කවුරු කවුරුත් ලව් එකක් පටන් ගන්න යද්දී ගොඩක්ම බලන දේ තමා අනිත් කෙනාගේ පෙනුම කොහොමද, ලස්සන කොහොමද කියන එක. පස්සේ තම අනිත් දේවල් බලන්නේ. කොටින්ම කිව්වොත් කවුරුත් කැමති “පට්ට” කියලා කියන්න පුළුවන් කෙනෙක් එක්ක යාලු වෙන්න. එහෙම කෙනෙක්ව කසාද බඳින්න. ඇත්තටම ආදරයක් නැති උනත්, සමාජයට පේන්න හරි ගොඩක් අය උත්ස…

කවුරු කවුරුත් ලව් එකක් පටන් ගන්න යද්දී ගොඩක්ම බලන දේ තමා අනිත් කෙනාගේ පෙනුම කොහොමද, ලස්සන කොහොමද කියන එක. පස්සේ තම අනිත් දේවල් බලන්නේ. කොටින්ම කිව්වොත් කවුරුත් කැමති “පට්ට” කියලා කියන්න පුළුවන් කෙනෙක් එක්ක යාලු වෙන්න. එහෙම කෙනෙක්ව කසාද බඳින්න. ඇත්තටම ආදරයක් නැති උනත්, සමාජයට පේන්න හරි ගොඩක් අය උත්සහ කරන්නේ ඇහැට කනට පේන කෙනෙක්ව තමන්ගේ සහකාරයා, සහකාරිය කරගන්නයි. ප්‍රේම්ටත් එහෙම අදහසක් තියෙන්න ඇති. තිබ්බේ නැත්තම් තමා පුදුම. ප්‍රේම් කියන්නේ පොඩි රෙකෝඩ් බාර් එකක් ගෙන ගෙදරට වෙලා ඉන්න කඩවසම් කොල්ලෙක්. මෙයාට හදිසියේ ගෙදරින් මගුලක් කතා කරනවා. මෙහෙම තමා මෙයාට සන්ධ්‍යාව හම්බ වෙන්නේ. සන්ධ්‍යාව දැක්ක ගමන් මෙයාගේ හීන මාලිගා ඔක්කොම කඩා වැටෙනවා. ඇයි කිව්වොත් සන්ධ්‍යාව ප්‍රේම්ගේ හීන කුමාරි ළගින්වත් තියන්න බැරි හින්දා. පෙනුම එච්චරම නරක නැති වුනත් සන්ධ්‍යා කියන්නේ පොඩ්ඩක් නෙමේ ගොඩක් ගොඩක්ම මහත කෙල්ලෙක්. තමන්ටත් වඩා දෙගුණයක් විතර මහත කෙල්ලෙක්ව බැඳගෙන කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ, ඒ හින්දම ප්‍රේම් මේ යෝජනාවට අකමැති වෙනවා. ඒත් ඒකෙන් ගැලවිලා යන්න එච්චර ලේසි වෙන්නේ නැහැ. ප්‍රේම්ගේ ගෙදර කට්ටිය ප්‍රේම්ට මේ කසාදේ කරගන්න බල කරනවා. සන්ධ්‍යා හොද උගත් රස්සාවක් තියෙන කෙල්ලෙක් නිසාත් ප්‍රේම්ගේ පවුලේ තියෙන ආර්ථික ප්‍රශ්න හින්දත් මේ කසාදේ කරගන්න ප්‍රේම්ට සිද්ද වෙනවා. එදා ඉඳන් ප්‍රේම්ට ප්‍රශ්න ගොඩයි.මිනිහා යාළුවන්වත් මග ඇරලා ඉන්නවා. යාලුවන්ගේ ලස්සන කෙල්ලන්ව දකිද්දීත් එයාට දුකයි. හැබැයි සන්ධ්‍යා ඒකෙ අනිත් පැත්ත. එයා ප්‍රේම්ට පණ ඇරලා ආදරෙයි. නිදි යහනේදී පවා ප්‍රේම් සන්ධ්‍යාගෙන් ඈත් වෙලා ඉන්න හැදුවත් සන්ධ්‍යා හැදුවේ ප්‍රේම්ව පොළඹවා ගන්නමයි. ප්‍රේම්ට නම් මේ ජීවිතේ තිත්තම වෙලයි තිබ්බේ……
Dum Laga Ke Haisha මේ අවුරුද්දේ පෙබරවාරි 27වෙනිදා තිරගත වුනු චිත්‍රපටියක්. වැඩි සද්දයක් බද්දයක් නැතිව ආපු මේ ච්ත්‍රපටිය මේ වෙද්දී ඇමරිකන් ඩොලර් මිලියන 05කට ආසන්න ආදායමක් උපයලා අවසානයි. ඒ වගේම IMDb 7.8ක ලකුණු ප්‍රමාණයක් රස කරගෙනත් තියෙනවා. ප්‍රධාන චරිත විදිහට ප්‍රේම් වෙනුවෙන් කවුරුත් දන්න Ayushmann Khurana වගේම සන්ධ්‍යා වෙනුවෙන් නවක නිළි Bhumi Pedenker රංගනයෙන් දායක වෙනවා. මේ දෙන්නගේ රංගනය විචාරක මහත්ම මහත්මීන්ගේ නොමද පැසසුමට ලක්වෙලා තියෙනවා. Ayush රංගනයේ අලුත්ම වෙනසක් මේකෙන් දැකගන්න පුළුවන් වගේම තමන්ගේ පලවෙනි චිත්‍රපටියෙන්ම කාගේ කාගෙත් මතකයේ රැඳිලා ඉන්න Bhumi සමත් වෙලා තියෙනවා. Bhumi ගැන කිව්වොත් සාමාන්‍යයෙන් අපි දකින බොලිවුඩ් නිලියෝ වගේ නෙමේ ඊට වඩා ටිකක් තරබාරුයි. හැබැයි මේ ච්ත්රපටියෙන් පස්සේ එයා තමන්ගේ බර සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගෙන කියලා ආරංචියි. ඒ හින්දා ඉස්සරහට තව තව වෙනස් නිර්මාණ වලින් එයාව දැකගන්නත් පුළුවන් වෙයි.
චිත්‍රපටිය ගැන මගේ පෞද්ගලික අදහස් කිව්වොත් කතා දෙකක් නෑ. උපරිමයි කියලා කියන්න පුළුවන්. පැය 1යි විනාඩි 50ක් ඇතුලත සිනහව කඳුල ආදරය මේ හැමදේම විඳ දරාගත්තහැකි. විශේෂයෙන්ම මේකේ අඩංගු වෙලා තියෙන ගීතයක් ගැන කියන්නම ඕනා. අනිවාර්යෙන්ම ඒක බලද්දී ඔයා නොදැනුවත්ම 90 දශකයට ඇදිලා යාවි. කාලයක් පේන්න නොහිටි ප්‍රවීණ ගායක කුමාර් සානුගේ පුනරාගමනයත් මේ චිත්‍රපටියෙන් සිද්ධ වෙනවා. ඉංග්‍රීසි උපසිරසියේ ඒ ගීතයට උපසිරැසි තිබ්බේ නැතත් ඒක ලොකු අඩුවක් හින්දා මං සිංහල උපසිරසියට ගීතය අඩංගු කරලා තියෙනවා. එහෙනම් හැමෝට දෙපාරක් නොසිතා බාගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන්, ගොඩක් ආසාවෙන් හිටපු මේ චිත්‍රපටිය මට කරන්න දුන්නු සමීර සහෝටත් ස්තුතිවන්ත වෙනවා.
ප්‍රේම් සන්ධ්‍යාගෙන් ගැලවෙයිද එහෙමත් නැත්තම් වෙන මොකක් හරි වෙයිද කියලා බලලම දැනගන්න. බලලා පුළුවන් නම් චිත්‍රපටිය ගැන අදහසක් දාන්න. හැමෝටම ජය වේවා!!
ආදරේ කියන දේ ඕනෑම සයිස් එකකින් එන්න පුළුවන් 😉
500 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
4F39F3DA93F36EE5A8D3308ECE76059164BD57C5830 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
F3E5025FED4EA7849534175E97EF808A103E5B951.65 MB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
3EC9EEE59B520D3B3DC403184E3C93526D15AE94 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,253 downloadsDownload Dum-Laga-Ke-Haisha-2015-BR.zip182 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
63 comments
චාමික දිල්හාර (දිලා)
Sahanya
Thank you!!!! :)
Gayan
Thanks...
ඇනෝ
සහෝ පුලුවන් නම් මේ කොපියට සබ් අප්ග්‍රේඩ් කරල denna 720p x265
https://kickass.to/dum-laga-ke-haisha-2015-hindi-720p-blura…ජයවේවා
Jamson
Thanks Duda..
d
Br subb plz
එල්.සී. දමැල්
නියමයි සහෝ...
උපසිරසට තුති...
ජය...thisal
pttttxxx tnxxxxxxxxx
Sisira Hegoda
මයුර සුරාජ් ස්තූතියි. මට කියන්න තියෙන සියලුම දේ මේ ස්තුතියෙ තියෙනවා.
lakmal
thank youuuuuuuuuuuu
Kulanjana Maduranga
niayamai…filuma kohomada kyla balannth ekka banna danawa...thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
tharaka
Thanks bro..lassana kathawak wage..bagenama balamu..
කේ.යූ.ජී. උදාර
රහට ලියපු ලිපියට වගේ ම සබටත් බොහොම ස්තූතියි මයුර.................
me
Thanks
“චූටී මල්ලි”
aniwaa balanawa
නියමයි
සබට තුති
ඔබට ජය............kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sampath
Thanks...........
Damith
a me vage gon film valata sub denna apa ban??
අමිත් මදුසංක
කිසිම හේතුවක් සඳහන් නොකර මේ ෆිල්ම් එක ගොන් කියලා කොහොමද ඔයා කියන්නේ. මේ වගේ චිත්‍රපටියකට ගොන් කියනවා නම් ඔයාගේ රසවින්ද ශක්තිය ගැන හිතා ගන්න පුලුවන්. හැම ආකාරයකම චිත්‍රපටි නරඹන්න කැමති පිරිසක් ඉන්නවා. ඒ අයට තමයි මේ උපසිරැසි දීලා තියෙන්නේ. අනිත් අයව නොමග යවන විදියේ කමෙන්ට් නොදා ඔයා බලන්න කැමති නැත්නම් නොබලා ඉන්න.
සිනෙත් ගමාච්චිගේ
සාමානයෙන් මේ වගේ හින්දි කතාවක් දකින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්.මේ ෆිල්ම් එකේ මෙන්න මෙතන වැරැද්දක් තියෙනවා කියලා කියන්න බැහැ.තිර රචනයේ පවා මුලින්ම කියන දෙබස් පෙළයි අවසානයට කියන දෙබස් පෙලෙයි ලොකු තේරුමක් තියෙනවා, මී හරකෙක් වගේ දාන්නම් වාලේ කමෙන්ට් දාන්න එපා.ඒ වගේම හදවතට දැනෙන කතාවක්, එකපාරකට වඩා රස විදින්න පුලුවන්. මම හිතන්නේ නැ සහෝට කවදාවත් සිනමාව රසවිදින්න පුළුවන් කියලා.
සුරේෂ් චින්තක
ගොන් කමෙන්ට් දාන්න කලින් පොඩ්ඩක් හිතල බලපන්.මේ වගේ පට්ට ෆිල්ම් එකක් බලන්න ලැබෙන්නෙත් කලාතුරකින් බන්.
kanchana
patta lipiya.... ela flim ekak wage onna mama gatha
Chami.S
Thanks...
gamage
බොහොම ස්තූතියි
kavinda
බොහොම ස්තූතියි
Amalka
ela vadak sabata thuthi
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Dulitha
mama film eka beluwa film ekath niyamay, sub ekath niyamay !!!!!!!!!!!!!
Buddhika
thanks movie akata , 500MB copy aka weda karanne mona player akeda ?
yeshu
tnx
Mayura
KM player eke latest update eka ganna. nattam pot player eka
Wenura
patta film 1ka
Nelson
Good Post Frind, Thanks
නලින්
ස්තුතියි මයුර සහෝ!
ජය වේවා!
Buddhika
Mayura thanks machan wede hari .. :D
shanika
thanks sub ekata.lassana film ekak
ඉසු ඩිපි (Isu DP)
අනිවා මේක බලනවා.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !eranga
mamath makata godak kamathi ma..yaga aya api athrath innaya
eranga
goood......
Dilshan
ela ela
mata mona size eken eyida danne naaරොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
500 MB (720p BR x265 HEVC) කොපිය meka download krala sound witarai ne play wenne... km ,vlc, windows player okkogenma play kra.hariyanne na .../plzzz help me
Mayura
KM player eke latest update eka ganna. nattam pot player eka
viraj
thanks bro.. i"ll do it bro..
Veesha
Lassana film ekak.... thanks a lot.....
Charith
Godaak lassana film ekak.
tiron
thankzzzzzzzzzzzzzzzzzzz
sahan
Thanks
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මෙන්න අරගන්නවා
ජය වේවා
ගොන් කමෙන්ට් ගණන් ගන්න එපා බන් ;)Rajith Fernando
Ane Machanla meke torrent 1k wath weda nene..pls update machan..plssss..
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයPurni
Ah... ubath patta kaellakvane anthimata da gaththe. Tikak kalu unata mko ubata vada suduine :)
Mayura
Kalu Nam kamak na bn. Eki nanneth nane
Isuru dimantha
බොහොම ස්තූතියි උපසිරැසියට
Isuru dimantha
වට්ටොරු හින්දි සිනමාවට තරබාරු වෙනසක්
ViR
wadagath yamak dunnta godak sthuthuiy saho
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තූතියි මයුර සහෝ........ එල