කොමික් වීරයෝ කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නැති තරමයි. අර මෑන්, මේ මෑන් කිය කිය එක එක නම් වලින් එක එක විදියෙ කොමික් වීරයෝ ඉන්න චිත්‍රපටි දවසින් දවස කරලියට එනවා. හැබැයි, කොමික් ලෝකය ගත්තාම ඕනෑම යුනිවර්ස් එකකින් බිහිවෙච්ච පලවෙනිම කොමික් චරිතය විදියට සලකන්නෙ සුපර්මෑන් කියන කොමික් වීර චරිතය. ලෝකයේ පලවෙන…

කොමික් වීරයෝ කිව්වම අද කාලෙ නොදන්න කෙනෙක් නැති තරමයි. අර මෑන්, මේ මෑන් කිය කිය එක එක නම් වලින් එක එක විදියෙ කොමික් වීරයෝ ඉන්න චිත්‍රපටි දවසින් දවස කරලියට එනවා. හැබැයි, කොමික් ලෝකය ගත්තාම ඕනෑම යුනිවර්ස් එකකින් බිහිවෙච්ච පලවෙනිම කොමික් චරිතය විදියට සලකන්නෙ සුපර්මෑන් කියන කොමික් වීර චරිතය. ලෝකයේ පලවෙනිම කොමික් චරිතය විදියට එදා සුපර්මෑන් අසීමිත ප්‍රේක්ශක ප්‍රතිචාර මැද, ඉහලම ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා. මිනිස්සුන්ගෙන් හැටියක් තියෙනවා, කවුරුහරි දෙයක් කරලා හරිගියා නම්, ඔන්න අනිත් අයත් ඒ දිහා බලාගෙන ඉඳලා එයාලත් ඒ දේම කරන්න ගන්නවා. එදා National Comics ආයතනය (DC Comics කියන්නෙත් මෙයාලම තමයි) විසින් සුපර්මෑන් චරිතය නිර්මාණය කරද්දි, ඒ දිහා බලාගෙන ඉඳපු Fawcett Comic ආයතනයටත් ඕනෙ වුණා එයාලටම කියලා සුපර්මෑන් කෙනෙක්ව නිර්මාණය කරගන්න.
![]()
Fawcett Comic
එම අදහස අනුව 1940 වර්ෂයේදි Fawcett Comic ආයතනය විසින් C.C. Beck සහ Bill Parker යන නිර්මාණ ශිල්පීන්ගේ මූලිකත්වය සහිතව Whiz Comics #2 කොමික් පොත් මාලාව හරහා Captain Thunder කියන නමින් එයාලටම කියලා කොමික් චරිතයක් නිර්මාණය කරවගන්නවා. කාලය ගතවෙද්දි මේ Captian Thunder කියන නම Captain Marvelous බවට පත්වෙලා, ඊටත් පස්සෙ Captain Marvel බවට පත්වෙනවා.


Shazam චරිතය විකාශය වූ ආකාරය…
මතකද මං උඩ සඳහන් කලා Fawcett Comic ආයතනයට ඕනෙ වුණේ එයාලගෙම කියලා සුපර්මෑන් කෙනෙක්ව නිර්මාණය කරගන්න කියලා? ඉතිං, ඒ නිසා මේ Fawcett Comic ආයතනය විසින් Captain Marvel කියලා නිර්මාණය කළේ සුපර්මෑන්ට අතිශයින්ම සමාන කොමික් චරිතයක්. ඔන්න ඔතනනි තමයි වැඩේ වරදින්නෙ. අපි කරපු දෙයක් දිහා වෙන කෙනෙක් බලාගෙන ඉඳලා, එයාලත් අපි කරපු දේ වගේම දෙයක් කරනකොට අපි නිකං උඩ බලාගෙන ඉන්නෙ නැහැනෙ? ඔන්න ඉතිං මේ කරපු වැඩේට විරුද්ධව DC Comic ආයතනය විසින් Captain Marvel චරිතය නිර්මාණය කල Fawcett Comic ආයතනයට විරුද්ධව 1941 දී නඩු පවරනවා, එයාලගෙ බුද්ධිමය දේපළ අනවසරෙයන් උපුටා ගත්තා කියලා.
අවුරුදු හතකට ආසන්න කාලයක් තිස්සෙ කෙරිච්ච දීර්ඝ නඩු විභාග වලින් පස්සෙ උසාවිය තීරණය කරනවා, Fawcett Comic ආයතනය විසින් Captain Marvel චරිතය නිර්මාණය කරලා තියෙන්නෙ DC Comic ආයතනයේ සුපර්මෑන් කියන චරිතය අනුකරණය කිරීමක් කරලා කියලා. අන්තිමේදි Fawcett Comic ආයතනයට සිද්ධවුණා ඔවුන් අතින් වෙච්ච වැරැද්ද පිලිගන්න වගේම, ඒ වෙනුවෙන් ලොකු වන්දි මුදලකුත් ගෙවන්න. ඒත් එක්කම, Fawcett Comic ආයතනය තමන්ගෙ කොමික් පොත් මාලාව නවත්තලා දැම්මා විතරක් නෙමෙයි, Captain Marvel කියන කොමික් චරිතය පවා නවත්තලා දැම්මා.
පොඩ්ඩක් ඔහොම ඉන්න… සමහර අයට මේක නිකං අප්‍රබංස වගේ ඇති. මේ ලිපියෙ කියන විදියට Captain Marvel කියන්නෙ පිරිමි චරිතයක්. තව කියනවා Captain Marvel කොමික් චරිතය නවත්තලා දැම්මලු. එතකොට මොකක්ද හත්දෙයියනේ අර මාවල් එකෙන් ඊයෙ පෙරේදා Captain Marvel කියලා හාල් කෑල්ලක් දාලා නටපු නාඩගම…? එහෙනම් ඊලඟට ඒ ප්‍රශ්නය විසඳලා ඉන්නම්කො.
Captain Marvel කියන කොමික් චරිතය පවා නවත්තලා දාලා කාලය සෑහෙන කාලයක් ගියාට පස්සෙ, 1972 දී DC Comic ආයතනය විසින් Captain Marvel කොමික් චරිතයේ සියලු අයිතීන් ඔවුන් වෙත ලබාගන්නවා. හැබැයි මෙතනදි DC Comic ආයතනයට ලොකු ගැටළුවකට මුහුණ දෙන්න සිද්ධවුණා. මොකද, මේ කාලය වෙද්දි Marvel යුනිවර්ස් එක බිහිවෙලා, Marvel කියන නමින් එයාලගෙම කොමික් කතා නිකුත් වෙමින් තිබුණා. මේ නිසා, DC Comic ආයතනයට Captain Marvel කියන නම තවදුරටත් පාවිච්චි කරන්න නීතිමය හැකියාවක් තිබුණෙ නැහැ. අන්තිමේදි DC Comic ආයතනය මේ ගැන සෑහෙන්න කල්පනා කරලා, Captain Marvel කියන කොමික් චරිතයේ නම Shazam කියලා නිළ වශයෙන් වෙනස් කරනවා. ඔන්න ඔහොම තමයි කොහෙවත් ඉන්න හාල් කෑල්ලක් Captain Marvel බවට පත්වුණෙත්, ඔරිජිනල්ම ඔරිජිනල් Captain Marvel චරිතය Shazam බවට පත්වුණෙත්.

Captain Marvel සහ Original Captain Marvel (Shazam)
DC Comic ආයතනයත් එක්ක තරඟයට තමයි Fawcett Comic ආයතනය විසින් Captain Marvel හෙවත් Shazam චරිතය නිර්මාණය කරන්නෙ. ඒත්, සුපර්මෑන් චරිතය අනුකරණය කරන්න ගිහිල්ලා Fawcett Comic ආයතනය වැඩේ වරද්ද ගන්නවා. හැබැයි, තමන්ගෙ කොමික් චරිතය බොහොම බලවත්ව, අංගසම්පූර්ණව නිර්මාණය කරන්න එදා Fawcett Comic ආයතනයට පුළුවන්කම ලැබුණා.
Captain Marvel, එහෙමත් නැත්නම් Shazam ගැන ගොඩක් දෙනෙක් ඒ හැටි දන්නවා වෙන්න බැහැ. කවුද මේ Shazam කියන්නෙ? කොහොමද මෙහෙම වීරයෙක් බිහිවෙන්නෙ? මොනවද මෙයාට කරන්න පුළුවන්? මුලින්ම ඒ හැමදෙයක් ගැනම පොඩ්ඩක් දැනගෙන ඉමු එහෙනම්.
Shazam කියන නම නිකංම නිකං හැදිච්ච එකක් නෙමෙයි. Shazam කියන නමේ අකුරු හයෙන් බලවත්ම දෙවිවරු හයදෙනෙක් අර්ථ ගැන්වෙනවා.

මෙන්න මේ බලවත්ම දෙවිවරු හයදෙනාගෙ නම් වල මුල අකුරු වලින් තමයි Shazam කියන වචනය හැදිලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි, මේ දෙවිවරු හයදෙනාගේ බලයන් පවා Shazam සතුවෙනවා කියලා තමයි කොමික් පොත්පත් වල සඳහන් වෙලා තියෙන්නෙ. මේ දෙවිවරුන්ගෙන් ලැබිච්ච බලයන් මොනවද, Shazam ට මොනවද කරන්න පුළුවන් කියලා අපි දැන් බලමු.
S for Solomon

S අකුරින් කියන්නෙ සොලමන් දෙවියන් පිලිබදව. සොලමන් කියන්නෙ නුවණට අධිපති දෙවියන්. සොලමන්ගේ බලයන්ගෙන් ලෝකය පිලිබඳව ගැඹුරු දැනුමක්, ලෝකය පිලිබඳව මනා අවබෝධයක්, මේ ලෝ තලය තුල අතීතයේ සිදුවුණා වූ ඇතැම් සිදුවීම් පිලිබඳව ස්මරණ මතකයන් Shazam ට ලැබෙනවා. සොලමන්ගේ ප්‍රඥාව තුලින් Shazam ට බලයන් පහක් හිමිවෙනවා.
Superhuman Knowledge – සාමාන්‍ය මිනිස්සු වශයෙන් අපි හැමදෙයක් ගැනම දන්නෙ නැහැ. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ගති සොබාව. ඒත්, මෙතනදි සොලමන්ගේ බලය නිසා Shazam ගෙ තත්වය හාත්පසින්ම වෙනස් වෙනවා. ජීවිතේට අහලා නැති දෙයක් වුනත්, සොලමන්ගෙන් ලබෙන මේ බලය නිසා Shazam ට හැකියාව තියෙනව ඕනෑම දේකට උත්තර දෙන්න. උත්තර දෙන්න විතරක් නෙමෙයි, මේ බලය නිසා Shazam නොදන්න දෙයක් නැති තරමයි.
Clairvoyance – කතාවට අපි කියන්නෙ දිවැස් තියෙනවා කියලා. සරලම කියනවා නම් අන්න ඒ බලය තමයි මේ. හැබැයි එහෙම කියලා Shazam ට අනාගතය පේන්නෙ නැහැ. තමන්ට සිද්ධවෙන සිදුවීම් වලින් මෙහෙම වුනොත් වාසිය මොකක්ද, අවාසිය මොකක්ද කියලා වගේ හොඳ අවබෝධයක් මේ බලය නිසා ඔහුට ලැබෙනවා. ඒ වගේම තමයි, තමන්ගේ වාසිය වෙනුවෙන් අතීත සිදුවීම වෙනස් කරන්න පවා හැකියාවක් මේ බලය නිසා Shazamට ලැබෙනවා.
Hypnosis – මේ තමයි මෝහනය කිරීමෙ බලය. මේ බලය නිසා Shazam ට පුළුවන් තවත් කෙනෙක්ව මෝහනය කරන්න. හැබැයි පොඩි පරහකට තියෙන්නෙ, ශක්තිමත් මනසක් තියෙන අයව මේ බලයෙන් Shazam ට බැහැ මෝහනය කරගන්න.
Omni Lingual – මේ බලය නිසා Shazam පුළුවන්කම ලැබෙනවා මේ විශ්වයේ පවතින ඕනෑම කෙනෙක් සමග සන්නිවේදනය කරන්න. ඒ කියන්නෙ, කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ බලයත් එක්ක සම්බන්ධ බොහොම රසවත් සිදුවීමක් තියෙනවා. ඒ නිසා, අමතක නොකර ක්‍රෙඩිට් සීන් ටික බලන්න.
Good Conscience – මේ බලය නිසා Shazam ට තමන් ගන්න තීන්දු තීරණ බොහොම නිරවද්‍ය විදියට, හරියාකාරව තීරණය කරගන්න බලය ලැබෙනවා. තවත් පැහැදිලි කරනවා නම්, හිතන්නකො Shazam මොකක්හරි හදිසි තීරණයක් කලබලේට ගන්නවා කියලා. මෙන්න මේ වෙලාවට සොලමන්ගෙන් Shazam ට උපදෙස් ලැබෙනවා ඒ තීරණය හරියාකරව ගන්නෙ කොහොමව කියලා.
H for Hercules

හර්කියුලිස් කිව්වම නොදන්න කෙනෙක් නැහැනෙ. බොහොම ශක්තිමත් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, දෙවියන් අතරින් පවා ශක්තිමත්ම දෙවියන්, ශක්තියට අධිපති දෙවියන් වෙන්නෙත් හර්කියුලිස්ම තමයි. තවත් කාරණාවක් තමයි, හර්කියුලිස් කියන්නෙ සියුස් දෙවියන්ගෙන් සාමාන්‍ය කාන්තාවකට දාව උපත ලද කෙනෙක්. ඉතිං, මේ හර්කියුලිස් ශක්තිය කෙලින්ම Shazam ට ලැබෙනවා. මේ ලැබෙන ශක්තිය එසේ මෙසේ සුළු පටු ශක්තියක් නම් නෙමෙයි. අපිට හිතාගන්නවත් බැරි අන්දමේ ශක්තියක්. මේ ශක්තිය හරියාකාරව පාවිච්චි කලොත්, අපි ඉන්න පෘථුවිය බොහොම පහසුවෙන් ඔසවගෙන යන්න තරම් අති විශාල බලයක් තමයි Shazam ට තියෙන්නෙ. නමුත්, අවාසනාවකට මේ බලය ලැබෙන්නෙ පොඩි ළමයෙක්ට. ඉතිං, අඩුගාණෙ මේ ළමයා දන්නෙ නැහැ තමන්ට මේ තරම් විශාල බලයක් තියෙනවා කියලා වත්. ඒ නිසා, Shazam ට හර්කියුලිස්ගෙන් ලැබෙන බලයෙන් අංශු මාත්‍රයක බලයක් තමයි Shazam පාවිච්චි කරන්නෙ. ඇත්තම කියනවා නම්, මේ ශක්තිය හොඳ වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට නරක පැත්තට හැරෙන්නත් හැකියාව තියෙනවා.
හර්කියුලිස් දෙවියන්ගේ බලය නිසා Shazam ට හැකියාවන් හතරක් උරුම වෙනවා.
Superhuman Strength – මේ බලය නිසා හිතාගන්නවත් බැරි අන්දමේ ශක්තියක් Shazam ට උරුම වෙනවා. කොමික් වල තියෙන විදියට නම්, මේ බලය නිසා ටොන් 100කට වැඩි බරක් වුණත් බොහොම පහසුවෙන් ඔසවන්න පුළුවන්කම තියෙනවලු. හර්කියුලිස්ගෙ ශක්තිය නිසා කොමික් වීරයන් අතර ශක්තිවන්තයින්ගෙත් ශක්තිවන්තයා වෙන්න Shazam ට හැකියාව ලැබෙනවා.
Half time – මේ බලය නිසා, සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩක් කරන්න යන වෙලාවෙන් බාගයකින් වැඩක් නිමාකරන්න Shazam ට හැකියාව ලැබෙනවා.
Esay metal – මේ බලය නිසා ඕනෑම ලෝහයක් නවන්න, අඹරන්න, කඩන්න Shazam ට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි, වෙඩි නොවදින හැකියාව Shazam ට ලැබෙන්නෙත් මේ බලය හරහා.
Corporal Enhancement – මේ බලය නිසා, බිලී කියන ළමයා Shazam බවට පත්වෙනකොට බොහොම හැඩි දැඩි ශරීරයක් ලැබෙනවා. මේ ශරීරය සුපර්මෑන්ගෙ ශරීරයටත් වඩා දැවැන්ත එකක් කියලා තමයි කොමික් පොත පතෙහි සඳහන් වෙන්නෙ.
A for Atlas

ඇට්ලස් කියන්නෙ යෝධයෙක්… දෙවි කෙනෙක්. ග්‍රීක කතා වල කියවෙන විදියට ඇට්ලස් දෙවියන් තමයි පෘතුවිය කරේ තියාගෙන ඉන්නෙ. ඉතිං, මේ ශක්තිමත් ඇට්ලස් දෙවියන්ගෙන් Shazam ට ලැබෙන බලය තමයි ශක්තිය. එහෙමත් නැත්නම් සවි ශක්තිය. මේ බලය නිසා Shazam ට හැකියාවන් දෙකක් ලැබෙනවා.
Self Sustenance – මේ බලය නිසා Shazam ට කිසිම ආහාරයක්, විවේකයක්, හුස්ම ගන්න වාතය අවශ්‍ය වෙන්නෙ නැහැ. කිසිම දෙයක් නැතුව Shazam ට ඕනෙ තරම් කාලයක් ඉන්න හැකියාව ලැබෙනවා මේ බලය නිසා. ඒ වගේම, Shazam ට කිසිම විදියකින් දාඩිය බිංදුවක් වත් දාන්නෙ නැහැ. හැබැයි, අපේ Shazam නම් කන්න බොන්න කියාපු හපනා 😛
Superhuman + God Stamina – ඇට්ලස් දෙවියන්ගෙ උරුම වෙන මේ අසීමාන්තික සවි බලය නිසා Shazam ව කිසිම විදියකින් වෙහෙසට පත්කරවන්න බැහැ. ලෝකය තමන්ගෙ කරේ තියාගෙන ඉන්න ඇට්ලස් යෝධයගෙ සවි ශක්තිය Shazam ට ඒ ආකාරයෙන්ම උරුම වෙලා තියෙනවා. ඒ නිසාම Shazam ට පුළුවන් අවුරුදු දාස් ගාණක් වුණත් එක දිගට යකා වගේ ඕනෙම දෙයක් කරන්න එක තත්පරයකට නවත්වන්නෙ නැතුව. ඒ වගේම තමයි, මේ බලය නිසා ඕනෙම දෙයක් ඕනාම ආකරයකින් විඳ දරාගන්න Shazam ට හැකියාව ලැබෙනවා කියලා කොමික් වල සඳහන් වෙනවා.
Z for Zeus

ග්‍රීක පුරාවෘත වල සඳහන් වෙන විදියට සියුස් කියන්නෙ දෙවියන්ගෙත් දෙවිකෙනෙක්. ඔලිම්පස් කඳු මුදුනට අරක්ගත්, අකුණට සහ ආකාශයට අධිපති වන්නා වූ මේ බලවත්ම දෙවියන්, වොන්ඩර් වුමන්ගේ මෙන්ම හර්කියුලිස්ගේද පියාණන් වෙනවා. Shazam ට උරුම වෙලා තියෙන මැජික් බලය පවා හිමිවෙන්නෙ සියුස්ගෙන් ලැබෙන මේ බලයන් නිසා තමයි. සියුස් දෙවියන් නිසා Shazam ට බලයන් හතරක් හිමිවෙනවා.
Magical Resistance – මේ බලය තමයි මැජික් වලට ඇති ප්‍රතිරෝධය. එහෙමත් නැත්නම්, මේ බලය තියෙන නිසා මැජික් වලින් Shazam ට හානියක් කරන්න අමාරු වෙනවා.
Lightning – මෙන්න මේක තමයි Shazam ගේ ප්‍රියතම ආයුධය වගේම, Shazam සතු වෙන බලවත්ම ආයුධය. මේ බලය නිසාවෙන් Shazam හැකියාව ලැබෙනවා අකුණු පහරවල් නිර්මාණය කරන්න වගේම, ඒ අකුණු පරහවල් ඕනෑම දෙයක් වෙත එල්ල කරන්නත් හැකියාව ලැබෙනවා.
Sorcery – මෙම බලය නිසා Shazam ට ඉපැරණි මායා බලයන් හිමිවෙනවා වගේම, අවශ්‍ය විටෙක මේ මායා බලයන් භාවිතා කරමින් අනෙකුත් පුද්ගලයන් සතු මායා බලයන් ඉක්මවා යන්න හැකියාවක් Shazam ට මෙමගින් ලැබෙනවා. බිලී කියන පොඩි ළමයා “Shazam!” කියලා එක වචනයක් කියපු ගමන් වීරයෙක් බවට පත්වෙනවා. අන්න එහෙම පත්වෙන්නෙ සියුස් දෙවියන්ගෙන් ලැබිච්ච මෙන්න මේ බලය නිසා.
Healing – සියුස්ගෙන් ලැබෙන තවත් බලවත්ම බලයක් විදියට මේ බලය හඳුන්වා දෙන්න පුළුවන්. Shazam කියන්නෙ කිසිම විදියකින් හානියක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒත් නිකමට හිතන්නකො යම් කිසි විදියක හානියක් Shazam ට සිද්ධවුනා කියලා. ඒත් සියුස්ගෙන් ලැබිච්ච මේ දැවැන්ත බලය නිසා අහසින් නිකුත් වෙන්නා වූ අකුණු පහරවල් මගින් තමන්ට වෙච්ච හානිය නැතිකර ගන්න Shazam ට ගතවෙන්නෙ බොහොම සුළු වෙලාවයි. කොච්චර ලොකු හානියක් සිද්ධවුණත් මේ බලය නිසා Shazam ව බොහොම සුළු කලයකින් යලි ප්‍රකෘති තත්වයට පත්වෙනවා. ඒ නිසා මේ අසීමාන්තික සුවවීමේ බලය හඳුන්වන්නෙ God Level Healing Factor එකක් විදියටයි.
A for Achilles

ලෝකය ගත්තාම ප්‍රධාන වශයෙන් ප්‍රධාන වීර කාව්‍ය හතරක් තියෙනවා. ඉලියඩ්, ඔඩෙසි, මහාභාරතය, රාමායණය කියන්නෙ ඒ කාව්‍ය ග්‍රන්ථ හතර. Achilles, එහෙමත් නැත්නම් Achilleus කියන්නෙ ට්‍රෝජන් සංග්‍රාමයේදි යුධ වැදුණු ප්‍රධානතම රණ ශූරයා සහ වීරයා විදියටයි ග්‍රීක ඉතිහාස කතා වල සහ ඉලියඩ්, ඔඩෙසි කියන කාව්‍ය වල සඳහන් වෙන්නෙ. මොහුගෙන් Shazam ට බලයන් තුනක් හිමිවෙනවා.
Courage – කොච්චර බලයන් තිබ්බත් වැඩක් නැහැ බයගුල්ලෙක් නම්. සටන් කරන්න නම් ධෛර්‍යය තියෙන්න ඕනෙ. ඉතිං, මෙන්න මේ ධෛර්‍යය, කැපවීම, සොල්දාදුවෙක් විදියට කොහොමද යුධ පෙරමුණට යන්නෙ කියන දේ Shazam ට ලැබෙන්නෙ Achilles ගෙ බලයන්ගෙන්.
Invulnerability-පීඩා කරන්න බැහැ. තේරෙන විදියට කියනවා නම් Achilles ගෙන් ලැබුණු මේ බලය නිසා Shazam ට කිසිම විදියකින් තුවාල කරන්න බැහැ.
Optimism – සර්ව සුභවාදීයි. ඒ කියන්නෙ, Shazam කියන්නෙ හැමදෙයක් දිහාම සුභවාදී විදියට බලන කෙනෙක්. පුළුවන් තරම් යහපත පතුරුවන්න තමයි Shazam උත්සාහ කරන්නෙ. හැබැයි, ඒකෙන් කියවෙන්නෙ නැහැ Shazam නිවටයෙක් කියලා. අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් අතිශය දරුණු වෙන්නත් Shazam ට හැකියාව තියෙනවා. හොඳින් නම් හොඳින්… නරකින් නම් නරකින්. ඕනෙ දේකට ඔට්ටු පොරක් තමයි මේ Shazam කියන්නෙ.
M for Mercury

මර්කරි හඳුන්වන්නෙ වේගය, මූල්‍යමය, වාණිජමය, කථිකත්වය, සන්නිවේදනය සහ වාසනාව සඳහා අධිපති ලෙසයි. හර්මිස් කියලා හඳුන්වන්නෙත් මෙයාවම තමයි. දෙවියන්ගෙ පණිවිඩකරු වෙන්නෙත් ම’කරිම තමයි. මේ ම’කරි නිසා Shazam ට බලයන් තුනක් හිමිවෙනවා.
Superhuman +God speed – මෙම බලය නිසා Shazam ට හැකියාව අධික වේගයක් හිමිවෙනවා. තමන් කරන ඕනෑම කටයුත්තක් සඳහා Shazam ට මේ අධික වේගය පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. කොටින්ම කියනවා නම්, Shazam ගෙ මේ වේගයට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ ඉතිං සුපර්මෑන් විතරමයි.
Flight – Shazam ට පියාසර කරන්න හැකියාව ලැබෙන්නෙත් බුධ දෙවියන්ගෙන් ලැබුණු බලය නිසාවෙන් තමයි. මේ පියාසර කිරීමේ බලය කොච්චරද කියනවා නම්, ආලෝකයේ වේගය ඉක්මවා පියාඹලා යන්න Shazam ට හැකියාව තියෙනවා. මේ පියාසර කිරිමේ වේගයට ලඟා වෙන්න පුළුවන් ජගතෙක් ඉන්නවා නම් ඒත් ඉතිං සුපර්මෑන් විතරමයි.
Teleportation – ඒ කියන්නෙ භෞතික වශයෙන් තොරව යම්කිසි පදාර්ථයක් හෝ ශක්තියක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරවීමයි. මේක එක්තරා විදියක විශේෂ මානසික බලයක් වෙනවා. උදාහරණයකට, කෙනෙක්ට පුළුවන් නම් වෙන කෙනෙක්ගෙ හිතට ඇතුල් වෙලා බලන්න, කෙනෙක්ට පුලුවන් නම් එක තැනක ඉඳන් තවත් තැනක වෙන දේවල් මානසික වශයෙන් මවා ගන්න, අන්න ඒක හඳුන්වන්න පුලුවන් Teleportation වලට උදාහරණයක් විදියට. බුධ දෙවියගෙන් ලැබිච්ච බලය නිසා Shazam ටත් පුළුවනි Rock of Eternity වලින් Teleportation කියන බලය පාවිච්චි කරන්න.

ඔන්න ඔය විදියට තමයි කෙටියෙන්, තේරෙන විදියට Shazam සතු බලයන් ගැන හැඳින්වීමක් කරන්න පුළුවන් වෙන්නෙ. මේ විස්තරය හරියට කියෙව්වා නම් දැනටම තේරෙන්න ඇති Shazam කියන්නෙ ඔය සමහරක් දෙකයි පනහේ සිප්පි කටු කාඩ්බෝඩ් විරයෝ වගේ නෙමෙයි, නියමම සුපර් හීරෝ කෙනෙක් කියලා. තවමත් පැහැදිලි නැත්නම් තේරෙන සිංහලෙන්ම තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම්.
Who is stronger, Shazam or Superman?

කොමික් ලෝකේ පලවෙනිම කැරැක්ටර් එක, DC කොමික් වල බලවත්ම කොමික් චරිතයක් තමයි සුපර්මෑන් කියන්නෙ. වැඩිය ඕනෙ නැහැ, ජස්ටිස් ලීග් ෆිල්ම් එකේදි දකින්න ඇතිනෙ මරණින් නැගිට්ටපු සුපර්මෑන්ව පාලනය කරගන්න අක්වාමෑන්, ෆ්ලෑෂ්, වොන්ඩර් වුමන්, සයිබෝර්ග් කියන හතරදෙනාම කොච්චර ගේමක් දුන්නත් වැඩක් වුණේ නැහැ කියලා.
ක්‍රිප්ටන් ලෝකේ බලයන්ගෙන් සන්නද්ධ සුපර්මෑන්ව පරාජය කරන්න පුළුවන් කොමික් චරිතයක් තමයි ෂසෑම් කියන්නෙ!
මං මෙහෙම කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ගොඩක් දෙනෙක් විශ්වාස කරන එකක් නැහැ. හරි, මං පැහැදිලි කරන්නම්. සුපර්මෑන් සහ ශසෑම් ගත්තම දෙන්නම ශක්තිය සහ වේගයෙන් එක සමානයි වගේ තමයි. හැබැයි, ශසෑම් බලගැන්වෙන්නෙ බලවත්ම දෙවිවරු හයදෙනෙක් සතු බලවත්ම ශක්තීන් එකතුවකින්. මේ ශක්තීන් එකතුවට මායා බලය පවා අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි, සුපර්මෑන් කියන්නෙ මායා බල වලට ටිකක් දුර්වල කෙනෙක්. ඔන්න ඔතනින් තමයි ශසෑම්ට වාසිය ලැබෙන්නෙ. ඒත්, මෙතන පොඩි පරහක් තියෙනවා. ශසෑම් කියන්නෙ කොච්චර බලවත් කෙනෙක් වුණත් ශසෑම් ඇතුලෙ ඉන්නෙ බිලී කියන පොඩි ළමයෙක්. ඒත්, සුපර්මෑන් කියන්නෙ අවුරුදු ගණනාව තිස්සෙ සටන් කරලා, අත්දැකීම් වලින් හොඳට තෙම්පරාදු වෙච්ච කොමික් චරිතයක්. මෙන්න මේ නිසා ශසෑම්ට පොඩි අවාසියක් වෙනවා සුපර්මෑන් එක්ක සටන් වැදුනොත්. හැබැයි, ශසෑම් තමන්ගෙ උපරිම බලය තේරුම් අරගෙන සටන් වැදුනොත්, සුපර්මෑන්ව නොකවුට් කරලා දාන එක ශසෑම්ට බොහොම පොඩි වැඩක්.
මේ දෙන්නගෙන් කවුද වඩා බලවත් කියලා කල්පනා කරනකොට, කොමික් පොත් ඉතිහාසය දිහා බැලුවොත් වරක් සුපර්මෑන් සහ ශසෑම් අතර සටනක් ඇතිවෙනවා. එකිනෙකාට නොපරදින අයුරින් සිදුවෙච්ච මේ සටන අවසානයේ සුපර්මෑන් තමන්ගේ අත්දැකීම් පාවිච්චි කරලා ශසෑම්ව පරාජය කරනවා. හැබැයි මේ දෙන්නට දෙන්නා හතුරො නෙමෙයි. පොඩි ළමයෙක් වෙච්ච බිලීට, ශසෑම් සතුව තිබෙන්නා වූ අසීමිත බලය තේරුම් අරගෙන, ඒ බලය පාවිච්චි කරන විදිය කියලා දෙන්න ඉදිරිපත් වෙන්නෙත් වෙන කවුරුවත් නෙමෙයි, සුපර්මෑන්ම තමයි.
හරි, අපි දැන් එහෙනම් මුලින්ම Shazam නිර්මාණය වුනේ කොහොමද කියලා දැනගත්තා. ඊට පස්සෙ, Shazam කියන නම හැදුනේ කොහොමද, මොනවද Shazam ට තියෙනව බලයන් කියලා දැනගත්තා. ඒ වගේම තමයි, Shazam කියන චරිතය කොච්චර බලවත්ද කියන එකත් දැනගත්තා. එතකොට මේ Shazam ට තියෙන්නෙ ඔක්කොම බලයන් විතරයිද? දුර්වලතා මුකුත් ඇත්තෙම නැද්ද? දුර්වලතා තියෙනවා. අපි දැන් ඒ ගැන පොඩ්ඩක් දැනගමු.
ලොකුම දුර්වලතාවය තමයි කොච්චර ශක්තිමත් වීරයෙක් වුණත්, Shazam ඇතුලේ ඉන්නෙ පොඩි ළමයෙක්. දන්නවනෙ ඉතිං පොඩි ළමයි හැසිරෙන්නෙ කොහොමද කියලා. මැජික් වචනය නිසා බිලී කියන ළමයා Shazam බවට පත්වුණත්, අවශ්‍ය මොහොත වෙනකම් සොලමන්ගෙ බලය Shazam ට ලැබෙනකම් Shazam හැසිරෙන්නෙ ලාමක විදියට. අනිත් දුර්වලතාවය තමයි, බඩගින්න. කොච්චර ලොකු වීරයෙක් වුණත් ඇතුලෙ ඉන්නෙ පොඩි ළමයෙක්නෙ. ඉතිං, කෑම ජාති එහෙම දැක්කම Shazam ට උන් හිටි තැන් පවා අමතක වෙනවා 😛 අනිත් කාරණාව තමයි, Shazam කියන්නෙ බොහොම සංවේදී චරිතයක්. ටිකක් තදට බැන්නත් ඇති, Shazam ඇතුලෙ ඉන්න බිලී කියන ළමයා නිසා Shazam ට අඬන්න ගන්නවා 😛
තව පොඩි දුර්වලතවයක් තියෙනවා. මතක ඇතිනෙ Achilles ගෙන් Shazam ට බලයන් උරුම වෙනවා කියලා උඩ කිව්වා. බලයන් වගේම තමයි, Achilles නිසා Shazam ට පොඩි දුර්වලතාවයකුත් උරුම වෙනවා. Shazam ගේ ශරීරයේ වම් යටි පතුල නිසා Shazam තරමක් දුර්වලතවයක් පෙන්නුම් කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ වගේ පොඩි පොඩි දුර්වලතා ඇරෙන්න, සැලකියයුතු මට්ටමේ වෙන කිසිම දුර්වලතාවයක් නම් Shazam සතු වෙන්නෙ නැහැ.
Justice League & Shazam

ඔන්න එහෙනම්, තවත් වැදගත්ම පොයින්ට් එකකට ආවා. Shazam කියන්නෙ Justice League එකේ වැදගත්ම සාමාජිකයෙක්. Justice League පලවෙනි චිත්‍රපටයෙදි නම් අපිට Shazam ව බලාගන්න බැරිවුණා. හැබැයි, අනිවාර්‍යයෙන්ම ඉදිරි Justice League චිත්‍රපටි වලදි Shazam වැදගත් කාර්‍යබාරයක් ඉටු කරාවි කියලා හිතනවා.
Shazam ව Justice League එකට බඳව ගන්නෙ බැට්මෑන් විසින්. මේකට ප්‍රධාන හේතුව විදියට ගන්න පුළුවන් සුපර්මෑන්ව පාලනය කරගන්න එක. මොකද, හදිසියේ වත් වියරු වැටුනොත් මොන ජගතෙක් දාලා වත් ආම්බාම් කරගන්න පුළුවන් කුළු හරකෙක් නෙමෙයිනෙ සුපර්මෑන් කියන්නෙ (මතක ඇතිනෙ Justice League එකේදි වෙච්ච වින්නැහිය 😛 ) ඔන්න ඕකට විකල්පයක් විදියට තමයි බැට්මෑන් විසින් මුලින්ම Shazam ව Justice League එකට බඳව ගන්නෙ. මොකද, බැට්මෑන් දැනගෙන හිටියා, වියරු වැටිච්ච සුපර්මෑන්ව පාලනය කරන්න පුලුවන් ජගතෙක් මේ ලෝකේ ඉන්නවා නම්, ඒ එකම එක ජගතා Shazam තමයි කියලා. පස්සෙ Shazam ලෝකයේ හිත සුව පිණිස වැඩ කරලා, තමන්ගෙ වැඩ පෙන්නලා, Justice League එකේ ස්ථිර තැනක් හදාගන්නවා.
එහෙනම්, අපි දැන් එමු වැඩගත්ම කරණාවකට. සුපර්මෑන් ගත්තාම එයාට ඉන්නවා හතුරෙක් ලෙක්ස් ලූතර් කියලා. එතකොට Shazam ගෙ සතුරා කවුද? ඔව්, අපි හැමෝම වගේ බලාගෙන හිටියෙ අඩුගානේ මේ ෆිල්ම් එකෙන් මෙයාගෙ කැමියෝ එකක්වත් බලාගන්න පුළුවන් වේවි කියලා. ඒත්, අන්තිමට සිද්ධවුණේ හිත රිද්දගෙන, බලාපොරොත්තු කඩකර ගන්න විතරයි. හැබැයි, ටිකක් ඉවසලා හිටියොත් සතුටුදායක ආරංචියක් දැනගන්නත් පුළුවන් ඔන්න. එහෙනම් පිළිගන්න වේදිකාවට… Black Adam!

කවුද මේ Black Adam කියන්නෙ? ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු නමක් නෙමෙයි Black Adam කියන්නෙ? ඇත්තටම කවුද මේ Black Adam කියන්නෙ? මෙයාට ඇත්තටම කොහොමද මෙහෙම Anti Hero කෙනෙක් වුනේ? Black Adam ට මොනවද තියෙන පවර්ස්?
කොමික් ලෝකය ගත්තාම Shazam ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අපි උඩ කතා කරපු සුපර් හීරෝ කෙනෙක් වෙච්ච Shazam. අනිත් කෙනා තමයි Shazam – The Wizard, එහෙමත් නැත්නම් මායාකාර ශසෑම් කියන චරිතය. මේ මායාකාර ශසෑම් තමයි බිලී කියන පොඩි ළමයට ශසෑම්ගේ බලයන් ලබා දුන්නෙ.

Shazam – The Wizard
මායාකාර ශසෑම් කියන්නෙ ගොඩක් ඉස්සර කාලේ, දෙවන රැම්සෙස් පාරාඕ රජතුමාගේ කාලෙදි එතුමාගේ ප්‍රධාන පූජකයා විදියට වැඩ කරපු කෙනා. මේ මායාකාර ශසෑම් තමන් වයසට යද්දි තමන්ගේ මායා බලයන් පවරන්න සුදුසු කෙනෙක් හෙව්වා. මෙහෙම හොයනකොට මොහුට හම්බෙනවා ඛණ්ඩාක් වල ඔටුන්න හිමි ටෙත් ඇඩම් කුමරයා. මේ ටෙත් ඇඩම් කුමාරයා බොහොම යහපත් කල් ක්‍රියාවෙන් යුක්ත කෙනෙක් නිසා මායාකාර ශසෑම් තීරණය කරනවා තමන්ගේ බලය පවරලා දෙන්න සුදුසුම පුද්ගලයා තමයි ටෙත් ඇඩම් කුමරයා කියලා. මායාකාර ශසෑම් ටෙත් ඇඩම් කුමාරයට දෙන්න හිතාගෙන හිටියෙ Zeus, Atlas, Solomon, Hercules, Achilles, Mercury කියන ශසෑම්ට අයිති දෙවියන් හය දෙනාගෙ බලයන්. ඒත්, මායාකාර ශසෑම්ගෙ Blaze නම් දුෂ්ඨ දියණිය, සෙත් නම් ඊජිප්තු දෙවියන් සමග කරන ලද කුමන්ත්‍රණයේ ප්‍රථිපලයක් විදියට ටෙත් ඇඩම් කුමාරයට ලැබෙන්නෙ Shu, Heru, Amon, Zehuti, Aton සහ Mehen කියන ඊජිප්තු දෙවිවරු හය දෙනාගෙ බලයන්.
S for the stamina of Shu – Shu ගෙ සවි බලය.
H for the swiftness of Heru – Heru ගෙ වේගය.
A for the strength of Amon – Amon ගෙ ශක්තිය.
Z for the wisdom of Zehuti – Zehuti ගෙ ඥානය.
A for the power of Aton – Aton ගෙ බලය.
M for the courage of Mehen – Mehen ගෙ ධෛර්‍යය.
මායාකාර ශසෑම්ගෙන් ලැබිච්ච මේ බලයන්ගෙන් ටෙත් ඇඩම් කුමාරයා තමන්ගෙ මිනිස්සුට ගොඩක් උදව් උපකාර කරනවා. මේ ලැබිච්ච බලයන් නිසා ගොඩක් දේවල් එක්ක ගණුදෙණු කරන්න ටෙත් ඇඩම් කුමාරයට සිද්ධවෙනවා. මේ අතරවාරයේ කුමාරයගෙ පවුල ඝාතනය වෙනවා. මේ සිදුවීමෙන් පස්සෙ ටෙත් ඇඩම් කුමාරය වෙනස් වෙන්න ගන්නවා. තවත් සමහර තැන් වල සඳහන් වෙනවා මායාකාර ශසෑම් විසින් නිස්කාරනයේ ටෙත් ඇඩම් කුමාරයව සැක කරන්න ගත්තා කියලා. කොහොමින් කොහොමහරි අවසානයේ මායාකාර ශසෑම් විසින් ටෙත් ඇඩම් කුමාරයගෙ ආත්මය සහ බලයන් මැණික් ගලක් ඇතුලෙ බන්ධනය කරලා, ඒ මැණික් ගලයි, ටෙත් ඇඩම් කුමාරයගේ දිරච්ච ඇට සැකිල්ලයි අරගෙන ඒවා දෙවන රැම්සේස් රජතුමාගෙ පිරමීඩය ඇතුලටම දාලා වහලා කියලා තමයි කොමික් කතා වල සඳහන් වෙන්නෙ. මේ වෙද්දි ටෙත් ඇඩම් කුමාරයා කියන්නෙ ඊජිප්තුවට මැරිච්ච කෙනෙක්. ඒ නිසා, ටෙත් ඇඩම් වෙනුවට කේම් ඇඩම් කියලා පාවිච්චි කරලා තියෙනවා. කේම් ඇඩම් කියන නම ඉංග්‍රීසියෙන් ගත්තම බ්ලැක් ඇඩම් බවට පත්වුණා.
අන්තිමේදි පිරමීඩය ඇතුලෙ හිරකරලා තිබ්බ ටෙත් ඇඩම් කුමාරයා එතනින් නිදහස් වෙනවා. හැබැයි, ආපහු ඉපදෙන්නෙ කලින් හිටපු, මිනිස්සුන්ට උදව් කරපු ටෙත් ඇඩම් කුමාරයා නම් නෙමෙයි. බ්ලැක් ඇඩම් කියන ඇන්ටි හීරෝ කෙනෙක්!
ඔන්න ඕක තමයි බ්ලැක් ඇඩම්ගෙ කතාව බොහොම කෙටියෙන් කිව්වම. බ්ලැක් ඇඩම්ගෙ සම්පූර්ණ කතාවම කිව්වෙ නැහැ. බ්ලැක් ඇඩම්ට ලැබිලා තියෙන ඊජිප්තු දෙවිවරු හයදෙනාගෙ බලයන් ගැන වත්, ඒ බලයන්ගෙන් කරන්න පුළුවන් දේවල් ගැන වත් විස්තර කලේ නැහැ. මොකද, ඉස්සරහට ශසෑම් ෆිල්ම් එකේ ස්පින්-ඕෆ් එකක් විදියට බ්ලැක් ඇඩම් සෝලෝ ෆිල්ම් එකක් නිකුත් වෙන්න තියෙනවා. බ්ලැක් ඇඩම් චරිතය සඳහා රංගනයෙන් දායක වීම සඳහා අපි කවුරුත් හොඳින්ම දන්න කියන Dwayne Johnson මේ වෙද්දි ගිවිසුම් අත්සන් කරලා හමාරයි. ඉතිං, බ්ලැක් ඇඩම්ගෙ සෝලෝ ෆිල්ම් එකේ ලිපියෙන් කියන්න දෙයක් තියෙන්නත් එපැයි. ඒ නිසා, ඒ ෆිල්ම් එකේදි බ්ලැක් ඇඩම්ගෙ ගැන සම්පූර්ණ විස්තරයක් බලාපොරොත්තු වෙන්න.

ඒ වගේම, තව සුභ ආරංචියක් තියෙනවා. Shazam චිත්‍රපටයට මේ වෙද්දි ලැබිලා තියෙන යහපත් ප්‍රතිචාරත් එක්ක Shazam දෙවනි චිත්‍රපටයක් නිකුත් කරනවා කියලා මේ වෙද්දි කියලා තියෙනවා. මේ Shazam දෙවන චිත්‍රපටය සඳහා සුපර්මෑන් සහ බ්ලැක් ඇඩම් කියන කොමික් චරිත දෙකම යොදාගෙන, දැවැන්ත අකාරයෙන් චිත්‍රපටය නිර්මාණය කරන්න තමයි ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියලා ආරංචි වෙනවා. එහෙම වුනොත් පොඩි බලාපොරොත්තුවක් තියාගන්න, නිසැකවම නුදුරු අනාගතයේදී පහල තියෙන් පින්තූරය ඔබට සැබවින්ම දැක බලා ගැනීමට වරම් ලැබේවි !!!

Shazam, Superman, Black Adam යන තිදෙනා සටනෙහි යෙදෙමින්…
Marvel have THOR! DC have SHAZAM!
Who’s more Powerful, THOR or SHAZAM?
Who’s the real God of Thunder?
(just for fun)

දැන් වත් ඉවරයිද මේ ලිපිය! සමහරු එහෙම හිතනවා ඇති. මොනවා කරන්නද ඉතිං, කියන්න තියෙන විස්තර ටික ඔක්කොම කියන්න එපැයි 😛 එහෙනම් පිළිගන්න වේදිකාවෙ, Shazam පළමු චිත්‍රපටයේ සුපිරි දුෂ්ඨයා… Doctor Sivana!

Doctor Thaddeus Bodog Sivana, එහෙමත් නැත්නම් ඩොක්ටර් සිවානා කියන කොමික් චරිතය නිර්මාණය කරන්නෙත් Bill Parker සහ C. C. Beck කියන නිර්මාණකරුවන් දෙදෙනා විසින්. 1939 දී Whiz Comics #2 වලින් කැප්ටන් මාවල්ගේ විරුද්ධවාදියා විදියට තමයි ඩොක්ටර් සිවානා කරලියට සම්ප්‍රාප්ත වෙන්නෙ. එදා ඒ විදියට ආරම්භ වෙච්ච ඩොක්ටර් සිවානා කියන කොමික් චරිතය වැඩි කල් නොගොස්ම කැප්ටන් මාවල් හෙවත් ශසෑම්ගෙ ප්‍රධානතම එදිරිවාදියා බවට පත්වෙන්න ඩොක්ටර් සිවානට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, වර්ශ 2009 දී IGN කියන ඇමරිකානු වෙබ් අඩවිය මගින්, එදා මෙදා තුර බිහිවෙච්ච බලවත්ම කොමික් දුශ්ඨයන් අතරින් ඩොක්ටර් සිවානා 82 වන ස්ථානයට පත්කරනවා.
ඩොක්ටර් සිවානා කියන නම හැදිලා තියෙන්නෙ හින්දු ආගමේ ශිව දෙවියන්ව සම්බන්ධ කරගෙන. 1892 දී උප්පත්තිය ලබපු Thaddeus Bodog Sivana, යුරෝපයේ ඉන්න හොඳම විද්‍යාඥයන් අතරින් අංක එකේ වැඩකාරයෙක් වෙනවා. ඒ වගේම තමයි, මදි නොකියන්න සල්ලි බාගෙ තියෙන කෙනෙක් තමයි මෙයා. කවුරුහරි ඇහුවොත් ඩොක්ටර් සිවානට තියෙන සුපිරි බල මොනවද කියලා, මොළය සහ සල්ලි තමයි ඔහුගේ සුපිරි බලයන් වෙන්නෙ. කොච්චර සුපිරි මොළයක් තිබ්බත්, කොච්චර සල්ලි බාගෙ තිබ්බත්, මිනිස්සු ඩොක්ටර් සිවානව පිළිගත්තෙ නැහැ. මොකද, ඩොක්ටර් සිවානා කරපු තරමක් කලේ පිස්සු විකාර වැඩ. මේ නිසාම සමාජයෙන් ඩොක්ටර් සිවානව කොන් කරලා තිබුණේ.
ඩොක්ටර් සිවානට තියෙන ලොකුම බලය තමයි, ඔහුට ඉහළම මට්ටමේ බුද්ධි මහිමයක් උරුම වෙලා තියෙනවා. ඊට අමතරව, ඔහුගේ වම් ඇහෙන් ඔහුට මැජික් බලය උරුම වෙනවා. කොමික් වල සඳහන් වෙන ආකාරයට, ඩොක්ටර් සිවානා විසින් වතාවක් ගණිතමය සූත්‍රයක් හොයාගෙන තියෙනවා, ඒ ගණිතමය සූත්‍රය කිව්වම ඕනෑම ඝණ වස්තුවක් හරහා යන්න ඔහුට හැකියාව ලැබෙනවා. මේ නිසා ඩොක්ටර් සිවානව හිරකරන්න වත්, අල්ලගන්නවත් අමාරුයි කියලා තමයි කොමික් වල සඳහන් වෙන්නෙ.
ඔන්න ඕක තමයි ඩොක්ටර් සිවානා ගැන කෙටි විස්තරය. ඩොක්ටර් සිවානගෙ සම්පූර්ණ ජීවිත කතාවම මෙතන දාලා, ලිපිය කියවන එක එපා කරවන්න යන්නෙ නැහැ. චිත්‍රපටිය තුලින් ඩොක්ටර් සිවානා ගැන තව විස්තර බලාගන්න පුලුවන්කම තියෙනවා.
Marvel Family / Shazam Family
- Billy (Captain Marvel/Shazam)
- Mary (Mary Marvel)
- Freddy (Captain Marvel Jr.)
- Eugene
- Pedro
- Darla

මෙන්න මේ හයදෙනාගෙ එකතුවෙන් තමයි මාවල් පවුල, එහෙමත් නැත්නම් ශසෑම් පවුල නිර්මාණය වෙන්නෙ. මෙයාලට කොහොමද මේ බලය ලැබෙන්නෙ, මේ බලයන් වලින් මෙයාලට මොනවද කරන්න පුලුවන්? එක්කො ඔයාලම චිත්‍රපටිය බලලා ඒ ටික දැනගන්න 😛
ඒ කියන්නෙ චිත්‍රපටියෙ මේ මුලු ශසෑම් ෆැමිලි එකම ඉන්නවද? ෆිල්ම් එකෙන් එයාලව බලාගන්න පුළුවන්ද? ඔව් හිතවතුනි. මදි නොකියන්න මුළු පවුලම බලාකියාගන්න පුළුවන්. 😀
ශසෑම්ට නම් ෆැමිලි එකක් ඉන්නවා. එතකොට බ්ලැක් ඇඩම්ට? එයාට ෆැමිලි එකක් නැද්ද එතකොට? ඇයි එයා අඩු කුලේද එතකොට? සමහරු මෙහෙම හිතනවත් ඇති. එහෙනම් මෙන්න ඒ අයගේ සිත සුව පිණිස බ්ලැක් ඇඩම් ෆැමිලි එක!
Black Marvel Family
මෙයාලගේ ෆැමිලි එක හැදිලා තියෙන්නෙ ප්‍රධාන සාමාජිකයො හතර දෙනෙක්ගෙන්.
Black Adam – මෙයා ගැන කලින් විස්තර කරපු නිසා ආපහු විස්තර කරන්න යන්නෙ නැහැ. මෙයා තමයි බ්ලැක් මාවල් ෆැමිලි එකේ ප්‍රධානියා.
Isis
Intergang අපරාධ කල්ලිය විසින් ඊජිප්තුවේ සිට බ්ලැක් ඇඩම් වෙත ලබාදෙන ලද වහළියකි. පසුව බ්ලැක් ඇඩම්ගේ ආදරවන්තිය බවට පත්වී, ඔහුගේ බිරිඳ බවට පත්වෙන ලදි. Adrianna Tomaz යනු මැයගේ දෙවන පෞරුෂත්වයයි.
Osiris
සුපර්මෑන් සහ අනෙකුත් කොමික් වීරයන්ගෙන් සැදුම්ලත් Intergang නම් අපරාධ කල්ලිය විසින් පැහැරගෙන ගොස්, වහල් සේවයේ යොදවා, අබ්බගාත කරන ලද Amon Tomaz යනු Osiris වේ. එමෙන්ම, Amon Tomaz යනු බ්ලැක් ඇඩම්ගේ ආදරවන්තිය වන Adrianna Tomaz ගේ සහෝදරයාද වේ.

Sobek
මනුශ්‍ය පෙනුමක් සහිත, බුද්ධිමත් කිඹුලෙකි. සිවානා පවුල විසින් නිර්මාණය කරන ලදුව, පසුව ඔවුන් විසින් අත්හැර දමා ඇත.
දැන් එහෙනම් අපි බලමු වැඩි දෙනෙක් නොදන්න පැත්තක් ගැන. ගොඩක් දෙනෙක් කතා නොකරන මාතෘකාවක්. හබැයි, ශසෑම් චිත්‍රපටිය බලන හැමකෙනෙක්ම අනිවාර්‍යයෙන්ම දැනගන්න ඕනෙ මාතෘකාවක් මේක. වැල් වටාරම් ඕනෙ නැහැ, කෙලින්ම කාරණාවට බහිමු.
Seven Deadly Enemies of Man / Seven Deadly Sins

Seven Deadly Enemies of Man හෙවත් Seven Deadly Sins නිර්මාණය වෙන්නෙ මිනිසාගේ ආරම්භයත් එක්කමයි. මේවා පදනම් වෙලා තියෙන්නෙ මිනිසාගේ අශාවන් අනුවයි. මේකෙ සරල තේරුම ගත්තොත් මිනිසාහේ මාරක සතුරන් හත්දෙනා හෙවත් මාරක පාපයන් හත විදියට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. මුලින්ම එහෙනම් මේ මාරක සතුරන් හත්දෙනා හෙවත් මාරක පාපයන් හත හඳුන්වලා දීලා ඉන්නම්.
Lust – අධික ආශාව

ලිංගිකත්වය, ආදරය, මුදල් සහ බලය කෙරෙහි දැඩි කැමැත්තක් මේ නිසා ඇතිවෙනවා.
Gluttony – කෑදරකම
තමන් ආස කරන දේවල් කොච්චර තිබ්බත් හිතට මදියි. තව තව දේවල් ලබාගන්නමයි හිත ඉල්ලන්නෙ. Hunger-Thirst/Self-Indulgence/Self-Sustenance කියන නම් වලින් පවා මේ සතුරා හඳුන්වනවා.
Greed – ලෝබය

කොච්චර දේවල් තිබ්බත් වෙන කිසිම කෙනෙක්ට ඒවයින් පොඩ්ඩක්වත් දෙන්නෙ නැහැ. ඒ වගේම තමයි, තමන්ට කොච්චර ලැබුණත් මදියි. තමන්ගේ තත්වයට වඩා බොහොම ලොකු විදියට තමයි දේවල් බලාපොරොත්තු වෙන්නෙ. Avarice/Cupidity/Covetousness කියන නම් වලිනුත් මෙයාව හඳුන්වනවා.
Sloth – ඉතා අලසබව

කිසිම වැඩක් කරන්න හිත් දෙන්නෙ නැහැ. කම්මැළිකමේ මිනිස්සු ඔහේ ඉන්නවා. Laziness/Acedia කියන නම් වලිනුත් මේ සතුරව හඳුන්වනවා.
Wrath – ක්‍රෝධය

හොස්ස ලඟින් මැස්සා යන්න බැහැ. කොයිවෙලාවෙත් කේන්තියෙන් පුපුර පුපුර ඉන්නෙ. Wrath/Hateful Wrath/Hatred/Rage/Loath කියන නම් වලින් පවා මේ මාරන්තික සතුරව හඳුන්වනවා.
Envy – ඊර්ෂ්‍යාව

තමන්ට නැති දෙයක් වෙන කෙනෙක්ට ලැබෙනවට කැමති නැහැ. තමන්ට බැරි දෙයක් වෙන කෙනෙක්ට පුළුවන් වෙනවට කැමති නැහැ. තමන්ට වඩා වෙන කෙනෙක් උසස් වෙනවට කැමති නැහැ. Envying/Jealous කියන නම් වලිනුත් මෙයාව හඳුන්වනවා.
Pride – ආඩම්බරය

තමන්ට වඩා වෙන කිසිම කෙනෙක් නැහැ, තමන් තමයි හොඳම, තමන් තමයි වැඩකාරයා කියලා හිතනවා. Arrogance/Selfishness/Hubris/Futility කියන නම් වලින් පවා මේ මාරාන්තික සතුරව හඳුන්වනවා. මේ මාරාන්තික සතුරගේ ප්‍රධානත්වයෙන් තමයි අනිත් මාරාන්තික සතුරන්/මාරාන්තික පාපයන් නිර්මාණය වෙන්නෙ.
දැන් එහෙනම් පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති Seven Deadly Enemies of Man කියන්නෙ මොකක්ද කියලා. මිනිස්සුන්ගේ ආශාවන් මත තමයි මේ Seven Deadly Enemies of Man නිර්මාණය වෙලා තියෙන්නෙ.
බොහොම ඉස්සර මේ මාරාන්තික සතුරන් හත්දෙනා විසින් ලෝකය බිලිගනිමින් තිබුණා. මිනිස්සුන්ගේ ආශාවන් පාලනයකින් තොරවුණා. මුළු ලෝකයම අඳුරු තැනක් බවට පත්වුණා. ඔය අවස්ථාවෙ තමයි මායාකාර ශසෑම් විසින් මේ මාරාන්තික සතුරන් හත්දෙනාව අල්ලගෙන, පිළිම බවට පත්කරලා, Rock Of Eternity කියන බලවත්ම ස්ථානයේ හිරකරලා තියන්නෙ.

චිත්‍රපටයේ ට්‍රේලර් එක බැලුවා නම් මතක් වේවි. බලන්නකො ඔය උඩ තියෙන පින්තූරයේ වම් පැත්ත. ඔය පිළිම පේලියක් තියෙන්නෙ. අන්න ඒ තමයි මායාකාර ශසෑම් විසින් පිලිම බවට පත්කරලා, Rock Of Eternity වල හිරකරලා තියෙන Seven Deadly Enemies of Man. ඔතනදි තමයි බිලීට මායාකාර ශසෑම්ව මුණගැහිලා, ශසෑම්ගේ බලයන් ලැබෙන්නෙත්. ඒකට හේතුවක් තියෙනවා. Seven Deadly Enemies of Man නවත්තන්න පුළුවන් බලයක් තියෙන්නෙ ශසෑම්ට විතරයි. ඒ නිසා, ශසෑම් තමයි Seven Deadly Enemies of Man වල ආරක්ශකයා. ශසෑම්ගෙ වගකීම් වලින් එකක් තමයි මේ Seven Deadly Enemies of Man වලට නිදහස් වෙන්න නොදී, මේ ලෝකය සමබරව පවත්වාගෙන යෑම. මොකද, Seven Deadly Enemies of Man නිදහස් වුණා කියන්නෙ ඒ තමයි ලෝකයේ විනාශය වගේම Rock Of Eternity කියන බලවත්ම ස්ථානයේ විනාශයත් ඒකාන්තයි. මෙතනදි චිත්‍රපටියට සම්බන්ධ දෙයකුත් පොඩ්ඩක් ස්පොයිල් කරන්නම්. ඩොක්ටර් සිවානා මේ Seven Deadly Enemies of Man නිදහස් කරලා, ඒ බලයන් වල පාලනය තමන්ට හිමිකර ගන්නවා. 😛
ඔන්න එහෙනම් ශසෑම් ගැන දැනගන්න ඕනෙ සියල්ල අකුරක් නෑර A-Z කියලා දුන්නා. කොමික් ගැන මෙලෝ දෙයක් නොදන්න කෙනෙක්ට වුණත් මේ විස්තරය කියවලා, කිසිම ප්‍රශ්නයක් නැතුව චිත්‍රපටය බලන්න පුළුවන් වේවි කියලා හිතනවා. දැන් අපි එහෙනම් චිත්‍රපටිය දිහාට හැරෙමු 😀
චිත්‍රපටයේ කතාව ගැන ලියලා මේ දීර්ඝ ලිපිය තවත් දීර්ඝ කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත්, චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. Action, Adventure, Comedy, Fantasy, Sci-fi කාණ්ඩ ඔස්සේ, ඩොලර් මිලියන සීයකට ආසන්න වියදමකින් මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශණයට නිකුත් වෙන්නෙ 2019 වර්ශයේ අප්‍රේල් 5 වෙනිදා. මේ වෙද්දි ලබාගත්ත බොක්ස් ඔෆිස් ආදායම් මුදල ඩොලර් මිලියන 358.6 ක් විදියට තමයි සටහන් වෙන්නෙ. ඔව්, ගොඩක් අඩු අගයක් තමයි. හබැයි, Avengers: Infinity War චිත්‍රපටයේ අන්තිමට තමන්ගෙ ගංජා කොලයේ සලකුණ පෙන්නලා, Avengers: Endgame එකේදි ලෝකය බේරගන්න එන්නෙ මෙන්න මෙයා තමයි කියලා මිනිස්සුන්ව කුලප්පු කරලා, ඩොලර් බිලියනයක් හෙව්වා කියලා මහලොකුවට පුරාජේරු ගහන, ඒත් ඇත්තටම මාවල් කියන නම නිසා විතරක්ම ගොඩ ගියපු අර හාල් කෑල්ලගෙ ෆිල්ම් එකද හොඳ, නැත්නම් මේකද හොඳ කියලා චිත්‍රපටි දෙකම බලලා ඔබම තීරණයකට එන්න 😛 තව දෙයක්, Avengers වගේ දැවැන්ත ෆිල්ම් එකක් එක්ක මේ වගේ පොඩි ෆිල්ම් එකක් සංසන්දනය කරන්න යන්න නම් එපා. ඒක නිකං අහසට පොලව සන්සංදනය කරනවා වගේ වැඩක්. අවිවාදයෙන්ම පිළිගන්නවා Avengers මීට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නෙ. හැබැයි ඉතිං අර කැප්ටන් මාවල් කියන හාල් කෑල්ල නම් ….. 😛
බොක්ස් ඔෆිස් කෙසේ වෙතත්, ප්‍රතිචාර පැත්තෙන් ගත්තොත් චිත්‍රපටය ගැන නොසෑහෙන්න සතුටු වෙන්න පුළුවන්. imdb දර්ශකය තුල 7.5ක් වගේ හොඳ අගයක් වගේම, කුණු තක්කාලියෝ ලෝභ නැතුවම 90% ක ප්‍රේක්ශක ප්‍රතිචාරයක් දීලා තියෙනවා. ඊට අමතරව අන්තරාලය තුල පොඩ්ඩක් හොයලා බැලුවා නම් බලාගන්න තිබුනා චිත්‍රපටය බලපු අය මේ ගැන මොනවා මොනවද කියලා තියෙන්නෙ කියලා.
හරි… මේ තමයි දීර්ඝ ලිපියෙ අවසානය. මෙච්චර දේවල් කියපු එකේ මේ ටිකත් කියලම අවසානයක් කරන්නම්. මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. ඕනම දෙයක් කවදහරි අවසන් වෙනවම තමයි. ඒ තමයි ලෝක ස්භාවය. එහෙනම්, 2015 වර්ශයේ නිකමට පටන්ගත්ත උපසිරැසි ජීවිතයෙන් මිදෙන්න දැන් කාලය ලංවීගෙන එන්නෙ. මේ අවුරුදු හතරකට අධික කාලයක් තුල උපසිරැසි 128ක් ඔබට ලබාදෙන්න පුළුවන්කම ලැබුණා. මේ උපසිරැසි 128න් 11ක් ඇරෙන්න අනිත් සියල්ල්ම චිත්‍රපටි පමණක් වීම ඇත්තෙන්ම මා ලබපු ජයග්‍රහණයක් වගේම, ඒ ගැන තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. වෙනදා නම් සාමාන්‍යයෙන් මාසෙකට උපසිරැසි 3-4ක් වත් අඩුම තරමේ අරගෙන ආවා. හැබැයි, ඉස්සරහට ඒ විදියට ඔබට මාව දකින්න වෙන එකක් නැහැ. හිතට දැනෙන චිත්‍රපටයක් ආවොත් සහ ඒ චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් ලැබුණොත්, අන්න එදාට ඔබට මාව නැවත දකින්න අවස්ථාව ලැබේවි. මේ අවස්ථාව බොහෝවිට අවුරුද්දකට පස් හය වතාවකට වගේ සීමා වේවි. ඉතිං, මේ අවුරුදු හතරකට අධික කාලයක් පුරාවට වචනෙකින් හරි ශක්තියක් වුණු ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. වචනෙකින් හරි හිත රිදුණු කෙනෙක් ඉන්නවා නම් අනේක වාරයක් සමාවෙන්න ඕනෙ. ඒ වගේම, සහෝදර උපසිරැසිකරුවන් වගේම සහෝදර ඇඩ්මින් මණ්ඩලයත් මේ වෙලාවෙ සිහිපත් කරන්න ඕනෙ. මේ වෙද්දි අපිත් එක්ක බොහොම දක්ෂ උපසිරැසිකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට ඉඩ ප්‍රස්ථාව ලබාදීලා, පිටිපස්සට වෙලා ඒ දිහා සතුටු සිතින් බලාගෙන ඉන්නම්. අවශ්‍ය වුණොත්, අවශ්‍ය වෙලාවට ඕනෑම දෙයක් වෙනුවෙන් වෙනදා වගේම ඉඳීවි. එහෙනම්, ජයවේවා හැමදෙනාටම!!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR / HD පිටපත් සඳහා අදාළ වේ.
56,890 downloadsDownload Shazam-2019-BR.zip133 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
403 comments
Gathsara Umesh
Savinduhimansa
thanks bro
malithmadhushan45
බොහොම ස්තුතියි සිසිල අයියේ උපසිරසට. සුපිරිම ලිපියක් ලියලත් තියෙනවා. එත් අන්තිමට අහපු එකනම් ටිකක් දුක හිතුණා. ඔයාගෙ උපසිරක් නම් ලිපි කියවන්නෙ නැතුව කෙලින්ම බනව අයියේ. මොකද දන්නව ඔයගෙ වැඩක් නම් සුපිරි තාමා කියලා. වෙලාව තියෙන විඩියට උපසිරස දෙන්න අයියෙ.
Ayesh Prashan
Pattama Patta Vistharayak..Kiuwath Wage Comic Nodanna Kenekutath Kisima Aulak Nathuwa Balanna Puluwan Film Eka.Godaak Sthuthie..
බැන්නා නේද කැප්ටන් මාවල් ගැටිස්සිට....ම්ම්ම්...සබට ස්තුති..Blray ආවම බලනවා..
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Ranga lakshan
Well Done Sisila Bro
Keshan555
ස්තූතියි ❤️❤️❤️
ruchiraav
ස්තුතියි......!
Mr yasho
Sub ekatanm thanx.habayi mama kawadawath anumatha karanne nh me marvel ekata kindi danawata.shazam kiyanne kisima scientific foundation ekk nathi sellam badu fillm ekk.Royili ayya sub 500*karalawath DC ekta sawuththuwa damme nh.sub128* krl marvel wlt mehema sawuththuwa danawanm 200-300withr karoth marvel wlt monw karayida danne nh.dn captain marvel chracter eka DC lata ayithi nathi nisa shazamta e nama danna epa.eka harima kathayi.anith eka captain marvelt kwdawath haal kaalla kiyanna epa.wagakeemak thiyena upasirasi karuwek widiyt me wge wada krnn epaah.
disaldeshan
True
සනිඳු ලක්ඛිත
අංක 01 - කොමික් කැරැක්ටර් වලින් සයන්ස් බලාපොරොත්තු වෙන්න එපා..
අංක 02- හාල් කෑල්ල කියන්නේ කොමික් කැරැක්ටර් එකට නෙමේ නිලියට
අංක 03 - DC කොමික් එක්ක ගත්තාම මාවර්ල් කොමික් කියන්නේ පෙර පාසලක් වගේ..හැබැයි සිනමාවට එනකොට ඕකෙ පැත්ත මාරු වෙනවා. ඒකට ක්‍රෙඩිට් යන්න ඕනි රගපාපු නලුවගෙ ඉදන්,අධ්‍යක්ෂක තුමන්ලා ඇතුලු සියලු දෙනාට..
අංක 04 - හරියට සිංග්ලිශ් ටයිප් කරන්න පුරුදු වෙයන්
sathyajith
Thanks for the sub
කවිශල් රසින්ත (කවී)
අම්මෝ ලිපිය... ඇටි හැලෙන්නම ලිපිය ලියලා තියෙනවා. ෆිල්ම් එක බලන්න හිතන්නේ නැති කෙනෙක් වුනත් ලිපිය දැක්කම බලනවා. ඒ වගේම සබ් එකත් ඇති පදිරියට, උපසිරැසි කරණයෙන් ඈත් වුනාට අයින් වෙන්න එහෙම ඔන්න... එහෙනම් සුපුරුදු පරිදි බොහොම ස්තූතියි අයියේ සබ් එකට.. ජය වේවා...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Jayasanka
Thans macho sub ekata.
Maga balagena hitapu filumak thama meka. Lipiyath dila thiyenawa supiriyatama. Marvel akkatath kindiya damma neda. Math ekatanam ekagayi. Marvel fanslatath ridila wage. Mona unath achchara verayo inna avenger ekata me marvel gatissiyak dala avenger ekata karala thiyena aparade nisa math poddak awlen thama inne. Ehenam thawasaryak thanks. Obata jaya.Nalaka Dananjaya Rathnayake
බොහොම ස්තුතියි සහෝ. අර අන්තිමට කැප්ටන් ඇමරිකා හාල් කෑල්ල නෙමේ කැප්ටන් මාර්වල් හාල් කෑල්ල නේද :D
සිසිල ප්‍රසාද්
හදිසියට නම් ගම් මාරු වෙලා. :P
ඔන්න වැරැද්ද හදලා තියෙන්නෙ :)
Lionkolla
අම්මෝ එක පට්ට බ්‍රෝ
gihan perera
නියමයි මචෝ.....පට්ට හැඳින්වීම.....ස්තුතියි ගොඩක් සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා......
Buddhi Jayasanka
fatta lipiyakne liyala tiyanne.wadak na kiyala hithuna ath lipiyen passe nam aran balanna hithuna tns saho.
Lucifer94
denakam balagena hitiye.lipiyath godak wadagath una.thank you..jayawewa..
Nandana_kumara
Tu brother
1997lakmallakmal
sub ekata thanx.jaya wewa!!
Gangsterz
ammo.. sub 1ta wagema lipiyatat godak mahanci wela tiyanawa..
thankx brokalana
Thanks.....
Mohomed_Ismath
බොහොම ස්තූතියි සහෝදරයා විස්තරයට වගේම උපසිරැසියටත්..
විමා
කැප්ටන් මාවල්
එකෙන් Dc උන්ට බැන්නා, හරි හොඳ නැහැ, නෝටි බබා කියාපු අය එන්න පෝලිමේ :P
කම් හියර් ඇන්ඩ් ප්ලීස් හෝල්ඩ් මයි බියර් DC ෆෑන්ට්ස් :Dසබට තුති බන් සිසි
ලිපිය පට්ට ( ෆිලුමට වඩා ) :P ;)Kavinda Athukorala
එකෙන්ම.. හදවතට දැනෙන්න තට්ටු කරලා තිබ්බා .. නිකම් පිහියෙන් අනිනවා වගේ
චියර්ස් ....Ranjana_Kumarasinghe
ela
Navanjanaishan
පට්ට letter aka.
Nalinga
Supiri bro.☺
PahasaraDv
Saththatam saho....
Farcry 3
Ela
Thimira Upeka
Sub එකටයි film එකටයි තැන්ක්ස් බ්‍රෝ,
Hail Haidra
Jmweerarathna
Elama kollo thnx sub 1ta wagema details walata.ftta
Sampath2012
ලිපියේ thiyena විස්තර tika nam පට්ට bro...
Film eka balanna kalinma asawak awa eka කියවලා..
digatama sub denna wade nawaththanna epa...
All the best machan..Namunu Hansajith
බොහොම ස්තූතියි සහෝදරයා. පට්ටම විස්තර කිරිල්ලක්, බයිලා නෙවේ මුල් අකුරේ ඉදං අන්තිම අකුර දක්වාම කියෙව්වා, ඔබට සුභ අනාගතයක්!
සසිඳු කවීශ ගමපතිරණ
ඉක්මනින්ම සිංහල උපසිරැසිය ලබා දුන්න එක ගැන ගොඩක් ස්තූතියි!
Imalka Upashan
Thanx bro ලිපියට වගේම sub ekatath
santhusha319
Lipiya supirii bro!!! sub ekata thanks wewa.....
santhusha319
Lipiya supiriiii!!! sub ekata thanks machn....
IsuM
Iroshan Kumar
ඇත්තටම ෆිලුමට වඩා දෙයක් ලිපියෙන් දීලා තියෙනවා. නොදන්න දේවල් ගොඩාක් ලිපිය මගින් දැනගන්න ලැබුනා. ලිපියට ගොඩක් තෑන්ක්ස් බ්‍රෝ... සබ් එකටත් ගොඩාක් ස්තුතියි..
Chanula
endgame ekata nam baninna epa. captain mavel chaaa una kiyala api mona karandadha?
thushararox
කැප්ටන් මාවල් ලස්සනයිනෙ.
මමත් තාම බැලුවෙ නෑ, ඒත් අර පොස්ටර් වල ඉන්නෙ කිරිගරුඬ වගේ.
S.K. Ruchiranga
lipiya fatta sahoo...thz sub ekta...
Malinda
ඉදින්. මාවල් නම් මොනාද? කොම්පියුටර් වැඩ කෑලි වලින් යන්තම් ගේම ගහයි. නියම කොමික් නම් ආයේ DC තමා.
M.W. Dilhani
ඒකටනම් මාත් එකඟයි. මාවල් ඩීසී දෙකම බලනවා. මාවල් බොක්ස් ඔෆිස් වලින් ඉහලින් හිටියට කැරැක්ටර් වලින් නම් ඩීසීලට ලං වෙන්නවත් බෑ.
madhawa_max
අනිවා
Bobby
Thank you very much
tv malli
tnx bro sub ekata
Dilshan Kelum
Thanks broo sub ekata...
krishanmadusanka
sisila saho post eka maru man doctar shiwana kiyanne kawda kiyala danne nathuwa hitiye shazhemta magic balekin agata balaya labenawa kiyamuko.achchara bombayak pipirila ara hal kalla ithuru wechcha eka mata awla.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ලිපියටත් බොහොම ස්තුතියිNavodani Thilini Sasanika
ලිපිය නම් නියමයි අයියෙ, ගොඩක් වෙල තිස්සෙ මේක කියවන්නෙ
උපසිරසියට ගොඩක් ස්තූතියි!!isururko
සබ් එකට බොහොම ස්තුතියි
zero123@123
Thank you so much ayya. We always appreciate your effort. It is really a big thing to sacrifice the time and the energy for all the people who love movies. Thank you best of luck.
zero123@123
Thanks Thank you so much for all the sub you gave us for free. Thank you
Ravindu Rukshan
හම්බෝ ලිපිය නම් පට්ට චිත්‍රපටය බ්ලුරේ ආවහම අනිවාර්යයෙන් නරඹනවා සබට තුති
M.W. Dilhani
උපසිරසියට ස්තුතියි. ලිපි නම් කොච්චර දිග වුනත් බොරින් වෙන්නේ නෑ. මොකද ෆිල්ම් බැලුවේ නැතත් ලිපි අනිවාර්යයෙන් කියවනවා. උපසිරසිකරණය නවත්වන්න එපා. ඔයාගේ හින්දි උපසිරසි නියමයි.
CMB
ලිපිය නියමයි සහෝ...
Thanks වේවා...!! #DcRandiS
අගනා දේව කතා රසවිඳින්න එක්වන්න DC සමඟ..
ලිපිය සුපිරිම බ්‍රෝ.සබත් ඇති ෆට්ටටම.ජයවේව. තෑන්ක්ස්.but,
#Hail HydraRandiS
අගනා දේව කතා රසවිඳින්න එක්වන්න DC සමඟ.
ලිපිය සුපිරිම බ්‍රෝ.සබත් ඇති ෆට්ටටම.ජයවේවා. තෑන්ක්ස්.but,
#Hail HydraNecromancer
Thanks for the Sub
supershiwa
ela
Advertisement
![Shazam! (2019) Sinhala Subtitles | සදෙව් බලයෙන් සන්නද්ධ වීරයා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Shazam-2019-1.jpg)



අයියේ....
සබ් දෙන එකනම් නවත්තන්න එපා...
ලිපිය ඔකෝම කියවලා අන්තිමට තියෙන දේටනම් මන් කැමතිම නෑ..
අයිය බොහෝම පිලි වෙලට සබ් එක වගේම පැහැදිලිව ලිපිය ලියන අයගෙන් හොදම කෙනෙක්..
බොහෝම ස්තූතියි ❤️
ආයිත් සබ් එකකින් මුන ගැහෙමූ...☺️