ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා නැහැ, ඇත්තටම මට රහට ලිපි ලියන්න බැහැ, ඒ නිසාද මංදා දීර්ඝ ලිපි මගෙන් ලැබෙන්නෙ නැහැ. ඒ උනත් මෙදා පාර තරමක විස්තරයක් නොදී බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එහෙනම් වටේ තලන්නෙ…

ගොඩක් වෙලාවට මම නම් චිත්‍රපටයකට වේවා රූපවාහිනි කතා මාලාවකට වේවා උපසිරැසියක් අරගෙන එනකොට ඒ හා සම්බන්ධයෙන් අහුමුහුලු හාරලා ලිපි ලියලා නැහැ, ඇත්තටම මට රහට ලිපි ලියන්න බැහැ, ඒ නිසාද මංදා දීර්ඝ ලිපි මගෙන් ලැබෙන්නෙ නැහැ. ඒ උනත් මෙදා පාර තරමක විස්තරයක් නොදී බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. එහෙනම් වටේ තලන්නෙ නැතුව කෙලින්ම අපි අපේ මාතෘකාවට එමු.
අද උපසිරැසි අරගෙන ආවෙ 2019 වසරෙ නිකුත් වුන Ford.V.Ferrari චිත්‍රපටය සඳහා, ඒක අමුතුවෙන් කියන්න දෙයක්ද නේ, නම දැකලනෙ ඇතුලට ආවෙ. මේ නම දකිද්දි ලොකු පොඩි කාගෙත් ඔලුවට එන්නෙ වෙන මොකුත් නෙවෙයි මෝටර් රථ එහෙමත් නැත්තං කාර්. ඔව් මේ ඒ මෝටර් රථ සමාගම් දෙක තමා. දැං මම කතා කරන්න ලෑස්ති වෙන්නෙ ෆිල්ම් එකේ අන්තර්ගතය සම්බන්ධයෙන් නම් නෙවෙයි, මොකද ඉතිං ඕක කොහොමත් ෆිල්ම් එක බලන අය අන්තිමේ දැනගන්නවනෙ. ඒ නිසා කතාවෙ වැඩි හරියක් කියවෙන ෆෝර්ඩ් ආයතනය සම්බන්ධයෙන් තරමක විස්තරයක් දෙන්නම්.
Ford මෝටර් රථ සමාගම සහා එහි ඉතිහාසය
———————————————
Ford Motor Company, නැත්තං සිංහලෙන්ම කිව්වොත් ෆෝර්ඩ් මෝටර් රථ සමාගම 1930 දී හෙන්රි ෆෝර්ඩ් සහා තවත් ආයෝජකයින් 11 දෙනෙකුගෙ සහයෝගයෙන් ආරම්භ වුන ඇමරිකානු මෝටර් රථ සමාගමක්. ෆෝර්ඩ් ආයතනයෙ මූලස්ථානය මිචිගන් ප්‍රාන්තයේ ඩියර්බෝර්න් නගරයේ පිහිටා තිබෙනවා. ඒ වගේම තමයි ෆෝර්ඩ් ආයතනය මෝටර් රථ (කාර්) පමණක්ම නෙවෙයි නිෂ්පාදනය කරන්නෙ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් සහා මෝටර් රථ අමතර කොටස්ද මෙහි නිෂ්පාදනය කෙරෙනවා.
හෙන්රිෆෝර්ඩ් තමන්ගෙ මුල්ම පර්යේෂණාත්මක මෝටර් රථය නිපදවලා තියෙන්නෙ ඩෙට්‍රෝයි වල පිහිටි තමන්ගෙ නිවස පිටුපස පිහිටලා තිබුන වැඩ පොලේදි 1896 දි. ෆෝර්ඩ් සමාගම ආරම්භ කරාට පස්සෙ පළමුවෙනි ෆෝර්ඩ් මෝටර් රථය Mack Avenueනම් වාහන එකලස් කිරීමෙ කම්හලේදි 1903 ජූලි මාසයේ දි නිෂ්පාදනය කරලා තියෙනවා. වසර පහකට පසුව 1908 දි විශාල සාර්ථකත්වයක් ලද Model T රථය හදුන්වා දෙනු ලබනවා. මෙම රථයට ලැබුන ඉල්ලුමත් සමග ෆෝර්ඩ් ආයතනය මහා පරිමාණයෙන් වාහන නිෂ්පාදනය සදහා යොමු වනවා. 1911 දි ඔහු ආයතනයෙ පළමු වාහන එකලස් කිරීමේ ඇමරිකානු ශාඛාව පිහිටුවනු ලබනවා වගේම එංගලන්තයේ මැන්චෙස්ටර් හි ඔහු ප්‍රථම විදේශීය නිෂ්පාදන වාහන එකලස් කිරීමේ කම්හල විවෘත කරනවා.
