Bend It Like Beckham (2002) Aka Kick It Like Beckham Sinhala Subtitles | ඉන්දියානු යුවතියගේ පාපන්දු සිහිනය [සිංහල උපසිරසි]
අයුබෝවන් යාළුවෝ හැමෝටම.. තවත් ලස්සන සුබ දවසක් වේවා..
මම 50වෙනි උපසිරසියට ලං වෙලා ඉන්න කාලේ දවසක් ලෂාන් සහෝදරයා මාත් එක්ක චැට් කරලා මේ චිත්‍රපටය අරගෙන කරන්න, ලස්සනයි කියලා කිව්වා. එවෙලෙම මං චිත්‍රපටය බාගත්තත් බාර අරන් තිබුණු චිත්‍රපට හා මං පෙලගස්වන් හිටිය චිත්‍රපට නිසා ටිකක් විතර පරක්කු වුනා සිංහල සබ් හදන්න. අවසානයේ අද මං ඔයාලට ඒ චිත්‍රපටය අරන් ආවා. ලෂාන් සහෝ.. ඔයාට බොහොම ස්තූතියි.. මේ චිත්‍රපටය මට හඳුන්වා දී මේ චිත්‍රපටය සඳහා උපසිරසි වෙන් කරදී දැකුවූ සහයෝගයට.
Bend It Like Beckham
ඉන්දියානු සංස්කෘතිය තුල බොහෝවිට දකින්න තියෙන්නේ ගැහැණිය ගෙදරටම කොටු වී ස්වාමියාගේ දරුවන්ගේ වැඩ පල කරන ඒ සඳහාම කැපවී සිටින කෙනෙක් ලෙසයි. ඇයට ක්‍රීඩාව නම් තහනම්. එය ඉන්දියාවෙන් පිටත වුනත් වෙනත් රටක ස්ථිර පදිංචිව සිටියත් බම්රා පවුලටනම් ඒ නීතිය එහෙමමයි. ඒත් බම්රා මහතාගේ දෙවනි දුව පාපන්දුවට දැඩි ආශාවක් ඇතුවා සේම පාපන්දු ක්‍රීඩාවටද දක්ෂකම් දක්වනවා. යන එන වෙලාවේ ඉඩ පහසුකම් ඇති වෙලාවක ඇය ටිකක් සෙල්ලම් කරනවා. පසුව ඇය ගෙදරට හොරා, රහසේම තම පුහුණුවීම් කටයුතු කරගෙන යන්නේ මගදි හමුවන ජූල්ස් නම් යහළුවෙක් සමගයි. දහසක් නීති අතරේ, තම ජාතියේත් පවුලේත් ගෞරවයටත්, තම උපන් රටේ නාමයටත් කැළලක් නොවෙන ලෙස පාපන්දුවෙන් ලොව දිනන්න වෙර දරන ඉන්දියානු යුවතිය ජෙස්ම්නිදර්ගේ කතාව තමයි මේ.
චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය Gurinder Chadha විසිනි. තවද ඇය නිෂ්පාදනයෙන් හා තිර රචනයෙන්ද සහය වී ඇත. ඇයට අමතරව නිෂ්පාදයෙන් Deepak Nayare සහ රචනයෙන් Paul Mayeda Berges, Guljit Bindra එකතු වී ඇත. සංගීතය Craig Pruess විසිනි. රංඟනයෙන් ජෙස් බම්රා ලෙස Parminder Nagra, ජුලියට් ලෙස Keira Knightley, ජෝ ලෙස Jonathan Rhys Meyers, මෝහන් බම්රා ලෙස Anupam Kher, ටෝනි ලෙස Ameet Chana ඇතුළු නළු නිලියන් රැසක් එකතු වී ඇත.
මෙම චිත්‍රපටය ප්‍රථමයෙන් 2002 අප්‍රේල් 12 වන දා එක්සත් රාජධානියේත්, 2002 ඔක්තෝබර් 3 වන දා ජර්මනියේත් සහ 2003 මාර්තු 12 වනදා ඇමරිකා එක්සත් ජනපදයේත් තිරගත වී ඇත. විනාඩි 112ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 6 ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 104.6 ක් පමණ වේ. IMDb දර්ශකයේ 6.6ක්, Rotten Tomatoes 85% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 85%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
නැවත වරක් ලෂාන් සහෝදරයාට මගේ ස්තුතිය පුදකරමින් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1922 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks……….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks, primal fear ekata sub dennako
පරණ ෆිල්ම් වලට සබ් දෙන්නෙ බයිස්කෝප් විතරයි..thank you brother.good luck.!!!
bohoma sthuthi saho sab ekata.good luck.!!!
Thanks
Thank you
thank you
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
Thank uou
තෑන්ක්ස් සහෝ
thank you very much for the sub..
thank you for the sub..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකි අයුරින් පැරණි චිත්‍රපටම දිගටම ලබාදෙන ලෙස ඉල්ලමි.
English ෆිල්ම් එකක් උනාට මේකෙ හින්දි කට්ටියනෙ බාගයක්ම රඟපාන්නෙ.අපරාදෙ. නැත්තං බලන්න තිබ්බා.මටනං හින්දි අප්පිරියයි.වැරදිලාවත් බලන් නෑ..ශාරුක් හිටියොත් ඇරෙන්න. කලින් දුන්න වගේ English film වලටම සබ් දෙන්න.මොනා උනත් සබට තුති සහෝ..
සිරාවට? 🙁 ඒක ඉතින් ඔයාගෙ රසවින්දනේ තමා. මේක සම්මානෙකට පවා නිර්දේශ ලබපු සුපිරි ස්ටෝරිලයින් එකක් තියෙන කතාවක්.
හ්ම්ම්..මම දන්නෙත් නෑ ඇයි හින්දි බලන්න බැරි කියල.සමහරවිට ෆිල්ම් එක මැද්දෙන් නටන සින්දු දාන එක,වෙන්න බැරි අතාත්වික ස්ටොරි ලයින්,ගොං ජෝක්,poor cinematography ,සමහර නළු නිළියන්ගෙ poor acting, over-rated movie reviews [සමහර බයිස්කෝප් එකේ ලිපිත් ] හේතු වෙන්න ඇති.සමහරවිට ඉන්දියාව මට පොඩි කාලෙ ඉඳල ඇලජික් හින්ද වෙන්නත් ඇති.කොහොම උනත් ශාරුක්,කාජල්,අමීර් කාන් හිටියොත් නම් ඕන එකක්.අනික 2015න් පස්සෙ ආපු ගොඩක් ෆිල්ම් මෙලෝ රහක් නෑ. ඒව බලල ෆිල්මුත් එපා උනා. 2000ට කලින් ඒව ඇරෙන්න දැන් නම් වැරදිලාවත් හින්දි බැලෙන්නෙ නෑ .හින්දි සිනමාව ගැන කලකිරිල ඉන්නෙ.මොකද ඊට වඩා සිය දහස් ගුණයක් හොඳ වෙනත් භාශා වල සිනමා කර්මාන්ත ලෝකෙ තියෙන හින්ද.English[US,England,canada,Australia],Spanish,Russian,Korean,French,Thai,German also south indian[Malayalam,Telugu & kannada]
bohoma sthuthiy
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
මෙව්ව නොබලන දෑස් ඉතින් වැඩක් නෑ. බලන්න ලැබුණු හොඳම ෆිල්ම් එකක්. ස්තුතියි උපසිරසට.
eththa kathawa
thanks..
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බොහෝ විට වෙබ් එකට ආවහම බලන්නේ ඔබේ නමින් සබ් එකක් තියනවද කියලා.
සම්මාන නිර්දේෂිත ඒවාට මමත් කැමතියි. බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!