Watch Trailer

Deepwater Horizon (2016) with Sinhala Subtitles | ගැඹුරු දියේ ඛේදවාචකය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම !!! ඔන්න අපි ආයේ ආවා !!! 2016 වසරේ තිබුන අඩුපාඩු කම් මග අරවාගෙන ආයෙත් බයිස්කෝප් සිංහලෙන් දෙපයින් හිටගත්තා. මම මේ ගැන විස්තරයක් අපේ බයිස්කෝප් සිංහලෙන් පිටුවට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යට කෙටියෙන් ඒ ගැන කියල තියෙනවා. කොහොමෙන් කොහොම හරි අපි ආයේ ඔයාල එක්ක උපසිරසි බෙදා ගන්න සූදා…

Deepwater Horizon (2016) New

කොහොමද හැමෝටම !!! ඔන්න අපි ආයේ ආවා !!! 2016 වසරේ තිබුන අඩුපාඩු කම් මග අරවාගෙන ආයෙත් බයිස්කෝප් සිංහලෙන් දෙපයින් හිටගත්තා. මම මේ ගැන විස්තරයක් අපේ බයිස්කෝප් සිංහලෙන් පිටුවට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යට කෙටියෙන් ඒ ගැන කියල තියෙනවා. කොහොමෙන් කොහොම හරි අපි ආයේ ඔයාල එක්ක උපසිරසි බෙදා ගන්න සූදානම්. අද සිට අපි ඔබේ සේවයට සූදානම්!  

මේ ජරමර අස්සේ අමතක උනානේ. ලැබුවා වූ නව වසර සතුට සාමය රජයන සිතුම් පැතුම් ඉටුවෙන විශේෂයෙන් බයිස්කෝප් වලින් රූපවාහිනී කතා වලින් පිරි ඉතිරි යන සුබ නව වසරක් වේවා කියලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම හිත මිතුරන් වෙත ප්‍රර්ථනා කරනවා !!!

ඔන්න ඉතින් 2017 පලවෙනි උපසිරස මගෙන් 😛 . අද මම මේ ඔයාල එක්ක එකතු වෙන්නේ 2010 වසරේ අප්‍රේල් 20 වෙනි දින ඇමෙරිකානු මුහුදු තීරයේ තෙල් ළිඳක සිදුවූ දරුණු ඛේදවාචකයක් පාදක කරගෙන නිර්මාණය වූ ඩීප්වෝටර් හොරයිසන් චිත්‍රපටය සමඟිනුයි. ඇත්තටම මේ පාදක වූ සිදුවීම සිද්ධ උන තෙල් ලිඳ නම් කරලා තියෙන්නේ ඩීප්වෝටර් හොරයිසන්(ගැඹුරු දියේ ක්‍ෂිතිජය) නමින්. මේ තෙල් නිධිය බාරව ආයතන කීපයක් ක්‍රියා කළා. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ප්‍රධාන වූ අතර මූලික කටයුතු සඳහා ට්‍රාන්ස්ඕෂන් වගේ ආයතන සහභාගී වෙලා හිටියා. තෙල් ළිං ගැන වැඩි වැටහීමක් නැති අයට ඒ ගැන විස්තර දැනගන්නත් එක්ක මම දන්න විදිහට පොඩි විස්තරයක් කියන්නම්.

සාමාන්‍යයෙන් තෙල් නිධියක් සොයා ගත්තට පස්සේ විශේෂයෙන් මුහුද යට ඇති තෙල් නිධි වලින් තෙල් ලබා ගැනීමට කලින් සැහෙන්න දේවල් ටිකක් කරන්න අවශ්‍ය වෙනවා. සරලවම කියනවා නම් මෙයාල කරන්නේ අදාල නිධියේ තෙල් ලබා ගන්න පුළුවන් ස්ථානයක් හොයල  එය මතුපිටින් හිල් කරලා පොළව යට ඇති තෙල් සහ වායුන් පිටට ලබා ගැනීම. හැබැයි මේක නිකන් පොලවේ වලක් හාරලා වතුර ගන්නවා වගේ ලේසි දෙයක් නම් නෙමේ. විශේෂයෙන් මුහුද යට උනාම ඒ සඳහා අවශ්‍ය වෙනම ස්ථානයක් හදා ගන්න වෙනවා. ඒ හදා ගන්න ස්ථානයේ පොලව විදලා තෙල් ලබාගන්න යන්ත්‍ර  උපකරණ පිහිටුවන්න අවශ්‍ය වෙනවා. එහෙම යන්ත්‍ර ස්ථානගත කරන්න එක්කෝ එම ස්ථානය අවට මුහුදු පත්ල දක්වා දිවෙන පාද සහිත කෘතීම සේවා ස්ථානයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. එසේ නැති නම් ජලය මත පාවෙන පාරුවක් වැනි යාත්‍රාවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ දෙවර්ගයෙන්ම කරන්නේ එම ස්ථානයේ සිට මුහුදු පතුල දක්වා දිවෙන විදුම් පයිප්පය (ඩ්‍රිල් පයිප්) එක ස්ථාවරව ඒකාකාරව පවත්වා ගැනීමයි. ඊට අමතරව පොළවේ හිතෙන විදිහට හිලක් විදලා මේ තෙල් නිධිය පාවිච්චි කරන්නත් බැහැ. මොකද මේ පොලව යට තියෙන ඛණිජ තෙල් සහ වායුන් ඉතාමත් විශාල පීඩනයක් සහිතවයි පොලවට හිරවෙලා තියෙන්නේ. ඉතින් අපි කිසිම පෙර සූදානමක් නැතුව පොලව විදපු ගමන් වෙන්නේ විශාල පීඩනයක් එක ස්ථානයකින් පිටවෙන්න උත්සාහ කිරීමක්. එතකොට වෙන දේ මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. බැලුමක් හොඳට පිරෙන්න පුම්බලා අල්පෙනෙත්තක් අරගෙන  අනින්නකෝ. ලොකු හඬක් එක්ක පිපිරීමක් වගේ දෙයක් නේ වෙන්නේ. තෙල් නිධියකත් ඒකම තමා වෙන්නේ.

එත් වෙනසකට තියෙන්නේ බැලුමේ සාමාන්‍ය වාතය පිරුනට තෙල් නිධියක තියෙන්නේ දැඩි ලෙස ගිනිගන්නා තෙල් වර්ග සහ ස්වභාවික වායුන්. ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ හැම දෙයක්ම ඉතාමත් ආරක්ෂා කාරීව කරන්න විවිධ උපක්‍රම උපයෝගී කරන්නවා. මොකද මේ ක්‍රියාවලිය ඉතාමත් භයානක වගේම ප්‍රවේශමෙන්  කල යුතු එකක්. විවධ පරීක්ෂණ සහ තත්ත්ව වාර්තා මගින් ලබාදෙන  ප්‍රතිපල ක්‍රියාවලිය ආරම්භ කරන්න කලින් තහවුරු කරගැනීම ඉතාමත් වැදගත්. ඉතින් මේ කතාව ඒ වගේ සිද්ධියක් පාදක කරගෙන උන දෙයක්. මුදල් ගැන පමණක් හිතන මනුස්ස ජිවිත ගැන නොසිතන අදක්‍ෂ පාලකයෝ මේවගේ ස්ථාන වල ප්‍රධානියෝ උනහම ඒ වෙන ප්‍රතිවිපාක මේ චිත්‍රපටයෙන් ඔයාලට දැකගන්න ලැබේවි. ඉතින් ඒ අදුරදර්ශී තීරණ නිසා සමහර පොඩි පැටවුන්ට තාත්තල අහිමි උනා, බිරින්දෑවරු හට සැමියෝ නැති උනා, දෙමව්පියන්ට පුත්තු අහිමි උනා. මේ සිදුවීම උනේ 2010 අප්‍රේල් 20 දින රාත්‍රියේ. ඊට අදාළ විස්තර අවශ්‍ය නම් මෙතනින් කියවන්න පුළුවන්. 

පහත දැක්වෙන්නේ සත්‍ය සිදුවීමට අදාළ ඡායාරූප කීපයක්,

සිදුවීමට පෙර එම ස්ථානය.. 

DH 1

සිදුවීම වන අතරතුර.. 

DH2

සිදුවීමෙන් පසු තෙල් පිටවූ ස්ථානය වසා දමා ඇති අයුරු.. 

DH 3

 මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2016 සැප්තැම්බර් 30 වෙනිදා සිටයි. මෙහි වර්තමාන IMDb අගය වෙන්නේ 7.3ක්. ඒ වගේම වියදම වශයෙන් ඩොලර් මිලියන 110ක් වැය කර තිබෙනවා. අද වෙනකොට සමස්ථ ආදායම වෙන්නේ ඩොලර් මිලියන 118 ක්. ඒ වගේම මෙහි රංගනයෙන් Douglas M. Griffin, Gina Rodriguez, Kurt Russell, Mark Wahlberg වගේ නළු නිලියන් දායක වෙනවා.  

මේ වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙක් විදිහට මම යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕන . පහුගිය සති දෙකක පමණ කාලයක් තුල වෙබ් අඩවිය කිසිම යාවත්කාලින කිරීමක් සිද්ධ උනේ නැහැ.  නව සර්වරයකට යාමේදී දිනෙන් දින වෙබ් අඩවිය යාවත්කාලීන කරන එකෙන් දිනපතා බැකප් ලබා ගැනීමට ඇති අපහසුව නිසා කිසිම උපසිරසක් පල නොකරන්න අපි තීරණය කළා. ඒ වෙනුවෙන් අපි අපේ උපසිරසිකරුවන්ටත් කෘතවේදී වෙන්න ඕනේ අපිත් එක්ක ඉවසීමෙන් කටයුතු කිරීම වෙනුවෙන්. ඔයාලාත් අත් විඳින්න ඇති ඒ අපහසුව උපසිරසි බාගත උනේ නැහැ. ඒ නිසා ඊමේල් වලින්ම ඉල්ලුම් කල හැමෝටම වගේ  මම, සමන්, ආසිරි ඊමේල් මගින් උපසිරසි ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේම අනික් උපසිරසි කරුවනුත් පුද්ගලිකව උපසිරසි අවශ්‍ය අය හට ලබා දුන්නා. ඒ අපිට උපසිරසි නැති කම නිසා නෙමේ. මෙහෙම වෙන්න හේතුව 2016 මුල සිටම තිබුන සර්වර් ගැටලුව. ඉතින් ඒක උපරිමේටම ඇවිල්ල කරකියාගන්න දෙයක් නැතිවෙනකොට අපි වෙනත් දැරිය හැකි සර්වර් හොයද්දි අපිට සහයට ආවේ අපේම මිතුරෙක් ඒ තමයි අපේ පැරණි චිත්‍රපට රසිකයෙක් සහ අපේ සහෝදර උපසිරැසි කරුවෙක් වන අසංක ප්‍රදීප් රණතුංග සහෝ. එයා මේ වෙනුවෙන් නොසෑහෙන්න කැපවීමක් කළා ඒ ගැන කියන්න වචන නැහැ. ඇඩ්මින් කෙනෙක් නොවුනත් සමහරු අහක බලද්දී අසංක අපේ කියන හැඟීමෙන් බයිස්කෝප් සිංහලෙන් දෙපයින් හිටවන්න රෑ දවල් නොබලා මහන්සි වෙලා වැඩකලා. අද වටේ යන්නේ නැතුව අපිට අපේම කියල සර්වරයක් හොයල දුන්න. සර්වර් කියන දේ දවසින් දවස වෙබ් අඩවියට පැමිණෙන ප්‍රමාණය මත රඳා පවතින දෙයක් නමුත් ලංකාවේ සර්වර් කරන සමහර  ආයතන කරන්නේ නංගි පෙන්නලා අක්කව දෙන එක. ඉතින් දැන් අපි නංගිව බලල නංගිවම අරගත්තා. සමහරු අපි ඉවරයි වැටෙයි කියල හිතුවට එහෙම වෙන්න දෙන්නේ නැහැ. මේක විදේශීය සිනමාවට, ටෙලිවිෂනයට ආදරය කරන හැමෝගෙම සිංහල කේන්ද්‍රස්ථානය. ඉදිරියෙදි  මෙවැනි  ගැටළුව ඇති වෙන එකක් නැහැ කියල අපි බලාපොරොත්තු වෙනවා. සියලුම උපසිරසි පෙර පරිදි බාගත කරගන්න දැන් ඔබට පුළුවන්.

එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක මම ගිහින් එන්නම් හැමෝටම සුබ නව වසරක් වගේම ජයෙන්වේ ජයම වේවා  !!!

Deepwater Horizon (2016) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

Deepwater.Horizon.2016.720p.BluRay.x264-SPARKS

සියලුම BR  පිටපත් සඳහා අදාළ වේ.

8,329 downloadsDownload Deepwater-Horizon-2016.zip58 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

8,329 downloadsDownload Subtitles58 KB

150 comments

  1. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි.

  2. shanaka

    Ai bro godak kal sub dunne natte..
    ayyoooo sub ekak site eke dakke nathnam kawe na wage...

  3. sanj

    Godak thanx sub akata Happy new year.,!!!

  4. Sanjeewa Malith

    Thanx brother sub akata Happy new year!!!

  5. widuranga

    thanx ayya

  6. Arosha

    elaa sahooo..tnxx..labuwa au nwaa wasra smaya sathutaa piri subaa nawa wasark wewaa..digtmaa sub denaa..elaaaa..jyaa wewaa..

  7. ThaRindu

    Elz Mcn

  8. sujeewa

    ස්තුතියි සහෝ සබ් එකට.

  9. Demon Prince

    NIyamaiii..... Api balagena hitie Site 1 aima enakan.......

    ThnaK You......

  10. Pathum chathuranga

    හිප් හිප් හුරේ සයිට් එක වැඩ...
    නියමයි හසා අයියා...
    සබ් එක එනකම්මයි බලාගෙන හිටියේ....
    සයිට් එක ගොඩගන්න මහන්සි වුන ඔයාලට ගොඩක් පින්...
    සයිට් එක වැඩ නෑ කියන්නේ හාට් එක වැඩ නෑ වගේ තමයි...
    ජය වේවා!!!!!!!

  11. thisal

    සුපිරි සහො සති දෙකක් සයිට් එක නැතුව කැවෙ නැ වගෙ හිටියෙ ආයෙ සයිට් එක ගොඩ දාලා සබ් දෙන්න ගත්ත එක නම් ලොකු දෙයක් මෙ ෆිල්ම් එකත් සුපිරි හොද කොපියක් ආපු දවසෙම english සබෙන් බැලුවා අහන්න දෙයක් නැ ගින්දර කතාව , සින්හල සබට තුති දිගටම සබ් දෙමු .

  12. kaveen

    ammo athi yantham.godak sthuthie machanla...

  13. lakshan

    viking nm ikmnta denna plz

  14. Nirosha Dilshan

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

  15. Sajith Thilakarathne

    thanks saho sub ekata

  16. Sisila Prasad

    නියමයි අයියෙ.
    මේ දවස උදා වෙනකම් තමයි අපි හැමෝම බලාගෙන හිටියෙ.
    මේ වෙනුවෙන් කැපවීම් කරපු හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි.
    සිංහල උපසිරැසිය වෙනුවෙන් අයියටත් බොහොම ස්තුතියි.
    ජයවේවා!!!

  17. එල්.සී. දමැල්

    නියමයි නියමයි නියමයි...
    සියළුම ඇඩ්මින්වරුන්ටත් අසංක සහෝටත් බොහොම ස්තුතියි...
    හසන්ත සහෝ මේ උපසිරසටත් බොහොම ස්තුතියි...

  18. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි හසන්ත අයියෙ!
    සති දෙකක් ලන් වෙන්න සබ් නැති නිසා බැරිම තැන අද විමා සහෝගෙනුත් ඇහුව :P
    නැවත සයිට් එක පැමිණීම ගැන ගොඩාක් සතුටුයි
    ජයෙන් ජයම වේවා...!!

  19. SUN VIDEO

    THANKS. HAPPY NEW YEAR

  20. Ruchira Prabodha

    Thanks u for the sub හසන්ත අයියා.keep it up

  21. Yasiru Hasaranga

    උපසිරැසියට ස්තූතියි සහෝ.
    දැන් ආයෙත් වැඩ පටන් ගමු.

  22. mithun

    ඔක්කොමට වඩා සතුටුයි ඔබෙ වචන ටිකට හා සයිඩ් එක නැවත සාර්ථක වීම ගෑන ... ෆිල්ම් එක මම නම් බැලුව බ්ලුරෙත් ආපු නිස සමහර english වල සබ් ගන්න බැරි තත්වයක් තිබුන නිසත්.. බොහොම ස්තුතියි හසන්ත වික්‍රමසිංහ සහෝ උපසිරැසි ගැන්නුවට සයිඩ් එකෙන් සබ් අරම් සිංහලෙන් තෙරෙන්න බලන තරම් සතුටක් වෙන කොහෙන්ද ස්තුතියි

  23. දුලාජ් මංජුල

    ස්තුතියි හසන්ත සහා්ෙ පට්ට පාලුවෙන් හිටියෙ site eka nathuwa. kalin wage eka digata upasirasi dai kiyala balaporoththu wenawa .bohoma sthuthiy

  24. Kasun Tharuka

    මුලින්ම සුභ අලුත් අවුරුද්දක් වේවා..
    උපසිරැසියට ස්තූතියි සහෝ.
    දිගටම මේ වගේ ඇදන් යමු..
    ජය වේවා..

  25. සදීප

    සබට ස්තුතියි...
    ඒවගේම ලැබුවා වූ නව වසර බයිස්කෝප් එකේ සෙට් එකටම සහ රටේ හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
    #ජයශ්‍රී

  26. Dilanda Rukshan

    Sub 1ta thnx aiye...happy new year...

  27. Global

    අගනා මෙහෙවර ඉදිරියටත්...
    ජයවේවා Baiscop.lk....

  28. ishan

    ela bro.site aka wada kale nathath hamadama puruddata awa.adanam godak happy.suba nawa wasarak wewa yaluwane!!!!!! PUTHILATA JAIN JAIMA WEWA!!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. Pradeep M Gamlath

    බොහොම ස්තුතියි සහෝ සුභ නව වසරක් වේවා...**!

  30. Ashan

    Thanx for the sub.......Happy new year Biscope.lk

  31. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  32. LGCV

    thankz....................

  33. Sisira Hegoda

    ස්තූතියි. ඒ වගේම ලැබුවාවූ නව වසර සාර්ථකම වෙබ් අඩවිය වේවායි පතමි.

  34. Lahiru

    බොහොම ස්තූතියි...
    ගොඩක් සතුටුයි ඉක්මනින් වෙබ් අඩවිය පිළිසකර කරපු එක ගැන.ඒකට අසංක සහෝටත් ඇඩ්මින් මඬුල්ලටත් ස්තූතිවන්ත වෙනවා.ලැබුවා වූ නව වසර සියළු දෙනාටම සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා.

  35. Ddmd Ruwan

    Thanx brother sub akata Happy new year!!!

  36. ranika

    සුභ නව වසරක් වේවා…**! sahooo

  37. indusara

    සුබ නව වසරක් බ්‍රෝ.........

  38. wijenayaka

    thanks malli sub ekata....a wagema oyala siyaluma denata subama suba nawa wasar weva kiyala wish karanava,,,,,

  39. Ishan

    එක දිගට සතියක් දෙකක් සබ් නොදා ඉන්නකොට මං නම් හිතුවෙ සයිට් එක නවත්තලා දාලා ඇති කියලා. ආපහු සැරයක් සයිට් එක හරිගස්සපු එක ගැන පට්ටම හැපි !

  40. janaka kaluarachchi

    සුභ අලුත් අවුරුද්දක් වේවා..
    ගොඩක් සතුටුයි ඉක්මනින් වෙබ් අඩවිය පිළිසකර කරපු එක ගැන
    අසංක සහෝටත් ඇඩ්මින් මඬුල්ලටත් ස්තූතිවන්ත වෙනවා..
    ජයවේවා!!!..."baiscopelk "

  41. Udara Damith B/K

    සුභ අලුත් අවුරුද්දක් වේවා............
    ඔක්කොටොම
    උපසිරසට තෑන්ක්ස්....................
    පහුගිය දවස් ටිකේ හිටියේ බොහොම අමාරුවෙන් සයිට් එක වැඩ නැති නිසා.......
    මේක වැඩ කරේ නෑ කියන්නේ අපේ ඇගෙන් කෑල්ලක් ගිය වගේ දැනුනා..........
    ආයිත් ඔක්කොටෝම තෑන්ක්ස්..........................................................

  42. ranod

    elama aiye mara awlen hitiye meke sub eka denakan....thnxz

  43. Zeal

    thanx brooo sub 1ta... patta satutui Comment 1k danna labunata...
    pahu una tike Comment danna bari ?k tibuna... waradawa hitanna epa..
    sab 1kanam Fb 1n hari illa gatta... comment danna bari nisa
    msg walin hari thanx kala... digatama sau denna.. jaya wewa....

  44. අසිත

    ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!!
    සාදරයෙන් පිලිගන්නවා....
    ජය වේවා!!!

  45. Zeal

    paya 2ta download 433k... patta gamma....

  46. Prasad Randunu

    ThaaaaanK you aiya.. Welcome back u Baiscopelk. Love u soo much n we r always with u. Good luck...!

  47. sherlock galle

    Thanks great work

  48. Tharidu Sagara

    direct link තරිදුසාගරඩිරෙක්ට්ලින්ක්.බ්ලොග්ස්පොට්.කොම්

  49. 150MKV

    බොහොම ස්තුතියි උපසිරැසියට.

    Direct Link :- openload.co/f/bewGIf3Fjzs/Deepwater.Horizon.2016.BDRip.x264-SPARKS.mkv

  50. Kalpajith

    Meka denakalma balgena hitiye full happy

Load more comments