ඔන්න යාලුවනේ මම තවත් ටිකක් පරණ ෆිල්ම් එකක් අරගෙන ඔයාලා හමුවට අවා. මේක පරණ උනාට සුපිරි බඩුවක්, මේ සලරුවට මුලින් ලිපියක් තියෙනවා. බලන්න ඒක ලියලා තියෙන්නේ කවුද කියලා. මම හිතන්නේ පොතේ ගුරා සහෝ කියන්නේ මේ අඩවිය ප්‍රාරම්භක සාමාජිකයෙක්. මම හරියටම දන්නේ නැහැ ඒ සහෝදරයාද මේක පටන් ගත්තේ කියලා දන්නා කෙනෙක් කිය…
ඔන්න යාලුවනේ මම තවත් ටිකක් පරණ ෆිල්ම් එකක් අරගෙන ඔයාලා හමුවට අවා. මේක පරණ උනාට සුපිරි බඩුවක්, මේ සලරුවට මුලින් ලිපියක් තියෙනවා. බලන්න ඒක ලියලා තියෙන්නේ කවුද කියලා. මම හිතන්නේ පොතේ ගුරා සහෝ කියන්නේ මේ අඩවිය ප්‍රාරම්භක සාමාජිකයෙක්. මම හරියටම දන්නේ නැහැ ඒ සහෝදරයාද මේක පටන් ගත්තේ කියලා දන්නා කෙනෙක් කියන්න.
හරි කතාව පැත්තට හැරෙන්න ඉස්සෙල්ලා මම තව පොඩි කතාවක් කියන්නම්. මේ ෆිල්ම් එක අපු කාළේ ඒ කියන්නේ 1997 /98 වගේ කාලවලදී තමයි මම දන්නා විදිහට cd තැටි මුලින්ම වගේ වගේ ලංකාවේ පාවිච්චි කළේ. ඉතින් ඒ කාලේ තමයි මම හිතන්නේ අපි වගේ පොරවල් හින්දි, දෙමල, කරාටේ, කුන්ග්ෆු වගේ එකම වට්ටෝරුවේ ෆිල්ම් බල බල ඉඳලා මේ වගේ පිස්සු කොර ෆිල්ම් බලන්න පටන් ගත්තේ. මම හිතන්නේ මේ අඩවියේ එහෙම කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් වගේ තනියම කොම්පීටරේ ගාවට වෙලා නෙමෙයි. සෙනසුරාදා හැන්දෑවට, කොහේ හරි යාලුවෙකුගේ ගෙදර, කට්ටිය සෙට්වෙලා, මොනවා හරි කෑමක් බිමක් ගන්න ගමන් ෆුල් ෆන් එකේ, කියලා වැඩක් නැහැ ඒ අතීතය. සමහර දවසට ෆිල්ම් 3ක් 4ක් බලලා තමයි වැඩේ ඉවර වෙන්නේ. ඉතින් ඒ කළේ අපේ රස වින්දනය උඩු යටි කරපු සලරුවක් තමයි මේක. දැන් නම් මේක ගොඩයට මැජික් වගේ පෙනෙයි නමුත් මම ඉල්ලා හිටිනවා මේක බලන්න කියලා. තවමත් උපරිමයි.
මම මේකේ කතාව ගැන මුකුත් කියන්නේ නැහැ මොකද අපේ පොතේගුරා සහෝ කතාව ගැන කියලා තියෙන නිසා. ඒ ලිපිය පහල තියනවා. ඉතින් ආයුබෝවන්.
මීට පෙර පළකල ලිපිය.
ලියනවද? නැද්ද? ගෙවුන විනාඩි ගණනාවක් තුලම මගෙ හිතේ තිබුන ප්‍රශ්ණෙ ඕක තමයි…ජයගත්තෙ මොකද්ද කියල තේරෙනවනෙ..මේ ෆිල්ම් එක දැන් ගොඩක් පරණ නිසා තමයි හිතේ මේ වගෙ ප්‍රශ්ණයක් මතු උනේ, පස්සෙ මතක් උනා “ඕල්ඩ් ඉස් ගෝල්ඩ්” කියල..දැන් බලමු ෆිල්ම් එක ගැන..මේක හොද කථාවක්..කොහොම උනත් මට නම් මේක එළම ෆිල්ම් එකක්,මොකද මම ආසම නළුවා රගපාන නිසා..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා ධනවත්, දක්ෂ, අපරාධකාරයෙක් දවසක් පොලිස් නිලධාරියෙකුට වෙඩි තියෙනව..නමුත් මේ වෙඩිල්ල පොලිස් නිලධාරියාගෙ සිරුර හරහා ගොස් ඔහු ළගින්ම සිටි ඔහුගේ පුතාව වැදෙනව..පොලිස් නිලධාරියාගෙ දිවි බේරුනත් ඔහුගේ පුතා මැරෙනව..
දැන් මේ සිද්දිය වෙලා අවුරුදු 6ක් ගත වෙනව..මේ හොරා නගරයේ බෝම්බයක් අටවා ජෙට් යානයකින් පැන යන්න හදනකොට අර පොලිස් නිලධාරියාට මේ ගැන දැනගන්න ලැබෙනව..ලොකු සටනකින් පසු මේ හොරා අතඩංගුවට පත් වෙනව..නමුත් ඔහුට කෝමා තත්වයක් ඇති වෙනව..මේ නිසා බෝම්බය ඇති තැන සොයාගැන්මට මේ පොලිස් නිලධාරියා හොරාගේ මුහුණ තමන්ගේ මුහුණට දාගන්නව ප්ලාස්ටික් සැත්කමක් මගින්..මේ අතරතුර රෝහලේදි හොරාට සිහිය ලැබෙනව..තමන්ගේ මුහුණ අයින් කර ඇති බව දැනගන්නා ඔහු තම සගයින්ට කථා කර දොස්තර කෙනෙක් ගෙනවා අර පොලිස් නිලධාරියාගෙ මුහුණ තම මුහුණට බද්ද කරගන්නව.ඉන් පසු මේ මුහුණු වෙනස් කිරීම ගැන දැන සිටි සියල්ලන්ම මරණව…මෙතන ඉදන් තමයි කතාව ලස්සන..ඔයාලට හිතාගන්න පුලුවන් වෙයිද ඉදිරියෙදි මොනව වෙයිද කියල?අමාරුයි නෙද?එහෙනම් බලන්න Face/Off..උත්තර ඒකෙ තියෙනව!!
500 MB (HD) කොපිය මෙතනින් බාගන්න c72413dd6f317e03d3ca09d6604025dba87195f5 800 MB (DVD) කොපිය මෙතනින් බාගන්න d0aa0b609fa417879c603714d62decd6693508ef 850 MB (BR) කොපිය මෙතනින් බාගන්න ae88276531b30232890a54c8a5c3e649652c7fd1 1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න 493c3e6e501412ee71f02981c4c3061b84bb73c6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,400 downloadsDownload Face-Off-1997.zip145 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුනෙත් සේවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුනෙත් සේවික්‍රම
Subtitles
58 comments
පොතේ ගුරා
-බිன்ku-
ආහ් මචෝ, සිරා ෆිල්ම් එකක් තමා මේකත්. මාත් බැලුවා දෙතුන් පාරක් ඉස්සර.
ecH
ඔයාගෙ ආසම නළුව කේජ් ද? එයා නම් මාර නළුවෙක් තමයි. ඇත්තම කිව්වොත් එයාට රඟපාන්න බැරි චරිතයක් නෑ කියලයි හිතෙන්නේ මට නම්. එයාගෙ Snake Eyes, Weather Man, Adaptation, King of War, Captain Correli's Mandaline වගේ චිත්‍රපටි මම මාර ආසාවෙන් බැලුවෙ. එයිනුත් snake eyes උපරිමයි..
ඔයාගෙ ප්‍රියතම නළුව ට්‍රැවෝල්ටා නම් එයාගෙ ගොඩක් ඒව මම බලල නෑ. නමුත් එයත් මරු නළුවෙක්.
කසුන්
නියම ෆිල්ම් එකක්. මම මේක කාලෙකට ඉස්සර බැලුවා.
Akila DJ
a Film by John Woo (WindTalkers, Red Cliff, MI 2)
පට්ට! නියම කතාව්! නියම ඇක්ශන්!!
අවුරුදු 12ක් පරණ උනත් ඇත්තටම කිසිම පරණ ගතියක් පේන්නෙ නෑ!
(පරණ බව පෙනුනත් ඒකෙන් කියන්න බෑ චාටර් කියල)Viraj
බොහොම ස්තූතියි
pd
patta thanx baami
P.S - comments adu wunaata ganan ganna epaa
uda
ෂා ෂා, තවත් මගෑරිච්ච මරු ෆිල්ම් එකක්! කොහෙන්හරි හොයාගන්නවා මේකත්!
ළගදිම මේවටත් ආපහු සබ් ලැබෙන්නෙත් නැතැයි නේද?ayesh
aththamai marai oyalata godak isthuti.mata puluvannam FACE/OFF MOVIE eke sinhala upasiras denavada (0712132546 ayesh SMS karanna)
Sanjaya
Happy New Year baiscope
Uraj Deemantha
නිකලස් කේජ් ගේ මෙච්චර ෆිල්ම් ගොඩක්, බයිස්කෝප් එකේ තියෙනවා කියලා දැන ගත්තෙත් අදයි..... :) රවුටරේකුත් ගත්ත එකේ, අද සිට බෑම පටන් ගන්න ඕනා...... :D
lakmal
machan mekata upasirasa hadala denna barida mageth meka kamathima movie walin ekak pleas machan
waruna
thanks macho
isuru
parana unath patta :) meyka
vee
maxxa :)
ganidu
තැන්ක්ස් මචෝ
tharanga
එල පට්ට අද නිකලස්ගේ සබ් 2 කයි තවත් දෙමු
ositha
supirima film akak aye sub akkama balanna one
හර්ෂ ලහිරු
නියමයි සහො
මේක මං කලින් බලලා තියනවා
මේකට සබ් දුන්නට ජය
ආයේ බැලිල්ලක් තමයි ඉතින්shann
මේක සුපිරි හොදේ :) ජය තවත් ඒවා දෙමු
උදාර
එළනේ මචං
milan
niyamai mama meka balaporoththuwen hitiye
නලින්
නියමයි සුනේත් සහෝ.. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කථාවක් තමයි මේ.
ස්තුතියි වේවා!
ජය වේවා!
Ashain
niyamai...john travolta mage asama naluwek...thnx
“චූටී මල්ලි”
බලලා නෑ තාම
සබට තුති
ඔබට ජය.........thusitha
niyamai saho apith gannawa
RAMILA
NIYAMA FILM EKAK MACHAN SUB EKATA THANKS MACHAN
dilan
THANKS
DDSameera
aluth tale film ekak ..,
maxxa brother !!දිනිඳු සම්පත්
නිකලස් කේජ් ගෙ ෆිල්ම් එකක් නිසා පට්ටෙට ඇති.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..mudiya / මුදියා
මරු කතාවක්නෙ.බලලම තමයි කුතුහලය නැති කර ගන්න වෙන්නෙ.නියම වැඩත් සුනෙත්.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [විමා]
නියමයි ආ
මේ පරන උනත් පට්ට ෆිල්ම්
එහෙනම් ආයෙ සිංහලෙන්ම බලන්න ඇහැකියි නේ
සබට තුති සහෝ
තව දෙන්න :Dkb
pattaaaaaaaaaaaa
indika
thnxxx
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ නියමයි අපි පොඩි කාලේ බලමු එල ෆිල්ම් එකක් නියමයි, පුලුවන්නම් මේකටත් සබ් දෙන්න මේකත් සුපිරිම ෆිල්ම් එකක්, ඔයා බලල ඇති කියල හිතනවා, Broken Arrow (1996)ජයවේවා.
sp පියමල්
ඔච්චර පට්ටයි කියන ෆිල්ම් එකක් නොබලා කොහොමද,thanks සහෝ
සoජය
බොහොම ස්තුතියි සහෝ...
Thamuru
Meka Patta film eka, mama meka baluwa.. Aniwa balanna... Face Off
kash
ela kiri..bro..thank you
gihan
බොහොම ස්තූතිය
රොයිලි
බොහොම ස්තූතියි සුනෙත් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට කලින් බැලුවා වුණත් උපසිරැසි එක්ක ආපහු බලනවා. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
මධුෂාන්
නියමයි මචන් සබ්ටයිට්ල්ස් වලට ගොඩක් ස්තුතියි...
මචන් මේ ෆිල්ම් එකට සබ් දාන්න වෙච්ච එක ගැන ආඩම්බර වෙනවා ඇති කියල හිතනවා. මේකේ අන්තිමට අමරදේව මාස්ටර් ගේ
මාගේ දේශය අවදි කරනු මැන කියන ගීතයේ කොටසක් කියවෙනවා...
ලංකාවේ පහුගිය කාලේ නියම ස්වරූපය මේකෙන් නියමෙට පෙන්නනවා.
මේ ෆිල්ම් එක යු ට්යුබ් එකේ හොයපුවම, thambnail එක Madras Cafe. එත් ප්ලේ කරලා බලපුවම වෙන ෆිල්ම් එකක්. තමිල් නඩුවේ එවුන් තමයි කරන්න ඇත්තේ. මම අප්ලෝඩ් කරන්න ඉන්නේ, එත් english සබ් නැතුව දාන එක ටිකක් අපරාදේ. මට මේකේ english සබ් හොයල දෙන්න පුලුවන්නම් යු ටියුබ් එකට දාන්නම්...මධුෂාන්
සමාවෙන්න වෙන තැනක දාන්න ඕනේ කමෙන්ට් එකක් මෙතන දාල... මේක දාන්න ඕනේ තැන ආයිත් දාන්නම්...
dushman
onna mamath banawa liyala thiyana wediyata meka ethn nobala khmada
thanks sub 1 taDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍dana
niyamai macho... thanks
Nandana
Thank U Suneth.
camera repairs
I'm new to this all on-line stuff and whilst I managed to setup my domain and weblog ot can be a battle to acquire targeted traffic going on my website. I apreciate your tips and content, this one particular is actually excellent and it willhelp me get websites traffic easier.
Saranga J. Liyanagama
Thanks
kasupbro
Ubata pin sidda wenna sub eka baa gatta ooon...sho elam
sugath LaL
චිත්රපටය බලන්නේ කොහොමද
විමා
මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගන්න.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

@ecH මම ආසම කේජ්ට මචං..තවත් කේජ් ෆෑන් කෙනෙක් හම්බුන එක සතුටුයි..පොරගෙ ෆිල්ම් කොච්චර පරණ උනත් ගති බං...