Watch Trailer

Chance Pe Dance (2010) | නළුවෙක් වෙන්න නිකම්ම බෑ…

මේ තමයි මම බයිස්කෝප් එකට ලියන මුල්ම ලිපිය. මුල්ම ලිපිය වුනා කියලා නිකම්ම ෆිල්ම් එක විතරක් දීලා හරියන්නෙත් නැති නිසා ඔන්න මම සිංහල උපසිරැසි එක්කම දෙන්න කල්පනා කරා. මේක මම සිංහල උපසිරැසි කරපු මුල්ම ෆිල්ම් එක හින්දා වැරදි එහෙමත් ඇති, ඒකට මට සමාවෙලා පොඩ්ඩක් පෙන්නල දීලා යන්න. මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ…

මේ තමයි මම බයිස්කෝප් එකට ලියන මුල්ම ලිපිය. මුල්ම ලිපිය වුනා කියලා නිකම්ම ෆිල්ම් එක විතරක් දීලා හරියන්නෙත් නැති නිසා ඔන්න මම සිංහල උපසිරැසි එක්කම දෙන්න කල්පනා කරා. මේක මම සිංහල උපසිරැසි කරපු මුල්ම ෆිල්ම් එක හින්දා වැරදි එහෙමත් ඇති, ඒකට මට සමාවෙලා පොඩ්ඩක් පෙන්නල දීලා යන්න.

මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ ශෂීඩ් කපූර්(Shahid Kapur) සමග ජෙනීලියා ද සූසා (Genelia D’Souza). ඒ දෙන්නා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කථාව ගැන මම පොඩ්ඩක් කියන්නම්, මේක හින්දි චිත්‍රපටියක් නිසා ඕන කෙනෙකුට මුල කියද්දි අග තේරුම් යනවා. ඒහෙම වුනාට මේක එක හුස්මට බලන්න පුලුවන් ලස්සන කථාවක්. කථාව මෙහෙමයි සෑම්(Shahid Kapur) කියන්නෙ නළුවෙක් වෙන්න දඟලන කොල්ලෙක්. සෑම් එයාගෙ අම්මගෙ ආසවක් ඉටු කරන්න තාත්තත් එක්ක තරහවෙලා දිල්ලි වල ඉඳන් මුම්බායි එනවා නළුවෙක් වෙන්න. අවුරුදු 3ක් ගිහිල්ලත් සෑම්ට රඟපාන්න පුළුවන් වෙන්නෙ එක වෙළඳ දැන්වීමක විතරයි. දවසක් club එකක සෑම් කරපු ඩාන්ස් එකක් දැකලා රජීව් ශර්මා කියන අධ්‍යක්ෂකවරයා එයාගෙ අළුත්ම ෆිල්ම් එකට සෑම්ව තෝර ගන්නවා. මේ අතරෙදි සෑම්ට ටීනා (Genelia D’Souza)ව මුණගැහෙනවා. ඒ වගේම ප්‍රශ්ණ ගොඩකටත් මුණ දෙන්න වෙනවා, සෑම්ව තෝරගත්ත අධ්‍යක්ෂකවරයා සෑම්ව ඒ චිත්‍රපටියෙන් අයින් කරනවා, කුලී ගෙවා ගන්න බැරුව ගෙදරින් එලවනවා. තව තව දේවල් වෙනවා… මේ එක්කම රජීව් ශර්මා සුපිරි තරු වැඩසටහනකුත් පටන්ගන්නවා… අපේ වීරයා ඒකට යයිද? නොයයිද?… මේ ඔක්කොම සෑම්ට තනියෙන් ජය ගන්න පුළුවන් වේවිද? සිනහව, ආදරය පිරුනු මේ ලස්සන කථාව ඕගොල්ලොත් බාලම බලන්න.

ලිපිය – සුචිර සෝමදත්ත

74 comments

  1. chamath

    onna ada man 1st.
    on man bann admma thnkzz sahoooooo.

  2. susantha

    ada mama 2 thnxxxx

  3. Lasantha

    ela man deka ned? ada banawamai... thanx machooooooo!!!

  4. Tharindudoo

    එළ එළ. බොහොම ස්තූතියි සිOහළ උපසිරෑසි සමග ලබා දුන්නට,,ඉදිරියේදිත් ලස්සන චිත්‍රපට වලට සිOහළ උපසිරෑසි දාන්න!!

  5. පොතේ ගුරා

    ඔයාල හැමෝම මේ ලිපිය මූණුපොතෙන් හා ට්වීටරයෙන් ඔයාලගෙ යාලුවන්ට බෙදා දී අපිට සහයෝගය දක්වන අතරම ප්‍රතිචාරයක්ද එකතු කර සුචිර සෝමදත්ත සොහොයුරාගේ උත්සාහය අගය කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.. :)

  6. wappula

    thank you malli.

  7. උදය

    ela saho.... thanks.............maxxa

  8. නදීර

    ස්තුතියි

  9. ~RaසිකYa~

    එළමකිරි බොලිවුඩ් බයිස්කෝප් වලට මම කොහොමත් කැමතියි කියල දන්නවානේ..කථා දෙකක් නැ ඔන්න බෑවා...
    ආ කියන්න අමතක වුනා කාලෙකට පස්සේ ගුරාට අපිව මතක් වෙලා තියෙන්නෙ...කමක් නැ ඉදල හිටල හරි ඇවිත් යනවනේ එකත් ඇති...
    සුචිර සහෝටත් සුභ පතනවා, ඉදිරියටත් කොර බයිස්කෝප් සිංහලෙන් දෙන්න පුළුවන් වෙන්න කියලා...ජයවේවා..!

  10. Randika

    thaxxxxxxx..........

  11. h

    ආස හිතෙන කතාවක්. සබ් තියෙන නිසා තවත් හොඳයි. තව හොඳ ෆිල්ම් දෙන්න සබ් එක්කම :D

  12. උදය

    ජයවේවා..!

  13. පුන්නා

    mokatada hitha hitha inne........mamath banna demma...thanx

  14. Dinuka

    wish all da best machoo..jayawewa..!!!

  15. chamila

    සිංහල සබ් නිසා අනිවාර්යෙන් බාන්නම වෙනවා.... :P

  16. සසික නානායක්කාර

    ela ela onna mama banawa....Sinhala sub walata thanks...??

  17. udantha anuradha

    මේක මම බැලුවා...
    පට්ට කතාව...
    btw i love genelia!!!!!!!

  18. SANDARUWAN

    thankax, balanna deyak netiwa hitiye. demma bagannam.

  19. පොඩි මෑන්

    මරු මරු හින්දි එකක් සිංහලත් එක්කම
    මමත් බාන්න දැම්මා.
    බොහොම ස්තූතී...:)

  20. Akalanka

    බොහෝම ස්තූතීයි.....
    ඔයාලගේ උත්සාහය බොහෝම අගය කරනවා.....

  21. buddhika

    rajneeti හින්දි ෆිල්ම් එක සි0හල සබ් එක්ක දෙන්න පුලුවන්ද මචෝ.ඒක හරි වටින ෆිල්ම් එකක්.

  22. Ranga

    thanks machn...jaya veva

  23. Greshan R.K.

    එල එල හැම හින්දි ෆිල්ම් එකක්‌ම සිංහල සබ් එක්‌ක දෙන්න හොදේ... තැංකු වෙන්න ඕන මේ ෆිල්ම් එකට

  24. nishantha

    thanks....

  25. maxxa

    elakiri machan maxxxa gindara thamai

  26. සුජා

    බොහොම ස්තුතියි. සි.හල සබ් එක්ක හින්දි ෆිල්ම් 1ක් දුන්නාට.තවත් මේ වගේ හොද ෆිල්ම් දෙන්න ඕන කියලා හිතෙනවා නම් නියමයි.

  27. SH

    බොහෝම ස්තූතීයි…..ජයවේවා

  28. Asitha

    සුචීර සහෝ.... වෙල්ම ඩන් මචෝ....
    තව ඉදිරියටත් හොද හින්දි ෆිල්ම් දාපන් මචෝ...
    ගොඩක් ස්තූතියි සහෝ....

  29. උදාන

    හින්දි ෆිල්ම් 1ta බොහෝම ස්තූතීයි…..

  30. nilanthaherath

    නියමයි සූවීර සහෝ. මමත් බාමි. එල වැඩක් සිංහල සබ් එක්ක දෙන එක. තෑන්ක්ස්ම වේවා.

  31. shiwantha

    thanx machan :D

  32. TeeRox

    Nice movie.. I love it.

  33. Kingtakur

    එලම තමයි. මේක මම කලින් බැලුවා. දැන් ‍ආයෙත් සිංහල සබ්ටයිටල් එක්ක බලනව. තැන්කු වේවා. ;)

  34. kathu

    සුචිර brotherට ස්තුතියි කිවුවා ඔන්න.. තව සෑහෙන්න films වලට sub දාන්න ලැබෙවා..!!

  35. සුචිර(සෝමෙ මාමා)

    මේ film එකට comment කරපු හැමෝටම බොහොම ස්තූතියි. ඒ වගේම මම තව බයිස්කෝප් දෙක තුනකට වැඩේ දෙන්න ඉන්නෙ. ඒවත් තව ටික දොහකින්ම ලැබෙයි. බයිස්කෝප් එකට වෙලාම ඉන්න හොඳේ.................

  36. Akalanka

    මචං මේක සබ්ටයිටල් පලවෙනි විනාඩි 10න් විතර පස්සෙ පේන්නෙ නැතුව යනව, මුල ටිකේ හොදට පේනවා, මගේ අවුලක් නෙමෙයි, වෙන ෆිල්ම් හොදට පේනව. උදව් කරන්න

  37. sanal

    ela

  38. meenuka

    sira film eka .. thnx.. thawa lassan ewa enakam balagena innawa api ok ..

  39. Ravi

    thank machan sub walata.

  40. Akalanka

    හරි මචං.. සබ් දැන් ok

  41. චතුර නිර්මාල්

    niyama movie eka machang!!
    subs walata thank you very much!!

  42. metha

    ohoma yan ohoma yan

  43. ashan kandy

    tika dawasaki me patte awe.. oh. ela ela. onna math ehenag damma. parakku wela hari onna math awa.. :)

  44. Asitha

    පෙරේදා බෑවට අද තම බෙලුවේ...
    මට නම් මෙක පට්ට ෆිල්බ් එකක්..
    Love ස්ටොරියත් මරු...
    Sucheera saho.. thnx a lot !!

  45. yasitha

    ela machan....thanx..sinhala sub ekkama dunnata..me wage thawath ela films deepan machan puluwan nam..

  46. sathare

    sinhala sub weda karnne ne.........>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

  47. hansi

    baalama balamu,,,bohoma sthtuiii subs walata

  48. Tharindudoo

    ඔව් බන් ස්බ් වෑඩ කරන්නේ නෑතිව තිබ්බ,,මමත් බෑලුව මේක මගේ කොම්පුටරේ වරෑද්දක්ද කියලා,,ඔයා දීපු අලුත් සුබ් එක නම් වෑඩ,,බොහොම ස්තූතියි!

  49. prami

    සුචිර සහෝගේ පළමු ලිපියට මම සුභ පතනවා.දිගටම බයිස්කේප් අඩවියට බයිස්කේප් එක්කරන්න සහෝට පුලුවන් වෙන්න හැකි වෙවා !

    බයිස්කේප් එකක බලලා බයිස්කේප් එක ගැන ප්‍රතිචාර දාන්නමි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.