MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දිහේවා ලුණුවිලගේ

Dear Zindagi (2016) with Sinhala Subtitles | ආදරණීය ජීවිතය!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 61 votes.
Please wait...

Dear Zindagi (2016)

බැඳීම්! කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ. කෙනෙක්ව ජීවත් කරවන දේ. ඒත් මට නම් බැඳීම් කියන්නේ වේදනාවන් ගොඩක් විතරක්ම උනා.

කයිරා.  ඒ මම, කැමරා අධ්‍යක්ෂකවරියක්. එහෙමයි කියලා මහ ලොකු වයසක් නම් නැහැ. අවුරුදු 25යි. ඒ කියන්නේ ආදරේ මත්තේ නැහෙන වයස. පවුල එක්ක හරි හරියට මුහු වෙන වයස. හැබැයි මට.. මට ඒ හැමදේම තිබුනේ පරස්පර විදිහට. මම ආදරේට වෛර කරා. එකට අත් අල්ලන් යන ජෝඩු දකිද්දී මගේ ඇහැට කටු අනින්නා වගේ. ආදරේ මහ විකාරයක් කියලයි මට දැනුනේ. අනිත් එක පවුල. මගේ ජීවිතේ මං අකමැතිම දේවල් වලින් මුල් තැන ගන්නේ මගේ පවුල. හරියටම කිව්වොත්, අම්මට තාත්තට මට කසාද හොයන්න නැහෙන හැමතිස්සෙම මගේ අඩුපාඩු දකින එයාලගේ යාළුවෝ සෙට් එකට මං නොසෑහෙන්න වෛර කරා.  සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් නිවාඩු දවසක් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ ගෙදර දුවන්න බලාගෙන ආසාවෙන්. හැබැයි මට නම් නිවාඩු දවසක් ලබද්දී හිතෙන්නේ, “අයියෝ, ගෙදර යන්න වෙනවනේ” කියලයි. ෆෝන් එකට අම්මගෙන් කෝල් එකක් එද්දී මට දැනෙන හැගීම, අනේ අම්මපා…

මේ ජීවිතේ පතපු කිසිම දෙයක් මට ලැබිලා නැහැ. සතුට හැමදාම මාව එයාගේ හතුරෙක් විදිහට හිතලද කොහෙද. අවාසනාව මගේ දෛවය එක්කම බැඳිලා තිබුනේ. අවාසනාව කොච්චරද කියනවා නම්, හා හා පුරා කියලා හිත පුරාවටම දැනිච්ච පලවෙනි ආදරෙත්, මට හොරෙන්ම විවාහ ගිවිසගෙන තිබුනේ මට හිතාගන්නවත් බැරි වෙලාවක. දුක කියන්නවත්, බෙදා ගන්නවත් කවුරුත්ම නැති මං කොච්චර අසරණද කියලා හිතුනා. දුක බෙදාගන්න කියලා පවුලක්වත් තිබුනා නම් මට… ජීවිතේ නරකාදියක්!!

කතාව ඉවර උනේ නැහැ. මං නොදැන හිටියට මගේ දුක අහන්න, මට සතුට ගෙනල්ලා දෙන්න පුළුවන් එකම එක්කෙනෙක්ව දෙවියෝ මේ ලෝකෙට එවලා තිබුනා. වරදවා හිතන්න එපා, මගේ ආදරේ නම් නෙමේ. එයා තමා “ජෝග්ගු මහත්තයා”. මගේ කතාව පොඩ්ඩක් බලන්න. එයාව ඔයාලත් අඳුරගන්න. සැකයක් නැහැ, ඔයාලත් මං වගේම එයාට ආදරේ කරන්න ගනීවි.

*************************************************************************

හරිම රහට ලඩ්ඩු හදන ඒ හින්දම හැමෝගෙන්ම ප්‍රශංසා ලබපු, ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරුව තමන්ගේ පවුල අතරම විහිලුවට ලක්වෙච්ච ශෂීව තාමත් කාටත් අමතක නැහැ මං හිතන්නේ. ඔව් ඒ English Vinglish (2012). ඉතින් ඒකේ නිර්මාතෘ ගෞරි ෂින්දේ නෝනා 2016 අවුරුද්දෙත් අලුත්ම වැඩකට මහා පරිමාණයෙන් අත ගහලා තිබුණා. ඒකේ ප්‍රතිපලයක් විදිහට Dear Zindagi එහෙමත් නැත්තම් “ආදරණීය ජීවිතය” මේ අවුරුද්දේ තිරගත වෙච්ච අමරණීය සිනමා සිත්තමක් උනා සුපුරුදු විදිහටම.

ප්‍රධාන චරිතය උනේ හුරුබුහුටි ආලියා භාත්. විශේෂම දේ තමා මේකේ සහය චරිතයක් රඟ දක්වන්නේ ෂාරුක් ඛාන්. ඒ හින්දම මේ චිතරපටියට අසාමාන්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නමුත් මේක ෂාරුක්ගේ චිත්‍රපටියක් කියලා එක එල්ලේම හදුන්වා දෙන්න නම් බැහැ. මොකද මේකේ කේන්ද්‍රීය චරිතය ආලියා හින්දා.

ඉතින් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.3ක අගයක් ලබාගෙන මේ වෙද්දී හොඳම ඉන්දියානු සිනමාපට අතර 114 වෙනි ස්ථානය අත්කරගෙන ඉන්නවා. ආදායම ගැන කිව්වොත්, ලේසිනැහැ කෝටි 70කට ආසන්න අගයක් උපයාගෙනත් තියෙනවා. බහුතර විචාරක ප්‍රේක්ෂක දෙගොල්ලොම ලෝබ නැතුව තරු පහෙන් හතරක්ම දීලා තියෙනවා.එහෙනම් දැන් කතා කරා ඇතිනේ. බලන්න වෙලාව. කතාව ගොඩක් ලස්සනයි. ගන්න දේවල් බොහොමයි. වෙලාවකට බරපතල වැඩියි වගේ කියලත් හිතෙයිද දන්නේ නැහැ. බලලම ඉන්නකෝ.

*************************************************************************

උඩ ටික ලිව්වේ අපේ මයුර සුරාජ්. බොහොම ස්තුතියි මයුර කියපු ගමන් වැඩේ කරලා දුන්නට. මට ඉතිං කියන්න ඒ හැටි දෙයක් නෑ. නිධාන කතාව හිටං කියලනේ. කලින් සබ් කරපු ෆිල්ම් එකේ උණුහුම යන්නත් කලින් තමයි මේ තව ෆිල්ම් එකක් අරං එන්නේ. ලොකු දෙයක් කියන්න නෑ ඉතින්. ෆිල්ම් එක එද්දී මගේ ඩේටා පැකේජ් එක ඉවරයි. බාන්න දැම්මම කිව්වා දවස් නමයක් ඉවසන් හිටපං බෑවෙනකම් කියලා. ඉතිං එච්චර ඉන්න බැරි නිසා, වැඩිපුර GB එකක් අරං තමයි ෆිල්ම් එක බෑවේ. ඒ කවුරු වෙනුවෙන්ද? එහෙනම් කස්ටිය චිත්‍රපටිය රසවිදින්න.

ජය වේවා!!!

 Dear Zindagi (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Dear.Zindagi.2016.DVDRip.x264.Hindi.ESubs-ViZNU

www.TamilRockers.ac – Dear Zindagi (2016) Hindi DVDRip X264 700MB ESubs

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 45006 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/HewaNew.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

106 thoughts on “Dear Zindagi (2016) with Sinhala Subtitles | ආදරණීය ජීවිතය!!! [සිංහල උපසිරැසි සමඟ]

  • ane kohomada download karaganne movie eka

    Reply
  • Anonymous

    Ane thank you so much…me website eka godaaak useful.❣️

    Reply
  • බොහොම ස්තුතියි. ජය වේවා

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Godak Sthuthi..Jaya wewa..

    Reply
  • Thank you vary much ………………

    Reply
  • w.g.i.n .roshan

    Film eka download karaganaa suport karanna ko.biscopedownload.com wala hoyaganna baa

    Reply
  • Kuvindu_chamika

    Thnks God Job !

    Reply
  • thanx for sub great work

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

    Reply
  • Kasun Lakshitha

    Thanks a lot matchan

    Reply
  • හසිත

    උපසිරස සහ ෆිල්ම් එක ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • අසිත

    elama saho thnaks

    Reply
  • sub ekat thanks…
    Kahaani 2 & Befikare film walat sub denna puluwannm

    Reply
  • sub ekata thankzzzz bro

    Reply
  • ප්‍රසාද් එම් ජයකොඩි

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • නලින් පෙරේරා

    අඩෝ! ආසිරියා උබේ සබක් එක්ක ෆිලුමක් බලපු කාලයක් මතක නැහැ. මේකනම් අද හෙටම බලන්න ඕනේ…

    ජය වේවා!

    Reply
  • channa deshapriya

    thanks sub ekatai film ekatai

    Reply
  • Tharaka Nuwan Dilhara

    elama..
    menna baanawa
    thanks sub ekata
    jayen jaya!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හේවගෙ සබක්, සුපිරි ෆිල්ම් ඒකක්, ඉතින් මිස් කරයිද?
    බොහොම ස්තුතියි… තවත් මේ වගේම සුපිරියකින් හමු වෙමු, හැබැයි ඉක්මනට…

    Reply
  • Thanks. Thanks.. Thanks…

    Reply
  • thanks film ekata sub eka enakan balaagena unne.

    Reply
  • හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි උපසිරැසියට…….

    Reply
  • Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බෝහෝම ස්තුතියි සහෝ….

    Reply
  • Thnkx su ekata mchn..
    Fight ehema nadda meke.

    Reply
  • නියමයි හේවා.
    මේක ඉතින් අනිවාම බලන එකක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…..

    Reply
  • යුශාන් පියුමාල්

    thada thada asiri aiyya ayemath wadeta bahala ela ela digatama wade demu

    Reply
  • kalana prabod

    Thanx bokka sub ekata

    Reply
  • Kaalekin hoda film ekak baluwa

    Reply
  • විමා

    කාලෙකට පස්සේ සයිටට ආවේ
    අර දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ ආසිරියා සබක් කරල කියල ගෘප් චැටේ දේවා කිව්වා
    එකත් ආව සෙනිකම, ඉතිං ඔන්න ලිපිය කියවන් ආව
    මොන මගුලක්ද මු එලටම ලිපිය ලියලනේ යකෝ කියල හෙන ඉරිසියාවෙන් කියවන එනකොට මෙන්න යකෝ පහලින් තියනවා අර ගේ කුරුල්ලා ලිපිය ලිව්වේ කියල, හුකෑස් 😀
    යාන්ත ඇඟට ලේ ඩිංගක් ඉනුවා,
    සබට තුති ඈ, මේක මම බලන්නද ?

    Reply
    • වැඩිපුර ජිබි එක කා වෙනුවෙන් ද? බලන එක කිසිම පාඩුවක් වෙන්නේ නැ… එකට නම් වග කියනවා…

      Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • දමිත්

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට..

    Reply
  • දමිත්

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • බලන් හිටියේ මේක දෙනකන්..සිතුතියි සහෝ සබ් එකට.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • හම්මට …. හේවා අයියා වැඩට බැහැලා එහෙනම්. උඹේ එකක් නොබලා කොහොමද බං? අනිවා බලනවා. මයුර මලේ. ඔයාටත් ගොඩක් ස්තුතියි.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Gathsara Umesh Kumara

    ඉක්මනටම දීlලා.බොහෝම ස්තූතියි සහෝ…..සුබ පතවා දිගටම් කරගෙන යන්න…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • සිංහල සබ් එකට සහෝ!

    Reply
  • Godaak thuthi sahooooo ””””

    Reply
  • ඔන්න මාත් සබ් එක ගත්ත අනිවා බලන්න ඔනෙ මෙක බොහොම ස්තුතියි සිංහල සබ් එකට සහෝ!

    Reply
  • saliya godakumbura

    Thk u mcn sub ekata…

    Reply
  • thnx alot bro…. Keep it up. nice work

    Reply
  • බලලා ඉවර වෙලත් ආයේ කමෙන්ට් කරන්න හිතුනා
    ෆිලුම පට්ට වගේම ආසිරි අය්යා සබත් ගති

    තැන්ක්ස් ආයේමත්….

    Reply
  • niayamai…ammo kalekata passe HEWA saho awith…..ela ela…me filumath denakm balan hitapu 1k.banna dawa…thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • හහම්මට සිරි මම හිත්‍රෙව් හේවා ලුනුවිලගේ ආසිරි ප්‍රියන්ත අයියා රිටය වුනා කියලනේ..
    සතුටුයි හාද

    Reply
  • Bohima sthuthiy ayyeee……
    Niymy

    Reply
  • ado… palaweni wathawata ube sub ekakata mul comment 10 atharata awe. ube sub nam ithin aya ahanna deyak na ne. niyamai ah… digatama sub demu. obata jaya!

    Reply
  • Yasiru Hasaranga

    නියමයි සහෝ. උපසිරැසියට ස්තූතියි එනකල් දානකල් බලන් හිටියේ. දැන්ම බලනවා එහෙනම්..

    Reply
  • Nirodha uthpala

    Heva aiiya vadak karoth elama thx for the sub digatama demu obata jaya bro

    Reply
  • Thanks ආසිරි අය්යා…
    කියන්න වදන් නැ
    ජය හා සතුට
    එන එන ෆිල්මි එකට ඉක්මනටම සබ් දෙන්න දිරිය හා ශක්තිය ලැ බේවා….

    Reply
  • thanx ayya sub ekata

    Reply

Leave a Reply to අසිත Cancel reply

Your email address will not be published. Required fields are marked *