අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dhootha [S01 : E05] Sinhala Subtitles | මුසාවාදය ප්‍රචාරණය මරණයට හේතු වේ! (18+)[සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 5 votes.
Please wait...

Dhootha (2023) [Season 01] Sinhala Subtitles
Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles

සාගර් ඝෝෂ්ව හමුවෙන්න මන්කාපුරම් පොලිස් ස්ථානයට යනවා. මේ පත්තර කොල කැබලි ගැනත් රිය අනතුර, චාල්ස්ගේ මරණය, කෝටිගේ මැරණය ගැනත් ඝෝෂ්ට කියනවා. මුලදි ඝෝෂ් විශ්වාස කළේ නැතත් ඝෝෂ් කෝටිගේ කටේ තිබුණ රත්තරන් දත ගලවලා ගත්ත එක ගැන එක කොලයක තියෙනවා දැක්කම මේක විශ්වාස කළා. ඝෝෂ්ට මේ පත්තර කොලය ලැබුණෙ කොහෙන්ද කියලා සාගර් අහනවා. මේ පත්තර කොලය පාන්(විට) ඔතාගෙන ආව කොලයක්. සාගර් මේ සිදුවීම් පස්සෙන් කවුද ඉන්නෙ කියලා හොයලා බලන්න ඝෝෂ්ට පවරනවා.

ඒ අතරෙදි DSP ක්‍රාන්ති කෝටි අතුරුදහන් වුණ දවසේ මන්කාපුරම් පොලිස් ස්ථානය ඉදිරියේ තියෙන CC කැමරා දර්ශන නිරීක්ෂණය කරනවා. එහිදී පොලිස් ස්ථානයෙන් පිටව යන කෝටිව ආයෙත් කවුරු හරි කෙනෙක් පොලිසිය ඇතුලට එක්කගෙන යනවා සටහන් වෙලා තිබුණා. ඒත් වැස්ස නිසා ඒ කවුද කියලා හඳුනාගන්න බැහැ. ඒ නිසා කෝටි ආයෙත් පොලිසියෙන් එලියට එනකල්ම වීඩියෝව ෆෝවඩ් කළා. ඒත් කෝටි නම් එලියට එනවා දකින්න ලැබුණෙ නැහැ. ඒ වෙනුවට SI ඝෝෂ් සුපුරුදු විදියට එයාගේ ගෙදර යන පාරෙන් නැතුව වෙනම පාරකට හැරෙනවා දකින්න ලැබෙනවා.

සාගර්ගේ හා SI ඝෝෂ්ගේ හැසිරීම් සැක සහිත නිසා මේ දෙන්නගේ දුරකථන සේවා සැපයුම් ප්‍රවර්ධකයාගේ ආයනයකට ගිහින් එදා රෑ ආව ගිය තැන් GPS ලොකේෂන් ඔස්සේ සොයා බලනවා. ඒ අනුව අජේ ඝෝෂ් අන්කායපාලම් ගිය බවත්, ඉන් පසුව සාගර්ද අන්කායපාලම් වෙත පැමිණි බව දකින්න ලැබෙනවා. ක්‍රාන්ති සෙවුම් වරෙන්තුවක් ගෙන සාගර්ගේ ෆාර්ම් හවුස් එකේ සෝදිසි කරන්න ගන්නවා. ඒත් ගෙදර ඇතුලේ කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. වත්තේ තිබූ කුණු ගොඩක් දකින ක්‍රාන්ති කුණු අවුස්සා බලනවා.

එහිදී ඉවත දැමූ සේදුම් කාරක ගැලුමක් හා හුණු බාස්කට් එකක් හොයාගන්නවා. ක්‍රාන්ති ජෙනරේටර් කාමරයට ගිහින් සෝදිසි කරද්දි අලුත හුණු ගෑ බිත්තියත්, හොඳින් පිරිසිදු කර තිබුණ කාමරයේ පොළොවත් දකිනවා. ක්‍රාන්තිගේ අනුමානය හරියන ලකුණු පේන මානයේ. බරට හෑරුණු අඩි පාරවල් දිගේ එහා පැත්තෙ තිබුණ පාළු වත්තට යොමු වෙනවා. ක්‍රාන්තිට මේ වත්තෙ එක තැනක අලුත පස් පෙරළීමක් වෙලා තියෙනවා දකින්න ලැබුණා. වහාම එතන හාරන්න කියලා කණ්ඩායමට නියෝග කරනවා.

