කලින් පළවූ ලිපිය: මේක මම බලපු ඉතාම සංවේදි කතාවක්.. වෙනස්ම විධියක කතා තේමාවක් රැගෙන ආපු ෆිල්ම් එකක්,එමෙන්ම ලොව හොදම චිත්‍රපට 250 අතර 192 වෙනි ස්ථානය හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටය සම්මාන රාශියකින් පිදුම් ලැබූවක්.. පසුබිම් වන වර්ෂය 2027. ඒ වෙද්දි අවසාන දරුවා ඉපදිලා අවුරුදු 18ක් ගත්වෙලා. දරුවන් නොපිළිසි…

කලින් පළවූ ලිපිය:
මේක මම බලපු ඉතාම සංවේදි කතාවක්.. වෙනස්ම විධියක කතා තේමාවක් රැගෙන ආපු ෆිල්ම් එකක්,එමෙන්ම ලොව හොදම චිත්‍රපට 250 අතර 192 වෙනි ස්ථානය හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටය සම්මාන රාශියකින් පිදුම් ලැබූවක්..
පසුබිම් වන වර්ෂය 2027. ඒ වෙද්දි අවසාන දරුවා ඉපදිලා අවුරුදු 18ක් ගත්වෙලා. දරුවන් නොපිළිසිඳ ගැනීම ගැන හේතුදක්වන්න විද්‍යාව අසමත් වෙලා. පසුබිම් වන රට එංගලන්තයයි. මුලු ලෝකෙම තියෙන රටවල් වල යුද්ධ ඇවිලිලා. එංගලන්තයට ඇතුලු වී සිටින සියලුම අනවසර සංක්‍රමනිකයන්ව පිටුවහල් කරමින් පවතින අතර සමහර පෙදෙස් වල ඔවුන් සමඟ යුද්ධ පවතිනවා.
මේ අතර රජයේ නිලධාරියෙක් වන තියෝ ෆරෝන් වර්තමානයේ විප්ලවකාරයෙක් වන තම හිටපු බිරිය සමඟ අනවසර සංක්‍රමනික කාන්තාවක් ව දේශසීමාවෙන් පිට කිරීමට තැත් කරනවා. පසුව දැන ගන්න ලැබෙන පරිදි ඇය අවුරුදු 18 කට පසුව ගැබ් ගත් ප්‍රථම කාන්තාවයි. ඒ වගේම ඔහුට
බෝහෝ කරදර වලට මුහුන පාන්නට සිදුවෙනවා.
බලන්න ඕනා නෑ කියලම හිතෙනවනම් මේකෙන් ඔයාලගෙ අදහස වෙනස් වේවි.
මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන් 3 ක් ඇතුලු තවත් සම්මාන 24 කට නිර්දේශ වී ඉන් 20ක්ම දිනා තිබෙනවා. IMDB රේටින්ග්ස් 8.1 / 10 ,සෙල්ලම් නෑ නෙ?
නිදහස් වෙලාවක බලන්න. ප්‍රබන්ධයකට වඩා වැඩි දෙයක් දකින්න ලැබේවි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
500 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2,744 downloadsDownload Children-of-Men-2006.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
75 comments
chamila
පොතේ ගුරා
@chamila! එහෙම නම් උඹට මේක අල්ලල යන එකක් නෑ මචෝ..නාට්යමය පැත්තට තමයි මේක බර!
Ps:- කලින් අරම කිව්වට ආයෙ බලාගෙන ගියාම හිතෙනව ඇක්ශන් වලිනුත් අඩුවක් නෑ නේද කියල..උඹටම තමයි තීරණය ක‍්රන්න වෙන්නෙ..හික්z..
සුභාෂ්
අනිවාර්යෙන් බාගෙන බලන්න ඕන මෙ ෆිල්ම් එකත් . . . විස්තරය කියවපු ගමන් තේරුනා නියම ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා . . ස්තූත්යි කිව්වා එහෙනම් . . .
සුභාෂ්
අහ් කියන්න අමතක උනා මේ මාසේ ඔයා ලිපි 40ක් දාලා . . . එළ එළ . . . උසස් රසවින්දන ඇතිකිරීමේ ව්‍යාපෘතියට ජයවේවා . . . !
පොතේ ගුරා
@සුභාෂ්!ඔව් ඔව්..අනිවා බලන්නකො..ඒක තමයි..ඔයාලගෙ උදව් නැත්නම් ඒක කෙරෙන්නෙ නෑ..මම තමයි ඔයාලට ස්තූති කරන්න ඕන.. :)
Dili | දිලින
මේක කම්මැලි චිත්‍රපටියක් කියන්න බෑ. Action චිත්‍රපටියක් කියන්න අමාරු වුනත් Thriller චිත්‍රපටියක් හැටියට නම් කියල වැඩක් නෑ, මම බලපු හොඳම චිත්‍රපටියක්.
රොයිලි
@ දිලින
ඇත්ත මේක කම්මැලි ෆිල්ම් එකක් නෙවෙයී. ඇත්තටම මමත් බලපු හොඳම ෆිල්ම් එකක්
Niroshinie
මම මේකෙ පොත කියවල තියෙන නිසා බලන්න ගොඩක් ආසයි. ලියල තියෙන්නෙ පී.ඩී ජේම්ස් කියන කතුවරිය. ඇය ගොඩක් ප්‍රසිද්ධ crime novels වලට. පොත් කියවන්න කැමති කට්ටියට හොයාගෙන කියවන්න වටින පොතක් :)
Kasun
මචං නියම එකක්.මම බැලුවේ ඒ දවස්වලමයි.මේකෙ මම දැකපු විශේෂම සීන් එක මේකේ සිංහලෙන් දෙබස් කීපයක් අහන්න තියනවා...උඹට ඒක අහු උනාද?
Don Herman
තත්පර ගානක සිංහල දෙබස් කීපයක් යනවා. මට හිතුනා මේක ලංකාවේ රූපගත කරපු කොටසක්දෝ කියලා.
piyumi
සිංහලෙන් විලාප දෙන නිළිය මෙයා.
https://uk.linkedin.com/in/nirmala-martis-0b62b277 .
තව සිංහල කෙනෙක් මේ film එකෙ වැඩ කරලා තියනවා Nihal Arthanayake කියල.
පසිඳු
මේක හුඟක් හොඳ ෆිල්ම් එකක්. හොඳ කතාවක් තියෙනවා. එක තැනක සිOහලෙන් කථා කරන scene එකකුත් තියෙනවා....
හොඳ වැඩක්, දිගටම කරගෙන යන්න සුබ පතනවා.ravinsp
මේක මම බලපු හොදම ෆිල්ම් වලින් එකක්. පුදුම natural විදියට තමයි ත්‍රාසය අපට විදින්න දෙන්නෙ.
පොතේ ගුරෝ. කට්ටිය බලල නැත්තම් The Shawshank Redemption ගැනත් එකක් දාපන්.
රොයිලි
පොතේ ගුරෝ දැන් ඉල්ලීම් 2ක්ම ආවා නේද ඔය ෆිල්ම් එකට. දැන්වත් දාපන්කො බං ඒක
Anonymous
ඉංග්‍රීසි උපසිරස මෙතනින් බාගන්න
http://www.subtitlesource.org/subs/7516/Children.Of.Men%5B2…
රොයිලි
සබැඳුම යාවත්කාලීන කර ඇත.
ebhathiya
ela !! :) :0
nishantha
Meke Podi sinhala Kallak thiyanawa neda
matath eka ahu una ela maxxa............nishantha
Nirmala Martis kiyana sinhala niliya thamai ehema sinhalena katha karana seen ekak thiyenne.
Nihal Kiyala kenekuth meke innawa....
Maxxa film eka meka.
Ramraj
පට්ට ෆිලම්ස් නේ දීලා තියෙන්නේ. මේවා මම බලලා නෑනේ හෙමීට බාගෙන බලන්න ඕන.
blackcorde
onna banawa,,,balamuko.....thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx..
ashan vimukthi
ෆිල්ම් එක නම් පහරක් වගේ..
ඔන්න බෑවෙන්න දැම්ම...
සබ් එක්කම් දුන්නනම් තමා හොද :)Ashan vimukthi
ෆිල්ම් එක නම් පහරක් වගේ..
ඔන්න බෑවෙන්න දැම්ම…
සබ් එක්කම් දුන්නනම් තමා හොද :k0243:Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)SaDuN dAnUsHkA (ධනූ)
මම හොය හොය හිටියේ මේක් උපසිරැසි
බොහොම ස්තුතියි.!ශාමල් මනෝජන්.
මේ ෆිල්ම් ඒකේ සිංහල සබ මුලින්ම ගත්තෙ මමයි ඔන්න. 2015 දී. සබට තෑන්ක්ස්.
thisal
තැන්ක්ස් සහො සබට
නලින් පෙරේරා
ස්තුතියි රොයිලි අයියා.. සිරාම කතාවක් වගේ..
ජය වේවා!
දමිත්
ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට..
ජයෙන් ජය..Sisira Hegoda
ස්තුතියි රොයිලි
sisiya
මේකේ නේද සිංහලෙන් කතා කරන කොටසකුත් තියෙන්නේ?
Mihan
ow sinhalen ganu kenek adana ekak tiyenawa.
nish
me web site ekata mama aluth.eke nisa me film9 eka balanna download kara ganna vidiya mata therenne naha.mama try kala eheth hari giye naha.kawru hari mata help karanavada?
රුවන් කාරියවසම්
ළමයි හදන seen එකක් නිසා කොහොමවත් බලන්නේ නෑ. මොකද මං ළමයි හදන්නේ නෑනේ. බුදු දහමට අනුව ඉපදීම දුකක්. නිවන කියන්නේ නූපදීම. නූපද්දවා හිටියනම් ඉපදීමක් නෑනේ.
Emi
Thank you so much
Jack
නියමයි රොයිලි සහෝ.
රොයිලි ඉතින් සබ් දෙන්නේ පට්ටම ඒවාට කියලා අපි දන්නවනේ.
බොහෝම ස්තුතියි සබ් එකට.Mihan
one of the best films i've ever seen, a great movie. thank you for the subb aiyya
Kulanjana Maduranga
niayamai…thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Tharindu
Thank you very much roily aiye
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Sanjaya
Thanks Saho...... balala wedi wisthara Kiyannamko.....
rejith
sub dena speed ekanam niyamai thanks.
“චූටී මල්ලි”
එල
සෙට් උනොත් බලන්නම්
සබට තුති
ඔබට ජය.........වරුණ රංගජිත් (වරූ)
සබට තුති රොයිලි අයියේ..
ජයම වේවා..Amila Sandy
Pattai ehh.. thnxxxxxx
Don Herman
කලින් බලලා තිබුනත්, නැවත සිංහල සබ් එක්ක ආයේ බැලුවා. හොඳ නිර්මාණයක්. ස්තුතියි සබ් දුන්නාට. මේකේ අවසන් හරියේ, තමන්ගේ මැරුණු පුතාව බදාගෙන, අම්මා කෙනෙක් සිංහලෙන් විලාප තියනවා.
prabhath
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Rajith360
sub ekata thnx mchn,,,,,
wiki
Thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nidi
ela kiri kiri supiri kiri! eka nayata gaththe Puja Umashankergen. film eka niyamai. mata hithenne nadi wetena onema kenekuta kammeli nethiwa balanna puluwan. baya nethiwa bagena balanna. thanks Royli! thawa me wage honda films denna.
kavi
you are the best ...tnxx
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

මචං මේක කම්මැලි හිතෙන කථාවක්ද...? ඇක්ෂන් නැද්ද... ස්ටොරි ඒවා නම් මට අල්ලන්නේ නැහැ... උඹ කියන එක අනුව තමයි මේක බානවද නැද්ද කියලා තීරණය කරන්නේ...