අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dhootha [S01 : E07] Sinhala Subtitles | සාගර් අභිබවා ගිය දූෂිත මාධ්‍යවේදියා. (18+)[සිංහල උපසිරසි]

Rating: 7.9/10. From 9 votes.
Please wait...

Dhootha (2023) [Season 01] Sinhala Subtitles

Dhootha [S01 : E07] Sinhala Subtitles

රාඝවයියා උතුම් නායකයෙක් වුණ නිසා ඕනම මැතිවරණයකදී බහුතරයකින් දිනන්න හැකියාවක් රාඝවයියාට තිබුණා. ඒත් මෙදා පාර පලමු වතාවට රාඝවයියාට විරුද්ධව චක්‍රපානි තරඟ වදිනවා. රාඝවයියා පණපිටින් ඉන්නකල් චක්‍රපානිට දින්න බැහැ කියලා දන්න නිසා චක්‍රපානි රාඝවයියාව මරලා දාන්න සැලසුම් කළා. චක්‍රපානි, මන්තී රාඝවයියාගේ ගෙදර වැඩකාරි කල්පනාව දැලේ දාගෙන රූකඩයක් වගේ නටවන් හිටියේ. චක්‍රපානි, ආදරයෙන් අන්ධ වෙලා හිටිය කල්පනාගේ උදවුවෙන් රාඝවයියාගේ පවුලට විෂ සහිත අග්ගලා කන්න දෙනවා. මුළු පවුලම මේ අග්ගලා කෑමට ගන්නවා.

කල්පනාට රාඝවයියාගේ පවුලට රසකැවිලි බෙදා දී චක්‍රපානිව හමුවෙන්න වැව ලඟට එන්න කිව්ව නිසා කල්පනා වැව ලඟට එනවා. වැවේ නාමින් හිටි චක්‍රපානි කල්පනාව තමන්ගේ ළඟට කතා කරගන්නවා. ලඟට ගෙන දියේ ගිල්වා මරලා දානවා. කල්පනා ලිපියක් ලියා සියදිවි නසා ගත් ආකාරයට චක්‍රපානි වැව් බැම්මේ ලිපියක් තබා යනවා. භූපති ගම්මුන් එක්කගෙන වැව ගාවට එනවා. එහිදී මේ ලියුම හම්බවෙනවා. ලියුමේ සඳහන් වෙලා තිබුණේ රාඝවයියාගේ පවුල ඇයට බලහත්කාරකම් කරපු බවත් ලැජ්ජාවෙන් තවදුරටත් ජීවත් විය නොහැකි නිසා ඇය සියදිවි නසා ගත් බවයි.

Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles

සැලසුම් කරපු විදියටම භූපති, SI රමනා ඝෝෂ්ව මෙතනට එක්කගෙන එනවා. වැව් බැම්ම ආසන්නයේ තිබුණ ලිපිය කියවා ගම්මුන්ට මේක සියදිවි නසාගැනීමක් කියලා ඒත්තු ගන්වනවා. භූපති මුද්‍රණාලයේ අනෙක් සේවකයින් මුද්‍රණාලයෙන් පිටත් කරලා පහුවදා පළ වෙල පත්තරය මුද්‍රණය කරන්න ගත්තා. මොකද ධූතා දෙයක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම ඇත්ත කියලා මිනිස්සු තදින්ම විශ්වාස කළා. සත්‍ය මූර්ති හැමවිටම සත්‍යය විතරක් පුවත්පතේ පළ කරන්න කටයුතු කළා. මේ වාසිය ඉදිරි මැතිවරණය වෙනුවෙන් තමන්ට ලබා ගන්න චක්‍රපානි හිතුවා. පහුවදා පත්තරය දැකලා මුළු පලාතම කුපිත වෙනවා.

චක්‍රපානි ගම්මුන් ඒකරාශී කරගෙන රාඝවයියාගේ ගෙදර වට කළා. රාඝවයියාගේ ගෙදරින් කිසිම ප්‍රතිචාරයක් පෙනෙන්න නැති නිසා SI රමනා පොලිස් කණ්ඩායම එක්කගෙන ගොස් දොර කඩා ගෙට ඇතුළු වුණා. ගෙදර පුරාම සෝදිසි කරන්න ගත්තා. උඩ තට්ටුවේ එක කාමරයක රාඝවයියා හා මුළු පවුලම බෙල්ල වැලදාගෙන මැරිලා ඉන්න අයුරු පෙනෙන්න තිබුණා. ජනේල් වගේම කාමරයට ඇතුල්වෙන දොරත් ඇතුලෙන්ම අගුළු දාලා තිබුණ නිසා මේක සමූහ සියදිවි නසාගැනීමක් කියලා විමර්ශනය අවසන් කරනවා. තිරුපති ගිය සත්‍ය මූර්ති දවසකට පෙරම ආපසු ගෙදරට එනවා.

