සුභ දවසක් හැමෝටම! ඔන්න හැමෝම කාලයක් තිස්සේ බලාගෙන හිටපු, අපේ ළමා කාලයේ අපි බළලා රස විඳපු, හුඟ දෙනෙක් සිංහල උපසිරැසි ඉල්ලපු, ලස්සනම ලස්සන ඒ රසවත් කතා මාලාව අරගෙන ආවා. ඔයාලගේ මේ කතා මාලාවත් එක්ක පුංචි කාලයේ තිබුන සුන්දර මතකයන් ගැන පහළින් අදහස් දක්වයි කියලා මම හිතනවා. මේක මගේ පළවෙනි රූපවාහිනි කතා මාල…

සුභ දවසක් හැමෝටම! ඔන්න හැමෝම කාලයක් තිස්සේ බලාගෙන හිටපු, අපේ ළමා කාලයේ අපි බළලා රස විඳපු, හුඟ දෙනෙක් සිංහල උපසිරැසි ඉල්ලපු, ලස්සනම ලස්සන ඒ රසවත් කතා මාලාව අරගෙන ආවා. ඔයාලගේ මේ කතා මාලාවත් එක්ක පුංචි කාලයේ තිබුන සුන්දර මතකයන් ගැන පහළින් අදහස් දක්වයි කියලා මම හිතනවා. මේක මගේ පළවෙනි රූපවාහිනි කතා මාලාව, උපසිරැසි කරපු. දෙන පළවෙනිම එක හුඟක් මහන්සි වෙලා තමයි මම කරේ. මේකට ඉංග්‍රීසි උපසිරැසියක් මේ වෙනකන් කවුරුත් නිර්මාණය කරලා නෑ. මේකේ සමහර තැන් වල තේරුම් ගන්න අපහසු හරියට ඇහෙන්නේ නැති වචන තිබුනා. ඒවට හොඳින් දෙතුන් පාර ඇහුම්කන් දීලා තමයි මම මේකට උපසිරැසි යෙදුවේ. වැඩේ නම් ගොඩක් අමාරු වුනා. කාලය නම් හුඟක් වැය වුනේ කාලරාමු හදන්න. මේකේ සමහර කොටස් මැද කර කර ඉන්නකොට ගෙදර කරන්ට් එක හිටං ගියපු වෙලාවල් තිබුනා. අපෝ ඒ වෙලාවට නම් මට එපා වුනා !! ඒ වුනත් ඉතින් මහන්සිය බලන්නේ නැතුව වැඩේ අවුල් වුන තැන ඉඳන් ආපහු කරන්න පටන් ගත්තා. මොකද මගේ ලැප්ටොප් පරිගණකයේ බැටරි එක සවුත්තු වෙලා තියෙන්නේ. ඒක ගලවලා තමයි පාවිච්චි කරන්නේ.
මම මේ කතා මාලාව කරන්න භාර ගත්තේ 2017/4/20 වෙනිදා. අසංක ප්‍රදීප් රණතුංග කියලා සහෝදරයෙක් තමයි මම මේක කරන්නද කියලා ඇහුවම ”කරලා එවන්න” කියලා මට මේක දුන්නේ. ඉතින් මෙච්චර අවුරුදු ගාණක් මෙයාට මේකට උපසිරැසි කරන්න ගියේ ඇයි කියලා සමහරුන්ට හිතෙනවා ඇති. කාලරාමු නිර්මාණය කරන එක අපි පැත්තකින් තියමුකෝ. මේක අමාරුම වුනේ මොකද වචන වලට හරියට ඇහුම්කම් දෙන එක. යන සමහර වචන පැහැදිලි මදයි, ඒ හුඟක් වේගයෙන් කියන වචන. ඉතින් ඒවා වෙනම කපලා කොටලා නොයෙක් මෘදුකාංග වලට දාලා Tempo Slow කරලා දෙතුන් වතාව අහලා තමයි සමහර වචන මට ගළප ගන්න වුනේ. මේකට ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනා නම් මේක මෙච්චර කොහෙත්ම අමාරු වෙන්නේ නෑ, මේකට ඉංග්‍රීසි උපසිරැසියක් තියා කාලරාමු පිටපතක්වත් කොහෙවත් කවුරුත් කරලා දාලාත් නෑ. මේ නිසා හුඟක්ම මහන්සි වෙලා කැපවීමෙන් මේකේ අංක දත්ත පිටපත නිර්මාණ කරනයේ ඉඳන් හැමදේම කරේ මමයි. උපසිරැසියක් නිර්මාණය කරනවා නම් මට ඕනේ එක 100% දෙන්න. මෙතෙක් මම බයිස්කෝප් එකට දීපු චිත්‍රපටි වලට කවුරුත්ම මගේ වැරැද්දක් කියලා නෑ. සමහර අදහස් දාලා තියනවා දකිනවා ”නියම සබ් එක” කියලා. ඉතින් එහෙම අදහස් දකිනකොට ලොකු සතුටක් ඇති වෙන්නේ. මෙහෙම මහන්සියෙන් අපි වැඩක් කරාට පස්සේ මිනිස්සු එයාලගේ ප්‍රතිචාර දක්වනකොට. කොහොමහරි මම මේකේ සම්පූර්ණ වැඩකටයුතු කරලා අවසන් කරා 2018 මැයි මාසේ 30 වෙනිදා. ඒ Season 2 අන්තිම Episode එක. ඔයාලට දැකබලා ගන්න පුළුවන් මේකේ හැම උපසිරැසියකම මම අන්තිමට දිනයක් දාලා තියනවා. ඒ තමයි මම ඒ කොටසේ සියලුම වැඩකටයුතු කරන්න පටන් ගත්ත දිනේ නැත්තම් වැඩකටයුතු අවසන් කරපු දිනේ. එතකොට මාස ගාණක් මෙයා මේක දෙන්නේ නැතුව මොකද කරේ කියලා සමහරුන්ට හිතෙනවා ඇති. ඒ මොකද බයිස්කෝප් අඩවියේ නීති අනූව අපි මේ හැම එකකටම ලිපි ලියන්න ඕනේ. ඉතින් ලියන ලිපියත් වචනෙන් දෙකෙන් ලියලා ඉවරයක් කරන්න බෑනේ. ගන්න එන පුද්ගලයටත් ආසාවක් ඇති වෙන විදියට ලිපියක් තියෙන්න ඕනේ. සමහරු ලිපි කියවලා බළලා තමයි අපිව විශ්වාස කරලා GB ගාණක් ඩවුන්ලෝඩ් කරගෙන අදාල චිත්‍රපටිය හෝ කතා මාලාව බලන්නේ. අන්න ඒ නිසයි ලිපියක් හුඟක් වැදගත් වෙන්නේ. ලිපියක් ලියන එක වෙලාවකට උපසිරැසියක් කරනවට වඩා අමාරු වැඩක්. මෙහෙම ගොඩක් දෙනෙක් කියනවා මම දැකලා තියනවා.
හරි, ඔයාලා කවුරුත් දන්නවනේ Crash Zone කියනකොට…
ඉස්සර අපි පොඩි කාලේ හරිම ආසාවෙන් බලපු රූපවාහිනි කතා මාලාවක්. මට නම් මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඉස්සර මම ඉස්කෝලේ ඇරිලා දුවගෙන එනවා මේක බලන්න. ඒ කාලේ මට මතක විදියට මේක රූපවාහිනියේ ගියේ හවස 3:00ට – 4:00ට වගේ වෙලාවල් වලට. ඒ කාලේ නම් මේක නිතර නිතර ජාතික රූපවාහිනියේ විකාශය කරා. පරිගණක වගේ දේවල් ගැන ඇත්තටම මට ලොකු ආසාවක් උනන්දුවක් ඇති වුනෙත් මේක බළලා. මේක ඉතින් යන වෙලාවට මම TV එක ගාවින් හෙල්ලෙන්නෙවත් නෑ. ඒ තරමටම මම මේ කතා මාලාවට ආසයි. ඉස්සර පොඩි දවස් වල අපි හැමෝටම වගේ තියනවනේ ගේම් පිස්සුවක්… ඒකත් එක හේතුවක් වුනා මම මේක බලන්න. ඉතින් මේ Series එක මට ආයෙම වතාවක් බලන්න ආස හිතුනා. ඒ නිසා තිබුන හැම Torrent Site එකකටම වගේ ගිහින් බැලුවා මේකට හොඳ Seed තියන Torrent එකක් තියනවද කියලා. හැබැයි එකක්වත් හම්බවුනේ නෑ. මේකේ Torrent තියනවා හැබැයි පොඩ්ඩක්වත් Seed නෑ. ඒවා Download වෙන්නෙම නෑ. පස්සේ මම වැඩේ අත ඇරලා නිකන් ඉන්නකොට මං දැක්කා මේකේ සම්පූර්ණ Series එක YouTube එකේ තියනවා. 720p ඉහලම ගුණාත්මක තත්වයෙන්. ඊට පස්සේ මම මේක YouTube එකෙන් අරගත්තා. ඇත්තටම කියනවා නම් මේ Series එක 1999 වුනත් දර්ශන ගුණාත්මක තත්වයෙන් ඉහලින්ම තියනවා. මේක ඔයාලා YouTube එකෙන් ගන්න. මොකද මේකට තියන Torrent හරිම සවුත්තුයි. අනික YouTube එකෙන් ටක් ගාලා අරගන්නත් පුළුවන්. ඔය Seed කතන්දර මුකුත් නෑ, තියන පිටපතත් හුඟක්ම හොඳයි. Australian Children’s Television Foundation ලගේ You Tube Channel එකෙන් තමයි මේකේ අංග සම්පූර්ණ කතා මාලා දෙකම You Tube එකට Upload කරලා තියෙන්නේ. එයාලා ළඟ තියන නවීන පිටපත තමයි ඒ දීලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේකට කාලරාමු හැදුවේ YouTube එකෙන් ඒ ගත්ත පිටපතට හරියන්නයි. මේකට තියන Torrent මට ශුවර් නෑ, ඒවාට හරියට උපසිරැසි වැඩ කරයිද කියලා. ඒ නිසා ආයේ කියනවා මේක YouTube එකෙන්ම අරගන්න. මේකේ කතා මාලා දෙකම අරගන්න ඔයාලට GB 7.89 වගේ යයි. ගත්තට නම් කිසිම පාඩුවක් නෑ. ඒ තරම් ලස්සනයි මේ කතා මාලාව. ඒක දන්නෝ දනිති. අද ඉන්න ගොඩක් පොඩි අයට ඉස්සර අපි බැලුවා වගේ ලස්සන කතා මාලා බලන්න වාසනාවක් නෑ. මොකද දැන් ඒවා රූපවාහිනියේ විකාශය කරන්නේ නෑ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් ටක් ගාලා YouTube එකට ගිහින් සේරම ටික බාගෙන උපසිරැසිත් එක්ක ඒ අත්දැකීම විඳපු නැති අයට ඒ අත්දැකීම විඳින්න.
හරි, දැන් මම ඔයාලට මේ කතා මාලාව ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.
Crash Zone 1999 පෙබරවාරි 13 වෙනිදා තමයි ප්‍රථම වරට රූපවාහිනියේ විකාශය වෙලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ Australian Children’s Television Foundation කියලා ඔස්ට්‍රේලියාවේ තියන විශාල ළමා පදනමකින්. ඒ වගේම මේ වැඩේට Disnep Channel එකත් තම දායකත්වය ලබා දී තිබෙනවා. IMDB අගය ගැන බැලුවොත් මේක 7.7/10 වගේ විශාල අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ”වර්ජල්” කියන කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන (Artificia Intelligence Program). මිනිහගේ සම්පූර්ණ නම – Virgil Reality. ඇත්තටම මේ චරිතය ගැන ඔයාලට කියනවා නම්, මළම විකාරයක්, පිස්සු වැඩම තමයි කරන්නේ. මෙයා වැඩසටහනක් වුනාට මෙයාට පුළුවන් ඇත්තම මනුස්සයෙක්ට වගේ හිතන්න. දුක/ වේදනවා/ ආදරය/ හැඟීම් හැමදේම වගේ දැනෙනවා. මේ වර්ජල් ඉන්නේ කැට්ලස්ට් කියලා මෘදුකාංග සමාගමක තියන පරිගණකයක. හැබැයි මේ සමාගමේ ඉන්න කවුරුත් දන්නේ නෑ මෙහෙම වැඩසටහනක් තියනවා කියලා. මේ කැට්ලස්ට් සමාගමේ අයිතිකාරිය වන ඇලෙක්සැන්ඩර් ඩේවිස්ට උවමනා කරනවා එයාගේ සමාගමේ හදන අලුත්ම පරිගණක ක්‍රීඩා වෙළෙඳපොළට දාන්න කලින් ඒවා අත්හදා බලන්න දක්ෂ/ බුද්ධිමත් ළමයි වගයක්. ඒකට මෙයා අන්තර්ජාලය උපයෝගී කරගෙන රහසිගත කේතයක් යවනවා පාසල් වයසේ ඉන්න ළමයින්ගේ පරිගණක වලට. මේ කේතය ඇතුලේ පණිවිඩයක් තියනවා. ඒක බලන්න නම් කේතය බිඳින්න ඕනේ. කේතය බිඳලා දාන්න සමත් වෙන අය පරික්ෂණය සමත් වෙනවා. මේ කේතය බිඳින්න සමත් වෙනවා පායි, බෙක්, මචලෝ, මයික්, රැම් කියලා ළමයි 5 දෙනෙක්. මේ 5 දෙනාට තමයි මුලින්ම වර්ජල්ව හම්බවෙන්න කැට්ලස්ට් එක ඇතුලෙදි. මේ වර්ජල්ට වර්ජල් කියලා නම දාන්නෙත් මෙයාලගෙන් කෙනෙක්. මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනට මතක නෑ එයාගේ නම, එයා කවුද කියන මුකුත්. ඉතින් තමන් කවුද කියලා හොයා ගන්න මේ ළමයි 5 දෙනා කතා මාලාව ආරම්භයේ ඉඳන්ම වර්ජල්ට උදව් කරනවා. මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන කවුද හැදුවේ කියන එක ඔයාලට තවත් ඉස්සරහට දැනගන්න පුළුවන්.
මේක තාම බලපු නැති අපේ අවාසනාවන්ත පොඩි උදවිය එහෙම ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න, ලස්සන TV Series එකක්, මඟ ඇරගන්න නම් එපා. පරිගණක ක්‍රීඩා ගැන පිස්සුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයත්… එහෙනම් ඔයා මේක අනිවාර්යෙන්ම බලන්න ඕනේ. අපේ පුංචි ළමා කාලයේ ඒ සුන්දර මතකයන් නැවත ලබාගන්න ඉස්සර මේක බලපු අයත් අනිවර්යෙන්ම මේක ආපහු බලයි කියලා මම විශ්වාස කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Youtube පිටපත් සඳහා අදාළ වේ.
2,666 downloadsDownload Crash.Zone_.S10.E01.Baiscopelk.com_.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
UD Shehan
Subtitles
66 comments
යුරාන් ධනුක
geeganagamage
ඔයා වගේම තමයි මමත් මේක පොඩි කාලේ පිස්සුවෙන් වගේ බලපු ගොඩාක් ලස්සන ට්වි සිරියස් එකක් . ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
push0012
Ammo pattai aaa. thank youuuu... menna mn download karanna patan gaththooooo
Mayura
බොහොම ස්තුතියි සහෝ. සාමාන්‍ය උපසිරසියකට වඩා දෙතුන් ගුණයක් මහන්සි වෙලා කියලා පේනවා. ඒකට බොහොමත්ම පින්.
ඒ කාලේ පිස්සුවෙන් බලපු එකක් තමා. හැමදාම ළඟ තියාගන්න වටිනා සීරිස් එකක්. ගමු එහෙනම්. ජය වේවා..Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Dads
supiri macho supiri... mama asama kathaawak.digatama deepan kollo...jaya
Sulakshana Thilakarathna
මහන්සිය හදවතින්ම අගය කරනවා සහෝ!! ඔබට ජය වේවා!!
tharindux265
ela kolla. digatama ona. jaya wewa. thanks
Chalana
elama mchn.asama tv series ekak.thanks wewa bro
Helili Hemamali
ඔයගොල්ලො වගේ කැපවීමෙන්, ගුණාත්මක උපසිරැසි ගෙන එන උපසිරැසිකරුවෝ දැක්කම හරිම සතුටුයි. බොහොම ස්තූතියි සහෝ, ඉඩකඩ තියෙන විදියට තවත් නිර්මාණයකින් හමුවෙමු.
TharakaWAS
Ammooo...e kale pissuwen wage balapu katawak...
ayemat balnna labena eka gna nm itin kiynna wachana na...
niyamai saho....
thanks...lot....
ikmanatama okkama denna....
Jaya wewaa.......!!!!!!!!!!Aruna52
Niyama wadak.supiri.meke subtitle kawadahari dei kiyala balagena hitiye.puluwan nm me wagema The Legend of William Tell, the girl from tomorrow, Space Cases wage tv series walatath sub denna.thak you very much....
denidu
වැඩේ නම් නියමයි.මේක ආසම කතාවක් අදම Download කරනවා.මේ වගේ පරණ කතා වලට සබ් දෙන්න.(X Files එකත් පුලුවන්නම් දෙන්න).ස්තූතිය මේ වගේ මහන්සි වෙලා සබ් දෙනවට.
Indika Priyashantha
එළ වැඩක් මචං, බොහොම ස්තුතියි......!!!!
Kulanjana Maduranga
good work bro...issara asawen balapu drama ekak...subta thanks.....keep it up...
Panther
Niyama wadak saho thnz sub akta
Kanchana
බොහෝම හොද වැඩක් සහෝ...අපේ ලමා කලේ මතක් උනා.
AsithaDilruwan
Ela saho thanks
patta a oyage lokuuu mahansiya ta milak naOshankaNW
නියම වැඩක් සහෝ .......ලොකු කැපවීමක් කරල තියෙන්නෙ .......
ජයවේවා ......kuma2lasa
niyamayi saho thanks
Chanu mikhail
මේක කතාව කලින් බාගත්තා ,මොකද මත් මේක පිස්සුවෙන් වගේ බලපු නිසා ,දැන් ආයි බලනවා ;) ,ගොඩක් මහන්සි වෙලා මේවගේ ලස්සන නිර්මාණ ගෙනවට බොහොම ස්තුතියි., ජය ...!!!
gihan123
Ube mahansiyata sirawatama godak pin mcn...me series aka tharan asawen balapu thawath kisima kathawak ne mcn. pattama thankxx!!!
Niroshan Madee
උබනම් පට්ට පොරක් මචන්..තෑන්ක්ස් මහන්සි වෙලා අපිට මේ සබ් දුන්නට..ආදරෙයි හැමදාම...
Sherlock holmes
ලොවෙත් නෑ අද ඊයෙ වගේ මතකයි :-)
වෙලාවක් තිබුනොත් අනිව බලනව බ්‍රෝ
ඒ කාලෙ වගේ ෆ්‍රී එකේ බලන්න තිබුනනම් කියල හිතෙනව :-(
ජය වේවා.. :-) :-)Thilina Lakmal
thanks saho...podi kale lpu fattama series ekak..okkotma sub eka dila dpn mchn :D
Prabhasoft
Thnaks Bro Lassana kathawak wage ...gd lk Jayawewa....!!!!
harshajayakody
digatama dapan macho apith balanawa
Lahiru Dayan
ගොඩක් ස්තුතියි මචං. පොඩි කාලේ මාරම අසාවෙන් බලපු TV Series එකක්. දිගටම සබ් දෙන්න. පුලුවන්නම් The Girl from Tomorrow එකෙත් සිංහල සබ් එක දෙන්න. සුබ පැතුම්. ජය වේවා.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයබොබී
අපොයි, මමත් ඔය උපසිරැසි අළුතින්ම හදන වැඩේ නම් කරලා තියෙනවා. ඒක එපා වෙලා නවත්තලා දාලත් තියෙනවා. සමහර පරණ කතාවල උපසිරැසි නැති නිසයි මාත් ඒවට සබ් හදන්නේ නැත්තේ. නැත්නම් zack files එකට එහෙම මාත් කැමතියි. ඒවගේ Australian කතාවල වීඩියෝ පිටපතක්වත් හොයාගන්න නෑ ඉන්ටර්නෙට් එකේ. ඉතින් මේකට වෙලා තියෙන මහන්සිය මට තේරෙනවා. ඔච්චර පොඩි කාලෙකින් මේක ඉවර කරන්න ලැබිලා තියෙන්නේ ඔයාගෙම උනන්දුව නිසා.
සහෝ, සමහර කතා Youtube එකේ දාලා තියෙනවා. මම දන්නේ නෑ මේ කතාව එහෙම තියෙනවද කියලා. ඒ සමහර පිටපත්වල Auto එන ඉංග්‍රීසි උපසිරැසි තියෙනවා. ඒවගේ ඒවා online youtube subtitle download කරන සයිට් එකකට දාලා, ඉංග්‍රීසි උපසිරැසිය ගන්න පුළුවන්. එතකොට වැඩේ ටිකක් විතර ලේසිවෙයි. ඒත් මේ කතාව නම් Youtube නැතුව ඇති. මේ කතාව දැනටමත් ඔයා හදලා ඇතිනේ. ඔයාගේ අනාගත වැඩවලට සමහරවිට මගේ කමෙන්ටුව උදව්වක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ඔයා උත්සාහවන්ත උපසිරැසිකරුවෙක්. දිගටම කරගෙන යන්න.
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො ලිපියත් මරු..පොඩි කලෙ මාරම ආසාවෙන් බලපු කතාවක් මේකට සබ් දෙනවට ඔයාටත් බයිස්කෝප් අඩවියටත් බොහොම පිං..පුලුවන්නම් මෙ වගෙ පොඩි කලෙ ගියපු තව කතාවලට සබ් දෙන්න..The Lost World,Xena,Chuck,Relic Hunter,Charmed,Round The Twist,Beast Master,Sheena,Hercules,A Tles of the South Seas,Viper,Walker Texas Ranger,The Incredible Hulk,තව බර ලිස්ට් එකක් තියනවා කාටුන් සෙට් එකත් එක්ක ඒවත් සබ් එක්ක බලන්න තිබ්බනම් පට්ට..
Thilina Jayarathna
yako uba deiyek neme devalayak thq macahan digatama dipan magain navatanna epa . .Ocean Girl eketh navattuva bn ekevth denne na nh dan eka .tava Sleepy Hallow tv series eketh magin navattuva .
SRI
ආසම කතාවක්... හොදට මතකයි ඒ දවස් වල ස්කූල් ඇරිලා ගෙදර එන වෙලාවටම ඕක සෙට් වෙනව... ඉතින් බත් එකකුත් බෙදාගෙන එහෙම කකුල් දෙකත් උඩ තියාගෙන බැලුව... ස්තූතියි මචෝ මෙහෙම එකකට සබ් එක කලාට... ඉක්මනට ඔක්කොම දෙන්න... ආසාවෙන් ඔක්කොම එක හුස්මට බලන්න....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. මමනම් මේක බලල තියේද නැද්ද කියලා ලොකු මතකයක් නෑ. ඒ කාලේ ඉතිං ඉංග්‍රීසි නමක් කියවගන්නවත් බෑනේ හරියට..කොහොම උනත් මේකනම් අනිවාර්යයෙන් බලනවා. මොකද කියලා තියෙනවා වගේම ඒ කාලේ කතා ගොඩක් ලස්සනයි. පිස්සුවෙන් වගේ බලපු රොබින්සන් අන්දර,සක්වල දනව්ව වගේ අදටත් මතකයි. උන මහන්සියට බොහොම පිං සහෝ..බුදුසරණයි..ජයවේවා!
nishannw
බොහොම ස්තූතියි සහෝ.ආයෙත් අපේ පුංචි කාලෙට ගියා වගේ...අම්මෝ ඉස්සර මාත් tv එක ගාවින් හෙල්ලෙන්නේ නැ....පිස්සු හැදෙයි එහෙනම් ආයෙත් බලනවා පරිගණකදගයෝ...ගොඩක් ස්තූතියි සහෝ......(පුලුවන්නම් ජාතික එකේ ගිය "ට්විස්ට් පවුලේ අපූරු චාරිකා" සීරියස් එකටත් සබ් දෙන්න.)ජය වෙවා
isharaalexsander
sasala
thanks
Shan
බොහොම ස්තූතියි ශෙහාන් සහෝ සිංහල උපසිරැසියට.. ;)
ඇත්තටම බයිස්කෝප් පවුලේ මේවගේ උපසිරැසිකරුවන් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි. ❤❤
නිකමට බලන්න, පහලින් දාල තියෙන comments වලත් ඒ බව හොඳින්ම පේනවා නේද??
ශෙහාන් සහෝ youtube වල subtitles auto generate වන option එකක් තියෙනවා. පහල යාලුවෙක් බොහොම අපූරුවට මේ ගැන විස්තර කරලා තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් බලන්න.
දිගටම sub කරන්න හදවතින්ම සුභපතනවා.
ජයවේවා!UD Shehan
ඔව්, ඒ Option එක ගැන මම දැනුවත්. ඒ වුනාට ඒ Option එකෙන් ගන්න පුළුවන් 5% වගේ පුංචි සහයෝගයක්. ලැබෙන කාලරාමු පිටපත නම් කොහෙත්ම ප්‍රයෝජනයට ගන්න බෑ, කාලයන් නිසි ආකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ශබ්දය අනූව උපසිරැසියේ වචන අක්ෂර නිසි ආකාරව සටහන් වීමෙත් විශාල දුර්වලතා අඩුපාඩු හුඟක් ඒ ක්‍රමේ තියනවා. නමුත් මාව දැනුවත් කරාට ඔයාලාට හුඟක් ස්තූතියි. හැමෝගෙම Comments මම දැක්කා. දාන හැම Comments එකම මම බලනවා. ආයේ දෙයක් කරන්න හිත දෙන්නෙත් ඔයාලගේ මේ Comments දැක්කමයි.
Nuwan Mihiraj
අම්මෝ මේක මම පොඩි කාලේ මාරම ආසාවෙන් බලපු ටීවී සීරිස් එකක්.ගොඩාක් පින් මේක මෙහෙම දෙනවට.
දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ඔබට ශක්තිය ලැබේවාthanujamilandi
Thank you sub ekataaa godak.. podi kale asawen balapu katahwak meka.. Godak thanx oyage mahansiyataa.. idiriyatath sub demu.. BS!!!!
Navodani Thilini Sasanika
උපසිරසියට පුළුවන් තරම් මහන්සි වෙලා තියෙනවා.. උපසිරසියක් නැතුව ලයින් හදාගෙන වෙච්ච මේ මහන්සිය කියලා නිම කරන්න බෑ, ඒ තරම් වටිනවා. බොහොම ස්තූතියි මේක කලාට සහෝ
කෞශල්‍ය දුෂ්‍යාන්
අපිට හිතාගන්න පුලුවං ලොකු පුතේ උඹ විදලා තියෙන දුක.මේවා ඉතිං 90 දශකේ වුන්ට මසුරං.අායේ හෝදන්න දෙයක් නෑ මේවා සුපිරිම කතා.මාත් ටික දාලෙකට කලිං පොඩි ට්‍රයි එකක් දැම්මා ටොරන්ට් එකක් හොයාගන්න.මොන එ්වා බාන්න දානවට වඩා හොදයි හිල් වෙච්ච කලේකින් වතුර අදිනවා. :-P එහෙනං සබට බොහොම තුති.සදා ජය. ජාතික එකේ ගිය ශීනා සීසන් එකත් පුලුවං විදියට කරපංකෝ බං.එ්ක මරු කතාව. එහෙනං අායේ කිවුවා.සදා ජය. :-) :-)
TRD
පිස්සු හැදෙනවා මේ ලිපිය කියෙව්වම.ඔබේ මහන්සිය අපතේ යන්නේ නෑ...ඔබට ජයවේවා....!!!
geeganagamage
හැකිනම් හලක් ට්වි සීරියස් එකටත් සබ් කරන්න .
Udara Damith Dissanayaka
එල
නියමයි
මරුomendravisanka
NIYAMAI BRO
ErandaUpamal
Thank you bro. Good Job
Lasantharathnasirirox
ඇත්තටම මේ කරපු වැඩේට ගොඩාක් ස්තුතියි සහෝ.......
අවංකවම පුංචිකාලෙට යන්න ආසයි...ඒත් යන්න තියන එකම විදිහ තමයි මේ වගේ සුන්දර කතාවක් බලන එක....TnX saHo......wathsalawickramasinghe
Thank you very much
Nadeesha rox alahakoon
Tnx bro mekata sub karanawata. Math meka podi kaledi balala thiyei. Aye kiyanana deyaka na ftma tv series akak aye aka kotasak naluwoth okkoma balala thama nawathinne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.... :D