1908 දි ෆෝර්ඩ් ආයතයෙ ප්‍රථම ජාත්‍යන්තර වෙළඳ ශාඛාව පැරීසියේදි විවෘත කරනවා. Model T රථය කොච්චර නම් ප්‍රචලිත වුනාද කියනවනම් 1914 මැදක් වෙනකොට 500,000 ට අධික මෝටර් රථ ප්‍රමාණයක් විකිණිලා තියෙනවා. 1923 වෙනකොට ඇමරිකාවෙ මෝටර් රථ වලින් අඩක්ම ෆෝර්ඩ් ආයතනය විසින් නිපදවීමට සමත් වෙනවා. 1920 අග භාගය වෙනකොට යුරෝපය, ලතින් ඇමරිකාව, කැනඩාව, ආසියාව, දකුණු අප්‍රිකාව, සහා ඕස්ට්‍රේලියාව යන රට වල පිහිටුවන ලැබූ වාහන එකලස් කිරීමෙ අංගන 20 වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන්න ෆෝර්ඩ් ආයතනය සමත් වෙනවා. 1927 දි ෆෝර්ඩ් ආයතය අවසන් Model T රථය සහා පළමු Model A රථය නිෂ්පාදනය කරනවා. ඒ වගේම 1932 දි පළමු Ford V-8 නිෂ්පාදනය කෙරෙනවා. 1922 දි ෆෝර්ඩ් ආයතනය ලින්කන් මෝටර් රථ සමාගම මිලට ගන්නවා, Ford’s luxury Lincolns සහා Continentals කියන්නෙ ඉන් පසුව නිෂ්පාදනය කෙරුනු මෝටර් රථ දෙකක්. 1938 දි ෆෝර්ඩ් ආයතනය ප්‍රථම Mercury රථය හදුන්වා දෙනු ලබනවා.
*ෆෝර්ඩ් ලාංඡනය එදා සිට අද දක්වා වෙනස් වී ඇති ආකරය*

ඔය විදිහට දිනෙන් දින දියුණුවට පත් වුන ෆෝර්ඩ් මෝටර් රථ සමාගම අද වන විට ලොව අංක එකේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් බවට පත්වෙලා තියනවා එම මෝටර් රථ සතු ආකර්ශනීය පෙනුම, ඉහල තාක්ෂණයෙන් නිපදවීම වැනි කරුණු හේතුකොටගෙන. ඔය තමයි ඉතිං ෆෝර්ඩ් ඉතිහාසයෙන් බිදක්, සේරම ඕන නම් හෙන්රි ෆෝර්ඩ්ගෙන් තමා අහගන්න වෙන්නෙ.
ඒ වගේම තමයි අපි කා අතරත් ප්‍රසිද්ධ Mustang රථයේ නිමැවුම්කරුවා වෙන්නෙත් ෆෝර්ඩ් ආයතනයමයි.
Ferrari මෝටර් රථ සමාගම සහා එහි ඉතිහාසය
————————————————
මේගැන නම් ලොකුවට කියවන්න යන්නෙ නෑ සබ් එක දෙන්නත් පමා වුන එකේ. ඒ නිසා පොඩි සදහනක් කරලා නවතින්නම්.
ෆෙරාරි මෝටර් රථ සමගමේ නිමැවුම්කරුවා වෙන්නෙ එන්සො ෆෙරාරි. ෆෝර්ඩ් වගේ නෙවෙයි මෙයා මුල ඉදන්ම කාර් රේසින් වලට බර කෙනෙක් ඒ නිසාම තමයි ෆෙරාරි සමාගම ස්පෝර්ට් කාර් නිෂ්පාදනයට මුල පුරන්නෙත්. ඔය දේවල් පටන් ගන්න කලින් එන්සො ෆෙරාරි සේවය කරලා තියෙන්නෙ Alfa Romeo ආයතනයට. කොහොමහරි Alfa වල සේවය කරන් ඉද්දි තමයි එන්සොට රේස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඕනවෙලා තියෙන්නෙ. Alfa වලදිම මෙයා ඒ හීනය සැබෑ කරගන්නවා වගේම prancing horse ලාංඡනය තමන්ගෙ ඇල්ෆා කාර් සඳහා නිර්මාණය කරගන්නවා. ඔය විදියට තමා ෆෙරාරිලග අශ්වයා ඉන්න ලාංඡනය නිර්මාණය වෙන්නෙ.
*ෆෙරාරි ලාංඡනය එදා සිට අද දක්වා වෙනස් වී ඇති ආකරය*

චිත්‍රපටිය දිහාවට හැරුනම අපිට ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා, ඒ තමා කැරොල් ෂෙල්බි සහා කෙන් මයිල්ස් දෙන්නා.