ගෙදර ආවම පත්තරේ පළ වෙලා තිබුණ කල්පනාගේ සියදිවි නසාගැනීම ගැන ප්‍රවෘත්තිය දකිනවා. තමන්ගේ යාළුවා මේ වගේ දෙයක් කරන්නෙ නැහැ කියලා සත්‍ය මූර්ති විශ්වාස කලා. මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා තේරුණ සත්‍ය මූර්ති භූපතිව හොයාගෙන යනවා. එහිදී භූපති, චක්‍රපානි හා SI රමනා එක්ක මත් පැන් බොමින් සතුට සමරන හැටි දැක්කා. ඒ වගේම එතැනදි මෙයාලගේ සැලසුම ගැන කතා කරගන්න ගත්තා. මේ ඔක්කොම සත්‍ය මූර්ති රහසින්ම අහගෙන හිටියා. සත්‍ය මූර්ති නිදහස් ව්‍යාපාරය කාලයේ ප්‍රදීපාගාරයේ ඉඳන් පුවත්පත් මුද්‍රණය කරලා තිබුණා.

ඒ ප්‍රදීපාගාරයේ තවමත් ඒ මුද්‍රණ යන්ත්‍රය තිබුණ නිසා එතැන ඉඳන්ම හොර රහසේම හෙට පළවෙන පත්තරය මුද්‍රණය කරන්න යනවා. සත්‍ය මූර්ති වේලාසනින්ම ගෙදර ආවා කියලා භූපති, චක්‍රපානි, ඝෝෂ් දැනගන්නවා. ඔවුන් එතනට යද්දි පත්තරය මුද්‍රණයේ වැඩ අවසන් වෙලා තිබුණේ නැහැ. කිසිම අනුකම්පාවක් පෙන්නන්නෙ නැතුවම තුන්දෙනාම එකතුවෙලා සත්‍ය මූර්තිට පහර දී, මුද්‍රණ යන්ත්‍රයට තබා ගෙල හිර කර මරා දානවා.

කතාව ඉවරවෙනකල් ඇහුව සත්‍යා, සත්‍යපට්නම් වල තිබුණ සත්‍ය මූර්ති අවසන් හුස්ම හෙලූ ප්‍රදීපාගාරයට යනවා. එතනදිත් සාගර්ට පත්තර කොල කෑල්ලක් ලැබෙනවා. මේ කොලයේ සඳහන් වෙලා තිබුණේ ප්‍රියා හා ප්‍රියාගේ තාත්තා නන්නාදුනන පුද්ගලයෙකුගෙන් මැරුම් කෑවා කියලයි. මේ පුවතෙන් කලබල වුණ සාගර් කඩිමුඩියේම ආයෙත් එතැනින් පිටවෙලා යන්න ගියා. ඒ අතරේදි ක්‍රාන්තිගේ මූලිකත්වයෙන් කෝටිගේ මළසිරුර ගොඩ ගන්නවා. මේක කෝටිගේ සිරුර කියලා හඳුනාගෙන පැය 24ක් ඇතුලත සාගර්ව හා අජේ ඝෝෂ්ව අත්අඩංගුවට ගන්න ක්‍රාන්ති නියෝග කළා.

තවත් පැත්තකින් කෝටිගේ බිරිඳ තමන්ගේ සැමියා ගැන විස්තරයක් දැනගන්න ඝෝෂ්ගේ ගෙදරට එනවා. කාමය ඇවිස්සිලා ගිය ඝෝෂ්, කෝටිගේ නෝනාගෙන් අයුතු වාසියක් ගන්න උත්සාහ කරනවා. කෝටිව නිදහස් කරලා දෙන්න නම් එයා එක්ක නිදාගන්න එන්න ඕන කියලා ඝෝෂ් කොන්දේසියක් දානවා. වෙනත් විකල්පයක් නැති නිසා කෝටිගේ බිරිඳ මේ කොන්දේසියට එකඟ වෙනවා.

මධ්‍යම රාත්‍රියේදී සාගර්, DCP ක්‍රාන්තිගේ ගෙදරට එනවා. සාගර් ක්‍රාන්තිව මුණගැහෙන්න ආවේ මොකටද? කෝටිගේ මිනිය ගොඩ ගත් නිසා පොලිසියට බාර වෙන්නද?

Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles

දෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිල, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා.

බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.

මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24, Manam, Yavarum Nalam, Ishq, Gang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා.

ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා. මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.

පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා.

සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.

ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ.

චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.

Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles Dhootha [S01 : E07] Sinhala Subtitles

මේ සීරීස් එක කරමු කියලා වැඩේ පටන් ගත්තේ අපේ ෆීනික්ස් සහෝදරයා. එයා හින්දා තමයි මේක හිතුවටත් වඩා ඉක්මනින්ම කරගන්න ධෛර්යයක් ලැබුණේ. ඒ ගැන මයුර සුරාජ් සහෝදරයට බෙහෙවින්ම ස්තූති කරනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

5 thoughts on “Dhootha [S01 : E07] Sinhala Subtitles | සාගර් අභිබවා ගිය දූෂිත මාධ්‍යවේදියා. (18+)[සිංහල උපසිරසි]

  • …බොහෝම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට..

    Reply
  • ගොඩක්ම ස්තූතියි රවි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *