කලින් ලිපිය ලියපු ” උදා ” සොහොයුරා බයිස්කෝප් එක ගැන පැහැදිලි කරල තියනව තව පොඩි දේවල් ටිකක් කියනවනම් මානසික රෝගීයෙක් තනිකිරීම හරිම අවදානම් වැඩක්. එසේම මානසික රෝගීයෙක් තමන්ගෙ මොලේ ඇතිවෙවන හැඟීම් සහ එයාට ඇත්ත කියල පේන දේවලින් විඳින වේදනාව මොන වගේද කියල නරඹන අයට හොඳින් විඳිගන්න පුලුවන්. තවත් මගේ සිත්ගත…

කලින් ලිපිය ලියපු ” උදා ” සොහොයුරා බයිස්කෝප් එක ගැන පැහැදිලි කරල තියනව තව පොඩි දේවල් ටිකක් කියනවනම් මානසික රෝගීයෙක් තනිකිරීම හරිම අවදානම් වැඩක්. එසේම මානසික රෝගීයෙක් තමන්ගෙ මොලේ ඇතිවෙවන හැඟීම් සහ එයාට ඇත්ත කියල පේන දේවලින් විඳින වේදනාව මොන වගේද කියල නරඹන අයට හොඳින් විඳිගන්න පුලුවන්. තවත් මගේ සිත්ගත් දෙයක් තමයි හොල්මන්,අවතාර වගේදේවල් එක්කො මනෝ භ්රාන්ති නැත්නම් අවට පරිසරයෙ සිදුවීම් වැරදියට වටහා ගැනීම නිසා මනසේ මැවෙන දේවල් මිසක් සත්‍ය දේවල් නොවන බවට පැහැදිලිවම දක්වා තිබීම කියන එක.මගේ අදහස නම් හොල්මන් චිත්‍රපටි බලන්න භය කියන රසය අත් දකන්න ඒත් ඒව තමාට අදාල කරගන්න එපා කියන එකයි ඒ කියුවෙ අවතාර තමාට වහලද ගෙදරට වින කටිනවද වගේ කිසිම හරයක් නැති වැඩ කරන්න එපා කියල. එවයින් වෙන්නෙ තමාම හොල්මන් වෙන එක. බලලම තීරණන කරන්න කොහොමද කියල.
මං ගැනත් කියන්න කැමතයි මම ආබාදිත කෙනෙක් මෙන්න විකිපීඩියාවෙන් විස්තර රෝග විස්තරේ මට යම්කිසි උපකාරයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවම් ඊමේල් කරන්න [email protected] මාව මිතුරු කර ගන්න නම් FB එන්න එහෙනම් අයුබෝවන් කියුව…!
මීට පෙර පළකල ලිපිය.
ඔන්න තවත් අමුතු කතාවක් තමා මේ දෙන්න යන්නේ. මේකේ තියෙන කතාවත් ටිකක් Identity එකේ වගේ. එහෙම කිව්වට ඒ වගේ නෙමෙයිත් වගේ. ඒ වගේ කිව්වෙ කතා දෙකම පැටලිලි සහගත මොළේට දසවද දීගෙන විසඳාගන්න වෙන විදිහේ ගැටළුවක් ඉතිරි කරගෙන නිමාවට පත්වෙන කතා දෙකක් නිසා. අනික මූලික කතා රටාව එක වගේ, බලන කෙනාව වල්මත් කරලා; යන අතරමග පටළවලා; මොළේ විකාර කරලා දාන විදිහේ කතාවක් තමා මේකත්.
හරි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අකාලයේ මිය ගිය තුරුණු නිළියක්. ඇය තමා Brittany Murphy. ඉතිං ඇයගේ තවත් රංගනයක් දැක බලාගන්න කැමති අය මේකට කැමති වෙයි. මේකේ කතාව ගෙතෙන්නේ ලේඛිකාවක් වටා. ඇය කිසියම් හේතුවක් මත දැඩි මානසික පීඩාවකට පත් වීම නිසාවෙන් ගොදුරු වූ මානසික රෝගයෙන් යන්තම් සුවය ලැබුවා පමණයි. තවමත් ඇගේ ස්නායු නිසි ලෙස වැඩ කරන්නේ නැහැ. තවමත් ඇගේ මනස නිරාකූල වී නැහැ. ඒ වුණත් ඇය විසින් සම්පූර්ණ කළ යුතු කාර්යයක් තිබෙනවා. මෙය ඉටු කර ගැනීම ඇගේ වෘත්තීය සාර්ථකත්වයට ඉතාමත් අවශ්‍ය වන්නක් නිසා ඇය යනවා පැරණි නිවසකට, විවේකයක් ලබා ගනිමින් නිසි සුවය ලබනා අතරතුරේම තම අභිප්‍රාය සපුරා ගන්නා අදහසින්. ඇය තවමත් කම්පනයෙන් මිදී නැති නිසා ඇගේ ළඟම යෙහෙළිය වගේම උපස්ථායිකාව ලෙස කටයුතු කරන කෙනා තමා ඇයව එක්කගෙන යන්නේ. ඒ වුණත් පසුව ඇය ආපසු යන්නේ තනිවම කටයුතු කරගෙන යන ගමන් හිත හදාගන්න තමන්ගේ යෙහෙළියට ඉඩක් ලබා දෙන අරමුණින්.
නමුත් මින් පස්සේ වෙන දේවල් නිසා අපේ කථානායිකාව සුවය ලබනවා වෙනුවට පත්වන්නේ වියවුලෙන් වියවුලට. මින් අනතුරුව සිදුවන්නේ ඇගේ කම්පන තත්ත්වය තව තවත් තීව්ර කරවන අත්දැකීම් සමූහයකට තනිවම මුහුණ දෙන්නට ඇයට සිදුවීම. යෙහෙළිය මේ සියල්ල ඇය සිතින් මවාගත් දේවල් බව විශ්වාස කළත්, පෙනෙන හැටියට එය එහෙම නොවෙයි. නමුත් ඇය තම මිතුරියට කියන කතාව; එනම් ඇය අනාවරණය කරගන්නා කතාවේ ඇත්ත නැත්ත හෙළිවන්නේ කතාවේ අවසානයේදීයි. සැකයත් අවිශ්වාසයත් කුතුහලයත් නොසන්සුන්බවත් අතර දෝලනය වෙමින් දිවෙන මේ සලරුව අවසාන වූ පසුව පවා එය නොකඩවා පවතින්නේ එතරම්ම අවුල් සහගත බවක් ඉතිරි කරවමිනුයි. එහෙමනම් Brittany Murphyගේ රංගනයක රස විඳින ගමන් මේ සිනමා පටයත් රසවිඳගන්න අවස්ථාව ලැබෙනවා.
ප.ලි. අමතක කරන්න එපා මේකේ ප්‍රධාන චරිතය ලේඛිකාවක් වග. එය සිහියේ තබා ගත්තොත් මෙය පැටළුම් ලෙහා ගන්න සෑහෙන තරම් ඉඩක් සැලසෙයි.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය " උදා " සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය...
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 0ff3c546b99542ecfacccdd0576d4296f6c7fde0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
713 downloadsDownload Deadline-2009-www.baiscopelk.com-.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/අමල්-ප්‍රසන්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමල් ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අමල් ප්‍රසන්න
Subtitles
51 comments
Kasun
Alaya
mama 2nd..jaya wewa lokkaa \m/
විකියා
නියමයි...මේක ගැන නම් අහලා තිබ්බේම නෑ..ඒ කියන්නේ මේක මට මග අරුන එකක්...මේ වගේ ඒවා දෙන ලොකු දෙයක්.
බොහොමත්ම තුති උදාජයෙන් ජය~!
ys madhusanka
meka mamanam ahala thibuna.matanam meka maga eruna ekak neme.hondai wage hithenawa.balamu
ys madhusanka
uda bro mekata sinhala sub deela nethi eka gena mama godak sthuthi wenawa.sinhala sub dunnama kisi therumak ne.film eke niyama gathiyak thiyenne english sub ekka balladdi.niyamai uda bro.
Sanjeewa
Sinhala sub thibunanam thamai godak hoda, english sub thibunata api english danne nane......
chamila
thanks........
සංදීප
බලලා නැහැ වගේ...බොහොම ස්තූතියි උදා සහෝ.
Nirmal
ela ela thanx
රාම් රාජ්
මේවගේ ඒවා බලපුවාමනම් ඔලුව කැරකෙනවා තමයි.ඒක නිසා මම නම් එච්චර ආසමත් නෑ.
upul hewagamage
balamu ahenam ... thnx saho....
ys madhusanka
mama thama beluwe ne.eth hondai wage.
Rushen
kalekin passe horror film ekak awe..thanks vewa.. ;) jaya vewa saho!! :D
හේමාල්
කලින් සෙට් වෙච්ච කතාවක් නෙවෙයි වගෙ , බාලම බලන්න ඕන.බොහොම ස්තුතියි සහෝ ! :D
sajith
adee kathava kiyavaddima mama walmath una vagee...
රොයිලි
ස්තූතියි උදා ලිපියට!!!!
අබා
ස්තූතියි උදා..ලිපියත් නියමයි...උපසිරසි නැතුව නම් ලිහාගන්න අමාරු වෙයි වගේ,,බලමු
sri lanka hotels
niyama kathawak wage i am downloading
සාරංග ලියනගම
පට්ට ෆිල්ම් එකක් වගේ.. මේක ගැන නම් අහල තිබුනෙම නෑ. තේරුම ගන්න පුළුවන් වේවිද දන්නේ නෑ.ගොඩාක් ස්තූතියි සහෝ මේ ගැන කිව්වට..
rK
ela ela api balama balami
kkg
සබ් තිබ්බනං මසුරං
Chika
ඔන්න මම බානවා. බොහොම ස්තුතියි සහෝ..............
Nihal
Torrent download karala kohomada open karanne?
Raji
elakiri!
Raji
Thanks......shok film1k
Isuru
elazzzzz and thank you :)
Isuru
SUB Thibunanam maxxaa
chami
thxx
eranga
elaz balanna one meyka thnx
ccnp
Thanks
tharanga
ස්තූතියි සහෝ
isuru samarasinghe
ah parana awatath subs dena aka ela
nipuna prasad
supiri film akak sub akka balanna one
නලින්
ස්තුතියි අමල් සහෝ
මේ වගේ කථාවක් සබ් කරපු එකට
ජය වේවා!
mudiya / මුදියා
නියමයි අමල්.
වැඩේ කියන්නෙ හොල්මන් කියන්නෙ බොරුවක් කියල කොච්චර දන්නව වුනත් හිත බය වෙන එක නතර කරන්න බෑනෙ.
බලන්න ඕනි කොහොම හරි.
ඔබට ඉක්මන් සුවය පතනවා.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..jack
නියමයි මචෝ. ස්තුතියි
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Chamasrsp
elama tamai kolla.. thnks bn.
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි අමල් සහෝ මේ වගේ හොද කතාවකට උපසිරසි කිරීම සම්බන්ධව
ඒ වගේම ඔයාගේ පලවෙනි උපසිරැසිය නේද
ඒකටත් සුබපැතුම්
ඒ වගේම ඉක්මන් සුවයත් ප්‍රාර්තනා කරනවා!“චූටී මල්ලි”
හොදා වගෙ
කලින් බලලත් නෑ
ඔයාට තියෙන රෝගාබාධ
ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
සබට තුති
ඔබට ජය......හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය :P
M THILINA
Thank U, Thank U
kesara
thank you bro.get well soon
රොයිලි
බොහොම ස්තූතියි අමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරඟ ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍amal
කමෙන්ට් කරපු කාටත් ස්තූතියි.
Nandana
Thank You Amal.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Niyama kathaawak saho obata jaya