මේ අතරෙදි සාගර්ට තවත් පත්තර කොලයක් ලැබෙනවා. ඒකේ “සාගර්ගේ නිවසේ ඛේදවාචකයක්. ඔහුගේ සය හැවරිදි දියණිය සෝපාන ප්‍රදේශයට ඇද වැටී මිය යයි” විදියට සටහන් වෙලා තිබුණා. සාගර් අංජලීව ගෙදර හැමතැනකම හොයන්න ගත්තා. ඒත් ඒ වෙද්දිත් අංජලී ලිෆ්ට් එක උඩට වැටිලා හිටියේ. සාගර් අංජලීව බේරගන්න කොයිතරම් වෙහෙසුණත් පත්තර කොලයේ තිබුණ විදියටම අවසානයේ අංජලී ලිෆ්ට් එකේ ප්‍රතිභාරකයේ ගැටී මිය යනවා.

කෝටිගේ මරණය සොයා වළ හාරන ක්‍රාන්තිට ලැබුණේ ඒයිගේ මළකුණ. ක්‍රාන්ති බලාපොරොත්තු වුණ විදියට කෝටිගේ මිනිය ලැබුණෙ නැති නිසා ආයෙත් විමර්ශනයේ මුලටම අරගෙන එනවා. චාල්ස්ගේ සියදිවි නසාගැනීම බලාගෙන හිටිය පුද්ගලයා කවුද කියලා ආයෙත් හොයන්න වෙන තැනටම. වෙනත් සාක්ෂියක් ලැබෙනකල් ක්‍රාන්ති බලාගෙන ඉන්නවා. මේ අතරෙදි අංජලීගේ අවසන් චාරිත්‍ර සිදු කරන තැනට කහ ජැකට් බයික් කාරයා ඇවිත් බලාගෙන ඉන්නවා. සාගර් ජැකට් කාරයා ඉන්න තැනට දුවගෙන ගියත් සාගර් එන්න කලින් එයා පැනගන්නවා. ඒත් එයාගේ පර්ස් එක බිම වැටෙනවා.

ප්‍රියාගේ නමට පාර්සලයක් සාගර්ගේ ගෙදරට ලැබෙනවා. වැඩකාරිය මේ පාර්සලය බාරගන්නවා. පාර්සලයෙන් ගඳක් එන නිසා වැඩකාරිය මේ පාර්සලය ඇරලා බලනවා. ඇරලා බලද්දි ඇතුලෙ තිබුණේ අමෘතාගේ දරු කලලය. අමෘතා ඒ එක්කම ලිපියක් එවලා තිබුණා. ලිපියේ තිබුණේ “ප්‍රියා ඔයාට මාව විශ්වාස නැත්නම් නම් DNA පරික්ෂාවක් කරන්න” කියලා. ප්‍රියා සාගර්ගෙන් සෘජුවම මේ ගැන ප්‍රශ්න කරද්දි සාගර් වැරැද්ද පිළිගත්තා. ප්‍රියාට තවත් සාගර් එක්ක එකට ජීවත් වෙන්න හිතක් නැති නිසා සාගර්ව ගෙදරින් එලියට දැම්මා. සාගර් එයාගේ දෙමව්පියන් ළඟට යනවා.

ඔය අතරෙදි සාගර් කහ ජැකට් බයික් කාරයා පස්සෙන් ලුහුබඳින්න ගන්නවා. මේ බයික් කාරයා ප්‍රසිද්ධ යූටියුබ් චැනල් එකක් වුණ Ghost Shadows එකේ වැඩසටහන මෙහෙයවන කිරන් නම් කාන්තාවක්. මෙයා අවතාර ඉන්න තැන් හොයාගෙන ගිහින් අවතාර ඉන්නවද නැද්ද කියලා විද්‍යාත්මකව පරීක්ෂණ කරනවා වගේම මේ ක්‍රියාවලිය වීඩියෝගත කරනවා. සුපුරුදු විදියටම වීඩියෝවක් කරන්න ආව තැනට එක සැරේම සාගර් කඩා වදිනවා. “සාගර්, ඔයා මෙතනට ආවේ ඇයි?” කියන එකයි කිරන්ගෙ කටින් පිටවුණේ. කිරන් සාගර්ගෙ පස්සෙන් ගියේ මොකටද? සාගර්ගෙ පස්සෙන් අවතාරයක් පන්නනවා කියලා කිරන් දැනගත්තෙ කොහොමද?

Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles

දෙසැම්බර් 1 දා නිකුත් කරපු මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි. මේක ඇමසන් ප්‍රයිම් හරහා තෙළිඟු භාෂාවෙන් නිකුත් වුණ Neo Noir(Dark Film), Cime, Thriller කාණ්ඩයට අයත් කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාවට නාගා චෛතන්‍යා, ප්‍රියා භවානි ශංකර්, පාර්වතී තිරුවෝතු, ප්‍රචි දේසායි, පසුපති, රවීන්ද්‍රා විජයි, ජයප්‍රකාශ්, අනිශ් කුරුවිාලා, තරුන් බාස්කර්, රෝහිණී, තනිකෙල්ලා බරණි වගේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් චරිතවලට ජීවය දෙනවා.

බොහෝ අය දන්නවා මලයාලම් සිනමාවේ පාර්වතී තිරුවෝතු සහ දෙමළ සිනමාවේ පසුපති අති දක්ෂ නළුවන් දෙපළක්. ප්‍රධාන චරිතය කළ චෛතන්‍යාට වඩා ඔහුගේ සහය රංගන ශිල්පීන් මේ සීරීස් එක පුරාම ලකුණු දාගත්තා. ඇත්තටම පටන් ගත්ත ගමන්ම කතාව කෘතීම ගතියක් දැණුනත් අනෙක් චරිත එක්ක මිශ්‍ර වෙලා යද්දි ඒ වෙනස නොදැනීම යනවා.

මේ කතා මාලාව අධ්‍යක්ෂක සහ රචනය කළේ වික්‍රම් කේ කුමාර් කියන අති දක්ෂ අධ්‍යක්ෂකවරයා. ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්. ඔහු 24, Manam, Yavarum Nalam, Ishq, Gang Leader චිත්‍රපට ඔහු විසින් රචනා කර අධ්‍යක්ෂණය කළා. ඔහු මේ සීරීස් එක Neo Noir ආකාරයට නිර්මාණය කර තිබෙනවා. Neo Noir සාමාන්‍ය විදියට Dark Film එකක් කියලා හඳුන්වනවා. ඩාර්ක් ෆිල්ම් එකක් කිව්වම ගොඩක් අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටි මේ ආකාරයෙන් නිෂ්පාදනය කරනවා. ඩාර්ක් ෆිල්ම් ගැන කිව්වම ගොඩක් DC කොමික් චිත්‍රපට වලට මේ ක්‍රමය පාවිච්චි කරනවා.

මේ ප්‍රභේදයේ චිත්‍රපටි, කතා මාලා වලට ආස කරන වෙනම රසික කොට්ඨාසයකුත් ඉන්නවා. හරි, සීරීස් එක දිහාට හැරිලා බැලුවොත් පළවෙනි කොටසේ ඉඳන්ම අපිට යම් යම් දේවල් ඉඟි කරනවා. කතා මාලාවේ තිර රචනය අවසානය වෙනකල්ම ත්‍රාසජනක භාවය ඒ අයුරින්ම පවත්වාගෙන යනවා. අධ්‍යක්ෂක වරයාගේ අද්විතීය තිර රචනය හැම අවස්ථාවකදීම පෙනෙනෙවා. දිගින් දිගටම ඉඟි දුන්නත් අවසානයේ බලාපොරොත්තු නොවෙන නිමාවක් දීලා කතා මාලාව නිම කළා.

පෞද්ගලිකවම මමත් මේ අධ්‍යක්ෂක වරයාගේ ලැයිස්තුවට කැමතියි. 13B නැත්නම් Yavarum Nalam කියන චිත්‍රපටය බලපු අයට වෙනස්ම අත්දැකීමක් ලැබෙන්න ඇති. ඒ විදියේම වෙනස්ම අතදැකීමක් මේ කතා මාලාවෙන් ලබාගන්න පුළුවන්. යවරුම් නලම් චිත්‍රපටියේ වීරයගේ පවුල අලුත් ගෙදර පදිංචියට ගියා. මේ ගෙදරදි වීරයගේ පවුලෙ අය ගෙදර ටීවි එකේ ගිය ‘යවරුම් නලම්”(සැවොම සතුටින්) කියන නාට්‍යය බලන්න පුරුදු වෙලා හිටියා. මේ නාට්‍යයේ සිද්ද වෙන දේවල් එයාලටත් සිද්ද වෙන්න ගන්නවා. තාමත් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න කියලා නිර්දේශ කරනවා.

සූරියා රඟන 24 චිත්‍රපටිය කාල තරණය සම්බන්ධ චිත්‍රපටයක්. ගොඩාක් අය දන්නවා මේ චිත්‍රපටියේ සූරියා ත්‍රිත්ව චරිත මවනවා. කෙනෙක් මේක බලලා නැත්නම් ඇත්තටම ඒක පුදුමයක්. Gang Leader චිත්‍රපටය පළිගැනීමක් වෙනුවෙන් එක්වෙන පවුල් 5ක ධෛර්යමත් කාන්තාවන් 5 දෙනෙකු නවකතා රචකයෙකු සමඟින් එක් වී කරන මෙහෙයුමක් ගැන කතාවක්. Ishq ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. ලස්සන ආදර කතාවක්.

ධූතා අධ්‍යක්ෂකවරයාගේ වගේම චෛතන්‍යාගේත් පලමු කතා මාලාව ද වෙනවා. මේ අධ්‍යක්ෂකවරයා අක්කිනේනි පවුල එක්ක සමීප සබඳතාවයක් තියෙනවා ඇති. මොකද අක්කිනේනි පවුල වෙනුවෙන් Manam, Thank You, Hello කියන චිත්‍රපට තුන කළා. Manam චිත්‍රපටයේ අක්කිනේනි නාගේෂ්වර් රාඕ මුණුබුරා ලෙසත්, නාගා චෛතන්‍යා පියා ලෙසත්, නාගර්ජුනා සීයා ලෙසත් ආත්මීය සබඳතා, පුනර්ජන්මය මත දිවෙන කතාවක් නිර්මාණය කර තිබුණා. මනම් චිත්‍රපටය ආදායම්, ප්‍රතිචාර වශයෙනුත් අති සාර්ථක වුණා. ඒත් Thank You චිත්‍රපටයට ප්‍රේක්ෂකයින්ව තෘප්තිමත් කරන්න පුළුවන් වුණේ නැහැ.

චෛතන්‍යා Bangarraju (2022) චිත්‍රපටයෙන් පස්සෙ කරපු Thank You, Custody චිත්‍රපට දෙකම අසාර්ථක වුණා. චෛතන්‍යා, අමීර් ඛාන්ගේ Laal Singh Chaddha චිත්‍රපටයත් රංගනයෙන් දායක වුණා. චෛතන්‍යාට විතරක් නෙවෙයි, අක්කිනේනි පවුලේම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වුණා. ඒවා පිළිවෙලින් නාගර්ජුන්ගේ The Ghost (2022), අඛිල්ගේ Agent (2022) හා චෛතන්‍යාගේ Custody (2023). කොහොම වුණත් චෛතන්‍යාගේ Thandel නම් චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

කෙනෙකුට මේ කතා මාලාව තේරුම් ගන්න ලෙහෙසියි. දරුවන් ඇරෙන්න තරුණ, මහළු කාටත් අපහසුතාවයක් නැතිව බලන්න පුළුවන්. විශාල වශයෙන් ප්‍රචණ්ඩත්වය දැක්වෙන දර්ශන හෝ ලිංගික දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. ඇමසන් ප්‍රයිම් එකේ සීරීස් එකක් වුණාම ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඔයාලා වැය කරන කාලයට උපරිම තෘප්තිමත් කිරීමක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. සීසන් 2 ගැන අදහසක් තියෙනවා කියලා අන්තිමටම චූටි ඉඟියකින් කියනවා. ඉස්සරහට කොහොම වේවිද කියලා බලමු.

Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles Dhootha [S01 : E05] Sinhala Subtitles

මේ සීරීස් එක කරමු කියලා වැඩේ පටන් ගත්තේ අපේ ෆීනික්ස් සහෝදරයා. එයා හින්දා තමයි මේක හිතුවටත් වඩා ඉක්මනින්ම කරගන්න ධෛර්යයක් ලැබුණේ. ඒ ගැන මයුර සුරාජ් සහෝදරයට බෙහෙවින්ම ස්තූති කරනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.

අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

4 thoughts on “Dhootha [S01 : E05] Sinhala Subtitles | මුසාවාදය ප්‍රචාරණය මරණයට හේතු වේ! (18+)[සිංහල උපසිරසි]

  • ගොඩක්ම ස්තූතියි රවි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *