ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රප…

ඔන්න මගේ 150 වෙනි උපසිරැසත් අරගෙන ආවා. ඒ කියන්නෙ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනෙ තුන් වෙනි සංධිස්ථානය පසු කරන්න තමයි මේ හදන්නෙ. 2014 අවුරුද්දෙ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් ගෙන හින්දි චිත්‍රපටි 112 ක් දමිල චිත්‍රපටි 7ක් මලයාලම් චිත්‍රපටි 5ක් තෙලිඟු චිත්‍රපටි 6ක්, ඉංග්‍රීසි චිත්‍රපටි 4ක් හා TV Series කොටස් 15 ක් සඳහා උපසිරැසි දෙන්නට හැකි වුනා.
ඉතින් මේ ගමනට මට උදව් උපකාර කල සියලු දෙනාටම මේ අවස්තාවේ ස්තූති වන්ත වෙන්න ඕනෙ. නම් වශයෙන් මතක් කරන්න ගියොත් මග ඇරෙන නිසා එකින් එක මතක් කරන්නෙ නැහැ. ඉතින් ඇඩ්මින් මඩුල්ල වගේම බයිස්කෝප් පවුලෙ සහෝදර සහෝදරියො ඔක්කොම ආදරයෙන් මතක් කරනවා.
ඒ වගේම අපේ උපසිරැසි ගැන්වීම් වලට වචනෙකින් හරි කමෙන්ට් එකක්දා න ඩවුන්ලෝඩ් කරන ඔයාල හැමෝමවත් මතක් කරන්න ඕනෙ. මොකද ඔයාලගෙ ප්‍රතිචාරය අපිට ගොඩක් වටිනවා.

1947 අවුරුද්දෙ රටවල් වෙන් කිරීමෙදි පාකිස්තානය කොටස් 2කට කැඩුනා. බටහිර පාකිස්තානය සහ නැගෙනහිර පාකිස්තානය ලෙසට. නැගෙනහිර පාකිස්තානයෙ මිනිස්සු උර්දු භාශාව වෙනුවට බෙංගාලි භාශාව කතා කරන්න පටන් ගත්තා. ඒවගේම එයාලගෙ ජීවන විලාසයත් බටහිර පාකිස්තානයෙන් ගොඩක් වෙනස් වුනා. මේ නිසා පාකිස්තානය ඔවුන්ට වෙනස් කම් කලා. ඒ වගේම කුරිරු ආකාරයකට ඔවුන්ට සැලකුවා. 1970 දි නැගෙනහිර පාකිස්තානයේ මුස්ලිම් ජාතිකයින් සහ හින්දු ජාතිකයින් එක් වී මේ වෙනස් කම් වලට එරෙහිව නැගී සිටියා. එම කැරලි වලට විරුද්දව එවකට සිටි ජනාධිපති යායා ඛාන් සහ ජෙනරාල් ටික්කා ඔපරේශන් සර්ච්ලයිට් යටතේ අහිංසක මිනිසුන් මිලියන තුනක් මරා දැමුවා. ඒත් මදි වෙච්චි පාර භුජ් ගුවන් තොටුපලටත් ප්‍රහාර එල්ල කරන්නයි සූදානම. එවකට භුජ් ගුවන් තොටුපල භාරව සිටියේ අයිඒඑෆ් බලඝණ නායක විජේ කාර්නික්.
මේ සටනෙදි පාකිස්තාන ගුවන් හමුදාව විසින් එල්ල කරන බෝම්බ ප්‍රහාර නිසා භුජ් ගුවන් පථය විනාස වෙනවා. එම ප්‍රහාරය පර්ල් වරායට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සමාන යැයි සඳහන් වෙනවා. එම ප්‍රදේශයේ සිටි කාන්තාවන් රැසකගේ දායකත්වයෙන් දින තුනකින් එම ගුවන් පථය නැවත ඉදි කරවනවා. එම කතාව තමයි මේ චිතපටියෙ තියෙන්නෙ.
Abhishek Dudhaiya අධ්‍යක්ශනය කරන මේ චිත්‍රපටියෙ රංගනයෙන් අජේ දෙව්ගන්, සොනක්ශි සිංහා, නෝරා ෆටේහි, ශරද් කේල්කර් සහ ප්‍රනිත සුබාශ් රංගනයෙන් දායක වෙනවා. 2019 ජූනි මාසෙ තිරගත කිරීම් ආරම්බ කරපු චිත්‍රපටිය හයිද්‍රාබාද්, කච්, බෝපාල්, ඉන්දෝර්, ලක්නව්, මුම්බායි, කල්කටා සහ ගුර්ගාවෝ ප්‍රදේශ වල රූගත කර තිබෙනවා. 90%ක් පමන රූ ගත කිරීම් අවසන් කර තිබුයදී කොරෝනා වසංගතය නිසා 2020 නොවැමබර් දක්වා කල් යනවා. අන්තිමේදි ඉන්දියානු නිදහස් දිනය සමගාමීව තිරගත කරනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Tanishk Bagchi, Gourov Dasgupta, Lijo George – Dj Chetas. ගීත ගායනයෙන් Jubin Nautiyal,Mika Singh, Arijit Singh, Udit Narayan,Neeti Mohan සහ Palak Muchhal එකතු වෙනවා. ඉතින් කියෙව්වා ඇතිනෙ. තවත් චිත්‍රපටියකින් ලගදිම මුන ගැහෙනකන්, ගිහින් එන්නම්. චිත්‍රපටියෙ දෙබසකින්ම ලිපිය අවසාන කරන්නම්.
මගේ තාත්තා.
සතුටෙන් ඉන්න විශ්‍රාමික සොල්දාදුවෙක්.
එයා කිව්වා, පුතේ ත්‍රිවර්ණ ධජය ඉහලට ඔසවා එන්න.
නැත්නම් ධජයෙ එතිලා එන්න.
මම එයා කියපුවා මතක තියාගත්තා.
හතුරන්ට පිටිපස්ස හැරෙව්වෙ නෑ.
අන්තිම උණ්ඩයත් පපුවටම වදින්නෙ.
මගේ පොඩි මල්ලි…
එයාගෙන් අහන්න මගෙ පොරොන්දුව රකිනවද කියලා.
ඔලුවෙ අත තියල දිවුරල ආවා…
එක පුතෙක් මැරුනොත් තව පුතෙක් එනවා කියල.
එක පුතෙක් මැරුනොත් තව පුතෙක් සටන් බිමට එනවා කියල.
මගේ පුංචි නංගි…
එයාට කියන්න එයා ඉල්ලපු තෑග්ග මට මතකයි කියලා.
ඒත් අවාසනාවන්ත යමක් සිද්ද වුනොත්..
රාඛි බඳින්න කලින් මම රට ගැන හිතුවා කියලා.
ලිඳ ගාව තියෙන ගේ අමතක කරන්න එපා.
එහෙ තමයි එයා ඉන්නෙ.
මාත් එක්ක ජීවත් වෙන්න මැරෙන්න පොරොන්දු වුන කෙනා.
එයාට කියන්න භාරත මාතාවට උදව් කරන්න ගිය නිසා
එයත් එක්ක ඉන්න බැරි වුනා කියලා.
එක පොරොන්දුවක් වෙනුවෙන් තව පොරොන්දුවක් කැඩුනා.
තව එක ඉල්ලීමක්, තව එක ප්‍රාර්තනයක්…
මම මැරුනම අඬන්න එපා.
මම තමයි මේ මරනය තෝරගත්තෙ.
මම ජීවත් වෙන්නෙ මැරෙන්න.
මගෙ නම රණවිරුවා…

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
9,196 downloadsDownload Bhuj-2021.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
71 comments
LaHIRU
DILmin
Sub ekata thanks!
tharindu
keep it up, Good Luck..!!
Kantha_DLA
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ravindu Rukshan
සුබ ඇතුම් දහරා අක්කී, ඉදිරියටත් යන්න ලැබේව කියා පාර්ථනා කරනවා.
