Captain Marvel (2019) Sinhala Subtitle | මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය! [සිංහල උපසිරැසි සමඟ] *250*
හැමෝටම සුභම සුභ, සිංහල-හින්දු නව වසරක් වේවා! 😀
Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. හැම පාරකදිම උපසිරසි කඩයිමක් සමරනකොට ලිපියට මුල පුරන්නේ එහෙමයි. එහෙනම් ඉතිං ආයෙත් ඒ විදියටම මුල පුරලා තවත් කඩයිමක් සමරන්නයි මේ සුදානම. බොහෝ දුරට මේ විදියට කියන්න ලැබෙන අවසාන අවස්ථාව මේක වෙන්න පුළුවන්. මොකද ඉඳල හිටලා ආස හිතෙන ෆිල්ම් එකකට උපසිරසියක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා මිසක් මින් ඉදිරියට මෙතෙක් ආව වගේ නිතරම රැදෙන්න ඉඩ කඩක් නැතිවෙයි පෞද්ගලික වැඩ රාජකාරි හේතුවෙන්. මේ කඩයිම මේ ටහ්රම් පමා වෙන්නත් හේතුව ඒකමයි. එහෙම උනත් ඇඩ්මින් කෙනෙක් විදියට තිරය පිටුපසට වෙලා නම් ඉන්න ලැබෙයි 😀 එහෙනම් ඉතිං මේ වගේ සුභ මොහොතකත් මුලින්ම කරන්න තියෙන දේ තමා මෙච්චර කාලෙකට කරන්න බැරිවුණ, මෙච්චර කාලයක් යනකම් හරියට නොතේරුන දෙයක් වෙනුවෙන් සමාව ඉල්ලන එක.
මිට ඉහත කඩයිමෙදිත් මේ ආකාරයටම දේවල් දෙක තුනක් කිව්ව. මේ වතාවේ කියන්න තියෙන්නෙ එක දෙයයි. සමාවෙයල්ලා යැපුම් මානසිකත්වයක් තියෙන පරපුරක් බිහිකරන්න උර දුන්නට. දහස් වාරයක් කනගාටු වෙනවා ඒ ගැන. මොකද අපි උඹලට සිංහල සබ් එකත් දීලා ඒකට ගැලපෙන ෆිල්ම් එකත් අත ලගටම ගෙනත් දුන්න. ක්ලික් දෙකකින් ෆිල්ම් එකක් තේරෙන සින්හලෙන බලන්න පුළුවන් තත්වයට අරගෙන ආව. ඒ දේ නිසා අංගවිකල අබ්බගාත පරපුරක් බිහිවුණා. පසු කාලීනව නීතිමය ප්‍රශ්න නිසා වෙබ් අඩවියෙන් ටොරන්ට් ලින්ක් දෙන එක නැවතුනාම සෑහෙන චෝදනා එල්ල වුණා සබ් ඒකට ගැලපෙන ෆිල්ම් එක හොයාගන්න නැහැ කියල. ඒක එන්න එන්න අඩු උනේ නැහැ වැඩි උනා මිසක්. සබ් එක අරගෙන ටොරන්ට් සයිට් එකකට ගිහිල්ල ඒකට ගැලපෙන ෆිල්ම් එක තෝරාගෙන ඩව්න්ලෝඩ් කරගන්න එක රොකට් සයන්ස් නෙමේ. ඉතාම සරල කාර්යක්. හැබැයි අපි අර ක්ලික් දෙකෙන් ෆිල්ම් එක දෙපතුල ලඟට ගෙනත් දුන්න කර්මය තාම පසුපස එලවනවා. අනුන්ගෙන් යැපීමේ මානසිකත්වයට කොයි තරම් නම් හුරුවෙලාද කියල කියනවා නම් සමහරු කෝල් කරලා අහනවා රෑ ඒකට දෙකටත් මචං මට මෙන්න මේ ෆිල්ම් එකේ ලින්ක් එක මේල් කරනවද කියල. ඉතිං නැවතත් සමාවෙයල්ලා අතපය නැති, දැඩි ලෙස අනුන්ගෙන්ම යැපෙන්න බලං ඉන්න, කම්මැලි යැපුම් මානසික පිරිසක් බිහිකරන්න 250කින් උර දුන්නට 😀.
ඉතිං ගිය සැරේ කිව්ව වගේම ඒ මේ වෙනකම් උපසිරසි කරන්න තිරය පිටුපස හයිය වෙච්ච ගෙදර කට්ටියවත්, තවමත් මට ගෙවාගන්න බැරි උනාම ඉන්ටර්නෙට් බිල් එක ගෙවල දෙන අම්ම තාත්තටත් බොහොම ස්තුතියි මේ වැඩේට දෙන සහයට. ඒ වගේම ඇඩ්මින් සෙට් එකටත්, බයිස්කෝප් අමධ්‍යප සංගමයේ චැට් එකේ සෙට් එකත්, බයිස්කෝප් උපසිරසි කරුවෝ චැට් එකේ සෙට් එකත් එකි-මෙකි-නොකී, වචනෙකින් හරි උදව් වෙච්ච, දිරිමත් කරපු සෙට් එකත් ආදරෙන් මතක් කරන්න කැමතියි මේ ප්‍රීතිමත් අවස්ථාවේ. එහෙමනම් ඉතිං මට නන් අයුරින් උදව්-උපකාර කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි නැවතත්. නම් වශයෙන් මතක් නොකළේ 2013 වසරේ ඉඳලා අද වෙනකම් බයිස්කෝප් එක නිසා අඳුනගත්තු විශාල පිරිසක් ඉන්නවා මං හිතන්නේ වචන විසි දාහක විතර ලිපියක් ලියන්න වෙනවා ඒ හැමෝම ගැන සඳහන් කලොත් ඉතිං කාවවත් මග නොහැරෙන්න හැමෝවම එක එක තැන් වලින් කොටු කරලා සාමුහිකවම ස්තුතිය පල කලේ ඒකයි.. ඒ වගේම කැමති නම් ලයික් එකක් දාගෙන යන්න ඔන්න ඕකටත් 😀 මොලේ කුලප්පු උනාම මං සිනමාව පැත්තෙන් ලියන, කියන, කරන හැම ආත බුත වැඩක්ම ඕකෙන් ශෙයා වෙනෝ දැන් හැරෙමු ෆිල්ම් එක පැත්තට.
හරියට බැලුවොත් 2019 වසර කියන්නේ කැප්ටන් මාවල් ෆිල්ම් දෙකක් රිලීස් උන අවුරුද්දක්. එකක් DCලගේ සෂැම් අනික මාවල්ලගේ කැප්ටන් මාවල්. මේ පටලවිල්ලේ අතීත කතාවට ගියොත් මුලින්ම කැප්ටන් මාවල් කියල චරිතයක් හිටියෙ DCලට. මාවල්ලට එහෙම කෙනෙක් හිටියෙ නැහැ. 1939දී C. C. Beck සහ Bill Parker දෙන්න එකතු වෙලා Fawcett Comics තුලින් බිලී බැට්සන් / කැප්ටන් මාවල් හෙවත්, වත්මන් DC සෂැම් චරිතය Whiz Comics #2 1940 පෙබරවාරි කලාපය හරහා නිකුත් කරනවා. Fawcett Comics ආයතනය පහු කාලීනව DC කොමික් විසින් අත්කරගන්නව. ඒ අනුවයි ඒ චරිතය DCලට අයිති වෙන්නෙ. ඒක උනේ DCල විසින් Fawcett Comics ලට නඩු දානවා එයාලගේ සුපර් මෑන්ගෙ චරිතය කොපි කළා කියල. කොහොමින්හරි අන්තිමේදී නඩුවේ තීන්දුව ලැබෙනවා ඒ කැප්ටන් මාවල් චරිතය සුපර් මෑන්ගෙ අනුකරණයක් කියල. ඒත් පහු කාලීනව DCල Fawcett Comics ආයතනය තමන්ට අරගත්තම මේ ගැටලුව විසදෙනවා. ඒ බව සෂැම් ෆිල්ම් ඒකෙන් දැකගන්න ලැබෙයි අපේ රසිකයින්ට 😀 ස්පොයිල් කරන්න ඕන නැහැනේ ඉතිං නේද 😛 ඉතිං ඔය පටලැවිල්ල වෙනකොට මාවැල්ල බලනවා, යකෝ මුන් අරගෙන තියෙන්නෙ අපේ නම නේද කියල. ඔන්න ඊට පස්සෙ මාවල්ල DCලට නඩුවක් දානව මාවල් කියන නම භාවිතා කිරීම නීති විරෝධියි කියල. කොහොම හරි නඩු තීන්දුව මාවල්ලගේ පැත්තට ලැබෙනවා. DCල තමන්ගේ චරිතය සෂැම් විදියට වෙනස් කරනකොට 1960 දශකයේදී මාවල් කොමික් ආයතනය විසින් තමන්ගේ නමින්, කැප්ටන් මාවල් කියන ඉතාම බලවත් චරිතය බිහි කරනවා. කොමික් අතින් කෙසේ වෙතත්, කොමික් පාදක සිනමා විශ්වයේදී නම් කැප්ටන් මාවල් විසින් සෂැම්ව පරාද කරපු බව කියන්න ඕනා. මේක අගු-පිල් විවේචනයක් නෙමේ මේ ෆිල්ම් දෙකම බලල ඉවර වෙලා තමා මෙහෙම කියන්නේ ඈ. කැප්ටන් මාවල් එකට දහයෙන් අටක් දෙනකොට සෂැම් ඒකට දෙන්න වෙන්නේ දහයෙන් පහක් වගේ. සෂැම් ඒකට බැරිවුනා මුල් හරියේ තිබ්බ ගතිය ඒකාකාරිව අන්තිම වෙනකම් අල්ලගෙන යන්න. අනික කොහොමත් සුරංගනා කතා වගේ තියෙන මේ චරිතවලට බලය ලැබීමේ කතාව අරගත්තොත් සෂැම් කියන්නේ කිසිම විද්‍යාත්මක සම්බන්ධතාවයක් නැති පොඩි උන්ටම ගැලපෙන සුරංගනා කතාවක් 😀 කැප්ටන් මාවල් එක ඊට වඩා විද්‍යාත්මක සම්බන්ධයක් තියෙනව. ඒ හේතු නිසදම මන්දා ඉතිං සුපුරුදු පරිදිම මාවල්ලගේ කැප්ටන් මාවල් බොක්ස් ඔෆිස් ආදායම් අතින් බිලියනයේ සීමාව පහු කරනකොට DCලගේ සෂැම් එක සෑහෙන්න අමාරුවෙන් හෙමින් සැරේ බඩගාගෙන යනවා. මං හිතන්නේ කවදාහරි බිලියනය ගහවි, එදාට ගොඩාක් රිදෙයි මාවල් ෆෑන්ස්ලට. හරිද ඩො 😛
