Watch Trailer

Force 2 (2016) with Sinhala subtitles | දේශය වෙනුවෙන් දිවි නොතකා නැවතත් ක්‍රියාන්විතයේ (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න හැමෝම බලන් උන්නු සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ වගේම මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මොකද මේ මගේ උපසිරැසි ජීවිතේ 50 වෙනි උපසිරැසි නිර්මාණය. කියන්න දේවල් වගේම මතක් කරන්නත් පිරිසක් ඉන්නවා. ඊටත් කලින් මම දෙයක් කියන්නම්. ලිපියෙ මුල් ටිකේ තියෙන්නෙ ස්තූති කතාවක් වගේ දෙයක්. ඉතින් ඒක…

FORCE 2

ආයුබෝවන් හැමෝටම. ඔන්න හැමෝම බලන් උන්නු සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ වගේම මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මොකද මේ මගේ උපසිරැසි ජීවිතේ 50 වෙනි උපසිරැසි නිර්මාණය. කියන්න දේවල් වගේම මතක් කරන්නත් පිරිසක් ඉන්නවා. ඊටත් කලින් මම දෙයක් කියන්නම්. ලිපියෙ මුල් ටිකේ තියෙන්නෙ ස්තූති කතාවක් වගේ දෙයක්. ඉතින් ඒක කියවන්න ඕන නැති අයට ඔන්න පහලින් චිත්‍රපටය ගැන ලියලා තියනවා ඒක කියවගෙන උපසිරැසියත් අරගන්න.    මුලින්ම මම මේ වෙබ් අඩවිය ගැන දැනගත්තෙ මට මතක විදිහට ටිවි එකේ ඇරො ගිය කාලෙ කොටස් කිහිපයක් මගැරිලා මම ඒ ටික යාළුවෙකුගෙන් ඉල්ලන් ආවා. ඉතින් ඒවා බලනකොට තමා දැනගත්තෙ මෙහෙම සිංහල උපසිරැසි දෙන අඩවියක් තියේ කියලා. ඇත්තටම මම චිත්‍රපටිවත්, ටිවි සීරියස්වත් පිස්සෙක් නෙවෙයි. හැබැයි දැන් ඒක වෙනස්වෙලා. තනිකරම පිස්සෙක් වෙලා. ඉතින් ඔහොම ඕවා බල බල ඉන්නකොට මේක කරන්නෙ කොහොමද කියලා හොයලා බැලුවා. ඔව් සයිට් එකේ දාලා තියෙනවනෙ. ඊට පස්සෙ එකක් කලා. ඒ  Shadowhunter පලවෙනි සීසන් එකේ කොටසකට. එතකොට ඒක නැවතිලා තිබුන නිසා. ඉතින් මම ඒ උපසිරැසිය එවන්නද කියලා අහලා සයිට් එකට මේල් එකක් දැම්මා. ටික වෙලාවකින් ලිපියක් එක්ක එවන්න මල්ලි කියලා මේල් එකක් ඇවිත් තිබුනා. ඔහොම තමා මේ වැඩේ පටන් ගත්තෙ.   උපසිරැසි කරගෙන යනකොට මට අඩවියෙ කිහිප දෙනෙක්වම හදුනගන්න ලැබුනා. (මේල් කරද්දි හොදේ) ඒ අය අතරින් මගේ මුල්ම මේල් එකට රිප්ලයි කරලා තිබුනෙ “සමීර කරුණාරත්න අයියා.” එයා Shaedowhunter එක ඉවර වෙනකන්ම හිටියා. ඊට පස්සෙ සෙට් උනේ “ශාන් විමුක්ති [විමා] අයියා.” එයා තමයි මගෙන් ඇහුවෙ තව සීරියස් එකක් කරනවද, නැත්නම් ෆිල්ම් එකක් කරනවද කියලා. එහෙම කියපු මනුස්සයගෙන් තමා අන්තිමට සීරියස් එකක් ඉල්ල ගන්න දහ අතේ මේල් කලේ. කොහොමහරි විමා අයියා තමා පළවෙනි ෆිල්ම් දෙකත් හොයලා දුන්නෙ. ඊට පස්සෙ සෙට් වෙන්නෙ “සමන් ප්‍රසාද් (පූසා) සහෝ.” මගේ  කරදරකාරි මේල් වලට ගොඩක්ම රිප්ලයි කරලා තියෙන්නෙ සමන් සහෝ. [වදයක් වුනානම් සොරි හොදේ] සමන් සහෝ තමා SIX කතා මාලාව මට කරන්න දුන්නෙ. ඒ වගේම වැඩිය සෙට් වෙලා නැතිවුනත් “හසන්ත අයියා”, “ප්‍රණීත් චින්තක රණසිංහ අයියා”, “සමීර චතුරංග අයියා”, “යෂෝධ අයියා”, වගේ පිරිසක් සෙට් වෙලා තියෙනවා. ඒ වගේම මගේ උපසිරැසි වල තිබ්බ අඩුපාඩු දැකලා ඒවා හදලා දුන්නෙ “සදුන් ධනුෂ්ක අයියා.” SIX එක කරද්දි විමා අයියත් අඩුපාඩු පෙන්නුවා.   