හේමන්ත
ස්තුතියි අමා...
සුභ පැතුම් කඩඉමට...
මම ඔයාගේ මහන්සියෙන් ගොඩක් අරන් තියෙනවා.. ස්තුතියි.. තව දුරටත් කරගෙන යන්න.ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරි.
150 වැනි කඩයිමට මගෙනුත් සුභපැතුම්.
Sanjeewa2010
Congtrzzzzzzzzzz
රොෂාන් ශමීර ජයසිංහ
සිංහල උපසිරසි මහගෙදර තුන්වන කඩඉමට මගෙන් උණුසුම් සුබ පැතුම්...
තව තවත් උපසිරසි නිර්මාණයට අවැසි ශක්තිය, කාලවේලාව වැඩි වැඩියෙන් ලැබේවා..
~ ජය වේවා ~Anonymous
සුබපැතුම් අක්කේ
සුපිරියක්ම බස්සලා තියෙන්නේNeo
Congrats sister
Keep it upChamith
හින්දි නම් ඉතින් ඔයා තමයි
තෙවන කඩයිමට උනුසුම් සුබපැතුම්
ඔයා සබ් දීපු ගොඩක් ෆිල්ම් බලලා තියේ හැමඑකටම කමෙන්ට් නම් දාලා නෑ හැබැයි ඒකට සමාව බජනය කරනෝ හොදෙයි
ඉදිරියටත් මෙවැනිම සුපිරි හින්දි ෆිල්ම් දෙන්නAnonymous
Congratulations for 150th sub
Anonymous
Dial 100 (2021)/ Shershaah (2021) film 2th oya gammatama demu sis
Anonymous
wena film ekakne link eke thiyenne
Lakshitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරි ..
තුන්වන කඩයිමටත් උනුසුම් සුබපැතුම් සහෝදරි ..
ජයෙන් ජයම වේවා !!jagath55
Thanks
මයුර
මරු අක්කේ ඈ. හැම ජාතියෙම වගේ සබ් කරලනේ. හදවතින්ම සුබ පතනවා තුන්වෙනි කඩයිමට. තවත් කඩයිම් ගණනාවක් පසු කරන්න ලැබේවා..!!!
Anonymous
තෑන්ක්ස් වේවා
Rakitha Poornima Ranathunga
Congratulations akke...
Ikmanata 200th gahamuAnonymous
සුබපැතුම් සහෝදරිය
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!sheron
Congrats for 150th
Thanks for this one alsoSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට 150වෙනි සබ් එකට සුබ පැතුම්
සුභාෂිණී මල්ලව ආරච්චි
උපසිරැසියට බොහොම ස්තූතියි. 150 වෙනි කඩයිමට සුබ පතනවා. උපසිරැසිකරණයේ තව තවත් කඩයිම් ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ජය වේවා...!
නිමල් දිසානායක
ශතක එක හමාරකි - පොඩිම නැති වැඩ ගොඩකි
තව අමා බෙදතහැකි - ඔබෙ ගමන ජය එකකි!Prabodha
Congratulations Sis..
මධුකප්‍රිය පෙරේරා
150වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්!
ගුණාත්මක ලෙස උපසිරසි ලබාදෙමින් පසු කළ
තෙවැනි කඩයිමට සුබ පතන ගමන්ම, ඉදිරියේදී
තවතවත් වැඩි වැඩියෙන් ඉන්දීය සිනමාවේ චිත්‍රපටවලට
උපසිරසි ලබා දෙන්නට හැකි වේවායි පතනවා!