*කැරොල් ෂෙල්බි
කැරොල් ෂෙල්බි කියන්නෙ මෝටර් රථ නිර්මාණකරුවෙක්, මෝටර් රථ ධාවන ශූර යෙක්,ව්‍යවසායකයෙක්. ෂෙල්බි තමයි AC Cobra සහා Mustang යන මෝටර් රථ ෆෝර්ඩ් සමාගම වෙනුවෙන් නිර්මාණය කරන්නෙ. පස්සෙ කාලෙක Mustangs රථය Shelby Mustangs ලෙස හදුන්වනු ලැබුවා. Shelby Mustangs රථය ෆෝර්ඩ්ලගෙ Mustangs රථයට වඩා ඉහල ක්‍රියාකාරිත්වයක් සහිත එකක් වුනා. 1962 දි කැරොල් ෂෙල්බි විසින් ෂෙල්බි ඇමරිකන් නමින් ආයතනයක් ආරම්භ කරනවා රේස් කාර් නිෂ්පාදනය කරන. ඔය තමා කැරොල් ෂෙල්බි ගැන පොඩි විස්තරය.
*කෙන් මයිල්ස්
කෙන්මයිල්ස් කියන්නෙත් හොද මෝටර් රථ ධාවකයෙක් වගේම ඉංජිනේරුවෙක්, කාර් එකක ඉද ගත්තත් ඒකෙ තියන අඩුපාඩු කියන්න පුළුවන් තරමෙ කෙනෙක්ක් කිව්වොත් හරි. අවුරුදු 15 න් තමන්ගෙ පාසල් ගමන අතෑරපු කෙන් මයිල්ස් Wolseley Motors හි සහයකයෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා, එතනදි තමයි මෙයාට තාක්ෂණික පාසලකට යන්න අවස්ථාව ලැබෙන්නෙ මෝටර් රථ නිර්මාණය සම්බන්ධයෙන්. දෙවනි ලෝක යුද්ධයෙදි යුධ ටැංකි අණ දෙන නිළධාරියෙක් විදිහටත් කෙන් මයිල්ස් සේවය කරලා තියනවා. ඉතුරු විස්තර ෆිල්ම් එකෙන් බලාගන්නකො. එහෙනම් මම ගියා. තවත් උපසිරැසියක් හමුවෙමු.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය DVD SCR / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
50,796 downloadsDownload Ford-v-Ferrari-2019-BR.zip192 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
89 comments
tharidu16
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
බලන්න එනකම් හිටිය කතාවක්....
Bluray ආවහමම බලනවා....Dodanchama
Thanks machan
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
Dulan Randika
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට.
Nirosh C
ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ළහිරු සහෝදරයා සිංහල උපසිරැසියට... ඉදිරි නිර්මාණ වලටත් ජයවේවා...
rockz2020
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
බ්ලුරේ හරි වෙබ් හරි තමයි ඉතින් ✌ ;)
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)madhubashana bandara
thanks bro.!!
Chamindu Madushan
Thnks
Chamindu Madushan
"Instant family" film eke subtitle dennakoo
Pramukmili
Thanxxx bro.....
කවිශල් රසින්ත (කවී)
එනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක්... බේල් නම් මඟ අරින්නම බෑනේ.බ්ලුරේ ආවම බලනවා. මේ ටිකත් ඉවසලා. ඒනම් උපසිරසියට බොහොම ස්තූතියි.. ජය වේවා..!!
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..අනිවාර්යයෙන් බලන්න ඕනි ෆිල්ම් එකක් තමා..BR එකක් ආව ගමන් බලමු..බුදුසරණයි..ජය වේවා!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!SudeshPrasanna
ftt bro
nish47
ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
madusrp1
THE GREAT WAR 2019. me film ekata sub eka dennako
Thisara karunanayaka
Sub eakata thanks bro
niyama film eakagihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
jagath55
Thanks
Banuka samaranga
Thanx bn ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamindux
Web rip Update ..plz
rishan_1
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sampath n perera
thanks for sub
දසිත චාමික
bohoma sthuthie saho sub ekata. jaya!
ishanrm
ela
chanaka47
Thanks machan sub ekata ekenma.. Tawa help ekak karapanko ban. Van damme ge film wlata sub nane ban ai a..?
Double team, maximum risk wage hoda film walata karala nane ban.. Puluwan nam ewatath hadala dapanko ban බයිස්කෝප් set eke kenwkta kiyala. Loku deyak..
බයිස්කෝප්
santhusha319
thanks bokka.....
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි ලහිරු සහෝ!
ජය!Shaggie
Thnks mchn Br denknmai hitiye ❤️
jeevan janith
Thank you brother .............
Dewadithya
Thanks for sub!
s.s.m
Tz sub ekata....
Sajithlakshan
thanks .........................
Achi
Thank bokka ආදරෙයි
MAALnath
Thanks ....................good luck ......................
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Asitha.pramoth
බොහොම ස්තූතියි
Hiran Eranda
සබට තුති
ප්‍රශාත් මදුෂංක
Tnx
Supun M. Hettigoda
ස්තුතියි... ජයම...!!
avishka360
Thanks
Vijitha Rathna (විජ්ජ)
තෑන්ක්ස්
suranuwan
thanks.....
subodha
Thanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
sthuthi macho