ඔන්න ගොඩ දවසකින් නැවතත් මම, මගේ පස් වන උපසිරැසිය අරගෙන ආවා. මේ සැරේ මම අරගෙන ආවෙ හොල්මන් චිත්‍රපටියක්. මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් මේ හොල්මන් කතා වලට ලැබෙන IMDB අගය අඩු කියලා බොහොම දෙනෙක් දන්නා කරුණක් නෙව. නමුත් මේක නම් ඒ බාධකය ලස්සනට ජය ගෙන තියනවා IMDB…
ඔන්න ගොඩ දවසකින් නැවතත් මම, මගේ පස් වන උපසිරැසිය අරගෙන ආවා. මේ සැරේ මම අරගෙන ආවෙ හොල්මන් චිත්‍රපටියක්. මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.
සාමාන්‍යයෙන් මේ හොල්මන් කතා වලට ලැබෙන IMDB අගය අඩු කියලා බොහොම දෙනෙක් දන්නා කරුණක් නෙව. නමුත් මේක නම් ඒ බාධකය ලස්සනට ජය ගෙන තියනවා IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.7 ක අගයක් ලබාගෙන. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sam Raimi විසින්. ඒ වගේම Box office වාර්තා වලට අනුව මෙය $90,842,646 ක ආදායමක් ලබාගෙන තියෙනවා. ඒ අතිනුත් අති සාර්ථක මේ චිත්‍රපටය. මෙම චිත්‍රපටියට රංගනයෙන් Alison Lohman,Justin Long, Lorna Raver Dileep Rao, Bojana Novakovic, Adriana Barraza කියන අය දායක වෙනවා.
කතාව මෙහෙමයි, ක්‍රිස්ටිනා බ්‍රවුන් කියන්නේ බැංකුවක වැඩ කරන ණය දීම පිළිබද නිලධාරිනියක්. මෙයා තමන්ගේ ජීවිතය ගැන ලොකුවට වද වෙන කෙනෙක්. මෙයාට පෙම්වතා එක්ක තියන සම්බන්ධය ගැනත් ඒ හැටි විශ්වාසයක් නැහැ. වෘතිය ජීවිතයේත් ලොකු කඩයිමක් පහු කරන්න හැකි වේද නොවේද කියන තරගයක ඉන්නේ… වැඩ කරන තැන ප්‍රධානියාගෙනුත් කිසිම බුරුලකට ඉඩක් නැහැ. මේ අතර ඇය ළඟට එනවා වයසක කාන්තාවක් තමන්ගේ ගෙදර බේරා ගන්න ණයක් ඉල්ලාගෙන. නමුත් ඒ ණය දෙන්න ක්‍රිස්ටිනා ප්‍රතික්ෂේප කරනවා. බැංකු වලින් එහෙම ණය දෙන්න නැහැ නෙව. නමුත් මේ වයසක නෝනා ශාප කරන්නේ ක්‍රිස්ටිනාට…. එතනින් එහා කතාව බාර ඔයාලට….
2009 වසරදි ඇමරිකාවෙ නිපද වු මෙම චිත්‍රපටිය දැනට පවතින හොදම හොල්මන් චිත්‍රපට අතර ඉහළ ස්ථානයක් ලබාගෙන තියෙනවා. ඉතින් තවත් එකක් අරන් එනකම් ඔබට ජයවේවා…! ගිහින් එන්නම්.
මීට කලින් පළකල ලිපිය.
මේකත් හොල්මන් කථා ගොන්නට වැටෙන 1ක්… හැබැයි මේක IMDB වල 7.5/10 ලාබාගෙන තියනවා… ඒක නිසා කථාව ගැන හිතාගන්න පුළුවන්නේ..
කථාව පොඩ්ඩක් විතර කිව්වොත්…; ක්‍රිස්ටීන් ඛ්‍රොවුන් බැංකු ණය දෙන
අංශයේ ඉතා හොදින් සේවය කරන තරුණියෙකි. ඇය උසස්වීමක් බලාපොරොත්තුවෙන් පසුවෙන්නෙකි.. දිනක් තම බැංකුව වෙත පැමිණ ක්‍රිස්ටීන් හමුවෙන මායාකාරී හා අප්‍රසන්න පෙනුමක් ඇති මහළු කාන්තාවක් ඇය ආ කාරණාව ක්‍රිස්ටීන් විසින් ඉටුනොකරදීම නිසාත්, මහළු කාන්තාවට අගෞරව කර නිසාත් තමන්ට පහර දීම නිසාත්.. ක්‍රිස්ට්න්ගේ ජැකෙට්ටුවේ බොත්තමක් ගලවා එයට යම් වදනක් පවසා (ශාපකර) නැවත ඇයටම භාර දෙයි.
මින් අනතුරුව එම ශාපයෙන් ඇයට සිදුවෙන දේ හා ඇය එම ශාපයෙන් ගැලවීමට කරන දේ බලන්න මෙම චිත්‍රපටිය බාගන්නම වෙනවා…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරාසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
b728e0eee5c44e1afd2440d48c52859dc8357be1 92ac57d8a3fbf21204019d0b6d3abf62e3b36e6c 63c475e5d21b15933c714b42c08e5ad4831b4e58 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,898 downloadsDownload Drag-Me-to-Hell-2009.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/R-Indika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රජිත අයි.බි.කේ (ribk____) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රජිත අයි.බි.කේ
Subtitles
74 comments
Uraj Deemantha
marvelTracker
BAyath hithenawa ban....
maneesh
holman ne..... :\
දිනුෂ්ක උදාර
හොඳ මූවි එකක්වෙයි කියල හිතනවා.
මොකද මේක ගහපු Sam Raimiම තමයි Spider-Man ෆිල්ම එකත් ගහල තියන්නෙPathum Punchihewa
It's not that good brothers... sam raimi is a good Director but he didn't make justice for this one. weak plot and weak climax. less or no cinematography... But do not depend on just my comment. that's onlt my thought. watch and give your feed backs....
උෂාන්
හෙල්මන් :-O එලස් බාන්නම්
දැන් බාන තරමට ෆිල්ම් බලන්න වෙන්නෙත් නෑ :P
කමක් නෑ ඩයලොග් මාමා පවුනේ බාමි :Dmaneesh
agreed with Pathum Punchihewa.........
trailers r nt intent us to see it....
දිනුෂ්ක උදාර
මමත් හිතනවා මූවි එක චාMAX කියල. trailer එකෙන්ම ඒක තේරෙනවා. මම ගොඩක් horror මූවීස් බලන්න ආස කෙනෙක්. ඉදිරියෙදි ලිපි කිහිපයක් ලියන්න හිතාගෙන ඉන්නව බයිස්කෝප් එකට. හොඳට බයවෙන ෆිල්ම්ස් ටිකක් දාන්නම්.
DareDevil87
අනේ මන්දා... තාම no idea...
maneesh
@Lahiru Randika : balanna baya nam na...tyerumak nati film balanna kamati na....
me dawas wala chart eke no 1 tiyenne horror movie ekak...eka balanna...anna film...
Zombieland (2009)
http://www.imdb.com/title/tt1156398/.AL1717
Meka Nam DL kala Thama Beluwe Ne...
ගෝලයා
මමත් ගුරා වගේ හොල්මන් චිත්‍රපටි බලන්නෙම නැහැ. :) දවසක් Ring බැලුවා. බැලුවම තමා, එදායින් පස්සෙ හොල්මන් බයිස්කෝප් අරහන්. :D
Suvin
machan laaaa..... meke end eka nam hari naha! film1 nam tikak hodai! pana pitin apaayata geniyanawa pennanawa! e unaata end eka nam wadak naha.....
කසුන්
එලම තමා. මමත් බැළුව. බය හිතෙනවා. ස්තූතියි.
කසුන්
එල
marvelTracker
Film eka chora machanla... charter.. :(
කණිෂ්ක
ෆිල්ම් එක ටිකක් චාටර්.. රේටිං වැඩි උනාට තාත්වික ගතියක් නෑ...
dhanuka
he.he.hee
baamu ithindhanuka
ayyo meka dan baanna bene
maraya
mamath balala thiyanawa. good film
Anonymous
ela film ekak. meka mama beluwa. thanks.
Ramraj
uda comment eka mage.
Shenali
Sub titles naddaaaaaaaaaaa???????
Anonymous
koi subtitle
Shenali
sub pleaseeeeeeeeeeeeeeeeee.................
Shashi Fernando
balanna ona ikmaninma.
Dananjaya
sinhala sub nadda?
shenali
SUB denna plssssssssssssss
wije
මේ film එකේ සිංහල subs නැද්ද.................?
තියනව නමි එකේ link එක එවන්නකෝ........
please!!!!!!!!!!!!!!!nihal
meyka pattama film akak sub akata txz
kalana
pattama films meywa thawa awata subs damu
quik
thanks
rusuru | රුසිරු
පට්ට මචං දිගටම සබ් දාමු හොද ඒවාට :)
vee
meyka maxxxa akak
tharanga
සබ් එකට බොහොම තුති මචෝ
naleen
elakiri meyke sub hoya hoya hitiye
amilatk
jayen jaya!!!
mihin ලංකා
බොහොම පින් මචෝ
wow
wow,maru :D
shann
නියමම ෆිල්ම් එකක් වගේ බලල නෑ ඔන්න දැන් සබ් එක්කම බලනවා ජය සහෝ
fd
thaanks
සoජය
බොහොම ස්ත්තියි රජිත සහෝ...
gihan
supiri machn thawa akak demu hoda
mudiya / මුදියා
නියමයිනෙ රජිත.ලිපිය කියෙව්වම නම් හිතෙනව හොඳටම බය වෙන්න පුළුවන් කියල.ඉඳල ඉඳල හිත පොඩ්ඩක් ගස්ස ගත්තෙ නැත්නම් ජීවිතේ කිසි ෆන් එකකුත් නෑනෙ.ඒ නිසා වෙලාවක් ලැබුන ගමන්ම බලනව.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
දිනිඳු සම්පත්
මේක මම කලින් බැලුවා. පට්ට ෆීල්ම් එකක්.බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියටතත ජයවේවා!!
DHanu
නියමයි මචෝ.... තම දෙමු...
ධනු
නියමයි මචෝ...තව දෙමු
හර්ෂ ලහිරු
ස්තුතියි සහො මේකට සබ් දුන්නට
මං මේක සබ් නැතුව බලලා බයවෙලා තියනවා
දැන් ඉතින් සබ් එක්කම බලලා බයවෙන්න පුලුවන්
ජයsachin kumara liyanage
thanxxxx sahoooooo
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,දිගටම සබ් දෙන්න.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බුදුඅම්මෝ........ :P හොල්මන් නම් මට එපා......!!
හික්ස්...... :D බාමි බාමි...... :)
දැන් ජොබත් නැති එකේ, ගෙදර ඉදන් මුලු ජංජාලෙම බාමි.... :P හික් හික්..... :D