Full House [EP 02] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]
මේ කොරියන් ඩ්‍රාමා එක නම් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අයත් ඇති. ඒ වගේම මේකේ සබ් ගොඩක් අය ඉල්ලුවා. මාත් ආසම කොරියන් ඩ්‍රාමා එක තමයි මේ. පලවෙනි පාර බලද්දි මම මේකට පිස්සු වැටුණා. ඇත්තටම ඒක මාරම මාර ජොලි :D. බලපු අය දන්නවා ඇතිනේ. මාත් කීප පාරක්ම බැලුවා. තාමත් නිවාඩුවක් ආවම මායි නංගියි එකතු වෙලා මේක ආපහු ආපහු බලනවා. මේක බලන එක මට නම් ඒතරම්ම ජොලි!! නිර්මාණයකින් එක්කෝ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕනේ, නැත්නම් හිතට සතුටක් ලැබෙන්න ඕනේ නේ. ඉතින් මේක බලද්දි ඔයාලට ගොඩක් සතුටු වෙන්න පුලුවන්.
නොබලපු අයට කතාව ටිකක් කියන්නම්කෝ.
හැන් ජි -ඉයුන් කියන්නේ ලේඛිකාවක් වෙන්න ආසාවෙන් ඉන්න සාමාන්‍ය පවුලක ගෑණු ලමයෙක්. පවුලක් කිව්වට ඒ පවුලේ හිටපු එකම සාමාජිකයා තමයි එයා. දෙමව්පියෝ දෙන්නම නැතිවෙලා. එයාට තිබුන එකම වස්තුව තාත්තා හදපු “ෆුල් හවුස්” කියන ලස්සන ගෙදරයි. බැංකු ගිණුම් ටිකයි. ඒත් මෙයාගේ හොදම යාලුවා මෙයාව රවට්ටලා රට යවනවා. පස්සේ එන්න සල්ලි නැතුව මෙයා ඒ රටේ හිරවෙනවා. ඒත් බයවෙන්න දෙයක් නෑ. එයාගේ යාලුවෝ කියන විදියට “මෙයා කාන්තාරෙක අතරමං කලත් ආපහු පණපිටින් එන ජාතියේ” චරිතයක්. ඒ ගමනෙදි එයාට ජීවිතේට වැදගත් වෙන දෙන්නෙක්වම හම්බ වෙනවා. ඒ සුපිරි නලුවෙක් වන “යොන්ග්-ජේ” වයි. පෝසත් ව්‍යාපාරිකයෙක් වන “මින්- හ්යුක්වයි”. කොහොම හරි මෙයා නලුවව අන්දලා සල්ලි කඩන් ආපහු රටට එනවා. එතකොටයි එයා දැන ගන්නේ තමන්ගේ එකම වස්තුව යාලුවෝ හොරාට විකුණලා කියලා. විකුණපු ගේ අරන් තියෙන්නේ අර නලුවා. කොහොම හරි මෙයාට අන්තිමට තමන්ගෙම ගෙදර අර නලුවගේ වැඩකාරි වෙන්න සිද්ද වෙනවා. ඒ නලුවා තමන්ගේ පුන්චි කාලේ යෙහෙලියක් වන හයි -වොන්ට හිතින් ආදරය කරනවා. ඒත් හයි-වොන් ආදරය කරන්නේ මින් හියුක්ට. නලුවා, හයි-වොන් එක්ක ඇතිවුන තරහක් නිසා ආපහු “ෆුල් හවුස්” එක ලබා දීමේ පොරොන්දුව පිට මාස 6ක ගිවිසුමකට එයා හැන් ජි -ඉයුන්ව බැද ගන්නවා.