එතකොට කැප්ටන් මාවල් තිරගත වෙන්නත් කලින්ම කැප්ටන් මාවල් චරිතයට රංගනයෙන් දායක වෙන බ්‍රි ලාසන්ට සමාජ ජාලා හරහා ප්‍රහාර එල්ලවුණේ ඇයි? එහෙම තමා සමාජ ජාලා උසාවිවල වැඩ සිද්දවෙන්නෙ. 😀 කොනක් අල්ලගත්ත ගහගෙන ගහගෙන ගියා. ඒ බ්‍රි ලාසන් එක්තරා අවස්ථාවකදී චිත්‍රපට විචාරකයින් ගැන අදහස් ප්‍රකාශ කිරීමක් හේතුවෙන්. එයා කියනවා ” අවුරුදු 40 ගණන්වල සුද්දෝ කියන දේවල් මට වැඩක් නෑ” කියල. ඔන්න ඔතනින් කට්ටිය අල්ලගන්නවා ඔන්න මෙකි කාන්තාවාදිනියක් කියල. වොන්ඩර් වුමන්ට රඟපාපු ගල් ගැඩොට්ගෙන් ඉගෙනගන්න ඉන්න ඕන විදිය කියලත්, ඒ වගේ උපදෙස් ගොඩකුත්. ඒ විතරක් නෙමේ. පුරසාරම් දෙඩුව බොක්ස් ඔෆිස් ෆ්ලොප් එකක් කරවනවා කියල. ඒ විතරක් නම් මදැයි. කැප්ටන් මාවල් ඒකට සමගාමිව තිරගත වුණ අලිටා බැට්ල් එන්ජල් එක බලන්න කට්ටියව දිරිමත් කළා මේ කතාවට විරෝධය පෑමක් විදියට. එතනින් නැවතුනේ නැහැ රොට්න් ටොමැටෝ වෙබ් එකෙත් කැප්ටන් මාවල් පිටුව අකුලගන්න වෙන තරමට වැඩේ දුරදිග ගියා. අනේ ඉතිං උඩ දාගෙන ගහපු කට්ටිය නැට්ට දෙපරන්දේ රුවාගත්තා මේකත් ඩොලර් බිලියනය පහුකලාම. හිඟා නොකා හිඟා කමින් එදා වේල ටුවර්ස් දුවන වෝනර් බ්‍රොස්ලගේ සෂැම් ඉදිරියේ කොහෙවත් ඉන්න හාල් කෑල්ලක් ගෙමක්වත් නැතුව වන් බිලියන් ගහපු එක බුදු අම්මෝ සතුට 😛 😀 ඩයි හාඩ් DC ෆෑන්ස්ල ටික එකතු වෙලා පෙත්සමක් බාරදිපල්ලා DC එකත් ඩිස්නිලට විකුනන්න කියල. සොලෝ විතරක්ම බල බල ඉන්නවෙයි ලෝකේ ෆේමස්ම සුපර් හිරොස්ලගේ.
එවැනි රැවුම් ගෙරවුම් පහරදීම් රැසක් මැද Imdb 7.2ක් ලබාගත්ත. බ්‍රී ලාසන්, සැමුවෙල් ජැක්සන්, බෙන් මෙන්ඩල්සන්, ක්ලාක් ග්‍රෙග්, ඇතුළු පිරිස ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන. මාවල් සිනමා විශ්වයේ පළමු කාන්තා අධ්‍යක්ෂක වරිය වන ඇනා බෝඩන්ගෙ අධ්‍යක්ෂණයෙන් මාවල් ලොක්කා කෙවින් අයියා කියන විදියට මාවල සිනමා විශ්වයේ දැනට ඉන්න ප්‍රබලම චරිතය වෙන කැප්ටන් මාවල්ගේ කතාවත් ඇවෙන්ජර්ස් බිහිවීමත්, ශිල්ඩ් එකේ අතීතයත්, ඉන්ෆිනිටි වෝ තුලින් අපි දුටු කැප්ටන් මාවල් සහ නික් ෆියුරි අතර සම්බන්ධයත්, ස්ටෑන් ලීට කරන ගෞරවයක් වශයෙන් මාවල් ඉන්ට්‍රෝ ලෝගෝ එක වෙනස් කරල තියෙන විදියත්, කැප්ටන් ඇමරිකා සහ කැප්ටන් මාවල්ගෙ ආරම්භක කතාවන් අතර සමානාත්මතාවයන් ටිකත් බලාගන්න ඔයාලට බාර කරමින් මම සමුගන්නවා. හැමෝටම නැවතත් සුභම සුභ සිංහල-හින්දු අලුත් අවුරුද්දක් වේවා, ජයෙන් ජය වේවා, චිරං ජයතු බයිස්කෝප්!!!
ප.ලි. : ඔන්න දැනට ආව හොඳම කොපියට අප්ඩේට් කළා.
~ Higher – Further – Faster ~
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත
68425 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanks sub ekata
Thanks bm
Thank you and good job
monawada vima me,lankawe anka 1 upasirasi labadennagen admin wela kohewath nathi company nisa maraganne.baiscope eke nama kanna epa.mn dekema ewa balanawa bn.ubala ayi bn me dekata maraganne.nikan ara free fire pubg kiyana gon game walata maraganno wage.hirikithayi.thaththway thiyan idapn.upasirasiye thiyena awurudu 5 ka podi ekek nokarana modakama pradarshanaya wena bolada post ekata ara upasirasiyata jaya.wima.
Thanks You!
Thank you
Thank ya
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️
Thanks for the sub!!!
thank you 🙂
සබ් එක ලබා දීම වෙනුවෙන් බොහොම ස්තුතියි.
Thank you very much
Thanks bro
Thanks Machan..
Good luck..digatama karagena yanna
good job brother 😉
Thanks a lot brother.
Wish u all the best for ur journey
Thanks for subtitle….උඩ තියන විස්තර යටත් ගොඩක් ස්තූතිය
Thanks…
Ela bro
Thanks bro
thanks bro…
wish you all the best….
සුභ පැතුම්!!!
ඉදිරියටත් මේ වගේම වැඩකටයුතු සාර්ථක වෙන්න කියල පතනවා.
Elaaaaa
උනුසුම් සුභ පැතුම් ඔබට..බොහෝම ස්තූතියි අපි වෙනුවෙන් උපසිරැසි ගෙනාවට..ඒක මට නං උපසිරැසියට එහා ගිය දෙයක්.රටක ඉද්දි ඕනි තරං ලැබෙන පොඩි නිදහසට ටීව් සීරිස් බලන්න ෆිල්ම් බලන්න පුරුදු උනේ ඔයාලගේ මේ උපසිරැසි නිසාමයි..ඒක ගොඩාක් වටිනවා..බොහෝම පිං.තෙරුවන් සරණයි
thanks broo gd luck
Thanx brooo sub ekata
Thanks Machooo….!!!
Godaaaak sthuthi.me wage watina sewayak nomile dunnath ,matanm mila karanna beri tharam watinawa.oyala nisa thamai movie ekaka sampurna sathuta ath widinna lebenne .
Niyamai Vimaaa
Thanks brother
Good Luck brother
super work bro thanks a lot….
උණුසුම් සුභපැතුම් විමෝ,
ඊලඟ කඩයිම් වලටත් ඉක්මණටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,
සියළු කටයුතු සාර්ථක වේවා,
ජයෙන් ජය! 😀
Supiri..jaya..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
ස්තූතියි 🙂
Congratulations bro
250 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් ශාන් සහෝ! තව තවත් ගුණාත්මක උපසිරැසි නිර්මාණය කිරීමටත්, කරන කියන සෑම යහපත් කටයුත්තක්ම සිතන අයුරින්ම ඉටු වීමටත් අවශ්‍ය සියලු හැකියාව, ශක්තිය, ධෛර්යය හා වාසනාව නිරතුරුවම ලැබේවා! උපසිරැසියට බොහෝම ස්තූතියි, ජයෙන් ජයම වේවා!
Thanx sahoo sub ekata., Jayawewa.,
After 2019 film ekata sub dennako bro
බොහොම ස්තූතියි.. ජයෙන් ජයම වේවා..!!!
Sthuthi sahoo… Jaya..!!!
thanks brooo
fuck this shit web site
you too ungrateful bitch
250ට සුභ පැතුම් විමා…300ටත් යමු සේප් එකේ..ජයවේවා කිව්වා එහෙනම්..!!!!
thanks bro…
Thanks mchn….. Keep it up….
Thanks Bro
Niyamai Bro
Sub ekata Thanks Saho.
thanks
Thanks bro! Cheers!!
ammo… ena kan maga balan hitiye… END GAME Br copy ekatath ikmana sub denno… 😀 😀
Thanks Bro.
My congratulations bro…
Thanks for the sub. God bless…!!!
thank saho jaya wewa
Extended Bluray ekata update karanna.june 11 release.
Thanks brooo….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .. …!
Thanks Vima. BR eka update wenakamma balan unnaa..
bohoma sthuthi sahoooo jaya …..
Thanks broo..
Thankx for sub
Thanks bro….
Sub ekata thankx
Thanks for Sub!
THanks…
Thanks bro
thanks..
Thank you very much for BR update
Thank you Machan
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ……
Sub ektata Thanks Mchn…………
Jayawea………………!!!!!!!!!!!!!!!!!!
Thanks
THANKS A LOT BROTHER.. CHEERS !!
thanx saho
250 weni upasirasaya wenuwen suba pathanawa
Godak thanks apita mehema sub denawata ayye.ara widihata torrent link ain karapu ekai search karana tanata paste karanna bari karapu ekai nam attatama hodai.mokada meke godak unta oyala me karana wade kisi agayak na.unta hoda wade
උපසිරැසියට බොහෝම ස්තුතියි .
tnx Sub ekata
Sub ekata thanx
thanks
ko bluray sub eka ?
thankqqq vimaa
Thanks for the Sub. Much appreciated the effort.
thank you
ඔබට ස්තුතියි සහෝදරයා !!!!!!!!!!!!!!!!
Thanks brother.
ශාන් විමුක්ති අයියා…..thanq ……..මහන්සියක් නොබලා අපි වගේ film පිස්සොන්ට මෙහෙම help එකක් කරන එකට…….කරන හැම දෙයක්ම success වෙන්න ඕන..all the best and congratulations අයියා
Ela
ela ela 🙂
1080p bluray walata sinhala sub nadda tama
sub eka awlak na machan wada
blueray avooooooooooooooooooooooo
Mn me nikamata kiyanne. ay machnla marvel eke film walata mechchara arsa karanne…
Sub ekata thnks bro. Br upadate ekak damu ne. Jaya wewa !
thank you for the sub !
Thank you for the sub….
Blue Ray update ekath ona….
එලම✌️
Br එකටත් සබ් දෙන්ඩො
ela saho thanks
Br copy awellooo
සුභ පැතුම් විමො! ❤
Bluray ekata update denna.
thankx bro
meka 1080 web walata suport da ?
thanks. bluray walata update ekak danna
thanks
thank you
Ela ela
Thanks Sub ekata. Good luck vima……………
thaqnks sub ekta jaya wewa
thanks….for sub
Patta bn
ස්තුතියි!!
ජයෙන් ජය!!
Thanks for subtitles, bluRay valata update ekak denna
Great bro
Bluray update…..plz……
Good job….! Keep it up.! Sub ekata THANKS Bro…….!
Blu Ray eka dapanko…..
250 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම් ………
Thanks
yts eke ekata danna.. 1020p download kre.. sub vena ekakin dammoth mta baduma thma… 😐
BlueRay Ek dalooo… Update Ekak Oneeee… 🙂
me subtital galapena video ake link akth dana ?
thanks…………..
Thanks Bro…
web RiP eke sub 1 okkk
b-ray update karanna baiscope
Bro bluray update ekath oni
Tnx brother..
Blu-Ray Awaoo update pls
Thax for the sub Vima
Thnks bro………
උපසිරැසියට බොහෝම ස්තුතියි
උප සිරැසියට බොම ස්තූතියි.
ජය වේවා
වෙබ් රිප් එක ආයේ ගීන් බලද්දී බ්ලූටේ එකත් දාලා..
thanks bro!!!
update kalatah thanks saho….
blue ray update krnn..
blue ray update krnn…thanks for sub
update ekata sthuthi. film eka baluwa. wonder woman and star wars films hodata copy karala tiyenawa. marvel comic wala tiyena herosla comadiansla karana gon gatiyat hodata tiyenawa. kohomawunat zashamta wada hodai. thanks again for sub.
thanks bro…… bluray ekata awlk nadd meka
Thank you bro ❤❤❤❤
Thank you broo…. and congratulations for the 250..!
BluRay Awo….!
Thank you so much
Thank you Malli
thanks for sub
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
thanks a lot saho
විමා ඔන්න මාස දෙකකට පස්සේ ආයෙත් ආව…
ස්තූතී
thanks 250 sub …………………..
Thnkx mchan
Br ekat update krnm watinwa
Thanks…..!!!
thanx saho
Thank you bro sub ekata…
BR awilla neda broo..
Ela bro
Thank you brother.
Thanks for sub
Thanks brother.Best of luck
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……….!
thanks machan
අඩෝ, 250 ට සුභ පැතුම් ඈ….
thanks brooooo…..
Tankuuuuuuuuuuuuuuuuuu Vimaaa… Adarei hondeeeeee……. Ahasa taram….
එල ජය වේවා , තැන්ක්ස් සබ් එකට.
Thanks bro
Subtitle එක download කරන්න ගියාම මොකක්ද බන් මේ software එකක් කරන්න කියලා තියෙන්නේ.
වන් ක්ලික් ඩව්න්ලෝඩ් එකක් තියෙන්නේ බන්
මොකක් හරි ඇඩොන් එකක් දාගෙන ඇති උඹ බ්‍රව්සර් එකට
good luck broooo
Thanks
250 වෙනි උපසිරසියට සුභ පැතුම්!! තවත් ඉදිරියට උපසිරසි දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියල පතනවා. බොහොම ස්තූතියි..
250 සුබ පැතුම් බ්‍රො
250 ට සුබපතුම… Good luck…
Thanks….
thanks
thank you sahoooooo ❤❤❤
thanks sahooo
Thank You Bro….Regards !!!
Thanks Bro..Good Luck!!!
web eka awooo ikmnt sub eka denn akid saho
මචං web එක ඇවිත් තියෙන්නේ. ඉක්මනට update එක දෙන්න පුලුවන්ද ?
please update sub web available
web eka awa.
Web copy dala meke.sub eka update karala denawada.web eka enakm hitye me film eka balan.
720p.WEBRip.x264-[YTS.AM] awith thiyenne, update karanna puluwannam loku deyak bro
thanks sub ekata
මේකෙ webdl/rip පිටපතක් දැම්ම එන එකක් නැද්ද
Thanks macho. Captain marvel digital hd eka enawa 28th May. Itune and Amazon haraha. Ekata ikmanata update karanna awama.
congratulations brother thankyou,,, thawa sub ekak ikmanatama balaporoththu venawa
Sub ekata thanks broo
Tha filmak tinawa sub aka onee
( taxi 2004)
thX
250ta congratz
ko ban me up date karala thiyenneth HC copy yak ne 1.8gb nikan giya . up date karapan hoda copy yak awama boru nokara
සබ් එක ගැලපෙන කොපි
HDTS / HDTC
කවුද බන් HC කොපියකට සබ් එක අප්ඩේට් කළා කිව්වේ 😛
HDTC copy eka quality nane ban ekai kiwwe, sorry aul una nam
කලින් කැප්ටන් මාවල් ගැන කිව්ව කතාව ඉල්ලා අස් කරගන්නවා. කැප්ටන් මාවල් සුපිරියි. අනිත් වීරයන්ට දෙවනි නෑ. අද ෆිල්ම් එක බලපු හැටියෙමයි, මේ වරද නිවැරදි කරන්න හිතුනේ.
250ට හෘදයාංගම සුබ පැතුම්!
සමාවෙන්න ඕන කමෙන්ටුවක් දාන්න පමා වීම ගැන.
උඹේ සබ් ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ,
සයිටේ ඉන්න හොදටම සබ දෙන ඇඩ්මින් කෙනෙක් නොවෑ.
ඒ වගේම සයිටෙන් සෙට් වෙච්ච උන් අතරින් සුපිරිම ඩයල් එකක්.
කොහොම නමුත් ඉස්සරහට සබ් දෙන්න අදහසක් නෑ කියලා පැත්තකට
වෙනවා නෙවේ ඔන්න. හනිකට 300 ගහමු එහෙනම්. එහෙමනම් විමෝ
උඹේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පතනවා.
niyamai saho
8F758271E68CE46DEECDF2CE4F8A6AD0E70BD99E
film eka download karana link eka dendako
thanks ubata 250 warayak apita kelewwata ehenam 😀 api ema ne do… mulinma balanawa baiscopedownload eke… neththam torrent ekak hoya ganna api dannawa gembo…
balanna asawen inna film ekak oya sub krla thiyanna.eth hd rip eka enkn balanna ne.aiyata suba pethum aiya
kavachama thelagu move eka sub eka danna berida aiya.patta film ekak eka
යකො මේකෙ තෑන්ක්ස් කියන්න ලේසිද කියලා හිතපන්. ලොග් වෙන්න ඕනි. නැත්තං ආයෙත් ඊමෙල් පාස්වර්ඩ් හොය හොයා දගලන්න ඕනි. තැන්ක්ස් බටන් එකක් හරි කමෙන්ට් එකක් යන විදිහට හරි තිබබානම් තව හම්බෙයි. මහන්සියට තෑන්ක්ස්. එත් තැන්ක්ස් බලාපොරොත්තු නොවී කරපං. ඒක තමයි අමාරුම ජොබ් එක
Ow bn mara kattak kanna oni sub ekak baaganna.thawa comment karannalu
thanxxx & congratz Wima bro………..
Godak stutii
සොඳුරු වදන් වලින් කුරිරු විදිහට රිදෙන තැන් වලටම ගහල නොවැ….
විමාගෙ සබක් එක්ක ෆිලුව්මක් හරි එපියක් හරි බලන්න
ආසා හිතෙන්නෙත් වදන් නිසාම තමයි ඉතින්…
උබ ගැන ඉතින් තවත් වර්ණනා කරන්න දෙයක් නැහැ නොවැ…
එහෙනම් මචන් 250* ට හදවතින්ම සුබ පතනවා ඔන්න…
මාවල් එකක් නම් ඉතින් අනිවා බලනව කියල දන්නව නොවැ…
බ්ලූරේ ආවම තමා හැබැයි බලන්නෙ..
~~ඔබට ජය~~
සොඳුරු වදන් වලින් කුරිරු විදිහට රිදෙන තැන් වලටම ගහල නොවැ….
විමාගෙ සබක් එක්ක ෆිලුව්මක් හරි එපියක් හරි බලන්න
ආසා හිතෙන්නෙත් වදන් නිසාම තමයි ඉතින්…
උබ ගැන ඉතින් තවත් වර්ණනා කරන්න දෙයක් නැහැ නොවැ…
එහෙනම් මචන් 250* ට හදවතින්ම සුබ පතනවා ඔන්න…
මාවල් එකක් නම් ඉතින් අනිවා බලනව කියල දන්නව නොවැ…
බ්ලූරේ ආවම තමා හැබැයි බලන්නෙ..
~~ඔබට ජය~~
250ට සුබපැතුම් විමෝ.. යකෝ දැනුනෙ නැති උනාට අවුරුදු 18ක් තිස්සෙ උඹ උපසිරැසි දාලානේ.. එල එල.. ඔහොම යන්…
ශාන්ට නොසෑහෙන්න කේන්ති යනවනේ!
අපේ රටේ ඉන්න වැඩි දෙනා විවේචනය රාත්තලකට වැඩියෙන් ප්‍රශංසාව අවුන්සයක් වටිනවයි කියන කතාව නොදන්නා අය වගෙයි. හැබැයි, කිසිම හැඟීමක් නැතිව ‘තෑන්ක්ස්’ කියන්නත් දෙයියලා. කෙන්ට් එකකින් ස්තුති කරන්න ටිකක් මහන්සි වෙන්න ඕනනෙ. ඒක වෙන්නැති කම්මැලි.
ඔයාලා කරන මෙහෙවර මුළු හදින්ම අගය කරන අය වෙනුවෙන් මෙන්න මගෙනුත් ස්තුතියක්!
ඒ වගේම තව අවුරුදු 100ක් විතර සබ්ස් දෙන්නත් වාසනාව ලැබේවා!
ආයෙමත් ඔයාගේ ෆිල්ම් එකක්; Three Billboards Outside Ebbing Missouri ගැන ලොකු විස්තරයක් මගේ බ්ලොග් අඩවියේ පෝස්ට් එකක ලිව්වා. වෙලාවක් තියෙ නං බලන්නකෝ.
බයිස්කෝප් සිංහලෙන් අඩවියේ හැමෝටමත් ස්තුතියි!
e bn meke blr Copy awillda danna ekkenk innawanm kiyapan Biscope download eke thiyenne camer copyda Blur Copyda kiyala?
තෑන්ක්ස් සහෝ…250ට සුබ පැතුම්.
Tks a lot
Film eke link eka denna puluwanda?
Pin sidda wenawa
endgame Fillm ekathb HDTS awilla thiyenawa .ane puluwan e film ekatath sub denna.film eka thamath balanne nathuwa inne ogollo sub denakan.e wagema e fillm ekata godaaaak diga lipiyak liyanna.ජය
elamaaaa
thanks bro !
suba pathum 250*
jaya wewa !
250 ට සුභ පැතුම්.ජය වේවා.දිගටම කරමු.ඇත්තට ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවෙ බයිස්කෝප් උබල නිසා.ස්තූතියි ආයෙත්.බුදු සරණයි.
Thanks ban.ela.
250 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබ පැතුම් විමෝ…
උපසිරැසිකරුවන්ගෙන් කැමතිම උපසිරැසිකරුවෙක් තමා ඉතින්..
ඇස්වහක් කටවහක් නෑ, දෙන්න ඕන තැනට සුදුසුම වචන දාන කෙනෙක්…
ආතල් දෙන්න ඕන තැන් වලත් ඉතින් එහෙමම තමා. 😛
සබ කොලිටිය ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ..
මේ සබටත් තුති කිව්වා එහෙනම්. වෙබ් කොපියක්වත් එනකල් ඉඳලා තමා මේක බලන්නේ.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
250 ට සුභ පැතුම්.ජය වේවා.දිගටම කරමු.ඇත්තට ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවෙ බයිස්කෝප් උබල නිසා.ස්තූතියි ආයෙත්.බුදු සරණයි.
thanx
250 වෙනි උපසිරැසට සුභ පැතුම් සහෝ… ජය වේවා!
250 ට සුභ පැතුම් සහෝ… ජය වේවා!
“Vima” sub nm supiri jaya wewa issrahatath sub denna hithewaaaa
avengers endgame 2019 HDTS … balanna puluwan quality ewa dan thiyenawa.. puluwannam ikmanata ekatath sub denno……
Thanks Sub…….!!!
Ftt
Thankx bro
thanx
සබ් එකට ස්තුතියි….
සබ් එකට ස්තූතියි……..
ජය වේවා
eloooooooo subta thaxxxxx
Subata thanks….. Quality copy ekak aawama balanawa….
Elaaaaaa
තැන්ක්ස් මචං….හදවතින්ම
පුළුවන්නම් end game එකටත් දියන්කො
Thanks….
sorry kiyanna beriuna. end game eke hdcam special eka dala.
sub ekata thanks. echcharata end game ekata kalin meke balanna ewwa thiyanawada?
KISIMA ACTION EKAK NATI MARVEL VALA TI STORY WITHARAI A COMIC HEAROS LA JOKERS LA KARALA TI WA THOR EKA BALAPAN KO JONBAN INFINETY WOR EKAT EHEMAI FILM EKEMA STORY EKA WITHARAI ACTION ATHTHEMA NA THARAHAKATA NEWEI WEERAYO JOKERS LA KARANAWATA KAMATINA
KISIMA ACTION EKAK NATI MARVEL VALA TI STORY WITHARAI A COMIC HEAROS LA JOKERS LA KARALA TI WA THOR EKA BALAPAN KO JONBAN INFINETY WOR EKAT EHEMAI FILM EKEMA STORY EKA WITHARAI ACTION ATHTHEMA NA
MARVEL LATA ……….. DIPAN
PIRIMI COMIC CHARITHAYAK COPY KA WONDER WOMEN EKATA HARIYANNA SUPER MAN GE POWERS COPY KARALA HADAPU GOBLIN KENEK
thank you brother… love u all
250 වෙනුවෙන් සුබපැතුම් වේවා විමා!
චිත්‍රපටය ගැන කියනවා නම් චොරම මාවල් ෆිල්ම් ගොඩේ උඩින් ඉන්න එකක් මේක. ශාසෑම් එක්ක බැලුවාම ලොකුවට සල්ලි නම් හොයල තියෙනවා එච්චර තමයි. ඒ උනාට ශාසෑම් එක ඔරිජින් එකක් විදිහට කැප්ටන් මාවල් එකට වඩා උඩින් ඉන්නවා. මාවල් ට්‍රෙන්ඩ් එකේ හැටියට පොල් ලෙල්ලක් දැම්මත් මිනිස්සු බලන මට්ටමේ මාකට් එකක් මාවල් යුනිවර්ස් එක හදාගෙන තියෙනවා. ඒ නිසා ගොඩ ගියා මිසක් මේක එන්ඩ් ගේම් එකට කැප්ටන් මාවල් ගෙන්න ගහපු කූඤ්ඤයක් වගෙයි.
