ලෝකයේ වැඩිම වියදමක් දරාපු රූපවාහිනි කථා මාලාවක් තමා මේ පාර හාපුරා කියලා බයිස්කෝප් සෙට් එක ඔයාලට දෙන්න යන්නේ. කොටින්ම මේකේ පළවෙනි කථා මාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවෙලා තියෙනවා. මේක IMDB රේටින් වල 9.4/10 වගේ ඉතාම ඉහළ අගයක් ලැබුන කතා මාලවක්. මෙම කථා මාලාවේ ඩිවිඩි පිටපත එලියට ආවෙත් 2012 අවුරු…

ලෝකයේ වැඩිම වියදමක් දරාපු රූපවාහිනි කථා මාලාවක් තමා මේ පාර හාපුරා කියලා බයිස්කෝප් සෙට් එක ඔයාලට දෙන්න යන්නේ. කොටින්ම මේකේ පළවෙනි කථා මාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවෙලා තියෙනවා. මේක IMDB රේටින් වල 9.4/10 වගේ ඉතාම ඉහළ අගයක් ලැබුන කතා මාලවක්. මෙම කථා මාලාවේ ඩිවිඩි පිටපත එලියට ආවෙත් 2012 අවුරුද්දේ මාර්තු 12. උණු උණුවෙම අපේ බයිස්කෝප් කට්ටියට මේක දැන් සිංහල සබ් එක්කම බලන්න පුළුවන්….:D . අධ්‍යක්ෂනය Tim Van Patten විසින්. මෙම කථා මාලාව රූපවාහිනී විකාශනයක් වුනත් හොලිවුඩ් සිනමාවේ සුපිරි තරු විශාල ප්‍රමාණයක් මෙයට දායක වෙලා තියෙනවා. Robert Baratheon රජු ලෙස (Mark Addy – Robin Hood, The Time Machine), Eddard Stark ලෙස (Sean Bean – The Lord of the Rings, Troy, Death Race 2, Mirror Mirror, Cleanskin), Viserys Targaryen කුමාරයා ලෙස (Harry Lloyd- BBC Robin Hood, Jane Eyre, The Iron Lady) වගේ සුපිරි චරිත ටිකක් මෙම කථා මාලාවේ චරිත මවනවා (තව සීයක් විතර ඉන්නවා. ඒ ඔක්කොම දැම්මොත් මේ ලිපිය රචනාවක් වෙනවා… 😀 ). මෙය ප්‍රථමයෙන් රූපවාහිනියේ විකාශණය වන වෙලාවේ ඇමෙරිකාවේ පමණක් කෝටි දෙකකට වඩා වැඩි පිරිසක් මෙය HBO නාලිකාව හරහා නරඹා තියෙනවා. දැනට අදියර තුනකට විකාශණය වීමට නියමිත මේ මාලාවේ පළමුවන අදියරේ කොටස් දහයෙන් පළමු කථාව අද අපි ඔබට ලබා දෙනවා.
මේ කොටස ගැන කියනවනම් මෙහෙමයි ,ලෝකයේ ගොඩාක් ඈත අතිතයේ මහද්වීප දෙකක් අතර වෙච්ච සිද්ධි දාමයක් තමා මේ කථා මාලාවට මූලික වෙන්නේ. Westeros කියන මහද්වීපයට දිර්ඝ කාලයක් පැවති ගිම්හානය අවසාන කරමින් ශිත කාලය ලබමින් තිබෙන්නේ. මෙහි ප්‍රදේශීය රාජධානි හතක් තිබෙන අතර Winterfell රාජධානිය කේන්ද්‍ර කරගෙන තමයි මෙම කතා මාලාව දිග හැරෙන්නේ. මේ අතර රජුගේ උපදේශකයා වුන Jon Arryn හදිස්සියේම මිය යන නිසා Westeros වල රජතුමා වන Robert Baratheon විසින් ආරාධනා කරනවා Winterfell වල ප්‍රාදේශීය පාලකයා වන Eddard Stark ට තමන්ගේ දෙවනියා හැටියට වැඩ බාර ගන්න කියලා. මුලින් Eddard Stark මෙයට අකමැති වුනත් ඔහුගේ රහස් තොරතුරු වලට අනුව Jon Arryn ගේ මරණය මිනීමැරුමක් ලෙස සැක කරනවා. එම නිසා ඒක සෙවීමට පහසු නිසා Eddard Stark රජුගේ දෙවනියා විමට කැමති වෙනවා.
මේ අතරේ Robert Baratheon විසින් නැගෙනහිර Essos මහාද්වීපයට පිටුවහල් කරන ලද Targaryen වල උරුමකරුවන් සැලසුම් කරනවා පැහැරගන්නා ලද සිහසුන නැවත ලබා ගැනිමට. මෙය සිදු කිරීමට Viserys Targaryen තමන්ගේ සහෝදරිය වන රූමත් Daenerys (Emilia Clarke)ව 40000 ක Dothraki විරයන්ගේ සේනාවක නායකයා වෙන Khal Drogo (Jason Momoa) ට විවාහ කරදීමට සැරසෙනවා. පසුව ඔහුගේ සේනාව රැගෙන Westeros වෙතට ඇවිත් Robert රජු තමාගේන් උදුරාගත් සිහසුනේ අයිතිය නැවත ලබා ගැනිමට සැලසුම් කරනවා. නමුත් Daenerys ට අවශ්‍යය වෙන්නේ Robert රජුගෙන් හා තමන්ගේ සහෝදරයාගේ කූට උපායන්ට සම්බන්ධ නොවී සුරක්ෂිත ස්ථානයක සිටීමටයි…..
Robert රජු යුද්ධයට සුදානම්ද ? Targaryen කුමාරයාට සිහසුන් හිමි වෙයිද Drogo රජු තම සේනාව බටහිර මහද්වීපයට එරෙහිව මෙහෙයවයිද ? මේවට උත්තර ටික හොයාගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. යන ගමන කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳද.
මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ දෙවන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.
(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
108,624 downloadsDownload 201811062303-GOTS01E01.zip156 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Must Watch
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Offbeat
- #Owen Teale
- #Peter Dinklage
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sophie Turner
- #Stephen Dillane
- #Sub
- #Subs
- #චරිත පොල්ගස්දෙණිය
- #රොයිලි ප්‍රනාන්දු
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
250 comments
naleen
samaith4
සුපිරි සුපිරි ලොවෙත් නෑ මේ ටි වී සීසන් එක නම් අයෙ නියමම එකක් ඔයාලා දීලා තියෙන්නේ
බයිස්කෝප් එකට ජයම වේවා
ccnp
ela kiri patta macho digatama mey set akatama sub danna
prabath
FILM EKE LINK EKA GATTAMA NETWORK ERROR WATENAWA
සිංහලයා
හහ් මෙන්න නියම වැඩක් අයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..
දිගටම මේ වැඩේ කරන්න බොහොම ඉස්තරම්....kalinga
අම්ම බනියි අඩේ මෙන්න මම බලන්න ආසාවෙන් හිටපු ටි වී සීසන් එකක් බයිස්කෝප් එක නම් මරේ මරු බොහොම පින්
vimal
maxxxa thnx tv s charitha
සරදියල්
සුපිරි සුපිරි මචං ජයම වේවා බයිස්කෝප් එකට :)
kasun sameera
Sha, marune ithuru Seth ikmntm dn lebenna Kyl suba. Pathanw .
දනුක
එල කිරි පට්ට හොදේ..... සුභ පතනවා..
Dina
දේවියනේ...මට ඇස් අදහාගන්න බෑ.. පුදුම සන්තෝසයි.. මම මේකෙ පලවෙනි කතාව බැලුවා තේරුනේ නෑ..මේ වගේ පට්ට කතාවක් එහෙම බලන එක අපරාදෙනේ.. දැන් ඉතින් සුපිරියටම බැලුවෑකි..චරිත උබට බොහොම පිo...........
mihin ලංකා
මල් 7 යි මෙන්න ටි වී සීසන් ලොවෙත් නියමම එකකට දීලා තියෙන්නේ මේකේ එක කොටසකට ෆිල්ම් එකකට වගේ වියදම් කරලා තියෙනවා ..
බයිස්කෝප් එකට සුභ පතනවා හදවතින්ම ....
Isuru dimantha
patta pata ne thankz season 2ta ma sub denna
වෙනුර
පට්ට පතුරු ආයේ දෙන්නම ඕනේ කතා මාලාවක් මෙහෙම සබ් දුන්න එක නම් ලොකුම දෙයක්
කැළුම්
එලස් එලස් නියමයි කොල්ලනේ සුපිරි වැඩක් කරලා තියෙන්නේ
දිගටම සබ් දෙන්න ලැබේවා !!!!!sadaru
Patta hodey supiri wadak karala thiyenne..maxxxxaaa
venu
Mama asama kathawak.loweth balapu maxxama tv s akak.oyala nam niyamai.niyama site akak meyka nam
එරංග
සිරා මචන්ලා මේක බලන්න හිතන් උන්නු කතාවක් සබ් දුන්න නිසා නියමයි.
බොහොම ඉස්තූතියිchamila
ela
uda
ෂාහ්; කිව්වත් වගේ මේක අද දීල තියෙන්නේ මේ!
අපේ සංස්කාරක සහෝදරවරුන්ගේ අදහසක් පරිදි මේ කටයුත්තට අත පොවලා දැන් සෑහෙන කලක් වෙනවා මං හිතන්නේ, අද පළ වෙනි කොටස දුන්නට මේ වැඩේ පටන් අරගෙන මාසෙකටත් වැඩියි. ඒ කියන්නේ දැනටමත් මේක සබ් කරලත් ඉවර ඇති. එහෙම නේද සහෝ?
ඒත් ඉතිං මේක දෙන්න තෝරාගත්තු දවසනම් මරේ මරු ආ!
සතියකට සබ් එක්ක ෆිල්ම් පහක්ම දෙනවට වඩා මේකක් දෙන එකේ අමුතුම ගතියක් තියෙන්නෙත් සති අන්තෙටම එන එක බොහොම පහසුවක් වෙන නිසා. ඇයි ඒ විතරක්යැයි විවේක පාඩුවේ බලන්නත් පුළුවන්නේ. කොහොමත් ෆිල්ම් එකකට වඩා උනන්දුවෙන් බලතෑකි කියලත් හිතෙනවා මට.එහෙමනම් මේ වැඩේ කරගෙන යන්න අපේ පොල්ගස් දෙණිය සහෝ ඇතුළු සහය දෙන කාටත් සුබ පතනවා.
ජයෙන් ජයම වේවා!akila
පස්ට බයිස්කෝප් එකනම් මේ දීලා තියෙන්නේ අනර්ඝ එකක්.
ජයම වේවා...රංග
නියමයි සහෝලා දිගටම මේ වැඩේ කරගෙන යමු... :)
Dananjaya
torrent link eka enne na ne bn
මංජුල
බයිස්කෝප් එකට ජය වේවා... මේ දීලා තියෙන්නේ ගින්දර පාරක්.බොහොම ඉස්තූතියි
pm
good post
sampath
Thanks baiscope very good work
ganidu
THNX MACHO MAXXA
නාමල් ජවින්
ඔක්කොම හොඳයි මේ සයිට් එක ලෝඩ් වෙන්න පැයක් විතර යන ඒක තමයි අවුල.
sura
ela machan
[DiN3sH]
නියමයි... ටීවී සීරීස් එකක් නැති අඩුව චරිත සහෝ සම්පූර්ණ කල එකට ගොඩක් සතුටුයි.. වැඩේ දිගටම කරන් යන්න සුබ පතනවා!! ජය!!!
Sam
Niyamai...elakiri tv series ekaknee
f_live
එලම තමා නියම වැඩක් මේකට සබ් දෙන්න පටන් ගත්තා එක නම්
tinush
VADENAM SUPIRI MACHO!
ITHURU TIKATH BALANNA SET KARAPAN MACHO. NATHHAN MAARA AVULAK VENNE.
OBATA SUBA!vimal
Wow.good job
MXX
පට්ට මචං දිගටම මේ වැඩේ කරගෙන යන්න...
dj
නියමයි සුපිරි ඉස්තූතියි :)
wall e
ඉස්තූතියි චරිත
sahan
Baiscope aka nam maxxa mey thiyene patta akak..
සුමුදු
අලුත් වැඩකට අතගැහුව එක නම් එල.බොහොම පින් මේ වැඩේට.
හොට්ටා
ජය වේවා සෙට් එකටම නියම තෝරා ගැනීමක් ඇත්තටම දෙන්නම ඕනේ සීසන් එකකට තමා සබ් දීලා තියෙන්නේ.
වැඩේ නම් සුපිරි ;)janaka
Thnzzzxxx yaluwa
තිසර ප්‍රමුදිත
බොහෝම ස්තුතී සහෝදරයා..
ධනුෂ්ක ලක්මාල් (ධනා)
බොහොම ස්තුතීයි යාලුවා. මං හිතුවේ නැහැ මේක අද දෙයි කියලා. විකියත් මාර කොල්ලෙක්නේ. තෑන්ක්ස් විකියෝ. එහෙනම් ඉතුරු ටිකත් ගින්දර වගේ දෙමු ඈ....
අහිංසක හිත්නේ.... :D :D
radi
oya thiyenne badu... mama meake season 2ma bawa. :-D but meake thiyena samahara ewa therum ganna amarui.. sub walata tanx. anith tiketh subs ikmanatana denna...
චන්ද්‍රයා
අඩෝ මචං පට්ට බං~! :D :D එල කොල්ලෙක් සුපිරි බං....පිස්සු කොර....මට හිතේ තියෙන සතුට කියන්න වෙන වචන නෑ
Dilan
supiri..supiri.. pattama wedak.elama thamai..!!!
me wage unn unu ewa "baiscope" eken witara.eheanm saho.. digatama wedatata set wela inna.
jaya wewa..!!!sanka
Ela ela maxxxa tv seson akak
Chandana
නියමයි යාලූවා.... බොහොම ස්තුතීයි. ඉතුරු ටිකත් දූන්නොත් බොහොම පින්
miyuru
සුපිරි සුපිරි ............
ඉස්තූතියි!!!!!!!!!!!!!
dedunu- yatalamatta,
FILM EKE LINK EKA GATTAMA NETWORK ERROR WATENAWA...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


පට්ට නේ මෙන්න සුපිරි වැඩක් ජය වේවා කොල්ලනේ