Watch Trailer

Game of Thrones [S01E02] with Sinhala Subtitles (18+) | අර්බුදයට යන මාවත….[සිංහල උපසිරැසි සමඟ]

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලාව. එකේ පළවෙනි අදියරේ දෙවෙනි කථාව තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මං හිතනවා කලින් කොටස බලපු අයටත් නොබලපු අයටත් ඒ කොටසේ මොකද වුනේ කියලා මේ ලිපිය පටන්ගත්තොත් නාට්‍යයේ පළවෙනි කොටස බලපු නොබලපු ඔක්කොලටම හොඳට දෙවෙනි කථාව රසවිඳින්න පු…

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලාව. එකේ පළවෙනි අදියරේ දෙවෙනි කථාව තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මං හිතනවා කලින් කොටස බලපු අයටත් නොබලපු අයටත් ඒ කොටසේ මොකද වුනේ කියලා මේ ලිපිය පටන්ගත්තොත් නාට්‍යයේ පළවෙනි කොටස බලපු නොබලපු ඔක්කොලටම හොඳට දෙවෙනි කථාව රසවිඳින්න පුළුවන් වෙයි කියලා.

“Robert Baratheon” රජු උතුරේ පාලකයා වෙන තමගේ පරම මිත්‍රයා වෙන Eddard Stark හමුවන්න Winterfell වෙතට එනවා. මෙහිදි රජු ගෙන් ඉල්ලා සිටිනවා පුරප්පාඩු වුන රජුගේ දෙවනියගේ තනතුර බාරගන්නා ලෙස. එයට කැමති වුන Stark, රජුත් සමග රජ වාසල තියෙන King’s Landing නගරයට යනවා ඔහුගේ දුවලා දෙන්නත් එක්ක. මේ අතර උතුරු ප්‍රදේශයේ ආරක්ෂාවට තියෙන ප්‍රාකාරයට Stark ගේ පුතෙක් (Jon Snow) රාතී‍්‍ර රැකවලෙක් ලෙස සේවය කිරිමට Castle Black වෙතට යෑමට සුදානම්වෙනවා. නමුත් Stark ට ආරංචි වෙනවා රජු වටා යම් කුමන්ත්‍රනයක් දියත් වෙන බවත් තම පවුලට විරුද්ධවත් මෙය එන බවත්. මේ අතරදි Stark ගේ බාලම පුත්‍රය (Bran Stark) අනතුරකට ලක්වෙනවා නොදැකිය යුතු රහසක් ඔහු දකින නිසා.

Bran Stark ට මොකද වෙන්නේ යන කුතුහලයෙන් යුතුව පෙර කථාව ඉවර වුනාට, දෙවනි කොටසෙදි ඔහු කෝමා තත්වයට පත්වුන කෙනෙක් හැටියට Catelyn Stark ආර්යාව ලඟ House Stark මාලිගාවේ ඉන්නවා. නමුත් රජුගේ බිසවට (Cersei Lannister) හා ඔහුගේ නිවුන් සහොදරයට (Jaime Lannister) ඕනි වෙනවා ඔහුව මරා දමන්න. මේ අතර Stark හා රජු Kingsroad දිගේ King’s Landing වලට යන අතරමගදි පණිවිඩයක් ලැබෙනවා, ඔවුන් පිටුවහල් කල Daenerys Targaryen කුමරිය හා Viserys Targaryen කුමාරයා Khalasar වල පාලකයා (Khal Drogo) හා එක්ව ඔවුන්ගේ රාජධානිය ආක්‍රමණය කිරිමට සැරසෙනවා කියලා.

රජ බිසවට හා ඔහුගේ සහෝදරයට Bran Stark ව මරාදමන්න පුළුවන් වෙයිද?.. රජතුමාගේ ඊළග පියවර කුමක්ද? Dothraki වරු ඇත්තටම ආක්‍රමණයට සුදානම්ද කියල දැනගන්න නම් ඔයාලට කථාව බලන්නම වෙනවා… 

දීලා තියන 210 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක.

මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ තෙවන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.

(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

87,384 downloadsDownload 201811062304-GOTS01E02.zip162 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

                                             Next BT1All BT1Next BT1

 

Subtitles

87,384 downloadsDownload Subtitles162 KB

0 comments

No comments yet.