Thank you සබ් එකට
Thank you bro.. 🙂 keep it up good work.. 🙂
thnks , end game enna kalin blnna one
thankuuuuuuuuuuu broh
marvel ekka tharahak ne, eth lipiye warnana karana tharam gathiyak me film eke thibbe ne mata nam.
ow bn.marvel company ekayi dc company ekayi hina wenawathi.mun nikan free fire pubg gahana modayo wage maraganna kota
sub 1ta thanks film walin kohoma wunath comic walinui animation film walinui hoda dc la thama hoda kochchara wunath thama marvel lata supiri animation 1k karaganna bari wunane
250 weni sub 1ta jaya
sirama kathawa
camera copy nathi torrent link ekk kiyhnko kwru hri,
thamath lajja nathuwa link illanawane
yts.am
sub eka thanks bro
Thanks…………
Thanks!!!!!!
Tanx macho………..
මාත් film 2ම බැලුවා.හැබැයි caption marvel වඩා Shazam පට්ට..
ලොකු story එකක් නැති වුනත් ආසාවෙන් බලන්න පුළුවන්.
Caption marvel film එක විදියටම ඇදිලා යනවා අනිත් Marvel film වල තිබුණු Hype එක මේකේ නෑ. Endgame නිසා 1 billion ගියා.Anyway, Sub එකට Thanks
jaya wewa bro….suba pathum …
ඇති යන්තම් 250 ගහල. උණුසුම් සුබ පැතුම් විමෝ. දැන් ආයේ කඩ ඉමකට යන්න අමාරුයි කිව්වට හැකි ඉක්මනින් එකලාසයක් වෙලා ආයේ සබ් දාන්න ගනින්. 300 ගහන්න කලින් මඟුල් ගන්න හිතුව හින්දා වෙන්න ඇතිනේ මේ වෙලාව මදිකම. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. රහට ඇති කියල හිතනවා. ජය෴෴ 😛 😛
oyaala dila thiyena torrents hd d? naththan camera copida machoo?
thanx bn sub ekata…eth supurudu paridi br rip eka awata passe balanawa…thor ta bari una wade kellek gennalla karanna hadanne mavel lokka kevin kanthawadiyekda manda..hikzz
Thank you machan,,, 250kma sub dunna kiyanne weddek. Supiri weddek.
suoiri eee… Jaya wewa.
digatama sub karanna shakthiya dahiriya lebewa….
congratz and thanks for the sub….
thank you
250 subtitle ekata congratulations.oyage FILM INDUSTRY eka gana thiyana DANUMA nam kiyala wadak na.ara kathawak thiyenne NODANUWATH KAMATA beheth na kiyala.Again thanks for sub. -❤❤❤DCEU & MCU❤❤❤-
TNX BRO SUB EKATA
Kauda bn DC lata Bannine Ekenm DC.
Shazam 1Billion Gahuwam goda evunta Redei
Any way thanks for sub
Thank,
hammooo dc ekka thiyena tharaha 😀 kawru kohoma kiwwath DC tharam mata kawadawath mata marvel set ne. kohoma unath me sub ekata thanks. ewagema 250 kada imata hadawathinma suba pethum..! idiriyatath kada im pahu karanna wasanawa dahiriya lebewa..!!!
මුලින්ම කියන්න ඕනි, අපේ විමා සහෝට සුබ සුබ 250 වැනි උපසිරැසියක් වේවා කියලා. මේ සැරේ නම් ඊළඟ මාවල් මහා නිර්මාණය, End Game එක හෝල් එකෙන් බලන්න යන්න මම සැදී පැහැදී ඉන්නේ. මොකද කොපිය අපිට ලැබෙනකොට, හෝල් එකෙන් බලපු එවුන් අරයා මැරෙනවා, මෙයා පණපිටින් ඉන්නවා කියකියා මුළු කතාවම කියලා ඉවරයි. ඒත් ඉංගිරිසිය වේගෙන් යනකොට ඔක්කොම තේරෙන්නේ නැති නිසා, කවුරුහරි බයිස්කෝප් පින්වතෙක් ඒකේ උපසිරැසිය දෙනකම් බලාගෙන ඉන්න බවත් මතක් කරන්න ඕනි.
දැන් ඉතින් මම මේ කොල්ලන්ගේ පැත්තට අදිනවා හෙම නෙවෙයි. ඒත් අයන් මෑන්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ මෑන්ලට බැරි වුනු සටන, මේ කාන්තා චරිතය දිනවලා දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි මට තියෙන්නේ. අනික කැප්ටන් මාවල් මූලිකත්වය අරන් තානෝස්ව පැරැද්දුවොත්, මාවල් පිරිමි වීරයන්ට යන එන මං නැතිවෙනවනේ. නැද්ද? මට මේ ගැන විසඳුමක් ලබා දෙනු මැනවි.
sub ata thanks bro 250 ta best of luck
wima patta machan! jaya wewa!
dan 500 ta try karamu ekenma!
ලොකු වැඩක් ,,, සතුටුයි ඒ ගැන, 300 දෙන්න බලන්න සබ් දෙන්න වෙලාව, ශක්තිය වැඩියෙන් ලැබෙන්න thanX bro sub ekata,
සුබ පැතුම් 250 ට බ්‍රො
මුල ඉදන්ම විමා අයිය ලස්සනට DC Marvel බැලන්ස් එකේ කතා කර. සහජ ගති ආශා ලක්ෂණ මතු උනාදෝ මන්දා.. අග හරියට එද්දී කියවන ඕනේ කෙනෙක් ට ඔයා Marvel ෆෑන් කෙනෙක් කියල පේන විදිහට එක පැත්තකට කතා කරදෝ මන්ද. එහෙම එකක් දැනුන. ඒ උනාට එහෙම නොකර දෙපැත්ත බැලන්ස් කතා කරානම් කාගේවත් හිත රිදීමක් වෙන එකක් නෑ කියල හිතෙනවා. කොහොමින් හරි සබට තැන්ක්ස් අයියේ.
film eka download karana link eka mokakda?
film eka download karaganna link ekak nedda
කාට හරි කියන්න පුලුවන්ද bluray,hdts,dvdrip,webm,hdrip කියන ඒවගේ වෙනස ????????????????????????
pls help me
පිංතූර වල පැහැදිලි බව තමා ඔයා ඔය කියලා තියෙන ඒවගේ එක එක කොලිටි තමා තියෙන්නේ
thnx dear
250 වැනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව සහෝ….
ඊළග කඩ ඉමත් ඉක්මණින්ම පසුකිරීමට වැඩි වැඩියෙන් කාලය ලැබේවා….
ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ….
Thanks a lot bro.
bluray එනකම් ඉඳලා බලනවෝ..HDTS බාලා මුල ටික බලද්දිම අවුල් කියලා තේරුනා.මේ වගේ සුපිරි ෆිලුමක් විමාගෙ සබ් එක්ක බලන්න නම් HDTS හරියන්නෙ නෑ
Br enna kawada weida?
Suba pathum saho.. sthuthei sub ekata
thankss saho sub ekata keep it up
hammata… 250ta sub pathum machan….
cam copy
elma saho keep it up
thanz bro. digatama wade karagena yamu. jaya wewa
Thnkz bn
Request :
High Life (2018)
Storm Boy (2019)
Warfighter (2018)
The Upside (2017)
Welcome to Marwen (2018)
The Perfect Date (2019)
Crypto (2019)
The Upside (2017)
Thanks….
thanx machan…digatama karan yanna…jaya wewa..!
thanks bro..
නියමයි සහෝ…… ඉස්සරහටත් දිගට ම මේ වැඩේ කර ගෙන යමු.. හදවතින් ම මං සුබ පතනවා…ඉක්මනට ම 300 ට යමු…. සබ් එකට බොහොම ස්තූතියි….
Thank you
250 ට සුභපැතුම් සහෝ… උපසිරසියටත් ගොඩක් ස්‍තූතියි.. 300 ටත් යමූ.. ❤️
good luck,thank you 4 doing a great job.
250 ට සුභපැතුම්
thanks bro ela…
TANKS
Mekata thanks kiyala madi. Eth mona karannada karanna puluwan echcharaine . Kohimahari thank you very much for the sub❤️❤️❤️
250 වෙනි උපසිරැසය වෙනුවෙන් හදවතින්ම සුභපතනව අයියෙ.
ලිපිය නම් ඇඬෙන්නම දීලා. බ්ලුරේ එකක් ආවාහම අනිවාර්යයෙන් නරඹනවා. කියන්න තියෙන්නෙ මෙතනින් නොනැවතී ඉදිරියට යන්න ලැබේවා කියා පාර්ථනා කරනවාඅ.
good luck bro
250ට තුති විමා අයියේ.ඔය කිවුවට අපි දන්නවා විමා එහෙම සබ් කෙරිල්ල අත්අරින්නෑ කියලා. 🙂 මංනං හෝල් එකෙන් බැලුවා. ඒ වුනාට එන්ඩ්ගේම් බලන්න කලින් අායෙ බලන්න ඕන හිටං.මීටත් වඩා හොද කොපියක් තව දවස් දෙකතුනක් අැතුලත අාවොත් ලොකු දෙයක්. දතකට මැදං ඉන්නේ එන්ඩ් ගේම් බලන්න. 7.00 ශෝ එක.පිස්සු නේ.එහෙම විමා අයියේ සබට තුති.සදා ජය.
ElzzzzzzZ BroooO…
නියමයි විමෝ! 250 ටම ආපු එකේ 300ටත් බැල්ම දාමු හිමිට… 250 යන එකේ නිකමටවත් පෝස්ටරේ වැඩේට මැසේජ් එකක් දැම්මේ නැහැ නේ බං උබ! 😀
ජය වේවා!
elama
Tu brother good luck
බොහෝමත්ම ස්තුතියි වීමා සහෝදරයා. තවත් චිරාත් කාලයක් අප වෙනුවෙන් sub කිරීමට හැකිවේවා
Tnx bro meka enakan bln hitiye. 250 weni kada imata suba lathum.
Thank you so much guys!!!
250 වෙනි උපසිරැසියට සුභ පතමි!!!
Thanks
250වන කඩඉමට උණුසුම් සුබපැතුම් විමා අයියේ.
උපසිරසි 250ක් හදන්න කොයිතරම්නම් කාලයක් කැප කරන්න ඇතිද.
ඒ කැපකරපු කාලයට ගොඩාක් ස්තූතියි.
“බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නෙ නැති නිසා” අයියා නොනැවතී දිගටම උපසිරසිකරණයේ නිරතවෙයි කියලා හිතනවා.
250 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා…!!
250 වැනි උපසිරසියට සුභ පැතුම්
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවා
නියමයි…සබ් එකට තැන්ක්ස්…
250ට සුබ පැතුම්!!!
300ත් ගහමු….
සබ් එක දෙනකම් බලන් හිටියේ…
thank you very much & congratulation for your victory
ela bro digatama karanna
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sub ekata thanks Machan… film eka dawnlod karanna beeee
Thanks
250ට උණුසුම් සුබ පැතුම් මිත්‍රයා. මේව නම් කවදා බැලෙයිද දන්නෑ. බලන දවසක් ආවොත් ඉතින් විම්ස් සබ්ස් තමා. ජය වේවා
250 වැනි උපසිරසියට සුබපැතුම්
විමා අයියගේ 250වෙනි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා..!! කොයි වෙලේ උදව්වක් ඉල්ලුවත් පැකිලෙන්නේ නැතිව කරන ජාතියේ නිහතමානී මනුස්සයෙක්.. ජය වේවා අයියේ..
පුලුවන් තරම් ඉක්මනින් ඊළඟ කඩයිමට ළඟාවෙන්න ජය පතනවා!!!!
250* කඩයිමට සුභ පැතුම් සහෝ….!!!
මමත් සබ් කරන්න ගත්තේ ඔයාගේ සබ් දැකලා තමයි, ඔයාලා මෙහෙම ඉදිරියට යන එක අපිටත් හයියක්, ඉක්මනටම 300ත් ගහලා එතනින් නොනැවතී ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. ලිපියනම් දීලා තියෙනවා කම්මැලියොන්ට ඇඩෙන්නනම.. 😛 ඔයාගේ ඉදිරී වැඩ කටයුතුවලට සුභ පැතුම්…!!!
සුභ අළුත් අවුරුද්දක් වේවා….!!!
සුභ පැතුම් සහෝ ජයවේවා!!
සබ් එකට තෑන්ක්ස් අයියේ,, 250 වෙනි උපසිරැසියට සුබ පැතුම්!!
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සුභ අලුත් අවුරුද්දක් වේවා !
thank you bro
Thank you bro… Go on…
250 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.
Tnx bro
Congrats bro….
Waiting for BR Update….
ජය වේවා……
සුබ පැතුම් මචං..ඒ වගේම බොහොම ස්තූතියි
sub ekt gdk thanx.me sub eka enkn iwasillk nathuwa sitiye.e wagema 250* upasirasiyata subha pathanawa .meke video bluray pitawenna kochchara kalayak yaida????
Thanks…..
හදවතින්ම සුබ පැතුම් විමා 250 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන්.
සයිට් එකෙන් හම්බවුන තවත් සුපිරි යාලුවෙක් තමා උබ, හම්බවෙලා කතා බහ කරලා නොතිබ්බත් ඒ තරමට උබව ෆිට් කියන්න ඕන. එකම වෘත්තීයෙ සගයෙක් නොවැ ඉතිං.
කියන්න ඕන දේවල් ටික නම් උඩින් ලෙසටම කියලා තියනවා. තාක්ෂණය දියුණු වෙන්න වෙන්න මනුස්සයා කම්මැලි වෙනවා. තමන් දෙයක් හොයලා ඉගෙන ගන්නෙ නැති මහ කම්මැලි කිසිම උත්සහයක් දරන්න කැමති නැති ගොබ්බ රැලක් එන්න එන්නම බිහි වෙන්නෙ කිව්වොත් හරි. ඔය ලිංක් එකක් හොයා ගන්න බැරි ගොඩක් උන් කොල්ලො කියන්නත් ලැජ්ජයි බං. අනේ මංදා මං දැකලා තියනවා බයිස්කෝප් පේජ් එකේ සබ් වල පෝස්ට් දැම්මම, සබ් එකත් ඒකටම අමුනලා දාන්නය, ලිංක් එකත් මේ එක්කම දාන්නය වගේ කමෙන්ට්. අපි ගැනම ලැජ්ජයි බං.
ලිපියෙ අන්තිම ටික රිදෙන්න ඕන තැන් වලට රිදෙන්න දීලා තියෙනවා.
එහෙනම් ඉතිං ඉදිරි අධ්‍යාපනික කටයුතු සහා රාජකාරි කටයුතු සාර්ථකව කරගන්න ලැබෙන ගමන් ඊලග කඩයිමට යන්න ලැබේවා කියලා පතනවා.
~ජය!~
Thanks bro…
250 weni sub ekta suba pathum……..jaya wewa!!!!!
Good Job
Sub ekata thankx bro
bohoma sthuthi saho, 250 suba pethum..
thanks
thanks bro
250 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ!
congratulations..bro…
මන් බලපු චාටර්ම මාවෙල් ෆිල්ම් එක මේකද මන්දා, ගේ කක්කා කෑල්ල බිලියනේ පාස් කල එක හිතටත් අවුල්
සබ් එක දුන්නට පට්ට තෑන්ක්ස්..
Thanks bro
Thanks
Thanks
Thanks shan ayye sub dila me karana wadeta…! Digatama karagena yanna shakthiya dhairya labewaa…!!
Subha pathum bro
Thank u vima..ubata jayen jayama wewa
thanks for the sub..
all the very best
ස්තූතී සහෝ උපසිරැසියට….ඕගොල්ලොන්හෙ කාලය වැය කල්ල මේ කරන වැඩේට පින්.❤️❤️❤️
superrb work… thx….
ගොඩක් ස්තූතියි සහෝදරයා සබ් එක දුන්නට. ඒත් එක්කම සුභ පතනවා 250 කඩඉම පැන්නට. අගය කරන්න ඕනෙ තව දෙයක් තමයි ආදරණීය දෙමව්පියන් වත් මතක් කරලා ස්තුති කරපු එකට. මින් ඉදිරියටත් ගොඩක් ගොඩක් ගොඩක් උපසිරසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Thanks brother … Suba nawa wasarak…
Aenkn bln hitiye thnx brother
මුලින්ම 250 වෙනි උපසිරැසි කඩඉමට උනුසුම් සුභ පැතුම්..! බයිකෝප් සිංහලෙන් හි තවත් ප්‍රභල සමාජිකයෙක් වගේම හැමෝම එක්ක සුහදශීලි කෙනෙක් විදිහට අදුන්වන්නත් පුලුවන්.!කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව මෙවැනි මහඟු සමාජ සේවයක් කරනා ඔබගේ අනාගතය හා සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී උපසිරැසි කරන්නට තිබෙන කාලය තවතවත් වැඩි ව ඉක්මනින් ම 300 සීමාවත් පසුකරන්නට ශක්තිය හා කාලය ලැබේවා.!
Congratulations
සුබපැතුම් විමා 250ට.මගේ ෆේවරිට්ම උපසිරැසි නිර්මාණකරුවෙක් විමා.ජයවේවා.සබට තෑන්ස් බ්‍රෝ!!
සුභ පැතුම් 250 ට අයියෝ ඒකත් කැමරා කොපි එන්ඩ් ගේම් එකට කලින් ඕන නිසා දූන්නා කියන්නේ එහෙනම් ඒකත් කැමරා කොපි. ඔය කොපියට නම් පොඩි උන්ගේ සයිට් එකකිනුත් සබ් දීලා තිබුණා. කඩයිම් සම්පූර්ණ කරන්න ගිහින් ඒ තත්වයට වැටෙන්නේ ඇයි? ප්‍රමාණාත්මක බව වගේම ගුණාත්මක බව ගැනත් හිතන්න.
😀 😀
සයිට් එකේ මුළින්ම හොඳටම සෙට් වුණ සාමාජිකයා. එදා ඉඳන් අද වෙනකම් තරහ වුණ, යාලු වුණ, වලි දාගත්ත, අන්ෆ්රෙන්ඩ් කරපු වාර ගණන අනන්තයි. 😀
එහෙනම් 250 ට හදවතින්ම සුභ පතනවා විමෝ, එහෙමත් නැතිනම් හන්දියෝ, එහෙමත් නැතිනම් BA, එහෙමත් නැතිනම් රෝමියෝ, එහෙමත් නැතිනම් කු… නෑ ඒ නම ඕන නෑ එක්කො 😀
එහෙනම් ඉක්මණටම 300 ත් ගහපං.
