Bombay (1995) | ජාති භේද කුමටද… [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් හැමෝටම. ඔන්න මං කරපු දෙවනි උපසිරැසියත් අරගෙන ආවා. හැබැයි ඉතින් පළවෙනි උපසිරැසිය ඉවර කරලා දෙවනි එක කරන්න නම් ටික කාලයක් ගියා. පළවෙනි වතාවේ කළේ Jo Jeeta Wohi Sikandar හින්දි චිත්‍රපටයයි.
මේ පාරත් මං අරන් ආවේ ඉතාමත්ම ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපටියක්. හරිහරන් ගායනා කරන “තුහි රේ… තුහි රේ…” ජනප්‍රිය ගීතය අඩංගු වෙන්නේ මේ Bombay ච්ත්‍රපටයෙයි.
1995 වසරේ තිර ගත වුණු බොම්බේ චිත්‍රපටය හින්දි, දමිළ, තෙළිඟු යන භාෂා වලින් තිර ගත වි තිබෙනවා. 1996 වර්ෂයේදී හොඳම චිත්‍රපටයට හිමි National Film Awards සම්මානයත්, එම වසරේදිම හොඳම චිත්‍රපටය හා හොඳම නිළිය යන FilmFare සම්මානත් හිමි කර ගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙනවා.
1992-1993 අතර කාලයේ ඉන්දියාවේ මුම්බායි නුවර සිදු වුණ ආගමික කෝලාහලය පිළිබඳව මේ චිත්‍රපටයේ කතා වස්තුව ගොඩ නැඟී තිබෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මනි රත්නම් කියන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයායි. ඔහු ගැන නම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැනේ. Roja, Dil Se, Saathya, Guru යන චිත්‍රපට ඔහුගේ ජනප්‍රිය නිර්මාණ ගොන්නට අයත් වෙනවා.
මෙහි රංගනයෙන් දායක වෙන්නේ අරවින්ද් ස්වාමි, මනීෂා කොයිරාල, නසාර්, තින්නු ආනන්ද් වගේ පිරිසක්. වර්තමානයේ ජනප්‍රිය නළුවෙකු වන ප්‍රකාශ් රාජ් මෙහි ආරාධිත රඟපෑමක නිරත වෙනවා.
චිත්‍රපටයේ සංගීතය ගැන නම් ඔයාලා දන්නවා ඇතිනේ යාළුවනේ. ඒ. ආර්. රහුමාන් මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වනවා. මනි රත්නම් 1992 කරපු රෝජා චිත්‍රපටයෙන් රහුමාන්ව මුළු ලෝකයම අඳුන ගන්නවා. බොම්බේ චිත්‍රපටයේ සංගීත නිර්මාණයෙන් පසුව ඔහුව තවත් ඉහළ තැනකට ඔසවා තැබෙනවා. ඉන් පසුව මනි රත්නම්ගේ බොහෝමයක් නිර්මාණ වලට ඒ. ආර්. රහුමාන් සංගීතයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීත අතර Tu hi re, Kehna hi kya, Hamma hamma යන ගීත හඳුන්වන්න පුළුවන්.
චිත්‍රපටයේ එන කතාව ගැන නම් මං කියන්න යන්නෙ නැහැ යාළුවනේ. මේ චිත්‍රපටයේ ෆයිල් සයිස් එක නම් ටිකක් ලොකුයි යාළුවනේ. ඒත් කොහොමහරි චිත්‍රපටය බාගෙන බලන්න.
මට නැවත වතාවක් අවස්ථාව සලසා දුන් බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ හද පිරි ස්තූතිය පිරි නැමෙනවා. එහෙනම් ආයේ අළුත් නිර්මාණයකින් නැවත් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ අනාගතයක්.
3416 downloads
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
lakawatama gahapu film ekak. gon hatha balala igena ganiyaw
thank u bro.. 😀
Thanks
maru machan plz dil se.. sinhala sub 1a dannako
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank you very much……………
Ape ammath kiwwa meka pattamafilm ekak kiyala aniwa balanawa thanks saho
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
patta film ekak niyamai podi kale balala thiyanava aith balanna ona jaya vewa budusaranai.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. බලල තියෙන ලස්සන චිත්‍රපටියක්. හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ජය෴෴ 😛 😛
පත සයිස් නෙහ්
මේකෙ සින්දුවනම් අහලා තියෙ මචන්
ෆිලුම බලලා නෑ
තව කරන්න
සබට තුති
ඔබට ජය………..
thanks
ආහ… පුළුවන්නම් කමල් හසන් ඉන්න Nayakan(1987) චිත්‍රපටයටත් සබ් දෙන්න.. 🙂 🙂
ගොඩක් ස්තූතියි මේ වගේ සුපිරි පරණ හින්දි චිත්‍රපට වලට සබ් දෙනවට..
මේකේ කතාවටත් වැඩිය ආස හිතෙන්නේ රහ්මාන්ගේ music වලට.. 🙂
බොහොම ස්තුතියි පුබුදු සහෝ උපසිරසට
අනිවා බලනව
ෆිල්ම් එක ලග තියන එකේ ඔන්න සබ් එක ගත්තා
මං මේක බැලුවේ සිංදු නිසාමයි 😀
ස්තූතියි සහෝ උපසිරැසියට.
meka hoya hoya hitiye..thanks saho
Niyamai Tawa Denna. Thanks.
නියම ෆිල්ම් එකක්. හැබැයි Trailer එකේ නම් තියෙන්නේ මොකක්දෝ වෙන දෙයක්.
කථාව ඇත්ත ට්‍රෙලර් එකේ නම් තියෙන්නේ වෙන දෙයක් !
ලස්සනයි..
සුපිරියි…
හොඳයි…
නියමයි..
එල..
කිරි…
ජය…
shaaa niyama film ekak essara baluva aith balanna ona budusaranai
patta machan
Thanks mate
එල එල මෙක සුපිරි වගෙ තැන්ක්ස්
niayamai…thanks PUBUDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyama film ekak. thaanx sub ekata
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි පුබුදු සහෝ! මෙක නම් මම සිරසේ එතපාරක් බැලුවා! ආයේ බලන්න ඕනේ..
ජය වේවා!
බොහෝ ම ස්තූති සහෝ. මේවට තමයි සබ් දෙන්න ඕන. කලින් බලලා තිබ්බත් සබ් එකත් එක්ක ආපහු බලනවා. ඉදිරියටත් මෙවන් සබ් දෙන්නට නිදුක් නිරෝගි සුව ලැබේවා !
Bombay.DRip.375mb
http://www.uploadbaz.com/uiv176imy0ce