Chernobyl 2019 [S01 : E01] with Sinhala Subtitles | සෝවියට් හවුලේ න්‍යෂ්ටික ව්‍යවසනය… [සිංහල උපසිරසි සමඟ]
දැනට IMDb එකට අනූව අංක එකේ කතාව මොකක් කියලද හිතන් ඉන්නේ? Games of Thrones නැත්තන් Breaking Bad? එක්කෝ Planet Earth II හරි Band of Brothers? එහෙමනම් හිතන් ඉන්නේ පොඩ්ඩක් මෙතනට ගිහින් බලන්න ටොප් රේටඩ් ටීවී ශෝ එක මොකද්ද කියල. බැලුවද? පුදුමද? ඔව් වැඩි හැල හොල්මනක් නැතුව HBO ආයතනයෙන් මීට සති තුනකට කලින් නිකුත් කල අලුත්ම මිනි සීරිස් එකක් ඒ කියන්නේ කොටස් 5 කින් යුත් කතා මාලාවක් තමයි මේ විප්ලවය කරලා තියෙන්නේ. පුදුමයි නේ? සීසන් පිට සීසන් ආව කතා ඔක්කොම යට කරගෙන මේ කොහෙවත් නැති එපිසෝඩ් පහක් ලොකු පෙරලියක් කලේ කොහොමද? එත් තාම කොටස් තුනක් විතරයි විකාශය උනේ. ඒක වෙන්න හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව අනික් කිසිම කතාවක් වගේ නෙමේ මේ කතාව 1986 අප්‍රේල් මාසයේ යුක්රේනයේ සිද්ධ උන සත්‍ය වගේම ඉතාමත් බිහිසුණු සිදුවීමක් පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. සත්‍ය සිදුවීම් නම් ඕන තරම් ඔය යන්නේ හැබැයි මේ කතාවේ ඔයාල දකින රූපරාමු සහ කතාව යම් යම් සිද්දි එකිනෙක අමුණලා තියෙන ආකාරය නිසා ඕනෑම කෙනෙක්ට දැනෙන්න ගන්නවා දෙයියනේ මෙහෙම දෙයක් උනාද කියල. මම දැන්ම කියන්නම් සමහර සිදුවීම් වලදී ඇඟේ හිරිගඩු පිපුනේ නැත්තන් වහාම ගිහින් ලාදුරු චෙක් කරගන්න. දැන් කියන්නම් මොකද්ද මේ අරුම පුදුම සිදුවීම කියල.
නිකන් වගේ අහල හෝ දැකලා තියෙනවද Chernobyl කියන නම? ඔව් මේ නම ලෝක ප්‍රසිද්ධ වෙන්න ලොකු හේතුවක් තියෙනවා. 1986 අප්‍රේල් මාසයේ 25-26 දින දෙක තුල යුක්රේනයේ ප්‍රිප්යට් කියන පළාතේ ලොකු පිපිරීමක් සිද්ධ උනා. ඒ වෙනකොහෙවත් නෙමේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුල. මේ කාලය තුල සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව හරහා තමයි මේ රටවල් සියල්ල පාලනය උනේ. ඔව් සමාජ වාදය. කතාව බලනකොට ඔයාලට ගොඩක් සහෝදරයෝ මුණ ගැහෙයි. රුසියාව ප්‍රමුඛ රටවල් වල සන්ධානයක් උන සෝවියට් සමූහාණ්ඩුව යටතේ ක්‍රියාත්මක උන තවත් රහස් නය්ෂ්ටික බලාගාරයක් තමයි චර්නොබිල් කියන්නේ. මේ බලාගාරය තුල බල ශක්තිය නිපදවීමට යොදාගෙන තිබුනේ යුරේනියම් (235 U සමස්ථානිකය) කියන මූලද්‍රව්‍යයි. න්‍යෂ්ටික බලාගාරයක ක්‍රියාකාරිත්වය ගැන සවිස්තරාත්මකව මෙතන විස්තර කරන්න ගිහින් ඔලුව පිස්සු වට්ටන්නේ නැතුව මම කියන්නම් මේ බලාගාර නිපදවන්නේ ඇයි සහ ඒ හරහා ඇති අවදානම ගැන වගේම එහි සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය ගැන යම් මට්ටමකට. මේ බලාගාර නිර්මාණය කරන්නේ ඇත්තටම විදුලිය නිපදවාගන්න සහ තාපය නිපදවාගන්න. නිපදවා ගන්න යොදාගන්න ක්‍රමය නම් ටිකක් සංකීර්ණයි.
පරමාණු ගැන අහල තියෙනවනේ. ඒවගෙත් තවත් කුඩා අංශු තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන කියල. ඉතින් මේව යොදාගෙන ඒ අතර ගැටීමක් සිදු කරලා ඉන් පිටවන ශක්තිය පරිවර්තනය කරගන්න තමයි න්‍යෂ්ටික බලාගාර නිර්මාණය කරන්නේ. මෙවැනි බලාගාරයක් හරහා සාමාන්‍යයෙන් මෙගාවොට් 3200 වගේ තාපයක් සහ මෙගාවොට් 1000ක පමණ විදුලියක් නිපදවාගන්න පුළුවන්. මම මේ කියන්නේ මේ සිදුවීමට අදාළ න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන්. චර්නොබිල් බලාගාරය තුල සෝවියට් සමූහාණ්ඩුවට ආවේනික වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියකාරක වර්ගයක් තමයි භාවිතා උනේ. ඒවා නමින් RBMK (Reaktor Bolshoy Moshchnosti Kanalnyy) වූ අතර මේ කෙටිනාමය දීර්ග රුසියානු නමක කෙටි කිරීමක්. මේ ප්‍රතික්‍රියාකාරක වලත් විවිධ ප්‍රභේද පැමිණි අතර චර්නොබිල් බලාගාරය තුල යොදා ගැනුනේ RBMK – 1000 නමැති ප්‍රභේදයයි. RBMK ප්‍රතික්‍රියාකාරක වලත් 1000, 1500, 2400 වැනි සංස්කරණ පසුකාලීනව නිර්මාණය උනා. කෙසේ වෙතත් මේ ව්‍යසනයට මුල් උනේ RBMK – 1000 නමැති Reactor හෙවත් ප්‍රතික්‍රියාකාරකයයි. ඉතින් මේවගේ ප්‍රධාන ශක්ති නිෂ්පාදන මූලද්‍රවය වෙන්නේ යුරේනියම් විශාල තාපයක් පිටවීම නිසා මෙහි සිසිලනය සිදුවන්නේ ජාල ප්‍රවාහයක් හරහා. පහත දැක්වෙන්නේ එවැනි ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය සහ කොටස් වල දල සටහන් දෙකක්. මොකද මේ වචන කතාව තුල අහන්න ලැබෙනකොට ඒ මොකද්ද අර මොකද්ද කියල බලාගන්න මේ හරහා පුළුවන් වෙයි.
RBMK ප්‍රතික්‍රියාකාරකයක කොටස්
ඒ වගේම දැනට මෙවැනි ප්‍රතික්‍රියකාරක එනම් RBMK – 1000 දක්නට ලැබෙන්නේ රුසියාවේ ස්ථාන තුනක පමණයි. ඉන් එකක් Kursk-1,2,3,4 නමින් Kursk නගරයේත්, Sosnovy Bor නගරයේ Leningrad-1,2,3,4 නමින් ප්‍රතික්‍රියාකාරක 4ක් තිබෙන අතර ඉන් එකක් 2018 වසරේදී වසා දමනු ලැබුවා. ඒ වගේම Smolensk පළාත තුල තවත් Smolensk-1,2,3 නමින් ප්‍රතික්‍රියාකාරක තුනකුත් අදවන විටත් ක්‍රියාත්මක වෙනවා.
RBMK ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය
ඉතින් මෙහෙම හරිම ආරක්ෂාකාරීව නිර්මාණය උනත් 1986 අප්‍රේල් මාසයේදී සිද්ධ උන සිදුවීම න්‍යෂ්ටික බලාගාර වලට අපල කාලයක් උදා කෙරුවා. ඒ පිපිරීමත් සමඟ සෝවියට් සමූහාණ්ඩුව තුල තිබු බොහෝ න්‍යෂ්ටික බලාගාර වසා දමන්න ඔවුන් පියවර ගනු ලැබුවා. මේ කතාවේ එක්තරා අවස්ථාවක ඔයාලට දකින්න ලැබේවි න්‍යෂ්ටික බලාගාරයක විකිරණ කාන්දුවක් උනාම ඒවා කොයි තරම් ප්‍රබලද සහ කොයි කාලයක් පවතිනවද කියල මෙහි ඉන්න මහාචාර්යවරයෙක් පැහැදිලි කරනවා. මම ඒ වචන වලින්ම මේකේ බැරෑරුම් කම ඔයාලට දැනෙන්න කියල දෙන්නම්. එයා කියන්නේ මේ විදිහට….
“RBMK-1000 ප්‍රතික්‍රියාකාරක තුල ඉන්ධනය විදිහට භාවිතා කරන්නේ යුරේනියම් 235 කියන සමස්ථානිකය. සෑම යුරේනියම් 235 කියන පරමාණුවක්ම උණ්ඩයකට සමානයි සහ ඒවා ගමන් කරන්නේ ආලෝකයේ වේගයටත් වඩා වේගයකින්. එවැනි වේගයකින් ගමන් ගන්න පරමාණුවක් ඊට බාධා වන ඕනෑම දෙයක් හරහා ගමන් කරනවා. දැව, ලෝහ, කොන්ක්‍රීට් සහ මිනිස් හෝ සත්ව සිරුරු හරහා ගමන් කරනවා. යුරේනියම් 235 කියන මුලද්‍රවය ග්‍රෑම් 1 තුල මේවගේ පරමාණු බිලියන ට්‍රිලියන ගණනකටත් වඩා තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් එකක තියෙන උණ්ඩ ගණන. දැන් මේ චර්නොබිල් බලාගාරය ඇතුලේ යුරේනියම් 235 මූලද්‍රව්‍ය ග්‍රෑම් මිලියන තුන්සීයක් විතර තියෙනවා. දැන් ඒ හැම එකකම ගින්දරෙන් දැවෙනවා. සුළඟ මගින් මේ දැවෙන විකිරනශීලි අංශු මුළු මහාද්වීපය පුරාම රැගෙන යනවා. වර්ෂාව මගින් ඒවා ආපහු පොළවට රැගෙන එනවා. අපි මේ කතා කරන්නේ මිලියන, ට්‍රිලියන, බිලියන තුනක විතර උණ්ඩ ප්‍රමාණයක් ගැන. ඒ උණ්ඩ අපි හුස්ම ගන්න වාතයේ, අපි බොන ජලයේ, අපි කන කෑම වල අන්තර්ගත වෙනවා. මේ උණ්ඩ බොහොමයක් එහි කාර්ය අඩුම වශයෙන් අවුරුදු 100ක් වත් කරනවා. සමහර ඒවා වසර 50,000ක් වත් යනකන් නතර වෙන්නේ නැහැ.”
බලාගාරය හරහා ලැබුන බලශක්තිය වගේම ඉන් තියෙන අවදානම නම් අතිමහත්. ඔය උඩ කියන ඡේදය සහිත කොටස ඔබට දකින්න ලැබෙන්නේ දෙවන කොටසේදී. ඒ අවස්ථාවේදී ඔයාලටත් දැනෙයි ඔයාලත් විකිරණවලට හසු උනාවගේ දැනීමක්. මේ අනතුර අවසානයේ අපි අද දකින තත්වයට වඩා එදා පිපිරුමෙන් පස්සේ ගත උන සෑම දිනයක්ම එය නතර කිරීමට උත්සහ දරන සෑම කෙනෙක්ටම අලුත් අලුත් අභියෝග ගෙනත් දී තිබෙනවා. ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නට ඒ වෙනුවෙන් කැප උන සෑම දෙනෙක්ටම සිද්ධ උනේ අර උඩ කියපු උණ්ඩ වලට ගොදුරු වෙන්න. පරම්පරා ගණනාවක යහපත සෝවියට් සමූහාණ්ඩුවේ කීර්තිය වෙනුවෙන් ජිවිත දහස් ගානක් ලක්ෂ ගානක් බිල්ලට දෙන්න උනා.
පුපුරා යාමට ප්‍රථම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය
ඉහත ඡායාරූපය අනූව මේ ස්ථානය තුල තවත් මෙවැනිම RBMK ප්‍රතික්‍රියාකාරක 3 ඒ වනවිටත් තිබු අතර ගින්න නිසා පසුව සිද්ධ වෙන්න ගිය පිපිරීම් සිදුවුවා නම් විකිරණ වලින් සිද්ධ වෙන හානිය හතර ගුණයකටත් වඩා වැඩි වීමට ඉඩකඩ තිබුනා.
පිපිරීමෙන් පසු එම ස්ථානයේ ස්වරූපය
මෙවන් ව්‍යසනයකින් සිද්ධ වෙන ක්ෂණික මරණ ප්‍රමාණය ඉතාමත් අවම උනාට කාලය ගත වන්න වන්න ඊට නිරාවරණය උන පිරිස තමන් නිරාවරණය වූ ප්‍රමාණය අනූව විවිධ දුක් විඳලා මිය යනවා. සමහරු පිළිකා වලට ගොදුරු උනා. අංග විකල දරුවන ඉපදෙන්න ගත්තා. ඉපදෙන්න ඉන්න දරුවන් විකෘති වී ඇතැයි සිතා දරු ගැබ් විනාශ කරගනු ලැබුවා. මීට වසර 33 කට කලින් සිද්ධ උනත් අදටත් එහි වන්දි ගෙවන පිරිස් ජිවත් වෙනවා. අදටත් මේ පොළවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අවුරුදු 50,000ක් යනකන් මේ පොලවේ කිසිම දෙයක් වගා කරන්නවත් එහි වාසය කරන්නවත් සුදුසු මට්ටමක් ස්වභාවිකව උදා වෙන්නේ නැහැ. පහත තියෙන්නේ 1996 වසරේදී සිදු කල ගවේෂණයකදී චර්නොබිල් අවට තිබුන විකිරණ මට්ටම් වල සිතියමක්.
මෙවන් විපතක් වෙන්න වගේම උනාට පසු එයින් වෙන හානිය වලක්වාලීම සම්බන්ධයෙන් එහි සිටි පාලකයන් කෙලින්ම වගකිව යුතු වෙනවා. නමුත් නඩු විභාගයකට පසු ඔවුන්ට ලැබුන දඬුවම උනේ කම්කරු කඳවුරක වසර 10 ක සිරදඬුවමක් පමණයි. Viktor P. Bryukhanov- බලාගාර කළමනාකරු, Nikolai M. Fomin – ප්‍රධාන ඉංජිනේරුවරයා Anatoly S. Dyatlov – සහකාර ප්‍රධාන ඉංජිනේරු මොවුන්ට තමයි ඒ දඬුවම ලැබුනේ. මේ චරිත වල තිබෙන ම් උද්දච්චකම, අහංකාරකම සහ විෂයේ ඇති නූගත්කම මැනවින් මෙහි මුල් කොටස් තුලින් දැකගන්න ලැබේවි. මම මේ පිපිරීමට අදාළ හේතුව මේ ලිපිය හරහා නොකියන්නේ එය මේ කතාවේ රසවින්දනයට සහ කුතුහලයට බාධාවක් වන නිසා. අවසානය තෙක් බලාගෙන යනකොට ඊට හේතු අපිට දැනගන්න ලැබේවි.
වර්තමානයේ චර්නොබිල් ගැන අපිට යම් තරමක සුබ ආරංචියක් ලැබුනා ඒ තමයි මිනිස් වාසයට හෝ වගාවට නුසුදුසු මේ භූමිය සූර්ය පැනල් ව්‍යාපෘතියක් සඳහා තෝරාගෙන ඇති බව. එමගින් දැනටමත් මෙගාවොට් එකක විදුලියක් 2016 ආරම්භ වූ මේ ව්‍යාපෘතිය හරහා ලබාගන්නවා. ඒ වගේම ජර්මානු යුක්රේන හවුල් සමාගමක් හරහා ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය ඉදිරියේදී තවත් සමාගම් සමගින් එක්වී පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තමයි දැනට ඔයාල වෙනුවෙන් ලබාදෙන විස්තරය. එහෙනම් දෙවන කොටස සමඟින් මුණ ගැසෙන තෙක් ගිහින් එන්නම් IMDB දර්ශකයේ පෙරමුණ ගත් නවතම රූපවාහිනී කතා මාලාව මෙසේ ඔබට ලබා දෙමින්. ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 39523 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks a lot Hasantha saho sub ekata
දැනුමක් සමග උපසිරසක්
Blue ray walata update karapnko bn balanna ikmnata
GG bro ❤
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Bluray වලට සබ් දෙන්න පුලුවන් ද සහෝ . ඔයාගෙ සබ් සුපිරි ❤️
Thanks for Sub!
Bluray වලට සබ් අප්ඩේට් කරන්නකො
thanks මචං sub එකට ලිපියත් සුපිරි..❤️
Bluray වලට සබ් දෙන්න පුලුවන් ද බ්‍රෝ . ඔයාගෙ සබ් සුපිරි ❤️
ඔයාගේ විස්තරයට ගොඩාක් ස්තූතියි. මම ලොකු දැනුමක් එකතු කර ගත්තා ඔයා චර්නෙබිල් ගැන දාලා තියෙන මේ විස්තරයෙන්. ඔයාගේ මේ පැහැදිලි කිරීම නිසා මම චර්නොබිල් ටිවී සීරිස් එක නරඹන්න තියෙන උනන්දුව තවත් වැඩි වුනා. මම නැවත වතාවක් ඔයාට හදවතින්ම ස්තූති කරනවා මේ පැහැදිලි කිරීම ගෙන ආවාට. ඔයාට ගොඩාක් පින්.
Thank you brother!!
Thank you brother
Wow..
Thank you…..
HODA PAHADILIKIRIMA. NODANNA DEWAL GODAK DANAGANNA LABUNA..GODAK STHUTHIE SAHO…
Gmmc
විස්තරේ පට්ට සහෝ… සබ් එකට තෑන්ක්ස්.
❤️
බලන්න ගොඩක් ආසාවෙන් හිටිය සීරිස් එකක්. සබ් දුන්නට බොහොම ස්තුතියි සහෝ. ඔයාලා මේවාට සබ් දෙන නිසා තමයි අපිට මේවා තේරෙන භාෂාවෙන් බලන්න ලැබෙන්නේ. නියමයි සහෝ දිගටම කරන් යන්. බයිස්කෝප් වාසීන්ට ජය… !!
නියමයි… බොහෝම ස්තූතියි
තැනක් සිංහල sub එකට ඉස්සෙල්ලම.දෙවනුව මේ විස්තර කිරිල්ල මාරයි.
අපි නොදන්නා ලොකු දැනුමක් මේකෙන් දැනගත්තා
තැනක් සහෝ ඔයාට…ජය වේවා හදවතින්ම සුබපතනවා.
pinch tv serius එක හොද එකක්නම් එකටත් සුබ දෙන්න
imbd රෑන්ක් එක 9.6ක් එකේ
Thanks for the sinhala sub bro… good luck!
බොහොම ස්තූති..
Thanx for sub
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තූතියි
Thnx bro, and baiscope team..
Thank you Aiye
Thank You
godak sthuthi.. jaya wewa.
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Sub ekata tnx bro
ලිපියටයි , subtitle එකටයි ගොඩක් ස්තූතියි….ජය වේවා යාලුවා…
thank you
thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
ලිපියටත් බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ජයවේවා…!
බොහොම ස්තූති..
thanks
සුපිරි වැඩක් හොය හොය ඉඳපු සබ් එකක්.මචං මේකෙ Episode ටික Download කරගන්න ලින්ක් එකක් දාපල්ලකෝ කවුරුහරි.
Thanks HASA Aiye!!!
Jays wewa!!!!
budusaranaiii!!!!
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks bro
thnks you
Tz sub ekata……
supiri wadak bro!! jaya wewa!!
Patta
thanks bro..
Thanks bro..
sub eka html enne ai
Thkz bro
patta
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thnkz me wage super tv series akakata sub dunnata
Fatta
niyamai………. kotas 5ma baluwa………… sub ekta thanx………..
Thanx sahoo sub ekata,. Jayawewa,..
thanks for the sub and post
ela saho thanks
Patta bn loku wistharayak ekka meka dunnata 🙂 SUPIRI
උපසිරසියට සහ ලිපියට බොහෝම ස්තූතියි
Thank you brother
thanks bro
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි bro
නියමයි සහෝදරයා. මම අද තමයි දන්නෙ ඔයා මේකෙ සිහල සබ දීල කියල. කොටස් 3ක් බැලුව මම. දැන් ආයෙ සිංහල සබත් එක්ක මුල ඉදන් බලනව.
ජය වේවා. ❤️
thanks bro. kiyanna wachana na me tv srs eka gananam. echcharatama supiriy……
dethun parakma me lipiya danata thun parakata wada kiyewwa. epiyak balala lipiya kiyawala therunnathi then lehagannawa. ayeth thanks bro. jayama wewa
thanks bro….
Thanx sahooo
Niyamai ela, suppa series eka…. Sub ekata thanks….!
thanxxx bro………..
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි. මං අද තමා මේ සීරීස් එක බලන්න හදන්නෙ. වටිනා ලිපිය වෙනුවෙනුත් ගොඩක් ස්තුතියි..
දිගටම උපසිරැසි දෙන්න.
තෙරුවන් සරණයි…!
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. මේක දෙන්න හිතපු එකම ලොකු දෙයක්. ජය෴෴ 😛 😛
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks
lipiya maru
Thank you brother!!The post was very good ❤️
Thanks saho sub rkata
Patta
Sub ekatayi lipiyatayi thanks… Jayawewa!
විකිරණ කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් භාවිතයේ වැරැද්ද සහ නොදැනුවත්කම මත තමයි මෙවැනි දේවල් සිද්ද වෙන්නේ. මේ සීරිස් එක යනවා කියලා මන් දැක්කේ GOT එකේ 3 එපිය ඉවර වෙලා අන්තිමේට ගියපු ඇඩ් එකෙන්. ඊලග දවසෙම ඩව්න්ලෝඩ් කරා, මොකද මේක මට සම්බන්ද විෂයක් නිසා. ඒ කිව්වේ මන් වැඩ කරන්නේ මේ වගේ න්‍යෂ්ඨික තාක්ෂණය සම්බන්දව ශ්‍රී ලංකාවේ කටයුතු කරන එක අයතනය වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ.. HBO එක මෙහෙම හරි මේ දේවල් මිනිස්සුන්ට කියන එක හොදයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සිරිස් එකකින් මිනිස්සුන්ට දෙන පණිවිඩය මොන විදියට වෙයිද කියන එකයි.. මේකෙන් ඇති කරන්න ඕනේ න්‍යෂ්ඨික තාක්ෂනයේ බිහිසුණුබව විතරක් නෙවෙයි, මෙහි තියෙන ප්‍රයෝජන , වටිනාකම් වගේ දේවල්.. එහෙම නැතුව මේක තවත් පැනික් එකක් ඇති කිරීමක්ම වුනොතින් එක ලොකු අපරාදයක් ඉතින්.. දැනටනම් මේ සිරිස් එකේ යන්නේ එහෙම තමා. මන් එපි 3 ක් බැලුවා දැනට.. කොහොම උනත් බොහොම ස්තුති සබ් එකට. ඉහත විස්තරයත් ගොඩක් ප්‍රයෝජනවත්. දන්නැති කෙනෙක්ට සබ විතරක් නොගෙන හොද දැනුමක් ඇතිව බලන්න දෙන එකට ගොඩක් ස්තුති.. ජය..!!
මුල් එපි ටික බැලුවට පස්සේ අයියගෙ ලිපිය එනකල් බලාගෙන හිටියේ. ඇත්තටම ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්තා. මේ වගේ වටිනා ටෙලි කතාවකට උපසිරසි කරනවාට වගේම මහන්සි වෙලා බරසාර ලිපියකින් අපේ දැනුම පුළුල් කරනවාට බොහොමත්ම ස්තූතියි!
Great..
Thank you
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. ජයවේවා….!
thanka
thnx bro..
හසන්ත අයියා. මේදා පාරනම් සුපිරිම කථාවකට සබ් දිලා.
අනිවා, මේ වගේ කතානම් අතරින්නේම නැතුව බලනවා. සිංහල සබ් එක්ක මෙවැනි කතාවක් බලන්න අවස්තාව උදාකරාට
ගොඩාක් ස්තුතියි..
wow elama machan
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .hasantha bro
HBO එක GOT එකේන් පස්සේ කට්ටියව තියාගන්න තව හොද සිරිස් දෙක තුනක් දෙනවා.
His Dark Materials,Watchmen මේවත් ආපුවාම උත්සාහයක් දාමු සහෝ.
උපසිරසියට ගොඩක් ස්තුතියි.
ජය වේවා !!!
Thanks saho
Thanks Bro
Thank you bro sub ekata
godak thankz sahodaraya.meweni tv sereis apata laba denawata..
මම දැක්කා මෙ කතාව HBO එකේ යනවා එත්කොට මටත් හිතුනා මේ කතාවට සබ් ලැබෙනවානම් හොඳයි කියලා. ඉතින් හසන්ත බොහෝම ස්තූතියි සබට වගේම අපූරු ලිපියට. ජයවේවා
godak sthuthi sahodaraya. Anith ekath ikmanatama daamu
Ambo Thanks Mekata sub dei kiyala hithuve ne eth deido kiyala balan hitiye thanks
kiyna hndm balnwa…..issarahtat me wge awa den thnkzzzz godak saho
download karan balan hitiya sub denakan thank u
කතාව කලින් අහල නොතිබ්බට ලිපිය කියෙවුවමනම් බලන්න ආස හිතුනා.තැන්ක් අයියේ
මේකත් නොබලන දෑස් මක්කටෙයි කියල තමා කියන්න තියෙන්නෙ.. නියම ලිපියක් අයියේ… ටෙරර් එකේ කැප්ටන් ලොක්ක දැක්ක විතරයි මම නම් ආයෙ සැකයක් නැතුව දැනගත්ත අනිවා ඉතිං සුපිරියක් තමයි කියල.. ❤❤❤ ජය වේවා..!
නියමයි සහෝ.බොහොම ස්තූතියි
niyamai.sub ekata wagema wistharayata
පට්ටම කතාවක් වගෙ….විස්තරෙ කියෙව්ව්ට පස්සෙ අනිවා බලන්ඩ හිතෙනවා…ස්තුතියි…
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
kiyanna deyak na supiri kathawak
Thank you for subtitles .hbo eken karana series patta eth got season 8 aul karagatha.
pattama aiiye
ඇත්තටම අපුරූ කතාමලාවකට තමයි මේ උපසිරැස රැගෙන ඇවිත් තියෙන්නෙ. එක කොටසක් බැලුව කියන්නෙ ආයෙ ඉතුරු ටිකත් බලන්න හිතෙනව. උපසිරැසයට තුති
me series eke sub denkan blan hiteye thank you sub ekatha keep it up