Watch Trailer

Santhosh Subramaniyam (2008) | හද අරණට සුව කැන්දන කිරිල්ලි නුඹ දුක සින්ඳන!!! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට? මේ පාර මම ඔයාලට අරගෙන ආවේ දමිළ සිනමා සිත්තමක්. මම දන්නවා බයිස්කෝප් සිංහලෙන් වෙත පිවිසෙන ගොඩ දෙනෙක් දමිළ සිනමාවට ගොඩක් කැමති බව. හැබැයි මේක නම් මේ ළඟදි නිකුත් වුණු එකක් එහෙම නෙවෙයි. ආ… මේකත් කියන්න ඕන, මම මේ කතාව බැලුවේ නම් මීට ගොඩාක් කලින්, හරියටම කිව්වොත් මම තෙවැනි සැරේට A\L කරද්දි…

Santhosh Subramaniyam (2008)

කොහොමද කට්ටියට? මේ පාර මම ඔයාලට අරගෙන ආවේ දමිළ සිනමා සිත්තමක්. මම දන්නවා බයිස්කෝප් සිංහලෙන් වෙත පිවිසෙන ගොඩ දෙනෙක් දමිළ සිනමාවට ගොඩක් කැමති බව. හැබැයි මේක නම් මේ ළඟදි නිකුත් වුණු එකක් එහෙම නෙවෙයි. ආ… මේකත් කියන්න ඕන, මම මේ කතාව බැලුවේ නම් මීට ගොඩාක් කලින්, හරියටම කිව්වොත් මම තෙවැනි සැරේට A\L කරද්දි. ඇත්තම කියනව නම් මේ කතාව හරිම සරලයි, ඒත් දහ පාරක් වුණත් බලන්න පුළුවන් ලස්සන කතාවක් මේක. අනිවාර්‍යෙන් මම දන්නවා මේක හිතට අල්ලපු අය නම් මේක දෙපාරක්වත් බලනවා සිකුරුයි. තවත් දෙයක් මට කියන්න තියෙනවා, ඔයාලගේ හිත හරිම නිදහස් වෙලාවක මේක බලන්න පටන් ගන්න. මොකද මේ සිනමා සිත්තම පැය තුනකට ආසන්න කාලයක් දිව යන නිසා.

මේක වෙන්න ඇති සමහරවිට බයිස්කෝප් සිංහලෙන් වෙඩ් පි‍ටුවේ දිග හැරෙන දිගම උපසි‍රැසිය. මොකද මේකේ පේළි හරියටම 3000 ක් තිබුණා. මීට වඩා දිග එකක් පළවෙලා තියෙනව නම් මම ඇත්තටම සමාව අයදිනවා. සොරි හොඳේ!!සබ් එක හදද්දී දමල ගහලා පාඩම් වැඩක් කරගෙන ඉන්න තිබුණ නම් කියලා හිතුණු වාර අනන්තයි. වැඩක් පටන් ගත්ත නම් ඒක මොනම විදිහකින්හරි ඉවර කරන්න ඕන නේ. කතාව දෙසට හැරෙන්න කලින් මේ දේත් කියන්නම ඕන, ඒ තමයි මේක බලලා කවුරුවත්ම මට බනින එකක් නම් නැහැ කියලා මට නම් ෂුවර්!

මේක ආදර කතාවක්. ඒ නිසා මම කතාව කියන්නෙ නැතිව කථාවේ ප්‍රධාන චරිත දෙක ගැන ඔයාලට කියන්නම්. සන්තූෂ් (Jayam Ravi) කියන්නේ එයාගේ ගෙදරදී හරිම වෙනස් ආකාරයකටත් පිටදී ඊට හාත්පසින්ම විරුද්ධ චරිතයක්. මෙහෙම මෙයාට වෙලා තියෙන්නේ එයාගේ ගෙදර කට්ටිය නිසා, විශේෂයෙන්ම සන්තූෂ්ගේ තාත්තා. මොකද මෙයාගේ තාත්තා තමයි මෙයාගේ ජීවිතේ වෙන්න ඕන දේවල් තීරණය කරන්නේ. කොටින්ම කිව්වොත් යට කලිසම් පවා ‍තෝරන්නේ තාත්තා. මේක නිසා සන්තූෂ් තීරණය කරනවා එයාගේ ජීවිතේ තීරණ දෙකක් එයා විසින්ම ගන්න. කතාව බලලම ඒ තීරණ දෙක මොකක්ද කියලා හොයාගන්න. මොකද ඔයාලා හිතන්නේ එයා ඒ තීරණ දෙක ජයග්‍රහණය කරාවිද?

අනෙක් චරිතේ තමයි හාසිනි(Genelia D’Souza). මෙයාගේ නම නම් මම සබ් එකේ ටයිප් කළේ හසිනි කියලා, ඒත් කතාවට අනුව නම් නම නම් හාසිනි. හාසිනි කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන, අම්මා නැති තාත්තා එක්ක ජීවත් වෙන හැම වෙලාවෙම සතුටින් ඉන්න චරිතයක්. හැබැයි කච බචේ නම් හරිම වැඩියි. පිස්සු වැඩම තමයි කරන්නේ, හැම වෙලාවේම මොනාම හරි පිස්සු දෙයක් තමයි කියවන්නේ. ඒ වුණාට ඇතුළෙන් හරිම සීරියස් විදිහට තමයි තීරණ ගන්නේ. හැබැයි මෙයා තමන්ගේ ජීවිතේට කවදාවත් බොරුවක් නම් කර ගන්නේ නැහැ. ඒත් කථාවේ නම් හාසිනි තාත්තාට ලොකුම ලොකු බොරුවක් කියනවා. ඔයාලා දැන් බලයි මේ චරිත දෙක කොහොමද කථාවේ එකතු වෙන්නේ කියලා, මෙයාලා දෙන්නා තමයි පෙම්වතුන් වෙන්නේ. මේ දෙන්නා මුනහැහෙන්නේත් හරිම අපුරු විදිහකට කෝවිලකදී. මේ කථාවේ නම් අනෙක් දමිළ සිනමා නිර්මාණ වල වගේ දුෂ්ටයෙක් නම් නැහැ. මේ කතාව සරලයි සොඳුරුයි.

2008 වසරේ ඉහළම ආදායම් වාර්තාවක් තියන්න මේ සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේකේ සින්දු ටික නම් ඔයාලා හැමෝටම ඇහිලත් ඇති. සංගීතය කරලා තියෙන්නේ ඔයාලා කවුරුත් දන්න Yuvan Shankar Raja. ඒ වගේම මේක දමිළ බසින් නිපදවෙන්න ඉස්සරවෙලා “Bommarillu” කියන නමින් සිනමාවට නැගුණු තෙළිඟු සිනමා පටයක්. එකේ හාසිනිගේ චරිතෙට පණ පොවන්නේ Genelia මයි. සන්තූෂ්ගේ චරිතෙට පණ පොවන්නේ අපි කවුරුත් දන්න Siddharth Narayan. ඒ වගේම මේක බෙන්ගාලි, කන්නඩ භාෂා වලිනුත් සිනමාවට නැගිලා තියෙනවා. ඒ විතරක් නම් නෙවෙයි ආරංචි වල හැටියට නම් 2014 දෙසැම්බර් වෙනකොට මේ කතාව “It`s My Life” යන නමින් බොලිවුඩ් සිනමා පටයක් ලෙසින් තිරගත වීමටත් නියමිතයි. ඇත්තම කියනව නම් මම තව වසර දෙකකට විතර උපසි‍රැසි නිර්මාණකරණයෙන් ඉවත් වෙන්න තමා හිතාගෙන ඉන්නේ අධ්‍යාපන කටයුතු නිසා, හැබැයි වෙනදා වගේම මම ඔයාලගේ කමෙන්ට් එක නම් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට දීර්ඝ ගමනක් යන්න ලැබේවායි කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා!!!

ප.ලි.
මට විශේෂ කෙනෙක්ට මේකෙදි ස්තුති කරන්න ඕන. ඒ තමයි මම පොඩි පංති වල ඉගෙන ගන්න කාලේ හිටපු මගේ මිත්‍රයා රන්දුට. මිනිහා දන්නවා ඒ ඇයි කියලා!!!

Santhosh Subramaniyam (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

8d237d6b116f221454b06166208df6ef3efb5a25

1.37 GB කොපිය මෙතනින් බාගන්න

5DBDCAFF21E5C76BFFD1C4215E56E6935E46EDE9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,600 downloadsDownload Santhosh-Subramaniyam-2008.zip214 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/sinethG.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,600 downloadsDownload Subtitles214 KB

26 comments

  1. Nalinda

    Meka man balapu sirama tamil film ekak..... meka balala thamai man tamil film balanna asa hithune man meka 5 parata wada film hall eke balala thiyenawa. thanks saho sub ekata. aith sub ekka balanawa...... Thankkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk you kollaaaaaaaaaaaaaaa

  2. නලින්

    ස්තුතියි සිනෙත් සහෝ! එළ කථාවක් වගේ.

    ජය වේවා!

  3. chandana

    bohoma sthuthiyi sineth

  4. udesh

    ThilaLangadi film ekath puluwannam sub denna
    tnz sub ekata good luck

  5. Kulanjana Maduranga

    meka nm mmth balala thiyanawa.lassana filmuk.niyama storyak thiyenne.subata thanks SINETH saho.jaya wewa...............

  6. anjana ask

    thnkz sub walata...kick film 1tath sinhala sub daanko kaata hari puluwan nam...

  7. dilanka

    thanks.... ... honeymoon 2014 horror movie ekata sub dennako.

  8. Ash

    balapu pattama movie ekak meka

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    .
    ඔබට ජය .. :)

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Fer

    "නම නම් හාසිනි. හැබැයි කච බචේ නම් හරිම වැඩියි" අන්න ඒකයි Genelia කියන්නෙ.......

    තැන්ස් මචං සබ් වලට.
    ජය...............

  12. වරුණ රංගජිත් (වරූ)

    නියමයි...නියමයි...
    ආදර එකක් වගේ...
    අනිවා බාන්න හිතේ..
    1.37 කොපිය තමයි බාන්නේ...
    පැහැදිලි කොපිය බලන්න එපැයි ඉතින්..
    ජයම වේවා...

  13. Chamindu

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.

  14. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi mcn.....jaya wewa....!

  15. චන්දිම අමරසිංහ

    සුපිරිම කතාවක් සහෝ දැනට දෙපාරක් බලල තියෙනවා .. ඒත් අරින්නෑ සිංහල සබ් එක්ක ආයේ බලනවා..
    සුභපැතුම් දිගටම කරගෙන යමු... ස්තුතියි ඔබට.
    Jayam Ravi ඉතුරු වේලා තියෙන්න මුවි ටිකක් විතරයි පුළුවන්නම් ඒ ටිකත් ඉවර කරන්න උත්සාහයක් දෙන්න..

    ජයවේවා...!$

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිනෙත් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  18. jayani chathupraba

    Thank youuuuuuuuuuuuu

  19. Pradeep

    Sabata Godak thanks macho.

  20. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  21. Niluka

    bawa. tama baluwe ne

    thanks.
    good work

  22. රන්දු

    ආ. මේ මනුස්සයා මගේ නමත් දාලා. :D
    ෆිල්ම් එක බලලාම හොඳ නරක කියන්නම් කෝ.....

  23. “චූටී මල්ලි”

    එල සහෝ
    තෙලීන්ගු එක බැලුවා
    සබට තුති
    ඔබට ජය....................

  24. isuru lakmal

    parana unata mara gati love storya .thanks macho

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි ස්තුතියි,ජයවේවා.

  26. P.K

    Thanx for the sub saho...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.