Benji (2018) with Sinhala Subtitles | නුවණැති බල්ලා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ අද මම අරන් ආවා ලස්සන කතාවක් හැමදාම ෆිල්ම් බලලා විතරක් හරියන්නැති නිසා නිකන් ඉන්න එකේ සබ් එකක් කරන්න හිතුවා.මේ සබ් එක හදන්න මට දවස් 3ක් විතර ගියා ඒකට හේතුව මුල් ටිකේ සබ් එක හැදුවෙ මැශින් එකේ on-screen keyboard එක දාගෙන හිතාගන්නත් බෑ නේද? පුලුවන්ද. හා ඉතින්. කොහොම හරි පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන්න ඕනෙ හින්දා පහුවදා ගිහින් keyboard එකකුත් අරන් ආවා එක සබ් එකක් හදපුවාම තවත් ඒව කරන්න හිතෙනවා ඉතින් ඉස්සරහටත් මේක කරගෙන යන්න තමා හිතාගෙන ඉන්නෙ. ඉතින් චිත්‍රපටයේ පසුබිම ගැන පොඩ්ඩක් කීවොත්.
මේ කතාව 2018 ආපු අලුත් කතාවක් උනාට මේකට කලින් බෙන්ජි කියලා බල්ලෙක්ගෙ කතාවක් 1974 දී විකාශනය වෙලා තියෙනවා ඒ කාලයේ ඒ කතාව ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා 2018 ආපු මේ කතාව Netflix සමාගමෙන් හදලා තියෙන්නෙ. ඔයාලා දන්නවා ඇතිනේ Netflix කියන්නෙ සුපිරි චිත්‍රපට හදන සමාගමක් කියලා. මේ කතාවෙ ආදරය (ආදරය කිව්වට අම්මගෙ ආදරය ගැන ඔය කියන්නෙ) කරුණාව, ත්‍රාසය බීතිය, සතුට, විනෝදය යන කරුණු වගේම බාල මහලු හැමෝටම හොද ආදර්ශයක් දෙන කතාවක් කියලත් කියන්න පුලුවන් මේකේ අධ්‍යක්ෂකවරයා Brandon Camp කියලා කෙනෙක්. රගපාන්න දායක වෙලා තියෙන්නෙ Gabriel Bateman, darby champ කියන ලමයි දෙන්නයි Kiele Sanchez කියය සුපිරි නිලියයි. චිත්‍රපටිය IMDB 6.4 ක හොද අගයක් අරගෙන තියෙනවා මේ කතාව බාල මහලු ඔක්කොටම කම්මැලි නැතුව බලන්න පුලුවන්
කතාව ගැන පොඩි විස්තරයක් කීවොත්, බෙන්ජි කියන්නෙ පාරෙ අතරමං උන පුංචි බලු පැටියෙක් මෙයා ගොඩක් අහින්සක ලස්සන හුරතල් බලු පැටියෙක් එක දවසක් මෙයා ඔහේ ඉබාගාතෙ යනකොට කාර්ටර් කියල අහින්සක කොල්ලෙක් හම්බෙනවා. කාර්ටර් කොහොම හරි මේ බල්ලාව යාලු කරගන්නවා කාර්ටර්ට ඉන්නවා සහෝදරියක්. මෙයාලා දෙන්නා එයාලගෙ අම්මට හොරෙන් තමයි මේ බල්ලව හදන්න හිතන් ඉන්නෙ ඒකට හේතුව එයාලගෙ අම්මා ළමයි බල්ලො ඇති කරනවට කැමති නෑ මේ ළමයින්ගෙ තාත්තා එයාලව දාල යනවා. තාත්තගෙ කියලා මෙයාලට මතකයකට තියෙන්නෙ එයාගෙ ඔරලෝසුව විතරයි. මේ ඔරලෝසුව අම්මා උකස්කරුවෙකුට විකුණනවා ළමයි දෙන්න මේ ඔරලෝසුව ආයෙ ගන්න සල්ලි එකතු කරනවා දවසක් එයාලා එතනට යනකොට එයාලට ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න වෙනවා එයාලව ඒකෙන් බේරගන්නෙ මේ බෙන්ජි කියන බලු කුක්කා. වැඩි විස්තර ඕනෙ නෑ කතාව බලලම ඉන්නකෝ.
විශේශයෙන්ම මට සබ් එකක් කරන්න කියලා අදහස දුන්නු චතූ අයියටයි මට සබ් එකක් කරන්න ඕනෙ කියලා හිතුන වෙලාවෙ ඒකට අවශ්‍ය උපදෙස් ටික දුන්නු bඅයිස්කොප් එකේ සහෝදරයන්ටයි මගෙ අවංක ස්තූතිය පුද කරනවා එහෙනම් මම ගියා ඔබට ජය වේවා..සුබ දවසක්. සබ් එක ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා මොකද ඒව කියවනකොට ලොකු සතුටක් ලැබෙනවා ඒකයි.
Due to copyright issues, we do not provide any torrent links
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3545 --
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-06-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks malli
niyamai aiye budu saranai
thank you
thanks
Ela saho thanks
සුපිරි වැඩක්.
හරිම අපූරුයි. දිගටම මේ වගේම ලස්සණට
සබ්ස් දෙන්නට ඉඩ-කඩ උදා වේවා!
ජය!
Thanks !!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx for the sub
Thanks.
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
sub eka denakam balagena hitiya bohoma sthuthi sahoo jaya
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
ජයෙන් ජයම වේවා!
ඔන්න බාගන්නවා.
බලලා විස්තර කියන්නම්.
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks
Thank you
ස්තූතයි ඔක්කොටම
Thanks malaya.digatama karamu.
GOOD LUCK MALLI TANKZZZZZ……
elama
sub ekata thanks
patta brother thanks a lot more brilliant
Thanks bro…good job and well done…keep continue it…god bless you…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Sub ekt bhoooom sthuuthiyi sahoodry
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Netflix නම් පට්ට කතාවක් වෙන්න ඇති….
දිගටම සබ් දෙමු…
බොහොම ස්තුතියි අපිට බලන්න මේ වගේ ලස්සන ෆිල්ම් අරගෙන එනවට .
Thanks saho
sub ekata thanks saho. jaya wewa!!