MENU

AllMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදහරා මුතුඅමානාට්‍යමයබලන්නවර්ගීකරණය නොකළසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Dev.D (2009) Sinhala Subtitles | අපේ කාලයේ දේව්දාස්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 16 votes.
Please wait...

දහරා මුතු අමා සොහොයුරියගේ ලිපිය…

දේව්දාස් කියන්නෙ Sarat Chandra Chattopadhyay විසින් 1917 අවුරුද්දෙ බෙංගාලි බාශාවෙන් රචනා කරපු පොතක්. මේ පොත ආශ්‍රයෙන් විවිධ භාශා වලින් චිත්‍රපටි 16ක් නිපදවෙනවා. ඒ අතරින් 1955 අවුරුද්දෙ බිමල් රෝයි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටිය සහ 2002 වසරේ සන්ජේ ලීලා බන්සාලි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටි දෙක බොහොම ජනප්‍රිය වෙනවා. එ වගේම මේ පොතේ චරිත සහ කතාව ආශ්‍රයෙන් වෙනස් ආකාරයේ චිත්‍රපටිත් නිපදවුනා. 2009 අවුරුද්දෙ තිරගත වුනු Anurag Kashyap විසින් අධ්‍යක්ශනය කරපු Dev.D කියන්නෙත් දේව්දාස් පොතෙන් උපුටා ගැනුනු නව පරම්පරාවේ චිත්‍රපටියක්.

කතාව ප්‍රධාන වශයෙන් චරිත තුනකට බෙදන්න පුලුවන්,

පාරෝ – චරිත නිරූපනය Mahi Gill. පංජාබයේ ජීවත් වන පහල මධ්‍යම පාන්තික තරුන කෙල්ලෙක්. ඒ වගේම ව්‍යාපාරික පවුලක තරුනයෙයෙක් වන දේව් ගේ ළමා වියේ මිතුරියක් සහ ඔහුට ආදරය කරන්නියක් වගේම දේව් ගේ විවිධ අවශ්‍යතා සපුරන්නියක්.

චන්දා/ලෙනී – චරිත නිරූපනය Kalki Koechlin. චන්ද්‍රමුකීගේ අලුත් වර්ශන් එකක්. පාසල් යන යුවතියක්. තම් පෙම්වතා සමග සිටිනා වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ පැතිර යාම නිසා ඇගේ පියා සිය දිවි හානි කර ගන්නා අතර, ඇය නිවසින් පැන ගොස් ගනිකා වෘත්තියේ යෙදෙනවා. ඒ වගේම ඒ ස්තානයේ වැඩිම මුදලක් අය කරන්නියක් බවටද පත් වෙනවා.

දේව් – චරිත නිරූපනය Abhay Deol. ඉහල පැලැන්තියෙ ව්‍යාපාරික පවුලක පුතෙක්. ළමා වියේදිම ලන්ඩනයට යවනවා ඉගෙනීම සඳහා. පාරෝ ගේ ආදරය අහිමි වීමෙන් මත්පැනට ඇබ්බැහි වන දේව් අවසානයේ චන්දා සමග ආදරයෙන් බැඳෙනවා.

ඉතින් අනිත් දේව්දාස් චිත්‍රපටිවලට වැඩිය ගොඩක් වෙනස් විදිහකට තමයි මේ කතාව යන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය සම්මාන රැසක් දිනා gගන්න අමත් වුනා.

හොඳම සංගීතය වෙනුවෙන් අමිත් ත්‍රිවේදි හට ජාතික සම්මානයද, ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙලේ හොඳම සහය රංගනය වෙනුවෙන් Kalki Koechlin ද, හොඳම නිලියට හිමි විචාරක සම්මානය Mahi Gill ද, හොඳම කලා අධ්‍යක්ශනය, හොඳම නර්තනය, ඇතුලු සම්මාන දිනා ගන්නවා.

එහෙනම් ආයෙ තව චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.

Zoniczz සොහොයුරාගේ ලිපිය…

ඔන්න එහෙනම් මමත් බයිස්කෝප් එකක් ගැන ලියන්න හිතුවා…හින්දි ෆිල්ම් එකක් උනත් මමනම් ආසවෙන් බලපු කතාවක්..ඒත් මේ කතාවට අකමැති අයත් ඉන්න පුලුවන්..අපිට කතාව අවසන් වෙනකන් තේරුම් ගන්න ටිකක් අමාරුයි..මේ කතාවෙන් අපිට අද කාලෙ ආදරේ ගැන හොද අවබෝධයක් ලබාගන්න පුලුවන් කියලයි මගෙනම් අදහස..
කෙල්ලො නිසා කොල්ලන්ට වෙන අබැද්දි වගේම,කොල්ලො නිසා කෙල්ලන්ට වෙන වැඩත් මෙමගින් හොදින් නිරූපනය වෙනවා..ඒවගේම අදරය කරද්දි අතිවෙන බාධා වගේම මත්ද්‍රව්‍ය ගණිකාවෘති වගේ පහත් දේවලට යොමු වෙන්නත් ආදරේ ගොඩක් බලපාන බව, එවගේම ආදරේ කරද්දි විස්වාසය ගොඩාක් වැදගත් බව…ෆිල්ම් එක බැලුවම අපිට වැටහෙනවා…
මගෙ ලිපිය කියවල ෆිල්ම් එක බලන්න ආසා හිතුනනම් බාගන්න කියල තමා කියන්න තියෙන්නෙ..හබැයි මමනම් හිතන්නෙ ආදරේ කරන අය අනිවා බලන්න ඔනා කතවක් තමා Dev.D කියන්නෙ..

සැ:යු! ඒ වගේම නවක නලු නිළි යුවලක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය IMDB වල 8.5/10 ක් ලබාගෙන තියෙනව..ඇත්තටම ඒක බොහොම ඉහළ අගයක්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3504 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/MuthuA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

23 thoughts on “Dev.D (2009) Sinhala Subtitles | අපේ කාලයේ දේව්දාස්… [සිංහල උපසිරසි සමඟ]

  • Eranda Malith 2.0

    Thanks mcn

    Reply
  • isuru udayanga

    Download වෙන්නෙ නැත්තෙ ඇයි.මේ page ඒකේදි විතරයි එහෙම

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Yushan Malith

    Thanky for the sub

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Thank you jayawewa…..!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

    Reply
  • subtitle nene me film eke??????????

    Reply
  • විස්තරේට බොහොම තුති.ඔබට ජය…!

    Reply
  • hoda film ekak Thanks saho…

    Reply
  • nelantha herath

    niyama film eka. dl karala balanawa

    Reply
  • Gayan Sutherland

    mata nam direwwe naha sirawatama kalekata kalin maam baluwe apahu balamuko mea kattya kiyana hinda

    Reply
  • බලමු බලමු කාලෙකින් හින්දි film එකක් බැලුවෙත් නෑ……!! 😀

    Reply
  • @පොතේගුරා.. ඔව් මට මතක හැටියට මෙක අවුට් උනෙ පෙබරවාරි මාසෙ…බලලම කියමුකො බලන්න…මම හිතනව අල්ලලා යයි කියල.. 😀

    Reply
  • පොතේ ගුරා

    මේක අලුත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අය බලල නෑ වගේ..මමත් අද තමයි බාන්න දැම්මෙ.. හික්z…

    Reply
  • අහ්…මට කියන්න අමතක උනා..ඒ වගෙම මේ ෆිල්ම් එක Devdas ෆිල්ම් එකටත් පොඩි නෑදෑ කමක් තියෙනව….ප්‍රධාන චරිත දෙකේ නම් දෙක පවා ෆිල්ම් දෙකේම එකයි (Dev,Paro)..ඒ උනත් Devdas වලට වඩා මේ ෆිල්ම් එක වෙනස්..

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *