Dus (2005) | මැයි 10 වෙනිදට මොනවා වෙයිද? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරසිය හෙවත් පළවෙනි සබ් එක අරන් ආව ඔයාලට.පට්ටම පට්ට සුපිරි ෆිල්ම් එකක් මුලින්ම අරන් ආවේ.මෙච්චර කල් කරේ බයිස්කෝප් එකේ දෙන සබ් බාන එක විතරයි.මටත් හිතුණා සබ් එකක් කරන්න කියලා.මට පොඩ්ඩක් සිංහල ටයිපින් අවුල්,ඒනිසයි මේක මට දෙන්න පරක්කු උණේ,මං දැනං හිට්යෙ නැති සොෆ්ට් කෑල්ලක් මට ලගදි හම්බුනා,ඒකත් බයිස්කෝප් එකට පිංසිද්ද වෙන්න තමා.
ෆිල්ම් එකේ නම උඩ ඉතින් දාල තියෙනවානේ,ආපහු කියන්නම්කෝ.. DUS ෆිල්ම් එක තමා අරන් ආවේ මං මේක 2005දි එළියට ආපු සුපිරි ෆිල්ම් එකක් .IMDb rating තියෙන්නේ 5.5 ක් වගේ.ඒත් මං කියන්නේ ඊට වඩා හම්බෙන්න ඕනේ මේ ෆිල්ම් එකට.සමහර අය සිරස ටීවී එකේ බලල ඇති.මේක මුලින්ම සිරසෙ පෙන්නුවෙ 2005දි තිබුණ මැතිවරණය දවසට පහුවෙන්ද ,පාන්දර 1.30ට තමා ෆිල්ම් එක පටන් ගත්තේ..හැබැයි ඉවර වෙද්දි නම් උදේ 7යිද කොහෙද..ඒ කාලෙ නම් මං පොඩියි..ගිය අවුරුද්දෙනේ A/L කරෙත්.පළවෙනි සබ් එක නිසා අඩු පාඩු ඇති.සමාවෙන්න ඕන්.
කතා ඇති ෆිල්ම් එක ගැන කියන්නම් දැන්.මේක අධ්‍යක්ෂණය,කතාව සේරම anubhav sinhaගේ..Gulaab gang,Ra-One,Cash වගේ සුපිරි ෆිල්ම් කරේ එයා තමා.ඉතින් මේ ෆිල්ම් එක ගැන ඉතින් කතා දෙකක් නෑනෙ..මේකත් සුපිරි එකක් . මේකෙ ඉන්නවා අපි කවුරුත් දන්න සුපිරි නළු නිළියො වන sanjay dutt (සිද්ධාන්ත්), sunil shetty (ඩෑන්), abhishek bachchan (ශිශාන්ක්), zayed khan (ආදිත්‍ය), shilpaa shetty (ආදිතී). මේ ෆිල්ම් එකට සම්මාන 3ක් ලැබිල තියෙනවා.
කතාව ගැන කියනවනම්, සිද්ධාන්ත්, ශිශාන්ක්, ආදිත්‍ය, ආදිතී වැඩ කරන්නෙ Anti-Terrorist Cell (ATC) එකේ..ජම්වාල් කියල මිනිහෙක් මැයි 10 වෙනිදට මිනිස්සු 25000 ක් විතර මරන්න සැලසුම් කරල තියෙනවා. කොහොමද,කොහෙදිද කියල කවුරුත් දන්නෙ නෑ.මේ ගැන හොයන්න ශිශාන්ක්,ආදිත්‍ය කැනඩාවට යනවා.එහෙදි හිතාගන්නවත් බැරි දේවල් සිද්ධ වෙන්නෙ.. තව නම් කියන්නෙ නෑ ඕන්..සේරම කීවොත් ඉතින් ෆිල්ම් එකේ අගයක් නැතිවෙනවනෙ .බාගෙන බලන්නකො ෆිල්ම් එක.මං ආයිත් හොඳෆිල්ම් එකක් අරන් එන්නම්කො. යන්න කලින් කියන්න ඕනෙ.මේ ෆිල්ම් එකේ සිංදු 3යි තියෙන්නෙ.මං ගොඩක්ම ගොඩක් ආස කරන Dus Bahaane සිංදුවට විතරක් සබ් දැම්ම.අනිත් සිංදු 2ත් මරු . මං එහෙනම් යනවා හොදේ..තෙරුවන් සරණයි හැමෝටම…
4013 downloads
Bro Sub eka Update karanda puluwanda..
Thanks..
ස්තුතියි සහෝදර උපසිරැසියට…ජයවේවා !!
thanks bro.. thanks a lot for such a great movies and subs…
thanks bro.. thanks a lot for such a great movies and subs…..
Congrads for the 1st one and Thanx for the sub saho…
දැනං හිට්යෙ නැති සොෆ්ට් කෑල්ලෙ නම මොකක්ද සහෝ?
Thanks Saho…… Sub walata Bohoma Pin…..
පලවෙනි sub එකට සුබ පැතම්!!!! දිගටම sub දෙන්න !!!
hammata udu patta film aka macho ela niyamai………….
පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, ජයවේවා.
Dil Hai Tumhaara (2002) Hindi
sUBTITLES dENNA pULUWANDA?
ස්තුතියි දිලුම් සහෝ!
ජය වේවා!
මම මේ ලගදිත් මේ Film එකේ පෝස්ටර් එක දැක්කා.සිංහල උපසිරසි නැතුව හරි බලන්න ඕන කියලා හිටියේ. දැන් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්. උපසිරසියට ස්තූතියි. 🙂 🙂
ela patta film ekakne,man meka kiwwath wage 2005 election dawase tamai mulin beluwe.ammo den awrudu 10 k wennath lagai balala.onna saho man ayeth balanna download karanawa
බොහොම ස්තූතියි දිලුම් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
elazzz ahhh..
palamu vadeta jaya macahnn…
පැන්සල සොෆ්ට් කෑල්ලෙන් සහෝ කරේ..බයිස්කෝප් පේජ් එකේ අයිනේ තියෙන්නේ,උපසිරසි සින්හලට පරිවර්තනය කරන්නේ කෙසේද කියල.ඒ පේජ් එකට ගියාම තියෙනවා සහෝ..ඔයාල දීල තියෙන කමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතී.මගේ ඊලග සබ් එකත්,ලගදිම එනවෝ…
පැන්සල සොෆ්ට්වෙයා කෑල්ලනම් පට්ටයි
තැන්ක් යූ වේවා !! 😀
thanks..,
එල සහෝ, ගොඩක්ම ස්තුතියි සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු.
thanks මචං
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ…
thanks bro…
පලවෙනි sub එකට සුබපැතුම් මචං එල එල දිගටම sub දෙමු thanks මචං
අම්ම එල එල මගෙ අම්මියො සබට තුති දිගටම සබ් දෙමු..අර සින්හල ටය්පින්ග් සොෆ්ට් කෑල්ල මොකක්ද කිව්වනම් වටිනව :*
thanks bro…..digatama yamuu….jaya pathanawa…
meka nam patta film eka.. dan sub ekkama balanna puluwan..
sub ekata thanks..
good luck
පලවෙනි සබ් එකට සුභ පැතුම්.. මමනම් ෆිල්ම් එක බලලා තියෙනො.. ආයි ඉතින් කියන්න දෙයක් නෑ.. මැක්සා.. ස්තුතියි..
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ…
දිගටම වැඩේ කරගෙන යන්න,
ජයවේවා.
එලකිරි සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Ela ela mama film ekaka balala tiyenava Mata Dan story eka mataka na bala apahu balanda ona
1st sub1ka kiwwa neda….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks DILUM saho…….digatama sub demu.jayen jaya…………
අහ් මේකෙ
නේ අර ඩස් බහානෙ කර්කෙ ලේ ගයෙ දිල්
කියන සෝන්ග් එක තියෙන්නෙ
ඒකනම් පට්ට
සබට තුති
ඔබට ජය…….
එල සහෝ…පළවෙණ්එකම පට්ටඑකක් දීලා තියෙන්නෙ…ඉස්සර ටිවිඑකේ යනකොට මේක එකපාරක්වත් නොබලා අතාරින්නෙ නෑ….ජය වේවා….දිගටම අපිත්එක්ක ඉන්න……
thanks bro…
Thanx bro……..
ela mcn good luck