කස්ටියට බලන්න මේ පාර අරගෙන ආවෙ ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් නිකම්ම එකක් නෙමෙයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.9 හිමිකරගිමින් 2013 වසරේ ප්‍රංශයේ පැවති කාන් සිනමා උළෙලේ වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් සුපිරි සලරැවක්. බයිස්කෝප් ගැන හොදට දන්න කස්ටියනම් මේ සලරැවගැන විස්තර දන්නවා ඇති. මොකද සම…

කස්ටියට බලන්න මේ පාර අරගෙන ආවෙ ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් නිකම්ම එකක් නෙමෙයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.9 හිමිකරගිමින් 2013 වසරේ ප්‍රංශයේ පැවති කාන් සිනමා උළෙලේ වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් සුපිරි සලරැවක්. බයිස්කෝප් ගැන හොදට දන්න කස්ටියනම් මේ සලරැවගැන විස්තර දන්නවා ඇති. මොකද සම්මානයට පාත්‍රවුන කාලයෙ ලංකාවෙ පුවත්පත්වලයි ගොසිප් වෙබ්අ ඩවිවලයි මේ ගැන විස්තර පලවුනේ හිටු කියලා. ඊට කලින් කියන්න ඕනෙ උඩ 18+ කියලා දාලා තිබුනට මේක 21+ චිත්‍රපටයක්. ඒ කියන්නෙ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.
මෙහි කතාව දිවයන්නෙ දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්වන ඇඩෙල් කියන ගෑණුළමයා වටා. මේ ඇඩෙල් තමන්ගෙ පාසලේම ඉන්න තෝමස් කියලා පිරිමිළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා. හැබැයි තෝමස් තමන්ගෙ අවශ්‍යතාවයන් ඉටුකරගත්තට පස්සෙ ඇඩෙල්ව අතාරිනවා .තමන්ට හැමදෙයක්ම නැතිවුනා කියලා ඇඩෙල් දුක්වෙනවා. මේ අතරතුරේ ඇඩෙල්ට අහම්බෙන් වගේ එමා කියන ගෑණුළමයව හම්බෙනවා. එමා ටිකක් අමුතු කෙනෙක්. කෙල්ලෙක් උනාට වැඩකරන්නෙ හරියට කොල්ලෙක් වගේ. ඉතින් කාලයක් යනකොට ඇඩෙල් සහ එමා හොද මිතුරියන් බවට පත්වෙනවා. ඒ යාළුකම කෙමෙන් කෙමෙන් ආදරයකට හැරෙනවා.මෙන්න මෙතන ඉදන් එමා සහ ඇඩෙල්ගෙ අසම්මත ආදර කතාව තමයි ඉදිරියට ඇදෙන්නෙ. කෙටියෙන් කියනවනම් මේක ඇවිල්ලා ආදරය, වෛරය, විරහව, කාමය, යුතුකම් සහ වගකීම් ගැන කියවෙන නුතන සමාජයට ගැලපෙන විචිත්‍රවත් සලරැවක් විදිහට හදුන්වන්න පුලුවන්.
අපේ සහෝදරයෙක් උපසිරැසි ලබාදුන්න Fatal Attraction සලරැවට එක්තරා පුද්ගලයෙක් චෝදනාකරලා තිබුනා බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය මගින් අසභ්‍ය චිත්‍රපට ලබාදීලා ලාංකීය ජනසමාජය නරක් කරනවා කියලා. ඇත්තටම ලංකාවෙ සමාජය අලුතින් නරක් කරන්න දෙයක් තියනවද? කොළඹ ජනප්‍රිය බාළිකා පාසල්වල සහ කොක්ගල, කටුනායක, බියගම යන වෙළෙද කලාපවල මේ අසම්මත කතාව බරට නැගලා යනදෙයක්. ඒ විතරක් නෙමෙයි හමුදාවෙ සෙබලියන් දෙදෙනෙකු අතරද අසම්මත සබදතාවයක් පවත්වගෙන ගිහිල්ලා ඒක අන්තිමට කෙලවරවුනේ මිණීමැරැමකින්. ඒ වගේම පහුගියදා රාගම ප්‍රදේශයේ පාසල් සිසුවියක් දුම්රියට පැන සියදිවිනසාගන්න හේතුවුනේද ගුරිවරියන් දෙදෙනෙකුගෙ අසම්මත සබදතාවයක්. මේ කිව්වෙ මාධ්‍ය ඇසට හසුවූ සිදුවීම් පමණයි. බටහිර රටවල්වල අසම්මත සබදතා නිසා පවුල් සංස්ථා බිදවැටුනට මිණීමරාගන්න සියදිවිනසාගන්න තරම් පහත් තත්වය ඒ රටවල් ඇදවැටුනෙ නැහැ. මේකට ප්‍රධාන හේතුවවෙලා තියෙන්නෙ නොදැනුවත්කම. ඕනම මනුස්සයෙකුට හැගීම් කියලා දෙයක් තියනවා. ඒ හැගීම තමන්ට විරැද්ධ ලිංගිකයෙකුට වගේම සමාන ලිංගිකයෙකුටද ඇතිවෙන්න පුලුවන්. ඒක තමයි මිනිස් ස්වභාවය. නමුත් ලංකාවෙ මිනිස්සු බහුතරයක් ඒ සත්‍ය තේරැම් අරගෙන නැහැ. ආගමින් සහ සංස්කෘතියෙන් ඒ සත්‍ය බැහැරකරලා. ඒක නිසා තමයි බටහිර රටවලට වඩා ලංකාවෙ සමාජය පරිහානියට පත්වෙලා තියෙන්නෙ. ලිංගිකත්වය ගැන කියවෙන චිත්‍රපටයක්, ටෙලිනාට්‍යයක් එළි දැක්වුවහම හැමෝම දොස් කියනවා. ඕවා අපේ රටට, සංස්කෘතියට ගැලපෙන දේවල් නෙමෙයි කියලා. නමුත් ඊට වැඩිය දරැණු දේවල් හැංගිහොරා මේ ලංකාවෙ වෙනවා කියලා ඒ අය දන්නෙ නැහැ. සිනමාවෙ ප්‍රමුඛ අරමුණක් තමයි රසවින්දනය සමඟ දැනුමට යමක් ලබාදීම. ඒ වගේම සමාජය ගොඩනැගීම. මගේ මතය නම් හැමදාම බලන ෆැන්ටසි චිත්‍රපටය පොඩ්ඩකට පැත්තකින් තියලා මේ වගේ චිත්‍රපටත් බලන්න ඕනෙ කියනඑක. මොකද ලංකාවෙ මිනිස්සු සමාජ සම්බන්ධතා ගොඩනගාගන්න ආකාරය වගේම පවත්වගෙන යනආකාරය හරිම දුර්වලයි. මේ වගේ චිත්‍රපටවලින් නරක්වෙලා තියන සමාජය පොඩ්ඩක් හරි හොද අතට ගන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්. මේ වෙබ් අඩවිය චිත්‍රපටදෙන වෙබ්අඩවියක් නොවී විචාරලියන වෙබ් අඩවියක් වුනානම් මේ මාතෘකාවගැන ඕනතරම් කතාකරන්න පුලුවන්. තව කිව්වොත් ඔයාලට චිත්‍රපටය බලනඑකත් එපාවෙයි.
එහෙනම් මං ගියා.හැමෝටම සුබ දවසක්.ජය වේවා……!
18,465 downloadsDownload Blue-Is-the-Warmest-Color-2013.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
128 comments
ශාන් විමුක්ති [විමා]
samadhi
thanks brother...
janaka
thanxxxx
චන්දිම අමරසිංහ
නියමයි සහෝ බලන්න ආසාවෙන් හිටිය එක්ක සුභපැතුම්..
දිගටම කරගෙනයමු...
ජයවේවා...!$Dumee4u
well said...!!
හර්ෂණ
මෙන්න මචන් බා ගත්ත, ෆිලිම හොද නම් බලලත් කමෙන්ට් කරන්නම්.
නලින් පෙරේරා
ස්තුතියි ලක්ෂාන්මෙක නම් බලන්නම ඕනේ කොහොම හරි..
ජය වේවා!
sarath
film gena danneti aya kiyana kata ganangannepa.... midea walin karana dewal walata film pali nene..... anika lankawae godak ayata hariyanne SIRIPERAKUM, KUMARIHAMI wage ewwa... anna ewage FILM tikak hoyala SUB danna... etakota hoda kiyai...... FILM ekak beluwata narak wenawanam dawasaganeTV eke yana telidrama balala news balala kochcharaknam narak wenna onada?
tawat deyak, film ekakata sub danakota denaganna ona dewal tikak tiyanawane ewa oyalage site eke pehediliwama tiyanawa egenat sub dana hemowama denuwat karanna... bohoma istuti me karana sewayata .......harsha
අපෝ මේ නරක ෆිල්ම් එකක් නේ මට නම් එපා මම නම් ගන්නේම නෑ. ඒ උනාට ස්තූතියි හොඳේ
ලක්ෂාන් නිලංක
ඔව් උබලා 18+ කිව්වහම නොබලම ඉන්න එවුන් නේද
මම මමමයි..
HARSHA .. තෝ බැලුවේ නැති උනාට මේකේ බලන උන් ඉන්නවා.. නිකන් p වෙන්නේ නැතුව උඹ ගිහින් කාටුන් බලපන්... :D
harsha
මම මේක බාන ගමන් ඉන්නේ. හෙන හිමින් මචං බෑවෙන්නේ කරුමේ තමයි. මේ යන වේගෙට තව පැය 5ක් යනවලු හෆෝයි මොනවා කරන්නද බලාන ඉන්නවා මිසක්
වරුණ රංගජිත් (වරූ)
ආව්..ආව්... මරු ෆිල්මක් ගෙනල්ලා තියෙන්නේ...
අපි ඉතින් 18 අඩු නිසා 18+ වුනාම තමයි මේක ගන්න වෙන්නේ..(හි..හි..)
නියමයි...
ජයම වේවා...!!!Shyan Rhythmika
thanks for the film and sub.......!!!!!
sasi
lakshan sahodaraya hoda kathawak kiwwe.mn eka 100% pili gannwa.. film ekta thanks
හර්ෂ ලහිරු
එල එල ලක්ෂාන් කොල්ලා කොර පාරක් බස්සලා තියෙන්නේ :P :P
:D මං නම් මේකෙ හොද කොපියක් ආවගමන්ම වගේ බැලුවා :D
සබ් එකට බොහොම ස්තුතියි සහො :D ජයAshain
mamath balan idiye meka enakm.......thnx sahodaraya.........balanne nathi aya udin thiyna eka kiywala balanna puluwn nm ....meka balala kathawa therum aran meken kiynne mokdda kiyla therum ganna puluwn maanasika thathweka innwa nm balana eka thamai hoda...........nathuwa me asabya arawa mewa kiywanne nathuwa......
oya 'fatal attraction' eke asabyai kiypu mahaththaya kollek newei wennathi enam.. jaya wewa..pubudu
lankawa wena dewal batahirata eha giya dewal.eth ape samaja kramaya sirith walin ewa eli wenna nodi wahan innawa. eka tamae lankawa sucides, hith thawul,family conflicts godak wadi.
adare kiana de piwituru nam eka ona kenek atara wenna puluwan.api unat eka hela dakinawa. eth ehema karana eka unath waradi.
hoda movie ekak meke yatartaya pennana one,natiwa sex neme.mama hitanne meka hoda movie ekak. tama gatte nam na.eth hoping to
Uma
නියමයි සහෝ බලන්න ආසාවෙන් හිටිය එකක්ක සුභපැතුම්
vinod
elaa elaa machan!!!!!!! owa balala wath ape un hadeii ne!! fattaa film ekak machan! godak thankx!!
dim123
anna hari niyma uththarayak dunne pattai saho.lankawe ganika wiyaparaya nithi gatha nokarapu nisa thama bala aparadha , lingika hinsana , mini marum wenna pradhana hethuwa thailand wage ratak ganna maha rata 12n passe unath ganu lamayekta pare yanna puluwan pasubimak ehe tiye .ape rajaya ganika wiyaparaya nithi gatha karoth godak wisadum labewei man hithana widiyata .bets wishes saho
Chami
Thanks...
මම මමමයි..
මචන් එල තමයි.. වැඩිහිටියන්ට පමණයි නෙවෙයි ඕනි මගුලක් දීපන් අපි බලනවා.. :D නළු නිලියෝ ඇඳුම් නැතිව රඟපෑවත් කමක් නෑ.. හොඳ නිර්මාණයක් මචන්.. උඹේ සබට තැන්ක්ස් මචන් ලොවෙත්.. 21+ වැඩි උනාට අවුලක් නෑ ආ.. ඒ වගේ ඒවා බලන්න තමයි ගොඩක් කොල්ලෝ 18 පනිනවට ආසාවෙන් හිටියේ... :D ඔන්න දැන් චාන්ස් එක ඇවිත්.. හැමෝම බලපල්ලා ඈ.. ආයිත් කියනවා මචන්.. සබ් එකට ගොඩක් ස්තුතියි.. ජය වේවා..
nilupul anuruddhaka perera
oni akek banapuden kollo,ganan ganna apa.sanskruthiya,sadacharaya gena kiyana awun thamai ahinsaka lamai pawa duushanaya karanne,watema genu thiyagena inne.un sub akata thanx.jaya wewa...
kkg
Avilena ginnata piduru.... ala tnx
LOLLA
atha maranawa ada mama Thaxxx :D
Mad
Thanxx mcn
janaka kalu
thanks dear..
ඉසු ඩිපි (Isu DP)
සහෝ ලක්ෂාන් නියමයි..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!BiHaN®
thx bro....dl wenawa :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)සිරිබිරිස්
ෙමම fillm ඒක පවුල් සංස්ථාව විනාස කරන්න ෙහදයි හැම මිනිෙස්ක් තලම හැගිම් ති ෙබනවා ඒවා පාලනය ෙතරව
සමාජ වි ෙරදි ෙලස හැසිරිමතිලින් අෙප් පාසල් පද්දතිය හා කාන්තා පරපුර අසම්මතෙය් හැසිරිමය බාජනය වුවෙවහ්
ලංකාෙව් පවුල යන සංකල්පයට කමක්ද ෙවන්ෙන් අපි බටහිර ෙනෙව්යි අපි අෙප් සංස්කෘතිය සිටිය යුත යි
අපි බල්ෙල් ෙනෙම්යි ෙමම fillm ඒක ලබා දන්නු බල්ලාට ස්තතියි
අපිට හිතන හිතන ෙද් කරන්න ගි ෙය්ත් ළමයිවත් තියා ගන්න ඒක ෙහ දයි කියයි තව ටික දවසකින්
උඹට ෙමම කරපු උදවුවට ස්තතියිතිසර නියෝ (Thisara Buddhika)
එතකොට තමුන් කියන්නේ අපේ රටේ ඉන්න අය ෆිල්ම් වලින්ද සමාජ හැසිරීම් ඉගෙන ගන්නේ.
තොපිල වගේ මී හරක් උම්බෑ කියන එකෙන් පෙන්නේ තමුන්ගේම ගොබ්බ කමයි
Ashain
me mona gon thadiyekda………..film ekak athule thiyna kathawa oluwen therum ganna bari ubala wage manasika leddu ape lankawe witharai bn inne………………..anukampa karnna one…………..
ලක්ෂාන් නිලංක
චිත්‍රපටය නෙමෙයි අසම්මතය බිහිකලේ.අසම්මතයයි චිත්‍රපටය බිහිකලේ.ඉහත ලිපියෙ දක්වලා තිබෙන, ලංකාවෙ වෙලා තියන හැම අසම්මත සිදුවීමකටම වගකියන්න ඕනෙ මේ වගේ චිතපට කියනඑකනම් මහ මෝඩ තර්කයක්.අනිත් එක මම කිව්වෙ නැහැ අසම්මතය හොදයි කියලා.ඔබ මේ චිත්‍රපටය අවසානය තෙක් බැලුවොත් තේරෙයි අසම්මතයෙ ප්‍රතිඵලය.එයට සමාජයෙන් ලැබෙන්නෙ කුමන ප්‍රතිචාරයක්ද කියලා.කිසිම දෙයක්ගැන පිටතින් බලා නිගමනයකට එන්න එපා.තව දෙයක් විවේචනයක් කරනකොට ඒක කනරන පිළිවෙලක් තියනවා.එක එක සත්තුන්ගෙ නම් ප්‍රකාශ කිරීමෙන් ඔබේම සත්ව ගතියයි පිළිඹිබු වෙන්නෙ.
AngoBaba
loku aththe , balanta bai nam kata wahagena hitapan. modaya.
ලක්ෂාන් නිලංක
ලංකාවෙ ඔය කියන සංස්කෘතියට සදාචරයට මුවා වෙලා තමයි හැම වැරදි වැඩක්ම වෙන්නෙ.ඒවෑ ඵලය ගැන කියවෙන නිර්මාණයක් එළිදැක්වුහම හැමෝම බනිනවා.මොකද ඒක එළිපිට පෙන්නන නිසා.අරවා වෙන්නෙ හැංගිලානෙ.ඕකට කියන්නෙ ඇත්ත දිරවගන්න තියන අමාරැව කියලා.අපිට බටහිරින් වෙනස් සංස්කෘතියක්,අනන්‍යතාවයක් තියනවනම් ඒක විකෘති කරන්නෙ නැතිව රැකගෙන ජීවත්වෙන්න ඕන.
හර්ෂණ
අනේ බන් මන් ඉතා බැතියෙන් ඉල්ලා සිටින්නේ මේ 18+ චිත්‍රපටි බලල සමාජේ විනාශ වෙනවා කියන උතුම් මිනිසුන්ගෙන්. උබල මේවා බලන්න එපා. අනේ බන් උබල බලපල්ලා අර @අන්නියන්, @රගදේ බසන්ති වගේ චිත්‍රපටි. අනේ රත්තරනේ ඒවා බලල හදපල්ලකෝ අපේ සමාජේ. උබලට මන් මල් තියල වදිනවා.
චතුර බුද්ධික
අනුන්ගේ වැරදි හොයන වෙලාවේ හරියට සිංහල Type කරන්න ඉගෙනගනින්කෝ බන්.
Asel
Muuth Ara Fatal Attraction eke comment karapu ekamada koheda
sarath
obata hoda iwaseemak tiyana waga pehedili.... owa ganan nogena digatama weda karanna... bicecope lk eken balen film gewal walata gihin bedannene.... film hadanna wagema balannat tikak iganaganna ona. netnam aul................ samaharu hariyata hesirenne ada film eka balala eke tiyana eka heta karanawa wage.........
LOL
asammthaya ho sammathaya yana deya bahuthara samajayak wisin hada gaththu deyak.samamthaya yanu hudek nivaradi ho hoda deya wenne naha.yatharthaya gaburin dakima thulin yahapath deya sathya wataha ganimakui sidu wiya yuththe.thaarkikawa widyanunukula sithima.merata bahutharaya thamange patu darshanaya parishudda lesa eka hela thindu karaganimin,thamanta notherena deya piliganimata akamathi menma,awasthithika konayen balamin thaman kamathi de pamanak dakimata kamathi arthmarthakami pihitumaka gathakaranne.
kanthawanta adyapanya(thawath de) barapathala waradak..sammathayak una.manshyathwayen balimakda eya?
sathya thiththai.lankawe sanskuthiya kiana deyata hangila sathya pitudakina ayage pampori walin kisima arthayak wenne na.as badagena indala manushiyawa nohithana samajayak sathui apita.meya waradi yai wirudda wiya haka,namuth a aya agam wala therumak nathi sanskruthika neethin waradi bawa menma ema agam andha yai wiwechanaya karanawa.namuth thamunda adha bawa nopene.thamange thaththwaya,sithiwili pamanak niwaradi yai sithana patu dakmak pawathinne.
**lankawa siyadivi nasaganim walin lokaye ratawal athara hema awuruddakama mul sthana araksha karaganna samathwenawa.
lankawe sanskruthiya pilibadawa kiana ayagen oba wani aya koitharam manushiyawa hithala samajayata sethak karala thianawada,lankawe samajaye peedanaya kotharamda kiana eka yatharthyen pahadiliwa penawa.sankruthiya alala boru purajeru wedak nathi bawa as idiriye sakshi thianwa.aththa kathakaranna minissu bayai.minissu manussakama yahapath de tharkikawa wataha gatha yuthui
agam,jathi,ratawal,sanskruthi,..... bedhayan nowa manushyathwayai thibya uththe
hemadeynma andha wela,jiwath wena kalaye yahapathwa vivurtha manasakin jiwithaya nodakinne, marennathi minissuda saththuda inne
Ashain
me mona gon thadiyekda...........film ekak athule thiyna kathawa oluwen therum ganna bari ubala wage manasika leddu ape lankawe witharai bn inne....................anukampa karnna one..............
oshada chatura
elakiri sahodaraya
Kulanjana Maduranga
+18 neda...na na +21 lune...kohoma unath kamak na mcn.filuma hopda nm bawa.....onna ehenm banna dawa....thanks LAKSHAN saho.good work.ohoma ymu.jaya wewa...............
me
Thanks
yeshu
ජීවිතයේ අනේක විදියන් අතර මුල්ම තැන තියෙන්නේ ලිංගිකය. මිනිසා බිහිවුණේ ලිංගියකයෙන්ය මිනිසා සිතුම් පැතුම්, ඇඳුම් පැළදුම්, අන්තර් පුද්ගල සම්බන්ධතා ආදී සියල්ලෙන්මත් ලිංගිතයි. ඒක නිසා ජීවිතය පිළිබඳව තව තවත් කියවන්න මේ වගේ ච්ත්‍රපටි බොහොම වැදගත්. ඒක නිසා කවුරු මොනව කිවුවත් මේ වගේ චිත්‍රපටිවලට සබ් දෙනඑක නොසෑහෙන්න වටිනවා.... ස්තූතියි සහෝ....
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ ගත්තා මචෝ
සබට තුති ජය!! :) :)අඩවියේ රසිකයෙක්.
බයිස්කෝප් අඩවියේ පරිපාලක තුමන්ලා වෙත,
මම පොඩි යෝජනාවක් කරන්නම්. හිතවත් මහත්වරුනි මෙවැනි NC-17 වර්ගයේ චිත්‍රපටි අන්තර්ජාලයේ ඕනා කෙනෙක්ට බාන්න තියෙන එකත් ඇත්තක්. හැබැයි මෙහෙම බයිස්කෝප් සිංහලෙන් වගේ වටින අඩවියක ඕනම කෙනෙක්ට මෙවැනි චිත්‍රපට ගන්න ඉඩ දීලා තියෙන එක මෙම අඩවියටම කරගන්න අනතුරක් කියලයි මට හිතෙන්නෙ. අවම වශයෙන් මෙවැනි පෝස්ට් වලට නිකන්ම 18+ නොදා හැකිනම් මෙවැනි පිටුවට පිවිසිමේදී පමණක් තමුන් 18 ට වඩා වැඩි බව තහවුරු කළ පසු පිවිසෙන්නට ඉඩ දීම කවදා හෝ මොනයම් නීතිමය ප්‍රශ්නයකදී උදව්වක් වන බවයි මගේ හැඟීම.
මෙම අඩවියට පැමිණෙන සියල්ලෝ වැඩිහිටියන් නෙවෙයි. ළමුන්ද සිටිනවා. මේවගේ කිසිම පිලියමක් නොයෙදීම නිසා කුමන හෝ තරහකාරයෙක් ඔබ අඩවිය වාරණයකට යටත් ක්ළොත් එයින් පාඩුව වන්නෙ චිත්‍රපටියට උපසිරැසි යෙදූ කෙනාට පමණක් නෙවෙයි.
යම් නීතියක් හෝ සදාචාරයක් හෝ ඔබට වැරදි යයි හැඟුනත් ඔබ රටේ නීතියට අවනත විය යුතුයි. වරදවා තේරුම් ගන්න එපා. මම මේ චිත්‍රපටිය දුන්නට විරුද්ධ නෑ. මම කියන්නෙ ඔබ හැමට කලින් අඩවිය ආරක්ෂා කරගත යුතු බවයි.
Ashain
sahodaraya..mehemai ne.......internet eke thiynwa........internet yana eka danaganna one thamanta one monada...hoda naththe monada kiyna eka.........meketh ehemai.........meka 21+ kiyla thiynwa nm thamanta therenna one..........anika narak wenwa nm narak wenna one tharam ewa inetrnet eke thiynwa.......ekata baiscope eken film denna one na..............anika me wage film kiyla me film eka pahath karnwatath mama wiruddayi......mokada meka hodama film ekak...minissu jeewithe nopenena paththak wisthara karapu.........meka molen balana miniha me film eka therum ganiwi......awasaneydi ema kenekta mathka hitinne meke thiyna sex scene newei......meke kathaw saha awasanedi wena de witharayi........
කළිදු වසුක
කලා නිර්මාණයක් හොදද නරකද කියන එක තිරණය කලයුත්තේ එහි කතාකෙරෙන මාතෘකාවෙන් නොවෙයි නේද. අපේ රටේ සුදු පිරුවට ඇදගෙන ටෙලිවිෂයන රේඩියෝව ඉස්සරහා ඉදගෙන විකාර කියවන සමහර ජිවීන්ගේ කතාවලට අනුවනම් එහෙම වෙන්නැති ඇති නමුත් ලෝක සිනමාව කියන්නේ වෙනස්ම දෙයක්. ලිංගිකත්වය නරක දෙයක් වත් සැගවියයුතු දෙයක්වත් නොවනබවයි මගේ අදහස.අපේ රටේ මේක සගවන බව ඇත්ත නමුත් ඒ සංස්කෘතියේ වරදක් නිසා නෙවෙයි ඒක මෙහෙයවන අයගේ තියෙන කුහකත්ව නිසා වෙන ප්‍රශ්නයක්. ඔබ කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා සහෝ නමුත් තාක්ෂණික වශයෙන් එවැනි සිමා කිරිමක් කොතරම් ප්‍රායෝගිකද කියන එකයි ප්‍රශ්නේ. කලා නිර්මානයකට වාරණ දාන්න කාටද අයිතියක් තියෙන්නේ ? එහෙම කලොත් මේ අඩවියේ ආරම්භක පරමාර්ථය එතනින්ම බිදවැටෙනවානේද ? ලියන්න කියන්න පුළුවන්හැකියාව ඉහල වුනාට සාක්ෂරතාව කියන වචනේ සැබැ තේරුම අනුව ගත්තොත් අපි ඉන්නේ බොහොම පහල තැනක. තමන්ටම වාරනයක් දාගන්න එහෙව් රටක උන්ට හිතහදාගතහැකිද?
hm
ලංකාවේ ජනග්‍රහණය කොටි 2 වගේ ප්‍රමාණයක්.මේකෙනුත් සුළු ප්‍රමාණයක් තමයි ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නෙ.කෝටි 140 ජනග්‍රහනයක් ඉන්න චීනයත් අබිබවා ගුගල් එකෙන් sex බලල තියෙන්නෙ අපේ රට.සමලිංගිකත්වය ලංකාවට අලුත් දෙයක් නොවෙයි.පන්සල් සෙල්ලමේ ඉඳල හමුදා කඳවුරුවල,කාන්තා නේවාසිකාගාර වලත් මේක ඉස්සර ඉඳලම තිබුන,ලංකාවට කෙලවිලා තියෙන්නෙ.මේවා තහනම් කරපුනිසයි.බයිකෝප් අඩවිය මේකට වගකියන්න ඕන නැහැ.සම්මානනීය ප්‍රංස සිනමා පටයක් උපසිරසි ගැන්නුවාට ඔබට ස්තුති.
prasanna wijerathna
ඇත්ත කතාව මචන්.. අපේ රටෙ සමහර එවුන්ගෙ දැනුවත්කම ගැනනම් හිතද්දි පුදුම කලකිරිමක් ඇති වෙනව. අහපුවාම නොදන්න දෙයක් නැති මාහා සමාජ විශේශනයෝ. එත සාමාන්ය දෙනීම 0 යි. හොද චිත්‍රපටියක් බලල රසවින්දනයක් දැනුමක් ලබා ගන්න තරම් අපෙ එවුන් පින් කරල නැ. පඩංගු දෙමල චිත්‍රපටිනම් කට පුක ඇරගෙන බලල තමන් නොදන්න දේවල් වලට හින වෙනව..කම්පස් එකෙ මම දන්න යලුවෙක් ඉන්නව වු බලන්නෙම දෙමල චිත්‍රපටි, උ මට දවසක් කියනව උබට ඉතින් සුද්දෙක් වතුර වීදුරුවක් බොන එකක් ෆිල්ම් එකෙ තිබ්බත් එකත් මාර සම්භාව්‍ය එකක් කියල හිතෙනව කියල.. මම උට එක දෙයක් කියන්න පුලුවන් උන.. මම හිතන්නෙ උබත් ඔය වගෙ කොමෙන්ට් දාන එවුන්ට එක කියයි සමහර විට.මේ ලෝකෙට ඉපදෙන සමහර මිනිස්සු තමන්ගෙ මුලු ජිවිත කාලෙටම මේ ඇස් දෙකෙන් දකින්න ඔනෙ වටින දෙවල් නොදක මැරිල යනව. එ එවට එ මිනිස්සු පින් කරල නැති නිස වෙන්න එති. ඌත්, මූත් අන්න එවගෙ පවුකාරයන්ගෙන් දෙන්නෙක්.
අදිත ප්‍රවීන්
අපිට බලන්න තහනම් කොරලනේ .
බලන්න නම් වෙන්නෙ නෑ එහෙනම් .
ඔච්චර කියන එකේ බලන්නෙ කොහොමද ?
ඒත් උපසිරැසියට ස්තුතියි !
:DSisira Hegoda
Thanks.
Nishantha
Macho........ Sub Walata Thank You. Ape Baiscope Site Ekata Dan Saththuth Avith Sub Banawa Neda Machan? Uba Salenna epa Ban. Oya Vilapa thiyana Un meka Baluwe naththan kohomada Hoda Naraka Danne? KATE NARI WADAN REDDA PALLEN BERENAWA NEDA SAHO.....???? Ithin Machan Pissu Balloth Hada Dakkama Buranawane. Dan Me Baiscope Site eka Hada wage Babalanakota Unge Pissuwa Thada wenawa. Sahola Kawuruth Salenna Epa.....
නිර්මාල්
මට නම් කියන්න තියෙන්නේ තව පුලුවන් තරම් මේ වගේ නිර්මාණ සබ් කරලා දෙන්න කියලා ඉල්ලනවා ඒවාගේම තව තවත් මිටත් වඩා එලවැඩ තියෙන චිත්‍රපටි ටිකකුත් දෙන්න කියලා ඉල්ලනවා ඇත්තෙන්ම අපට ඔය සදාචාරයද මොකක්ද එක වැඩක් නැ පොඩි ලමයින් නෙමේ කිරිසප්පයන් බැලුවත් කමක් නැ කියලයි මම කියන්නේ ගමොකද අපට තියෙනවා සම්භව්‍ය ගනයේ රසවින්දනයක් තව තව මේ වගේ ඒවා දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි.අනික සම්බන්ධතාවයන් අසම්මත වුවත් සම්මමත වුනත් අපිට ඒකෙන් ත්‍රිලක් ගන්න පුලුවන් නම් නියමයි.අනික ඇරත් ඔය සාදාචාරය කියන එක කන්නද බන් මේ කට්ටිය බය වෙලා මම නමි කියන්නේ 21+ නෙමෙි 60+ ඒවා දෙන්නේ නම් වඩ වඩාත් හොද බවයි. දැන් බලන්න හොලිවුඩ් චිත්‍රපටියක් වන don jon ඒකේ මාර ජවනිකා ටිකක් තියෙනවා ආසාවේ බෑ එක පාරක් නෙමේ 10 බැලුවත් එපා වෙන්නේ නැති එකක් නේ.ඒකනිසා මම නම් කියන්නේ සාදාචාරය,සභ්‍යත්වය කියන ඒවා පැත්තකට දාලා අර කලින් කිව්ව වගේ ඔය වටිනවයි වටිනවයි කියන අපේ සාදාචාරය පැත්තකට අදාල අපිත් කලු සුද්දෙක් හරි කලු අැමරිකන් කාරයෙක්වත් වි ඒ දෙවල් අනුව කටයුතු කරානම් ඔය කිසි ප්‍රශ්නයක් නැ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මල්ලිලා හරි ඔහෝම යන් ඔහෝම යන් කියලා තමයි.
prabhath
imbd 7.9 kiyanne hodai wage balamuko
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri machn ..
18 + නම් නොගන්න තිබ්බා..
21+ කියලා දාපු හින්දම ඔන්න ගන්නවා..
ජය වේවා...
අනික ඔය එක ඒක එවුන් කියන එව්වා ගණන් ගන්නෙපා..
ජය..sameera
THANKS
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි අයියේ.
සිංහල උප සිරැසියට ස්‍තූතියි.
අයියේ, ඔය නොදන්‍න, සිනමාව ගැන මෙලෝ
අදහසක් නැති උන් කියන එව්‍වා ගනන් ගන්න එපා.
ඔයාගේ ගමන දිගටම යන්‍න.
නොනැවතී ඉදිරියට යන්‍න!!!
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!සඳුන් ආර් විමලවීර
නියමයි.මලයා..
අපි නම් යන්තන් 21 පැනගත්තා..
එමනිසා බාමි...
තැන්ක්ස්....!Niluka
bawa. tama baluwe ne
thanks.
good workprasa
බොහොම ස්තුතියි උපසිරසට
හර්ෂණ
අනේ බන් මන් ඉතා බැතියෙන් ඉල්ලා සිටින්නේ මේ 18+ චිත්‍රපටි බලල සමාජේ විනාශ වෙනවා කියන උතුම් මිනිසුන්ගෙන්. උබල මේවා බලන්න එපා. අනේ බන් උබල බලපල්ලා අර @අන්නියන්, @රගදේ බසන්ති වගේ චිත්‍රපටි. අනේ රත්තරනේ ඒවා බලල හදපල්ලකෝ අපේ සමාජේ. උබලට මන් මල් තියල වදිනවා.
evinosh
මට නම් ලක්ෂාන්ට කියන්න තියෙන්නේ රොයිලි කියපු දෙයක් උපටුාගෙන තමයි (රොයිලිව දන්නේ නැත්නම් බයිස්කෝප් අඩවියෙන් එයා ගැන දැනගන්න ලෙස ඉල්ලනවා) රොයිලි අයියා කියන්නේ ඔවුන් මේ විදිහට සබි කරලා චිත්‍රපටි දෙන්නේ ජොලියට කොටින්ම පන් එකට අනික මේවට වෙන මහන්සියට කවුරැත් සල්ලි ගෙවන්නෙත් නැ හිත සතුටින් තවා දෙන්නේ අනික අපිට සබ් කරන්න බැරි එකේ කවුරැ හරි සබ් කරලා දෙන එකට බන්නේ නැතිව නොබල හිටියම ඉවරයි නේ. හැබැයි මට පුංචි දෙයක් කියන්න තියෙනවා ඒ තමයි ලක්ෂාන් චිත්‍රපටියකින් සමාජයක් හදන්න බැ ඒක මමත් පිලිගන්නවා නමුත් පොඩි අපිට සමාජයේ යහපත වෙනුවෙන් එක කෙස් ගහක හරි හොද දෙයක් ඒකියන්නේ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් කරන්න පුලුවන් නම් වටිනවා. අහලා ඇතිනේ අලගියවන්න මුකවෙටි තුමා කියලා තියෙන එක පුන් සදින් දුරැවෙයි ලොව ගන අදුරැ කියලා. සමාජය හද්නන බැරි වුනාට තමන්ගේ පැත්තතෙන් කරන්න පුලුවන් කෙස් ගහක හෝ වටිනා දෙයක් අපි නොකර ඉන්නවා නම් අපි මහ කුහකයෝ අනික වතුර බින්දුව බින්දුව එකතු වෙලා තමයි ගගක් හැදෙන්නෙත් හැබැයි ඒ බින්දුව බින්දුව හිරි එකතු නොවුනොත් ඒක වෙනවද නැනේ. ටිකක් මෙවා ගැන හිතලා බලන්න.
හර්ෂණ
මන් නම් ලක්ශාන්ට කියන්නේ "උබ කරන්නේ උබට ඕනේ දේ. උබ කැමති ෆිල්ම් එකකට සබ දාපන් උබ මොකකට සබ දැම්මත් මන් බලන්නේ මට බලන්න ඕනේ නම් විතරයි. වැල බලන්න ඕනේ නම් මට මන් මේ සයිට් එකට එන්නේ නැහැ. මොකා මොක කිව්වත් උබ දිගටම මේ වැඩේ කරගෙන යමන්. "
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

නියමයි කොල්ලෝ
කාලයක් තිස්සේ මමත් හිත හිත හිටියේ මේකට උපසිරසි කරන්න ඕන කියල
ටිකෙන් ටික වැඩේ මගහැරිලා ගියා
බොහොම ස්තුතියි උපසිරසට :)