උපසිරැසියට ස්තුතියි. ඔබට ජයෙන් ජය!Bhanuka
උනුසුම් සුබපැතුම් අක්කේ
ඊලග කඩයිම්වලටත් ඉක්මනින් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!sachintha
150 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයHasitha
තුන්වන කඩයිමට සුබපැතුම් සහෝදරී
ඉතිරි කඩයිම් වලටත් ඉක්මනින් යමු
සිංහල උපසිරසියටත් ස්තුතියි සහෝදරී ….. !!Kushan
Sub akta thanks
මංජුල
880mb ටොරන්ට් එකේ ලින්ක් එක අවුල් මචං
පොඩ්ඩක් ඒක බලපන්
ස්තුතියි සබ් එකටram
CONGRATS FOR 150
Manoj Bajpayee ge "DIAL 100"
Sidharth Malhotra ge "SHERSHAAH" sub plzD.Chamara
bohoma sthuthi .
Harshi Gangodawilage
congratulations for 150 sub. Thank you so much for this sub
ශසිත් සඳරුවන්
සබට තුති වේවා වගේම කඩඉමටත් සුබපැතුම් අක්කේ....
හේමක්කාගේ සබ් වලින් ඉතින් ඇති තරම් ෆිල්ම් බලලා තියෙනවා..
කලින් කඩඉම් වලට ඇති තරම් වර්ණනා කරලා තියෙන නිසා කියන්නත් දෙයක් නෑ. :P
තව තවත් උපසිරැසි අරන් එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ...
ජය!ශසිත් සඳරුවන්
සොරි හේමක්කා නෙවෙයි මුතු අක්කා :P
මයුර
Sahan
සුබපැතුම් 150ට
Naveen
උපසිරසිකරනයේ තුන්වන කඩයිමට සුබපැතුම්
උපසිරසියටත් තුතිAnonymous
Congrats sister..keep moving
Oshada
සුබපැතුම් අක්කේ 150 ට
මරු ෆිලුමක් හොයාගෙන කඩයිමට
සබටත් තෑන්ක්ස් අක්කේJames
Thank you very much
Anonymous
Netrikann - 2021 sub plz
MTR Tharindu Rukshan perera
මුලින්ම 150 වෙනි උපසිරැසි නිර්මාණය නොහොත් උපසිරැසිකරණයේ තුන්වන කඩඉම කරා පැමිණීම පිළිබඳව සුභ පතනවා. අනිත් කඩඉම් ටිතක් ඉක්මණින් පසුකරන්න අවස්ථාව ලැබේවා! තවත් සිංහල උපසිරැසි නිර්මාණය කරන්න කාල අවකාශයද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Anonymous
CONGRATS
රනා
තුන්වන කඩයිමට සුබපැතුම් වේවා
Anonymous
200ත් ගහමු ඉක්මනින්
Uvi
150 ට 50 වෙනි කමෙන්ටුව මගෙන්
හදවතින්ම සුබපැතුම් සහෝදරිය
ඔයාලා නැත්නම් ඉතින් මේවා කොහොම බලන්නද ඉතින්Priyantha Dayakeerthi
දහරා මුතු අමා සොයුරිය,
150 වන සිංහල උපසිරසි නිරමාණ කඩඉමට මාගේ සුබපැතුම්! හින්දි සිනමාවේ "නොමැකෙන සිහිවටන" බොහොමයකට ඔබ මේ අතරතුර සබ් දීලා තිබෙනවා. මම යෝජනා කර සිටිනවා පැරණි කලාත්මක සිනමාපට රසිකයන් වෙනුවෙන් ඉඳහිට හෝ සබ් එකක් දෙන්න කියලා. එසේම ඔබ මීට පෙර සිංහල සබ් දුන් Aradhana (1969) Abhimaan (1973) Shree 420 (1955) ආදී සිනමාපට සහ 1990 දශකයේ සිනමාපට තවමත් අමතක නැහැ. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ ප්‍රණාමය සහ ස්තුතිය පිරි නමමි, ඔබට ජය!Deshan
අප්පටසිරි 150ත් ගහලා නොවැ
හදවතින්ම සුබපැතුම් සහෝදරී
සුපිරියක්ම ගෙනල්ල තියෙන්නේ තුන්වන කඩයිමට,නියමයි
ඔයාගේ ජිවිතේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
තෙවැනි කඩඉමට උණුසුම් සුබ පැතුම්. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.