මේ ෆිල්ම් එක නිසාම මට තවත් දෙන්නෙක් සෙට් වුනා. ඒ මොකද කිව්වොත් ෆිල්ම් එක ආවා කියලා හසන්ත අයියා මට මේල් එකක් දාලා කියලා තියෙනවා. ඒත් මම මේල් දවසකින් විතර බැලුවෙ නැ. ඔය අතරෙ මගේ ෆෝන් එකට මැසේජ් එකක් ඇවිත් තිබුනා මම මේ ෆිල්ම් කරනවද කියලා. බැලින්නම් මෙන්න ෆිල්ම් එක වෙන සහෝ කෙනෙකුට දීලා. ඉතින් මට මැසේජ් එක අව නම්බර් එකට කෝල් කලා. එතකොට කතා කලේ “අසංක අයියා”. මගෙ ෆෝන් එකේ සල්ලි නැති වෙලේ ආයි මට කෝල් ගත්තා. කොහොමහරි අන්තිමට අසංක අයියා මට කිව්වා ෆිල්ම් එක මටම කරන්න කියලා. එයාට ස්තූති කරද්දි තමා කිව්වෙ, “මට විතරක් නෙවෙයි හසන්ත අයියටත් ස්තූති කරන්න කියලා.” මොකද හසා අයියා තමා මට වෙන් කරපු, මගෙන් ලිස්සලා යන්න ගිය ෆිලුම ආපහු මටම දුන්නෙ. ඒකට බොහොම ස්තූතියි අයියෙ. මේකට සබ් එක කරද්දි සෙට් වුන අනික් කෙනා තමයි “සිසිල අයියා”. සිසිල අයියා තමයි ෆිල්ම් එකට ලිපිය ලියලා දුන්නෙ. බෑ නොකියා කියපු සැනින් ලියලා එවලා තිබුනා.   දැන් හැමෝම බලයි මූ පිස්සුවෙන් වගේ පිස්සුවෙන් වගේ මොනවද මේ ලියලා තියෙන්නෙ කියලා. මෙහෙම ලියන්න හිතුවෙ බොහෝ විට මේ මගේ අවසන් උපසිරැසිය වෙන්න පුළුවන් නිසා. ඔව් බාර ගත්ත ටිකක් තියේ. ඒවා කරනවා. ඒකයි මෙහෙම කියවන්නෙ. මෙච්චර දුරට උපසිරසි කරන්න තවත් හේතුවක් තමා බයිස්කෝප් රසික රසිකාවියන්. ඔයාලා දාන කොමෙන්ටුවක් බලලා තමයි තව උපසිරැසියක් කරන්න හයිය ගන්නෙ. කොමෙන්ට් ගැන කියන මතක් වුනේ. අපි උපසිරැසි කරන හැමෝම පැය ගානක් වෙහෙසිලා, අපේ කාලෙ නාස්ති කරගෙන උපසිරැසි කරනවා ඔයාලගෙ වින්දනයට. ඒත් උපසිරැසි ගන්න එන ඔයාලට අපිව දිරිමත් කරන්න වචනයක් ඉතිරි කරලා යන්න වෙලාවක් නැ. හැමෝම නෙවෙයි. පිරිසක් ඉන්නවා බැලුවත් නොබැලුවත් කොමෙන්ටුවක් දාලා යන. වචන දෙක තුනක් ටයිප් කරන එක මහ දෙයක් කියලා මම හිතන්නෙ නැ.    දැන් ඉතින් ඔය කියෙව්වා ඇති. දන්න කියන හැමෝමවම මතක් කලා. කියන්න ඕන දේත් කිව්වා. ආ තව දෙයක්, දැන් කියාගෙන එන්න එපා, මේ ෆිල්ම් එකේ HD Rip, DTH Rip, Web Rip තියෙද්දි එයි මේ DvDRip එකකට සබ් කලේ කියලා. ඔව් ඒ කොපි තියෙනවා. හැබැයි ඒවා ටිවි කොපි. Web කොපිය අන්තිම ජරා එකක්. ඒ වගේම ඒවට කඩ්ඩ සබ් නැ. ඒකයි හොදේ.    හරි එහෙනම් පල්ලෙහායින් සිසිල අයියා වෙනස් ආරක ලිපියක් දීලා ඇති. ඒකත් කියවගෙන මාවත් අමතක නොකර චිතපටිය රස විදින්න. එහෙනම් මම ගියා. වැඩි විස්තර සිසිල අයියගෙන්.   Lahiru Prasa 50 WISH   මං හිතනවා මාව මතක ඇතියි කියලා. අවුරුදු පහකට කලින්, මුම්බායි පොලීසියේ ප්‍රධානියා විදියට මං මෙහෙයවපු සුවිශේෂී මෙහෙයුම, ඒ මෙහෙයුම අතරතුරේදී මගේ පෙම්වතිය හරිම අවාසනාවන්ත විදියට මිය ගිය ආකාරය…මේ හැම දෙයක්ම අඳුරු මතකයන්. ඒත්, මගේ පෙම්වතියගේ අකල් මරණයත් එක්ක, පහුගිය අවුරුදු පහ මං ගතකලේ එච්චර හොඳ සිහියකින් නම් නෙමෙයි.     ඉන්දියාව කියන්න නිරන්තරයෙන් ත්‍රස්තවාදී ඉලක්ක වලට නතුවිය හැකි රටක්. මේ නිසා, රටේ ආරක්ෂාව උදෙසා, ලෝකය පුරාම ඉන්දියානු රෝ ඔත්තු සේවය විසිරී තිබෙනවා. රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ රෝ ඔත්තු සේවයෙන් කෙරෙන්නේ, මිලකළ නොහැකි සේවයක්. නමුත්, එක දවසක් නාදුනන තර්ජනයක් පැමිණෙනවා. ලොව පුරා විසිරී සිටින්නාවූ ඉන්දියානු රෝ ඔත්තුකරුවන්, එකා බැගින් එකා, අතිශය සූක්ෂම ලෙස මරා දමනවා. අවසානයේ රෝ ඔත්තු සේවයේ බල රහිත වෙනවා. මෙවැනි වාතාවරණයක් මත තමයි, රට වෙනුවෙන් සේවයක් කිරීම උදෙසා, නැවතත් මට අවස්තාවක් ලැබෙන්නෙ.      නමුත්, මේ මෙහෙයුම වෙනුවෙන්,  මගේ පළපුරුද්ද සහ හැකියාව ගැන සමහර නිලධාරීන්ට ප්‍රශ්න ඇතිවුණා. ඉතිං, මං එයාගෙන් ඇහුවා, “මේ මෙහෙයුමට යවන්න, ඔය විදියට පුරුදු පුහුණු කරපු රෝ ඔත්තුකරුවෝ තවමත් පණපිටින් ඉන්නවද?” කියලා. ප්‍රශ්නය එතනින් ඉවරයි. මට අවස්තාව ලැබුණා.      මේ මෙහෙයුමේදී මට වැඩකරන්න වුනේ, KK කියන රෝ නිලධාරියත් එක්ක. මගේ වැඩ පිළිවෙල එයාට එච්චර ඇල්ලුවේ නැහැ. එයා මට කියනවා ” ‘උද්යෝගය, අභ්‍යාස, පෙර සූදානම’, මෙන්න මේවත් එක්ක තමයි රෝ ඔත්තු සේවය වැඩකරන්නෙ. “ කියලා. ඒකට පිළිතුරු වශයෙන් මං කිව්වා “ඔයා, ඔයාගේ විදියට වැඩේ කරන්න, මං මගේ විදියට වැඩේ කරන්නම්” කියලා.     මෙහෙයුම කරගෙන යන අතරවාරයේදී අපිට තේරුනා, අපි මේ හැප්පෙන්නේ එසේ මෙසේ හතුරෙක් එක්ක නෙමෙයි කියලා. නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙන්න වුනා. අවසානයේදී, මේ සියල්ලේම මහ මොළකරු , මට තර්ජනය කළා, “මගේ අවවාදය පිළිගන්න සර් . මාව හොයන එක නවත්වලා දාලා, කෝර් මිස්ව කසාද බැඳගෙන, කොහේහරි කඳුකර පළාතකට ගිහිල්ලා ජීවත්වෙන්න” කියලා. මං, තර්ජන ගර්ජන වලට නවත්වන්න පුළුවන් විදියේ මිනිහෙක් නෙමෙයි කියලා, මං ගැන දන්න අය දන්නවා. ඒකට පිළිතුරු විදියට, මං එයාට හරිම සරල පිළිතුරක් දුන්නා, “උඹේ ඔය ගෙදර විකුණලා දාලා, ජනේලයක් නැති කාමරයක ජීවත් වෙන්න ලෑස්ති වෙයන්” කියලා. හුදෙක් පිළිතුරු දීලා විතරක් නැවතුනේ නැහැ. ක්‍රියාවෙන්ම හැමෝටම ඔප්පු කරලා පෙන්නුවා, මුම්බායි පොලීසිය වැඩකරන්නෙ, ‘නොපසුබට ධෛර්ය්‍ය, ආක්‍රමණශීලීත්වය සහ සාමාන්‍යය බුද්ධිය’ පදනම් කරගෙන කියල.
  Action, Adventure, Crime යන කාණ්ඩ ඔස්සේ, 2016 නොවැම්බර් මස 18 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වෙමින්, Imdb දර්ශකයේ 6.5 ක අගයකින් සැරසුණු සිත්තමක්…බොලිවුඩයේ ක්‍රියාදාම නළු John Abraham සහ සුරූපී නිළි Sonakshi Sinha ගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වී, ඉන්දියානු රුපියල් කෝටි 45ක මුදලකින් නිර්මාණය වෙමින්, බොක්සි ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 58.75 ක් උපයාගත් ඉහළ නිර්මාණයක්<…සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් වෙත සෙනෙහෙ සිතින් පිදීමට අවසරයි එසේනම් හැමදෙනාගෙන්ම…   ජය වේවා!

 

Force 2 (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Force.2.2016.HDLight.1080p.Bluray.x264.AAC.5.1 -DDR

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

11,365 downloadsDownload Force-2-2016-BR.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

11,365 downloadsDownload Subtitles45 KB

81 comments

  1. ranil danushka

    thanks bro.and good luck

  2. Chamal Perera

    Subata thanks sahoo.. ewagrma 50 upasirasa nirmanaytath man thuthi.. 100 gahamu mchn✌️✌️✌️

  3. කවීන් ලහිරු

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඒවගේම 50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා...
    ජය වේවා

    Shadowhunters එකේ සබ් දාන්න සහෝ මග නම් නවත්තන්න එපා...

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති කොල්ලෝ
    50 න් නොනැවතී 100 ත් ඉක්මනට ගහමු....

    අවසන් උපසිරැසිය කියලා තිබුන නිසයි කියන්නේ සහෝ පටන් ගත්තපු කතාමලා මග නම් නවත්තලා අපිව අමාරුවෙ නම් දාන්න එපා කොල්ලෝ....

  5. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබට...
    50 ගහන්න සුපිරි ෆිලුමක්නේ සෙට් කරන් තියෙන්නේ
    මෙක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ

    100 කඩයිමත් පහු කරන්න අවැසි කාලය ශක්තිය ලැබේවායි පතනවා.

  6. melan

    sabata thnx machn issarahatath sub karamu jaya wewa saho

  7. ඩිලාන් හසිත

    ස්තුතියි සහෝ සබට
    මම සහොගෙ සබ් හුගාක් අරන් තියනවා ගොඩාක්ම ටීවී කතාමාලා ඒ අතර shadowhunters විශේශයි මග නවතීලා තිබුන කතාමාලාවක් මෙච්චර දුරක් අරගෙන ආවට ස්තූතියි සහෝ ඒක අවසානයක් වෙනකල් සබ් දෙයි කියලා හිතනවා

    50 න් නවතින්න හිතන්න එපා සහෝ
    100 ත් හිමිහිට ගහමු
    #ජය

  8. Sisila Prasad

    පනස්වෙනි උපසිරසිකරණයට හදවතින්ම සුභ පතනවා, සහෝ.
    මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් යෑමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජයෙන් ජයම වේවා!!! :)

  9. RAJ

    50 වෙනි උපසිරැසි කරණයට සුභ පැතුම් සහෝ!
    තවත් මේ වගේ ලස්සන උපසිරැසි ඉස්සරහටත් දෙන්න :)
    ජය වේවා!

  10. Devaka Sadaruwan

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම්....

  11. Mahesh

    Sub ekata thanx

  12. සචිත් ලක්ෂාන්(සචී)

    50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ
    ඉක්මනටම 100ටත් යමු
    ඒ වගේම සිංහල උපසිරසියටත් ස්තූති වේවා
    ජය

  13. Ashan Lakshitha

    Sub එකට ස්තූතියි සහෝ.
    50 වෙනි උපසිරසියට සුභ පතනවා...
    ජය

  14. Bobby

    Thank you lahiru for sab

  15. මධුකප්‍රිය පෙරේරා

    50වන උපසිරැසිය එනම් උපසිරසිකරණයේ ඔයාගේ
    මුල්ම කඩඉමට සුබ පතනවා. මම ඔයාගේ උපසිරසි බලලා තියෙන
    නිසා දන්නවා ඒවාගේ ගුණාත්මක භාවය කොහොමද කියලා.
    ඉතින් කියන්න තියෙන්නේ මේ වගේම 100,150,200 වැනි කඩයිම්වලටත්
    නොනැවතී කඩිනම්න් යන්න කියලා තමයි.
    වැඩි වැඩියෙන් උපසිරසි කිරීම‍ට අවශ්‍ය කාලය සහ ශක්තිය ලැබේවායි පතනවා.
    උපසිරසියට ස්තුති වේවා. ඔබට ජයෙන් ජය.

  16. Sajeevi

    50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!

  17. Bhagya Madushan

    thanks

  18. ayesh

    50වන උපසිරැසිය එනම් උපසිරසිකරණයේ ඔයාගේ
    මුල්ම කඩඉමට සුබ පතනවා. මම ඔයාගේ උපසිරසි බලලා තියෙන
    නිසා දන්නවා ඒවාගේ ගුණාත්මක භාවය කොහොමද කියලා.
    ඉතින් කියන්න තියෙන්නේ මේ වගේම 100,150,200 වැනි කඩයිම්වලටත්
    නොනැවතී කඩිනම්න් යන්න කියලා තමයි.
    වැඩි වැඩියෙන් උපසිරසි කිරීම‍ට අවශ්‍ය කාලය සහ ශක්තිය ලැබේවායි පතනවා.
    උපසිරසියට ස්තුති වේවා. ඔබට ජයෙන් ජය

  19. දිල්ශාන් සචින්ත

    50ට සුභ පැතුම් සහෝ....100ටත් යමු ජයවේවා.

  20. Sanindu Lakkitha

    50 වැනි උපසිරැසට සුබපැතුම් සහෝ.. ඒ වගේම ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න..!
    බොහොම ස්තුති සහෝ.. ජය වේවා.. බුදුසරණයි ..!

  21. Kalum Gunasekara

    50 නිර්මාණයට උණුසුම් සුබපැතුම්. බොහොම ස්තූතියි උපසිරැසියට.

  22. හසන්ත

    50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් මල්ලි!!!

  23. Dixon

    Meka downlord karannna link eka ewannnako plz

  24. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----
    50 වැනි උපසිරැසට සුබපැතුම් -----

  25. Kalindu Wasuka

    50 වැනි උපසිරසට සුභ පතනවා.
    SIX කතාවට දිපු උපසිරස නම් නියමයි.
    ඉඩ ලැබෙන වෙලාවලදි උපසිරසි ලබා දෙන්න හොදේ.

  26. Chalana Rukshan

    thnx bro...

  27. Thili

    tnks malli.man meka enakan balagene hitiye.malli sub karana eka nawatwanna epa.ouala nisa tama malli api me fun eke filumak wat balanne.malli 50k neme 500k wat sub karamu.gd luck malli.

  28. Chandana

    Mekaa download karanne komada

  29. Amalka Himeshan

    50වෙනි උපසිරැසියට සුබ පැතුම්

  30. Ravindu Rukshan

    50ට සුභ පැතුම් සහෝ….100ටත් යමු ජයවේවා.

  31. Ara

    Thanks ban....comment ekak nodmma kiyalaa umbalaa weda nawaththanan epaa ban...Comment daana nodaana ekatath wadaa umbalaa karanne pinak kiyala hithahan..mokada godaak un ennawaa english hindi tamil notherena....E handa ehema unt meka loku deyak ban....Thanks for every thing..

  32. කසුන් සදරුවන්

    නියමයි සහෝ ස්තූතියි සබට
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු

  33. Udara Damith B/K

    1 2 3 4 5 6 7 8 9 10 11 12 13 1 4 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50......
    50 හට සුබ පැතුම්
    උපසිරසට ස්තුතියි
    එහෙමනම් කරන්ඩ එපා අපිට නතර කරන්ඩ
    ඉදලා ඉදලා හරි මාසෙකට එකක් හරි උපසිරැසි කරන්ඩ

  34. dinusha

    50වෙනි උපසිරැසියට සුබ පැතුම්

  35. Pradeep Anuruddha Dissanayake

    50 වන උපසිරසියට සුභ පැතුම් සහෝ.තවත් උපසිරසි හදන්න ශක්තිය ධෛර්ය ලැබේව කියලා පතනවා

  36. Viraj

    sub ekata thanks saho..

  37. කවියා✌️✌️✌️

    50 උපසිරසට සුභ පැතුම්.✌️✌️✌️ උපසිරට tq බ්‍රෝ.

  38. කසුන් සදරුවන්

    50 වෙනි සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ;-) ජය ;-)

  39. මිතුල් ලක්ශිත

    සබට තෑන්කස් සහෝ....
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා...

    Shadowhunters කොටස් 2ක් ඇවිත් තියනවා සහෝ
    පරක්කු නොකර ඒකටත් සබ් දාන්න සහෝ :'(

  40. kumara

    Thanx male.... jaya wewa

  41. Ravi

    Elamai thanks Jaya wewaa

  42. Kulanjana Maduranga

    really appreciate your works..thanks for giving us all of this…wish u’r great future…..

  43. shasith sandaruwan

    50 වෙනි උපසිරැසියට සුභපැතුම් සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  44. Shadow

    Tnx .. :)

  45. එල්.සී. දමැල්

    50ට සුභ පතනවා...
    ලහිරු සහෝ කරපු ටයිම්ලස් සීරිස් එක බැලුව... මල් හතට තිබුණා උපසිරසනම්...
    මේකත් කොහොමත් බලන එකක්නේ... උපසිරසට ස්තුතියි ආ....
    100නුත් ඉක්මනින් මුණගැහෙමු...

  46. mindika

    Thanks !!!!!!!!!!!

  47. රොයිලි

    උණුසුම් සුබ පැතුම් ලහිරු සහෝ. මම නම් ඔයාගේ මේල් වලට රිප්ලයි කරලම නෑ වගේ. එහෙනම් මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් 100 ගහන්න ලැබේවා කියල පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  48. Thisara Neo

    50ට හදවතින්ම සුබ පැතුම්.. මෙතැනින් නතර නොවී ඉදිරියටම යන්නට සුබ පතනවා..... ඉක්මනටම 100 කඩයිමත් පහු කරන්න.....

    ජය වේවා

    #Hail_Hydra

  49. tharuka priyadarshana

    Bohoma sthuthi saho sub ekata.... :)

  50. isuru

    50ට හදවතින්ම සුභ පැතුම් ලහිරු සහෝ!!
    ඊලග කඩයිම් වලටත් යන්න හැකිවේවායි සුභ පතනවා..ජයවේවා!!

Load more comments