රපටය ගන්න අයට කියන්න තියෙන්නේ ඩිරෙක්ටර් කට් (DC) කොපිය ගන්න එපා කියන එකයි. මොකද ඒ චිත්‍රපටය නෙවෙයි. චිත්‍රපටය සංස්කරණයට පෙර, රූගත කළ දර්ශන එකතු කර සෑදූ වීඩියෝවක්. HDTV කොපිය කලින්ම නිකුත් වුන නිසා ඒ කොපිය ගත්ත අය වෙනුවෙන් ඒකට හරියන උපසිරැසි ගොණුවත් ඇතුලත් කරලා තියෙන්නේ. අනිත් අය HD කොපිය අරගන්න. මේ උපසිරැසියේ අඩුපාඩු අවම මට්ටමට ගෙන එන්න උදව් කරපු තරිඳු රුක්ෂාන් අයියාටත් බොහාම ස්තූතියි කියන්න ඕන. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා ඇතුලු වාර්තා ටික හොයලා දුන්න සඳුන් රණතුංග සහෝදරයාටත් බොහොම ස්තූතියි. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper True HQ HDRip / HQ HDTV-Rip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

198 thoughts on “Geetha Govindam (2018) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි! [සිංහල උපසිරැසි සමඟ]

  • ko mata baagan akohenda ?

    Reply
  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
    • Nipun sasinka

      ඇත්තටම බොහොම ස්තුති ඔයාලට..❤❤❤❤❤

      Reply
  • thank you for the subtitles

    Reply
  • Bandula Gurusinghe

    Geetha govinda film

    Reply
  • dilshan wicramasingha

    machn film eka gannna site ekak kiyhnko ganna be neeee

    Reply
  • torrent link eka cant find ,pls help.

    Reply
  • Film එක ගන්න බෑනේ කෝ ඒක Please

    Reply
  • Great Assasing

    එලම.ස්තූතියි bn

    Reply
  • Geetha Govindam (2018) එක මට බලන්න ඔනෙ එත් නෑ නේ

    Reply
    • Baiscopedownloads. co එකෙන් ගන්න. ඕපන්ලෝඩ් වලින් දීලා තිබ්බ ලින්ක් නම් එක්ස්පයර් වෙලා තියෙන්නේ. යූසර්ඩ්‍රයිව් වලින් දීලා තියෙන එකකින් ගන්න. ජය!

      Reply
  • mithnil1986

    Thanks Bro…Good luck

    Reply
  • Thanks brother …..

    Reply
  • උපසිරැසියට ස්තූතියි නියම චිත්‍රපටයක්

    Reply
  • Geeth govindam sinhala subtitel

    Reply
  • Geetha govindam film eke sub download wenne ne..ay a

    Reply
  • ayurvedalakshan123

    Thanks bro

    Reply
  • madawaththa

    එලම.. ස්තූතියි සහෝ..

    Reply
  • නිමල් දිසානායක

    ෆිලුම බැලීම සොඳුරු අත්දැකීමක්.
    ශසිත්,
    ඒ ඔබේ රසාලිප්ත සබ්ස් නිසා!
    ස්තුතියි.

    Reply
  • m0712235565

    film eka ganna hoda link ekak kiyannako

    Reply
  • lucifer_morningstar

    Thanks bro

    Reply
  • OsandaFdo

    HArima lassanai..ekenm ftt..❤️

    Reply
  • PrabuddhaDaskon

    Thanks kollo..

    Reply
    • sumith1994

      Bro me move eka ganna link ekak kiynna

      Reply
  • Saritha diwankara

    Thank you sub ekata

    Reply
  • Pasindu19701

    තව මේ වගේ tamil romantic ෆිල්ම්ස් තියෙන්වනම්….ඒවත් දාන්න

    Reply
  • මොළ කකුලුස්

    මම මේ අවුරැද්දේ දැනට බලපු Film වලින් හොදම එක තමයි Geetha Govindam…පට්ට ලස්සන කතාවක්…පැය 2 ක් විතර film එක ලග ගොඩක් ආශාවෙන් නැවතිලා හිටියා…පට්ට ලස්සන love story එකක් තමයි මේක……මේ වගේ film එකක් ආදයම් වාර්තා කඩන එක සාධාරණ යි…මේ වගේ ලස්සන film එකකට සිංහල subtitles දුන්න ට ගොඩක් ස්තුතියි සහෝදරයා….film එක ගැන කියන්න වචනත් නැ….ඒ තරම් හොදයි.හොඳයි කියන්නේ හොදටම හොඳයි…උඩ තියන ලිපියටත් ගොඩක් ස්තුතියි..ඒක ගොඩක් වටිනව….ජය වේවා..ජය වේවා යාළුව…………….# ආදරය සුන්දර වරදකි ##…*

    Reply
  • bohomath sthuthi me wage film apita balanna mahansiwela aragena enawata

    Reply
  • sanjeewa8844

    Lassana kathawak hide…..

    Reply
  • Sandunprabath1230

    බොහොම ස්තූතියි මචං

    Reply
  • මම සාමාන්‍යයෙන් බලන්නෙ English & Korean movies විතරයි.
    Tamil ඒවා බලන්න නම් ආසම නෑ.
    ඉස්සරම රාජාරානි movie එක නම් බැලුවා.
    මේකෙ Song එකක් දැකල නිකමට හිතුනා බලන්න ඕනෙ කියලා…. ඉතින් බැලුවා..
    ආදායම් වාර්තා තැබීම පුදුමයක් නෙමේ කියලා හිතුනා. කාලෙකින් බලපු වෙනස්ම ලස්සනම movie එකක්.
    ඒ කොල්ලව දැක්කම නම් පිස්සු හැදෙනවා තමයි…

    මේ වගේ ලස්සන movie එකකට සබ් දුන්නට ගොඩක් ස්තුතියි…
    කිසිම අඩුපාඩුවක් නෑ, සුපිරියටම සබ් එක තිබුනා..

    Reply
  • neelanethra

    ස්තූතියි .

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • superb sync. Thanks man

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles…පට්ට ලස්සන කතාවක්….

    Reply
  • Thanks…………..

    Reply
  • pinsara perera

    kohomada bn ubala tamil films download karanne.please hoda website ekak kiyannako.

    Reply
  • සබ් එකට බොහොම ඉස්තුතියි.

    Reply
  • Thanks saho sub ekata.supiri film ekak wage

    Reply
  • Thanks …………….good luck ………………….

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
    • chamika ddd

      lassana movie ekak subtitles hodata thibuna oyage…

      Reply
  • ඔන්න පොරොන්දු වුනා වගේම ඉංග්‍රීසි සබ් එක ආවට පස්සේ උපසිරැසියේ අඩුපාඩු හදලා අප්ඩේට් කළා. මට මෙතෙක් ලැබුණු වැඩිම කමෙනට්ස් වලින් සංග්‍රහ කරපු හැමෝටම ස්තූතියි.ජය!

    Reply
    • Anonymous

      film eka downlod karanna link eka dennako

      Reply
  • shanlakmal

    lassana film ehekata sub eka deela thiyenne saho. godak sthuthi..

    Reply
  • අනිවාර්යයෙන්ම බලන්න . සුපිරි film ekak. man බලපු සුපිරිම තෙළිඟු film eka.සඳරුවන් bro thnx hode.

    Reply
  • පට්ට ෆිලුම තෑන්ක්ස් බොක්ක සබ් එකට ❤

    Reply
  • Madushanka

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Thanx bn sub ekt..digatama sub demu.jaya wewa…

    Reply
  • Vijay ge “Dwaraka” telugu movie ekkth sub eka dann…

    Reply
  • Pasindushan99

    Mama balapu supirima thelingu film eka!… Ogollonta godaaak godaak Thanks karanawa!…
    Thawa me wage supiri thelingu film godak nikuth wela thiyenawa!… Ewatath ikmanata ewatath sub dennakooo… THANKZZZZZZZZZZZZ…………..

    Reply
  • jayathilaka_maxx

    sub walata thax, vijay devarakondage aluth patta filme tikak thiyenva eth balanna vidihak na sub nathuva……
    1 taxiwaala
    2dwaraka
    me tike sub tiakath ikmanata danna bro,thanx

    Reply
  • Can you give subtitles for chamak movie…❤️

    Reply
  • Pradeep321

    thanks sub ekata arjun reddy film ekata sub dennako

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ……

    Reply
  • bohoma sthuthi sahooo jaya …

    Reply
  • Film eka nm patta machn.. sub ekata thnx. sub eke adu padu thiyena ewath omplete karapn.

    Reply
  • Thnkx aiye loku udawwak…film eka download krgtthata sub eka hoyaganna thibbe ne eka link ekkwth…thibba sub ekath weda ne….thanks sub eka dunnata…issrahatath thawa thawa film wlaa sub hdnna puluwn wenna kiyal prarthana krnw

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • kumaradasa

    bohoma stutie sub ekata.

    Reply
  • Haritha245

    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • dsdkavishka

    Thenks sub ekata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Kaushan Herath

    දෙන්න වදන් නෑ සබට තෑන්ක්ස් සහෝ

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • අඩෝ සුපිරි බන්..උබ නන් දෙය්යෙක් නෙවේ දේවාලයක්….❤️❤️❤️

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • ThilinaDinelka

    Supiri filumak meka….denakanmai balan hitiye

    Reply
  • thanks aiye

    digatama sub dapan

    Reply
  • thusitha Premarathna

    Thanks sub akata

    Reply
  • chathurangi93

    ambooooo enakam balagena htye. Shashith Sandaruwn gdaaaaak thankz mekata nam!. Dn itin Arjun Reddy thama adu. Ekath ikmanata genewi kiyala balaagena innawa. Gddaaak Thankz! Good Luck!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
    බොහොම වටිනා විස්තරයක්.
    ජයෙන් ජය.

    Reply
  • oya nam deyyek kollo…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයවේවා …..

    Reply
  • basura indrachapa

    සිංහල උපසිරැසියට ජය!!!
    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ…………….. ජය!!!!

    Reply
  • පට්ට මචන්

    Reply
  • Nuwan_Hero

    elakiri bro
    thanks

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

    Reply
  • නියම වැඩක් ශසිත්. ඉදිරියටත් මෙවන් නිර්මාණ වලින් හමුවෙමු.

    Reply
      • කොරියන් TV සිරියස් එකක් ඕනි අක්කේ හොද එකක්

        Reply
  • Lasantharathnasirirox

    Tnx සහෝදරයා….. බලන්න විදිහක් නැතුව හිටියෙ.

    Reply
  • සුපිරි බොක්ක විජේගෙ එන හැම ෆිල්ම් එකකටම සබ් කරපන් මචං අපි බලන් ඉන්නවා

    Reply
  • sub ekata thanks mcn

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn jayawewa

    Reply
  • dilshananjana

    Thaks for the sub bro….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amal_indika

    sub ekata thank you bro……….
    ela………

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • dulanjalidassanayake

    ammo anthimata awa……. <3 <3 <3

    Reply
  • Pasindu7365

    Supiri,Thanks mchn

    Reply
  • ado thanks bn sub ekata. enankn bala bala htye…elama

    Reply
  • sooriyapatabadige

    Me naluwagema DWARAKA 2017 film ekata sub denne nadda bro………..

    Reply
  • යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • sooriyapatabadige

    Thanks for sub bro………….(Thikka 2016 & Majnu 2016) films walata sub dennako please……………. Godak pin

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • Wpm-Wijelath

    Thanks bro godak asawen hitiye film eka balanda

    Reply
  • Athula Kariyawasam

    සබ් එක දෙනකම් හිටියෙ.

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…එනකන් බලන් හිටියේ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සුපිරිම වැඩක්

    Reply
  • Pathum N Herath

    එල බං තන්කූ ඩිරෙක්ටර් කට් එකේ ඉදන් මාර විදිහට ඩේට කාගන ඩවුන්ලෝඩ් කරල බලෆු පිලුකම් ඒත් සබ් නෑ . තේරෙන්නෙත් නෑනෙ තෙලිඟු ඉතින් මේ ෆිලුමට තාම ඉංග්‍රීසි සබක්වත් නෑ.උබ අසාලිවීමක් කරක මේක දුන්නට රොම්බ තෑන්ක් ඩා එල ජයෙන් ජයම වේවා

    Reply
  • Ayesh Prashan

    Supirie Saho Supirie.. Thank You

    Reply
  • තෑන්ක් යූ සදේ අයියා.අනිවා බැලිල්ලක් තමයි.බොහොම ස්තූතියි සබට

    Reply
  • අම්මෝ ගොඩක් තෑන්ක්ස් අයියේ, ගොඩක් ආසාවෙන් හිටියේ මේක බලන්න. උපසිරසට ගොඩක් ස්තූතියි. ජය වේවා!

    Reply
  • kushan.nishshanka

    thanks you for sub..

    Reply
  • මේවගේ මහන්සි වෙලා කරන වැඩේටත් ගරු නොකර කමෙන්ට් එකක් දලා වෝට් එකක් දාලා යන්න තරම් මනුස්සකමක් නැති උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට උන් ගැන හිතන් නැතුව දිගටම සබ් දෙන්න

    Reply
  • ගින්දර මචන්
    ෆිල්ම් එක රිලීස් වුන දවසේ ඉඳන් බලන්න ඇඟිලි ගැන ගැන හිටියේ
    ඉංග්‍රීසි සබ් එකක්වත් නැති වෙලාවේ මේ විදිහට සබ් එක කරලා දුන්නාට ගොඩක් ස්තූතියි ❤️

    Reply

  • මේක නම් පට්ටම ෆිලුමක් තමයි.
    සබක් දෙනකම් ඉවසගන ඉන්න බැරි නිසා සබක් නැතුවම බැලුවා.
    ආයේ පාරක් බලන්න ඕන. බොහොම ස්තුතියි ශසිත් සහෝ…!!
    සබට රේටින් දැනට 5.2.
    ෆිලුම බලන්නත් කලින්ම ඇවිත් අඩුවෙන් රේට් කරලා යන කැ…යෝ ගැන දුක් වෙන්නෙපා මචං.
    කිසිම භාෂාවකින් සබක් නැතිව සබක් කරන එක කොච්චර කට්ටක්ද කියල අපි හොඳටම දන්නවා.
    බොහොම ස්තුතියි…!!
    ජයවේවා…!!

    Reply
  • පැතුම් ඉෂාර

    හම්මේ දෙනකන් බල්න් ඉදියේ!!! සබට තෑන්ක්ස් ඈ!!! ☺️

    Reply
  • sanjaya thilakarathna

    මචන් ගින්දර බන්
    සිරාවටම english sub එකක් වත්
    තාම නැ හරියට උබ මේ ගහපු මේ ගේමට
    ස්තුති මචන්

    Reply
  • ss.sinhala

    පට්ට බ්‍රෝ තැන්ක්ස්.ගුඩ් ලක්

    Reply
  • ahinsapiyumali

    THank uuuuuuuuu

    Reply
  • ලහිරු උදය

    Meka enakam dathakata madagena idiye thanks sho sub ekta, digatama sub denna

    Reply
  • Nishara F'do

    Thankz machnn….mechchra kal baln unne meka enkm

    Reply
  • ස්තුතියී උපසිරසියට..
    දෙනකන් බලන් හිටියේ..
    ඕං ගන්නවා
    ජයෙන් ජය..

    Reply
  • gihaniluki

    Thanks machoo… fatta…

    Reply
  • ammo thanx machooo digatama tamil telugu fil denna jayen jaya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *