Watch Trailer

Bairavaa (2017) Sinhala Subtitles | මගේ නරක පුරුද්ද කියපු වචනය රකින එක [සිංහල උපසිරසි]

හැමෝටම ආයුබෝවන්…! ඉතින් ටික කාලෙකට පස්සේ ආවා තවත් දකුණු ඉන්දියානු සුපිරිම සුපිරි නළුවෙක් ඉන්න චිත්‍රපටයක්. හැබැයි මෙයාගේ චිත්‍රපටි බලන්නේ නැහැයි කියල ප්‍රථිපත්තියෙන් ඉන්න අයත් ඉන්නවා. ඔන්න ඊයේ රෑ තමයි ඔය ෆිල්ම් එකේ හොඳ කොපියක් ආවේ. ෆිල්ම් එක රිලීස් වෙලා මාසයක්වත් නැතුව ඇති, නොසිතු වෙලාවට නොසිතූ විද…

Bairavaa (2017)

හැමෝටම ආයුබෝවන්…! ඉතින් ටික කාලෙකට පස්සේ ආවා තවත් දකුණු ඉන්දියානු සුපිරිම සුපිරි නළුවෙක් ඉන්න චිත්‍රපටයක්. හැබැයි මෙයාගේ චිත්‍රපටි බලන්නේ නැහැයි කියල ප්‍රථිපත්තියෙන් ඉන්න අයත් ඉන්නවා. ඔන්න ඊයේ රෑ තමයි ඔය ෆිල්ම් එකේ හොඳ කොපියක් ආවේ. ෆිල්ම් එක රිලීස් වෙලා මාසයක්වත් නැතුව ඇති, නොසිතු වෙලාවට නොසිතූ විදියට ෆිල්ම් එක ආපුවාම කර කියාගන්න දෙයක් නෑ, ඒ වෙලාවේ තමයි නයි මල්ලිව මතක් වුනේ, නයා මල්ලෙන් එලියට අරන් උඹ භාගයයි මම භාගයයි කරමු කිව්වා, නයි මල්ලි එක පයින් කැමති වුන නිසා තමයි මෙච්චර ඉක්මනින් දෙන්න පුළුවන් වුනේ. තව දෙයක් අපේ වේබ් අඩ විය වැටිලා තියෙන කාලේ අපි ෆිල්ම් දෙන එක නැවැත්තුවා, ඒත් ඒ වෙලාවේ Kodi (2016) ෆිල්ම් එක ඇවිල්ලා සබ් එක දුන්නා මතක ඇති ඒ ඔයාලා වෙනුවෙන්, ඒ සබ් එක අරගන්න බැරුව ගොඩ දෙනෙක් මුහුණ පොතට මැසේජ්කලා මේල් දැම්මා, කමෙන්ට් කලා. මම හිතන විදියට කමෙන්ට් 250+ පමණ සංඛයාවක් තිබ්බා, වෙන දවසට කමෙන්ට් 30ක් 40ක් වත් නැති තරම්, හැමෝටම උවමනා වුනොත් විතරයි කමෙන්ට් කරන්නේ නැතිනම් ආවා, ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලා සබ් එක ගත්තා යන්න ගියා, එහෙම කරන්න එපා අපිට තියෙන එකම වාසිය තමයි ඔයාලා දාන කමෙන්ට් වලින් ලැබෙන සතුට, මට මතක විදියට මුහුණ පොතෙන් සබ් එක යවන්න ඇති 500 විතර, ඔය අතරේ හිටියා අයියේ සබ් එක ඉන්බොක්ස් කරන්නකෝ කියලා මැසේජ් 3ක් 4ක් විතර එවපු අය ඉතින් සබ් එක යවපුවාම මොකුත් නොකියා යන්න ගිහින්. එහෙම අය ඉද්දී කමෙන්ට් නොවැටෙන එක සාදාරණයි. කමක් නෑ කමෙන්ට් දැම්මත් නොදැම්මත් වෙලාවට උපසිරැසි ලැබිලා ඇති. (මේක කිව්වේ හැමෝටම නෙමේ වදිනක අයට වදින්න, දැන් තමන් දන්නවා මම කොහොම කෙනෙක්ද කියලා)

එහෙමයි එහෙමයි මාමි! එක පයින් නෙමෙයි පයින් දෙකෙන්ම කැමති වෙනව 😀 හරි හරි දැන් බලනව ඇති කවුද මේ කියල. මේ මන් අනී රාජ්. ඔන්න උදෙන්ම කෝල් එකක් ආව. බැලින්නම් අපේ සදුන් මාමි තමයි ඒක අරගෙන තියෙන්නෙ. ඊට පස්සෙ මාමි මට කිව්ව නයා බයිරවා ඇවිදින් කරමුද කියල, අර කිව්වත් වගේ එකෙන්ම කැමති වෙලා වැඩේට අත ගැහුව. ඕන් කොහොම හරි මැච් එකක් ගහල දවසක් වගේ ඇතුලත අපි දෙන්නට මේ උපසිරැසිය කරල ඉවර කරන්න පුලුවන් වුණා. වැඩේ කියන්නෙ මේ ෆිල්ම් එක පැය දෙකයි (2) විනාඩි හතළිස් පහක (45) ෆිල්ම් එකක්. [පට්ට දිගයි ඕයී] 😀 හැබැයි වැඩේ අත ඇරියෙ නම් නෑ ඕන් දුන්න උපසිරැසිය. ඉතින් තවත් දෙයක් ඔයාලට කියන්න ඕනි, ඒ තමයි මේ බයිරවා ෆිල්ම් එකට කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් ආවෙ නෑ. ඉතින් අපි දෙන්නට සිද්ද වුණේ කාල රාමු හදාගෙන අසා ලිවීමක් කරන්නයි. දන්නවනෙ කවුරු කොහොම කෑ ගැහුවත් කාටත් කලින් ලස්සනට වැඩේ කරන්නෙ අපි කියල 😀 ඕන් එහෙනම් ඔප්පු කළා ඈ…. හරි හරි එහෙනම් ෆිල්ම් එකේ විස්තර ටිකක් මම ඔයාලට කියන්නම්, ආ ඒක නෙමෙයි මේ විස්තර ටික හොයල දුන්නෙ අපේ සිසිල සහෝදරය. ස්තූතී අයියේ!

දකුණු ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ සුපිරි තරුව Vijay, 2016 වර්ෂයේ අප්‍රේල් මාසයේදී අවසාන වතාව තිරගතවූ Theri චිත්‍රපටයෙන් පසුව, සුවහසක් ප්‍රේක්ෂක ජනී ජනයාගේ සිත් සතන් අමන්දානන්දයට පත්කරමින්, 2017 වර්ෂයේ ආරම්භයම සිය ග්‍රහණයට ගනිමින්, රංගනයෙන් දායකවන නවතම චිත්‍රපටය තමයි බයිරවා. Action කාණ්ඩය නියෝජනය කරමින්, 2017 ජනවාරි 12 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම දමිළ සලරුව, ලොව පුරා සිටින්නාවූ දමිළ චිත්‍රපට රසික රසිකාවියන් වැළඳගත්තේ උන්මාදයක් ආකාරයටයි. මේ උන්මාදය කෙතරම් දරුණුද කියනවා නම්, තිරගතවීම ආරම්භවී දින 22ක් පසුවන විට ඉන්දියානු රුපියල් කෝටි 110 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට පවා මෙම චිත්‍රපටය සමත්කම් දැක්වූවා. එමෙන්ම, IMBD දර්ශකයේ 7.3 ක් වැනි ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගැනීමටද මෙම සළරුව සමත්කම් දැක්වූවා.

චිත්‍රපටය තුල ප්‍රධාන නිළියගේ භූමිකාවට පණ පොවනු ලබන්නේ නුහුරු නුපුරුදු කෙනෙක් නම් නොවෙයි. Remo(2016), Thodari(2016), Rajini Murugan (2016), Nenu Sailaja (2016), Idhu Enna Maayam (2015) ආදී චිත්‍රපට රාශියකින් ප්‍රේක්ෂක සිත් සතන් මන්මත් කරන ලද Keerthy Suresh විසින් සමස්ත චිත්‍රපටයම ආලෝකමත් කරන අතරවාරයේ, සෙසු චරිතයන් සඳහා Jagapati Babu, Daniel Balaji, Thambi Ramaiah සහ Sathish යනාදී වත්මන් දමිල සිනමාවේ දැවැන්ත චරිත කිහිපයක් සහභාගී වනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ, 2007 වර්ෂයේදී Vijay විසින්ම රංගනයෙන් දායක වන ලද, Azhagiya Tamil Magan චිත්‍රපටය තුලින් අධ්‍යක්ෂණ ක්ෂේත්‍රයට පා තබන ලද Bharathan විසිනි. එමෙන්ම 2014 වර්ෂයේදී නිකුත්වූ Veeram චිත්‍රපටය රචනා කරන ලද්දේ ඔහු විසිනි. එමෙන්ම මෙම චිත්‍රපටය රචනා කරන ලද්දේද මොහු විසින් වීම විශේෂත්වයක් වනවා.

සංගීත අධ්‍යක්ෂනය…වත්මන් ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂතම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරෙයෙකු වන Santhosh Narayanan ගේ සුමියුරු නාද රටාවන්ගෙන් සමස්ත චිත්‍රපටයම ඒකාලෝක වන අතරතුරෙහි, එම නාද රටාවන් හට පණ පොවනු ලබන්නෙ, Haricharan, Benny Dayal, Priyadarshini, Darshana KT, Arunraja Kamaraj, Ananthu යන ගායක ගායිකාවන් විසිනි.

හරි එහෙනම් ඒ විස්තර ටිකත් එක්ක මම දැන් කියන්නම් කතාවෙ මොකද වෙන්නෙ කියල. හැබැයි හැමදාම වගේ පොඩ්ඩයි ඈ. අපේ විජේ කියන්නෙ බැංකුවක සල්ලි එකතු කරන නියෝජිතයෙක්. මෙයාගෙ තියෙන් විශේෂත්වය තමයි මෙයා සල්ලි එකතු කරන්න් යන්නෙ එසේ මෙසේ අය ලගට නෙමෙයි. ඔය වංචාකරන ලොකු ලොකු මැරයො ගාවට තමයි මෙයා සල්ලි එකතු කරන්න යන්නෙ. ඉතින් ඔහොම දවසක් ඉන්නකොට එයාගෙ බොස්ගෙ දුවගෙ විවාහ උත්සවයට එයාට ඇරයුම් පතක් හම්බෙනවා. ඒ අතර වාරයේදී ඒ විවාහයට එන බොස්ගෙ දුවගෙ යාළුවෙකුට කරදරයක් සිද්ද වෙනවා. ඉතින් බොස් අපේ විජේට කතා කරල විස්තරේ කියල එයාව ඒ මැරයන්ගෙන් බේරගෙන එක්කන් එන්න කියල කියනව. ඔන්න දැන් තමයි අපේ ප්‍රධාන නිළිය වන කීර්ති සුරේෂ්ව අපේ විජේ දකින්න, ඉතින් අපේ විජේට කීරිති සුරේෂ් ගැන ආදරයක් ඇති වෙනවා. විවාහය ඉවර වෙලා එයාට අදරේ ප්‍රකාශ කරන්න යනකොට කීර්තිට ලොකූ ප්‍රශ්නයක් සිද්ද වෙනවා. විජේ ඒකට මැදිහත් වෙලා කීර්තිව බේරගත්තත් එයා කොහොමත් මැරෙන්නයි ඉන්නෙ කියල විජේට කියනව. මොකද්ද මේ ප්‍රශ්නෙ? විජේ මැදිහත් වුණේ මොන වගේ ප්‍රශ්නයකටද?

ඔන්න පැය දෙකකටත් පුරාවට බලන්න තියෙන්නෙ විජේ කොහොමද එයාගෙ කෑල්ලව මේකෙන් බේරගන්නෙ කියල. ඒ විතරක් නෙමෙයි සමාජෙට ලොකූ පණිවිඩයකුත් දෙනවා. ඒ වගේම කියන්න ඕනි මම දන්නව ඔයා සිංහල උපසිරැසි කරන්න ගොඩක් කැමති ඇති කියල. ඉතින් ඒ කොහොමද කියල දැනගන්න ආස අයට පුලුවනි මෙතනින් ගිහින් ඒ ගැන සිංහලෙන්ම දැනගන්න. ඒ විතරක් නෙමෙයි අලුත් චිත්‍රපටවල තොරතුරුත් ඔයාට බලාගන්න පුලුවන්. කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරල සප් එකක් දෙන්න. ඔන්න එහෙනම් මායි සදුන් මාමියි ලස්සන උපසිරැසියක් තමයි මේ අරන් ආවෙ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා බලන්න කියල. එහෙනම් අපි ගියා, ජය වේවා!

 

Bairavaa (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

31,940 downloadsDownload Bairavaa.2017.New_.Baiscopelk.com_.zip202 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/RAJ-SADUN-e1486245345903.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට සහ “සඳුන් ධනුෂ්ක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

31,940 downloadsDownload Subtitles202 KB

26 comments

  1. Sampathwijesingha

    Tnx machan sub ekata. ubala hinda api me theren nathi bashawa ape wage balanawa

  2. Isuru Jeewendra

    Thanks mcn sub ekt.දිගටම කරමු.ජය!!

  3. Malindasadaruwan

    ස්ුි ොක්❤️

  4. chamindaster

    film eka beluwa niyamai thanx bro

  5. Hirusha2002

    Thank you very much

  6. WWEKMN

    Thanzz bro

  7. chanaka_priyakelum

    Jayawewa bro....thanks

  8. මොළ කකුලුස්

    Thanks for your subtitles...

  9. Sarangaedi

    hodai...

  10. Ishan adeksha

    Thanx bro☺️

  11. Thiyo

    Thanks bn ❤

  12. Lahiru_gamage

    Thank sahooo

  13. lalitha jayawardana

    Sub eka enna parakku wenavane.video eka Kalin yanava.mokada karanne

  14. Baiscope-sub

    Thanks for sub

  15. kksupun

    Tnx Aiye❤️

  16. Akeesha Abhishek

    Thanx

  17. priyanka_kumari

    Sub eka wada nane

  18. daNUPA

    sub eka late

  19. mithnil1986

    නියම වැඩක් ආ...‍♂️

  20. dilhara chirantha

    Tnz Ayye

  21. Akash Tharuka

    Thanks Bro

  22. ben19

    hoadi

  23. හෂාන්

    එල

  24. Lalindu kavisha

    ela bro

  25. Ishan

    සුපිරි මචන් ලා දිගටම කරගෙන යමූ ජය වේවා ...!!!

  26. Nimnaka

    supiriiii