ඒත් මේ දෙන්නා කොහෙත්ම ගැලපෙනෙ දෙන්නෙක් නම් නෙවෙයි. නලුවා පිරිසිදුවට ඉන්න කැමති ඔලුව උදුම්ම ගත්ත චරිතයක්. මිනිස්සු එක්ක ගණුදෙණු කරන හැටි මෙයාට තේරෙන්නේ නෑ. තමටම කියලා පවුලක් තිබුණත් ඒකත් එක්ක තියෙන්නේ සම්බන්දෙත් නරක එකක්. හැන් ජි-ඉයුන්ගේ මෝඩ පහේ හැසිරීමත් එක්ක මෙයාට නිකන් එයා පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ. හැන් ජි-ඉයූන් අපිලිවෙලට ඉන්න කැමති, විනෝදකාමි චරිතයක්. එයාට මේ නලුවව පේන්නේ අහසින් වැටුණ කෙනෙක් වගේ. මේ දෙන්නට එකම එක පොදු ලක්ෂණයකුත් තිබුණා. දෙන්නම හොස්ස ලගින් මැස්සා යන්න බැරි තරම් කුකුල් කේන්තිකාරයෝ!! ඉතින් හැමතිස්සෙම දෙන්න රංඩුම තමයි. ඒත් හැන් ජි-ඉයුන් කියන්නේ හරි විනෝදකාමී චරිතයක්. එයා ලග ඉන්න ඕනම කෙනෙක් සතුටින් තියන්න මෙයා දක්ශයි. ඒ අස්සේ මින් හියුක් හැන් ජි -ඉයුන්ව තමන්ගේ ආයතනයේ වැඩට ගන්නවා. එයා ටිකෙන් ටික හැන් ජි -ඉයුන්ට ආදරේ කරන්න ගන්නවා. මේ ඔක්කොටම ඉරිසියා කරන හයි-වොන් ආපහු යොන්ග්-ජේට ලං වෙනවා. ඒ අස්සේ යොන්ග්-ජේත් හිතත් ටිකෙන් ටික විනෝදකාමී හැන් ජි-ඉයුන් වෙත ඇදිලා යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ???? ඒක නම් ඔයාලට බලන්නම වෙනවා…
මේක 2004 තිරගත වුණ, ලංකාව ඇතුලු රටවල් බොහොමයක ඉතා ජනප්‍රිය වුන නාට්‍යයක්. “හැන් ජි-ඉයුන්” ලෙස කොරියානු සූරූපිම නිලිය සහ දක්ශම නිලියක් ලෙස සලකන song hye-kyo සහ “යොන්ග්-ජේ” ලෙස ප්‍රසිද්ධ කොරියානු ගායකයෙක් වන Rain biරඟපානවා.
ඉතින් බලපු -නොබලපු හැමෝටම මේක ආපහු බලන්න ආරාධනා කරනවා. ඒ කාලෙට ඇතුලත මේ නාට්‍ය ඔයාලව ගොඩක් සතුටින් තියාවි කියලා මට විශ්වාසයි.
එහෙනම්, aja aja fighting!!! (සටන් කරලා ශක්තිමත් වෙමු!)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/RuKL” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය (4.65GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/kR7Y” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය (11.2GB) මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7410 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි උපසිරසට!
thanx…
thanx……………………………………..
apoooooo baiscope 1 3rd sub 1 denne nane. oyata eka wenama denna barida?
thanks dear,,,,,
TNX. ☺ ☻
akkeeeeeeeeeeeee……….. oyata 3rd sub 1 denna puluwan dawasa kawadda? reply ooooooneeeeeee.
මම දාලා දීලා ඉවරයි ,baiscoplk මගින් ඒක ඉක්මනටම ඔයාලට ලබා දෙයි, හරිනේ 😀
thnkzzzzzzzzzzzzz……… u very very much……………..
ඔයා නම් මාරයි අෆ්ෆා එල මැණිකේ එළ
thanxxxxxxx akkeeeeeeeeeee…
Aaaah….2wani ekath daaaala…..
niyamai niyamai.. 😀
thank u sis,,
Thank you akke 🙂
එල
සබට තුති
ඔබට ජය………
niyamay
jaya pathanawa !
😀
Sub Ekata Thank You.. ALUTHEN ‘DOMINION’ KIYALA TV SERIES EKAK PATAN ARAN.. KAURU HARI SUB DENNOOOO…
niyamai ne SEWWADI akke….oya meka denakm unne.onna mmth gatta.
Thankzzzzzzzzzzzzzzzzzzz…………………ithiri tikath ikmanata denakm innawa..
oyanam niyamai akkee
good job
කොර කොර ඔය විදින්නෙ සබ් ගිසි ගිසි ගාලා 😛
බොහොම ස්තුතියි සෙව්වන්දි 😀 😀 ජය
හප්පේ සුදෝ කොටස් හතර පහක් දෙනකම් ඉන්නවා කිව්වට වැඩේ හරි ගියේ නැහැ මම 11 gb එක බාගත්තා sub එක එනකම් හිටියේ උම්මා love you =D
tv series ekama download kera.sub denakn maga balan hitiye.thankxx akki
මේක සුපිරි එකක්නේ. ආයෙත් සබ් එක්ක බලනවා
බොහොම ස්තූතියි