Valar Morghulis!
prens mata help ekk widiyta kiyanwada kohomada me userdrive kyna site eken film eka download kara ganne kyla????? Vima සහෝදරයා gd lk
torrent dannko thyena ekknek
ස්තූතියි උපසිරැසිය ලබා දුන්නට…
බොහොම ස්තුතියි විමා අයියේ උපසිරසට ඒවගේම 250 වෙනි කදිමට හදවතින්ම සුබ පැතුම් එක්කරන්න කැමති
ලිපිය කියෙවුවා අයියේ. මේතරම් සේවයක් කරන මේ වෙබ් අඩවියේ පතාක යෝධයෝ වගේ ඉන්න ඔයාල. කොහෙවත් ඉන්න නහර කාරයෝ කියන කතා නිසා යන ගමන නවත්තන්න එපා. මොකද අපි ඔයාල දිහා බලන් ඉඳල තම විමා අයියේ උපසිරස කරන්න හයියක් හිතට අරගත්තේ. තවමත් ඔයාල නිසා තම ඒ ගැම්ම හිතේ තියෙන්නේ. තව තව වැඩි වැඩියෙන් උපසිරස කරන්න ලැබේව කියල හදවතින් පතනවා විමා අයියේ. ඒවගේම සුබ අලුත් අවුරුද්දක් වේව කියලත් ප්‍රර්ථනා කරනවා
ජයවේවා විම අයියේ…
සුභපැතුම් 250 වෙනි උපසිරැසියට…
(ඔය කිවුවට අපි දන්නව ඔයා තව අවුරුදු දෙකක් ගිහිල්ලා හරි 300ත් ගහනවා කියලා….)
ඉතින් කොහොමහරි ඒ කඩයිමත් පහුකරගන්න ශක්‍තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…
බුදු සරනයි!
Thanks saho
250 ට උණුසුම් සුභ පැතුම් සහෝ….ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ….හොඳ copy එකක් ආවම ඉක්මනින් update කරහං මචෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…..
හරිම සන්තෝසයි විමා, ඔබේ මේ ඓතිහාසික ජයග්‍රණය ගැන. මේ මොහොතේ මාගේ මතකය දිව යනවා ඔබේ කුළුදුල් උපසිරැසිය වෙත. උපසිරැසි නිර්මාණය යනු ඔබ සතුව පවතින මහානර්ඝ, උත්කෘෂ්ට ප්‍රාගුණ්‍යයක් බවත්, එය නෛසර්ගික වූවක් බවත් මා වටහා ගෙන අවසානයි. ඒත් ලෝකයා එය කවරදාක වටහා ගනීද සැකයි. ඔබේ දෛවය ඒ තරම් කෲරයි. නමුත්, මම සුබ පතනවා ඉත සිතින්ම ඔබට ඉක්මනින්ම දරු සුරතල් බැලීමට වරම් ලැබේවායි!
ඒක නෙවෙයි, කැප්ටන් මාවල් කියන්නෙ කවුද?
thanks bro
adoo thanks machann
Thanks machn..
thank you brother…. :>
ආශාන්ගේ ලියවිල්ල ටිකක් සර වැඩි කියල මගේ පුද්ගලික හැගීම .මෑතකදී ගේම් ඔෆ ට්‍රෝන් සබ එක ඉල්ලලා එක හාදයෙක් බුකියේ නටල තිබ්බ එක ලගට ගෙනත් ඉල්ලනවා වගේ ,එක මේක ආසන්නම හේතුව වෙන්න ඕනි ,මමත් එතකොට ටිවී එපියේ ලින්ක් එක ඉල්ලලා මැසේජ් එකක් දාල තිබ්බේ අශාන්ට ,පස්සේ බයිස්කෝප් සයිට් එකේ ලින්ක් එක දාල තිබ්බ ,කමක නැහැ මම සුබ පතනවා මචන් දිගටම මේකේ සුපිරි ඒවා දන්න
මලින්ද
ඔයා ඔය කියනවා ඇත්තේ මං ගොට් ලංකා ගෘප් එකේ දාපු එක වෙන්න ඇති නේද?
ඒ කමෙන්ට් එක දානකොට මං මේක ලියල 😀
මේකට හේතුව උනේ සයිට් එකේ එකවුන්ට් එකක් නැතුවත් ගන්න පුළුවන් පරණ සබ් පවා ඉන්බොක්ස් ඇවිල්ල ඉල්ලන උන්. සයිට් එකේ ෆිල්ම් එක සර්ච් කරල ගන්න කම්මැලි එවුන්. එකවුන්ට් එකක් හදාගන්න කම්මැලිකමේ ඉන්න එවුන්. ඒ අයට එකවුන්ට් එකක් හදාගන්න අමාරු නම් ඒක කියන්න ක්‍රම ඕන තරම් දීල තියෙනව එහෙම ට්‍රයි එකක් නොදී උඩ බලන් ඉද්දි දෙපතුල ලගට සේරම ගෙනෙත් දෙනකම් ඉන්න උන්ට තම මේ අකුරු ටික කෙටුවේ සහෝ. සර ගැන නම් අදහසක් නැහැ ඒ තමා හිතට ආව වචන 😀
සුපිරි මාර්වල් ෆිල්ම් එකක්නේ 250 ට දීලා තියෙන්නේ.
250 ට සුබ පැතුම්, සහෝ…!
මේ උපසිරැසි 250 න් මිනිස්සු කීයකට සේවයක් වෙන්න ඇතිද?
අන්න ඒක තමයි වටින්නේ.
අන්න ඒ සේවය වෙනුවෙන්ම ඔබට පින් අයියේ…!
ඒ වගේම කියන්න තියෙන්නේ කවුරු මොන දේ කිවුවත් සැලෙන්න එපා කියලයි.
මේ කරන වැඩේ කිසිම අගයක් නැති අය ඉන්නවා.
එයාලා සබ් එක බාන්නේ ඇදයක් හොයන්න විතරයි.
ඒ වගේම ඒ කට්ටිය අවුරුදු ගාණකට සැරයක් කමෙන්ට් එකක් දාන්නේ.
ඒ අර යැපෙන මානසිකත්වය නිසා.
250 න් නම් නවත්වන්න එපා.
මොකද මේ වැඩේ ගොඩාක් වටින අයත් ඉන්නවා, සහෝ.
සිංහල සබට බොහෝම ස්තූතියි.
250 ට ආයෙත් සුබ පැතුම්.
ජයෙන් ජයම වේවා!
Hail Dc
thanks
250 වෙනි කඩඉමට හදවතින්ම සුභ පතනවා විමා අයියෙ…ඒ වගේම 250න් නවත්තන්න නම් හිතන්න එපා.
යැපෙන මානසිකත්වයක් තියෙන, අඩුම තමන්ගෙ එෆ්බී අකවුන්ට් එකවත් තමන්ම හදාගත්තද කියලා හිතාගන්න බැරි සුළු පිරිසක් සයිට් එකේ, සමාජ මාධ්‍ය වල හැම තැනම බැන බැන කමෙන්ට් දාද්දි බහුතරයක් සද්ද නැතුව ඉන්න එක ඇත්ත.
ඒවා කවුරුත් ගනන් ගන්නෙත් නෑ.. මුකුත් කියන්න යන්නෙත් නෑ. සිංහල උපසිරසියක මුල ඉදන් අගට ඇද තියෙනවා ඒ නිසා ඉංග්‍රීසි බලන්නෙ කියලා ඉංග්‍රිසි සබ් දාන් බලන අය ආයෙ වෙනම වටයක් සිංහල එකේ ඇද හොයන්න ෆිල්ම් එක බලන මහන්සියත් අගය කරන්න ඕනෙ. එයාලටත් ස්තූති වෙන ගමන්, තවත් දිගටම උපසිරසි ලබාදෙන්න හැකියාව ලැබෙන්න කියලා සුභ පතනවා. උපසිරසියට ස්තූතියි. 🙂 🙂
බොහොම ස්තූතියි සහෝ…….සුබ පැතුම් 250 ගැහුවට……ජය වේවා…..තෙරුවන් සරණයි…!!!!
උණුසුම් සුභ පැතුම් විමා සහෝ,
250 වෙනි කඩයිම පසු කරා එහෙනම්,
සයිටෙ ඉන්න සුපිරි චරිතයක්,
ඉදිරියටත් සබ් කරන්න වගේම,
තිරය පිටුපස වැඩ කරගෙන යන්නත් කාලය වේලාව
වැඩි වැඩියෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව,
සබ් එකටත් බොහොම තුති,
සුබ පැතුම් 250 වෙනි උපසිරැසියට මේක බලාගෙන හිටපු ෆිල්ම් එකක් බොහොම ස්තුතියි .
සුබ පැතුම් 250 වෙනි කඩඉමට සහෝ.
ගුණාත්මක උපසිරැසිකරුවන් අතරින් මුල් තැන විමා.
ඒ වගේම පට්ට පතුරු ලිපියකුත් දීලා තියෙන්නේ.
මොනව උනත් හොඳ කොපියක් ආවම බලන්නම්.
ජයෙන් ජයම වේවා!
මුලින්ම 250 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් විමෝ…උබේ වැඩ ගැන අමුතුවෙන් පම්පෝරි ගහන්න යන්නේ නෑ.. සරලව කරන වැඩේ උපරිමේටම කරන එකෙක්. සුපිරියෙනුත් සුපිරි. සෑහෙන්න රිදෙන කතා ටිකක් කියලා.. ඒවා සේරම වචනයක් නෑර ඇත්ත. හැබැයි අවංකව කිව්වොත් බොක්ස් ඔෆීස් හිට් එකක් උනාට වොන්ඩර් වුමන් ෆිල්ම් එක තරම් සාර්ථක නෑ. මං හිතන විදියට ගොඩක් අයට ඒ දේ තේරෙන්න ඇති. හැබැයි මාවල් කියන්නේ ලොකු දැක්මක් තියෙන ආයතනයක්. දාන්න ඕනි සෙල්ලම් ටික ඊලග ෆිල්ම් වලින් දාවි. ආන් ඒ දේවල් එක්ක බලනකොටනම් ඉතිං මේක සුපිරියක්..ජය වේවා..බුදුසරණයි..!
බයිස්කෝප් සෙට් එක එන්ඩ් ගේම් බලන්න සෙට් වෙන්නේ කොහෙටද???
පට්ට පට පට.. සුබ පැතුම් ආ
ඔබේ කඩඉමට අපෙනුත් සුභ පැතුම්. තේරෙන බාසාවෙන් චිත්‍රපටි බලන්න විතරක් නෙමේ ඒ කතාවේ අග මුලත් පසුබිම් කතාවත් අපි වෙත ගෙන එන බයිස්කෝප් කන්ඩායමටම බොහොම ස්තූතියි
Suba pathum obata
පිං සිදු වේවා! පිං සිදු වේවා!! පිං සිදු වේවා!!!
250’වැනි කඩයිමට සුභපැතුම් විමෝ.
මෙතැනින් නොනැවතී තවත් කඩයිම් වලට ලගාවෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා වගේම ඉදිරි වැඩ කටයුතුත් හොදින් කරගන්න ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා. මේ ආපු ගමන නවතිනවා එහෙම නෙවෙයි. හෙමින් සැරේ කරන් යමු MCU එකේ බ්‍රි අක්කා තවත් කාලයක් ෆිල්ම්වල පෙරමුණ අරන් ඉන්න නිසා.
හැබැයි ඉහින් සුපුරුදු පරිදි ඩීසි වලට බැනලා ශසෑම් එකට සවුත්තුව දාලා. ඔහෙලට ඉතින් ඩීසි එකට මුකුත් නොකියා වැඩක් කරන්නම බෑ නෙවැ. කමක් නැහැ ඉතින් ඩීසිලත් ඉන්න එපැයි ඔහෙලට කටක් ඇරලා අනංමනං කියලා මා(වල්) ඒවා හිට් කරගන්නත්. :3
කාරී නෑ. කාරී නෑ. කරගෙන යන්ට.
මේ උපසිරැසියටත් බොහොම ස්තුතියි! ජය!
Thnx sahooo sub ekata..jaya wewa..
බයිස්කෝප් ගැන්සියේ හැන්ඩියා නොහොත් විමායියා… සයිටෙ ඉන්න නිහතමානීම චරිත වලින් ඉහළින්ම ඉන්න කෙනෙක් තමා ඔයා… ඒ වගේම අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආපුවහම ඒ ගැන හොයල බලල ෆුල් සප් එක දෙන පොරත් ඔයාම තමා. ඉතින් ඔයාගේ උපසිරසි ගමනේ 250 වෙනි කඩයිමට මගෙන් උණුසුම් සුභ පැතුම්. චිරාත් කාලයක් සයිටේ වැඩ කටයුතුත් බලාගෙන සබ් දෙන්න හැකියාව ධෛර්යය ලැබේවා…
ජය වේවා!
hats off brother…
Welldone…Hat off Respect Saho…great work & lot of thanks VIMA saho…wish u’r great future…
250 sub karanawa kiyanne lesi wadak newe mcn….sub aka player akata adala dala film aka balanawa tharana sub aka hadanna lesii ne…a athin ubala karana kapawime tharama wachana walin kiyala nima karanna be bro…kiyanna tiyenne godak pin kiyala mcn ubala me karana deta….jaya wewa…!!!!!!!!
thanks
Thanks brooo…
හදවතින්ම සුභ පතනවා විමා 250 වෙනි කඩයිම වෙනුවෙන්…
බයිස්කෝප් එක තුලින් හම්බුනු එලම බොක්කක් තමයි උඹ
මෙතනින් නොනැවතී තව තවත් සිය දහස් ගණනින් සිනමා රසිකයින් පිනවන්නට උඹට හැකිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම සයිට් එකේ වැඩ ටිකත් බලාගෙන, කරන කියන අනෙක් වැඩ කටයුතු ටිකත් සාර්ථකව කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත් පතනවා.
සෑහෙන්න ආඩම්බරයක් තියෙනවා අමද්‍යප සංගමයේම කෙනෙක් විදිහට අපේම එකෙක් මේ වගේ විශේෂ කඩයිමක් පසු කරන මේ අවස්ථාවේදි. අමධ්‍යප සෙට් එකේ එකෙක් විදිහට උඹ හොද ආදර්ශයක් අනෙක් බේබදු සංගමයන්ට.
ඉතින් හම්බුනු වෙලාවක මේ ප්‍රීතියත් අමද්‍යපව සමරමු..
අවසාන වශයෙන් ස්තූතියි උපසිරසියටත්.
ජයෙන් ජය !!!
Congratulations saho digtama ohoma sub aka demu
අපේ නම් ඔය අබ්බගාත වැඩ නෑනේ.දන්නැති උන්ට උගන්නනත් එක්කම torrent,direct,ගැන දන්නවා.
Congratulations…!!! Handiya..
Thenks for sub
250 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්..!
suba paethum
unusum subapethum sahodaraya… godaak pin
250 කඩයිමට සුභම සුභ පැතුම් විමා. මාව පහු කරගෙන පහු කරගෙන ගිහින් නේ. ඊරිසියයි ආ.. හෙ හේ. ඔය 250 වගේම තවත් 500ක් විතර සබ් කරන්න බයිස්කෝප් එකත් එක්ක රුදිලා ඉන්න ලැබේවා කියලා එක සිතින්ම පතනවා.
Congratulations Brother පුලුවම් විදිහට අපිට සබ් දෙමු ජය ඉදිරි කටයුතූ සාර්තක වෙවා
Thanks for sub.good luck bro
මුලින්ම 250′ වැනි කඩයිමට සුභ පැතුම් විමා අයියේ…!! බයිස්කෝප් අඩවියෙන් හමු වුන නිහතමානීම අයගෙන් කෙනෙක් තමයි විමා අයියා. නොදන්න හුගක් දේවල් මටත් කියලා දීලා තියෙනවා. ඉතින් මෙච්චර දිග ගමනක් ආවා වගේම තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕන වගේම තිරය පිටුපස කටයුතුත් සාර්ථකව කරගෙන යන්න වාසනවා ශක්තිය ධෛර්‍ය්‍ය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. උපසිරැසි කරන එක අඩු වෙයි කිව්වට ලසසනට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 300′ ගහලා දාමු එහෙනම්.එහෙනම් සුපුරුදු පරිදි සබට තුති අයියේ…. ජය වේවා….!!!
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ…
සුභ අලුත් අවුරුද්දක් වේවා….
250 උපසිරැසියට හදවතින්ම සුභ පතනවා…
හොද ටීවී සීරීස් එකක් ආවොත් සබ් කරමු…
මෙච්චර කරපු එකේ 300 ම ගහමු ගින්දර වගේ….
ජය…
250 වෙනි උපසිරසියට සුබ පැතුම් අශාන් අයියේ!!!
ස්තුතියි……
සුභ පැතුම් විමා.. බයිස්කෝප් වෙබ් අඩවියේ තව එක නැංගුරමක් කිව්වොත් මම නිවැරදියි. ඒ වගේම අපේ පැත්තෙ කොල්ලෙක් වුන එකටත් පොඩි ආඩම්බරයක් තියෙනව. සදා ජය විමා..
Gd Lk machn
Thanks saho
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම 250 වෙනි කඩ ඉමටත් සුබ පැතුම්….
නියමයි ජයවීවා
ජය වේවා මිත්‍රයා.. ❤ බයිස්කෝප් පවුල ඇතුළෙ මට මුණ ගැහුණු නියම චරිතයක් උඹ.. තිරය පිටුපස ඉන්නව කිව්වට උඹට එහෙම ඉන්න බෑ.. ඉස්සරහට උඹගෙ අධ්‍යාපන වැඩ ඉවර වුණාම ආයෙත් ගේමට බහිමු.. ඒ අතරෙ 300 ගහමු හෙමින්.. උඹල නිසා තමා බයිස්කෝප් එක ඇතුළෙ ලස්සන එකමුතුවක් හැදිල තියෙන්නෙ.. ❤❤❤ <3
thnx
සුභ පැතුම්
විමා කියන්නේ නිහතමානීම කෙනා මං හිතන්නේ සයිට් එකේදි මට පුද්ගලිකව හම්බුණු. කම්මැලින්ට රිදෙන්නම දීලා නේද? . ඒක හොඳයි.
මෙතනින් නොනැවතී හෙමින් හරි දිගටම මේ උපසිරස කලාවේ නිරත වෙන්න කියලා කියනවා. තිරය පිටුපස ඇඩ්මින් වැඩත්, ජීවිතයේ අනික් වැඩ කටයුතුත් සාර්ථකව කරගන්න පුලුවන් වේවායි පතමින් මම නිහඬ වෙනවා.
ජයෙන් ජය.